වැඩක්_වුණේ_නැහැ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩක්_වුණේ_නැහැ

    වැඩක් වුණේ නැහැ


    ”ඊයෙ පාටියෙ ඉඳලා ගෙදර යන කොට කාර් එකේදි කරුණාසේන සර්ගෙන් මුකුත් කරදරයක් වුණෙ නැත්ද?” කල්පනා සුමාලිගෙන් ඇසුවේ උදේ තේ බොන අතරතුරදීය.
    ”එයා අතරමඟදි එහෙන් මෙහෙන් අත දැම්මා. ඒත් කිසි වැඩක් වුණේ නැහැ. මං සල්ලි ටික කොණ්ඩෙ අස්සෙ හංගාගෙනයි හිටියෙ.” සුමාලි කීවේ සිනාසෙමිනි.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කළ යුතු දේ

    කළ යුතු දේ


    කිසිවකු ගෙදර දොරට තට්ටු කරනවා ඇසී ශි‍්‍රයානි දිවගොස් දොර හැරියාය. කවුදෝ අමුත්තකු දොර ළඟ සිට මෙසේ ඇසුවේය.
    ”ඔහෙලගෙ බළලෙක් හිටියද සුදුපාට?”
    ”ඔව්... ඇයි?” ශි‍්‍රයානි පෙරළා ප්‍රශ්න කළේ බලවත් කුහුලකිනි.
    ”හරි වැඩේනෙ වුණේ. දැන් ටිකකට කලින් ඌ පාර හරහා පනිද්දි මගෙ කාරෙකට අහුවෙලා මළා. දැන් ඉතින් මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ.” අමුත්තා ඇසුවේ වරදක් කළේය යන හැඟීමෙන් තතනමිනි.
    ”කරන්න ඕන එකද අහන්නෙ?” ශි‍්‍රයානි ඇස් මහත් කොට කෝපයෙන් විමසා මෙසේ කීවාය.
    දැන් ඉතින් කුස්සියට ගිහින් මීයො අල්ලන්ඩ පටන් ගන්නවා.”


     
    • Like
    Reactions: shammee

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පහු පහු වෙන කොට

    පහු පහු වෙන කොට


    ”මම රොහාන්ව බඳින්න කැමැති වුණේ එයා පුරාවිද්‍යාඥයෙක් හින්දා.” ඉÁද්‍රානි පාසලේ ගුරු විවේක කාමරයේදී ඩල්සිට කීවාය.
    ”ඇයි මොකක්ද ඒ රස්සාවෙ විශේෂÀවය?” ඩල්සි විමසුවේ කුතුහලයෙනි.
    ”වයසට යන්න යන්න එයා තමන්ගෙ බිරිඳ ගැන දක්වන උනන්දුව වැඩි වෙන්නෙ පුරාවිද්‍යාඥයෙක් හින්දනෙ.” ඉÁද්‍රානි පැහැදිලි කළාය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අච්චු කන්තෝරුවේ නම?

    අච්චු කන්තෝරුවේ නම?


    ”විභාගෙට තියෙන්නෙ හරියටම තව සති දෙකයි. ප්‍රශ්න පත්තර අච්චු ගහන්ඩ දීලත් ඉවරයි. ඔය ළමයින්ට මුකුත් ප්‍රශ්නයක් හෙම අහන්ඩ තියෙනවද?” ගුරුතුමා පන්තිය සිසාරා බැල්මක් හෙළමින් ඇසීය.
    ”ඒ අච්චු කන්තෝරුවේ නම මොකක්ද සර්?”
    සිසුහු සැවොම එක හඬින් ඇසූහ.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පේළිය කෝකද?

    පේළිය කෝකද?


    අසාමාන්‍ය ලෙස තරබාරු සිරුරක් සහිත මනෝ සිය බිරිඳ වසන්තා සමඟ විවේක කාලය අවසන් වීමට ආසන්නයේ සෙනඟින් පිරී තිබූ සිනමාහලේ තම අසුන් කරා එමින් සිටියේය.
    ”මං එළියට යනකොට මට ඔහේගෙ කකුල පෑගුණාද?” මනෝ එක් අසුන් පෙළක ආසන්න කෙළවරේ සිටි තැනැත්තා ගෙන් විමසීය.
    ”ඔව්..” ඒ තැනැත්තා කීවේ තරබාරු මිනිසා තමාගෙන් සමාව ඉල්ලතැයි අපේක්‍ෂාවෙනි.
    එහෙත් මනෝ තම බිරිඳ දෙසට හැරී මෙසේ කීවේය.
    ”වසන්තා එන්ඩ. අපි මේ පේළියේ තමයි වාඩිවෙලා ඉඳලා තියෙන්නෙ..”

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නොමිලේ දුන් දේ

    නොමිලේ දුන් දේ


    ”ඔයා මට හාද්දක් දෙනවා නං මං ඒ එක හාද්දට රුපියල් සීයක් දෙන්න ලෑස්තියි.”
    රමේෂ් සුමාලිට කීවේ කන්තෝරුවේ විදුලි සෝපානයේදීය. මෙය ඇසූ සුමාලි සුසුම් හෙළමින් හඬන්නට වූවාය.
    ’ඇයි ඔයා අඬන්නෙ? කැමැති නැත්තං බැහැ කිව්වනං ඉවරනෙ..” කලබල වූ රමේෂ් කීවේය.
    ”නෑ මං ඇඬුවේ අකැමැති හින්දමත් නෙමෙයි”
    ”එහෙනං?” රමේෂ් පුදුම වී ඇසීය.
    ”ඔයා ඒක ඇහැව්වම, මං කොච්චරක් නං සල්ලි නිකං නාස්ති කරලා තියෙනවද කියල මට දුක හිතුණා.” සුමාලි තොල් විකමින් කීවාය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරේට පෝර

    ආදරේට පෝර


    ”හෙට ඉඳලා අපේ ආදරේ දළුලා වැඩෙයි අනුලා” හවස් යාමයේ මුහුදු වෙරළට වී තම පෙම්වතිය සමඟ පෙම්බස් දොඩමින් සිටි වසන්ත කීවේය.
    ”ඒ මොකද වසන්ත?” අනුලා ඇසුවේ තරමක විමතියෙනි.
    ”හෙට ඉඳලා මං පෝර සංස්ථාවේ වැඩට යනවා.” වසන්ත කීවේ පී‍්‍රතියෙනි.





    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්


     
    • Like
    Reactions: prasadana2

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නොමිලේ දුන් දේ


    ”ඔයා මට හාද්දක් දෙනවා නං මං ඒ එක හාද්දට රුපියල් සීයක් දෙන්න ලෑස්තියි.”
    රමේෂ් සුමාලිට කීවේ කන්තෝරුවේ විදුලි සෝපානයේදීය. මෙය ඇසූ සුමාලි සුසුම් හෙළමින් හඬන්නට වූවාය.
    ’ඇයි ඔයා අඬන්නෙ? කැමැති නැත්තං බැහැ කිව්වනං ඉවරනෙ..” කලබල වූ රමේෂ් කීවේය.
    ”නෑ මං ඇඬුවේ අකැමැති හින්දමත් නෙමෙයි”
    ”එහෙනං?” රමේෂ් පුදුම වී ඇසීය.
    ”ඔයා ඒක ඇහැව්වම, මං කොච්චරක් නං සල්ලි නිකං නාස්ති කරලා තියෙනවද කියල මට දුක හිතුණා.” සුමාලි තොල් විකමින් කීවාය.


    meka nam ela :D:D +rep