අවසන්_පැතුම...[My_Last_Poem]
ඊයෙ රෑ...
යාන්තමට සඳ එළිය බිමට වැටෙද්දි
මම මගෙ පුංචි මාලිගාවෙ දොරකඩට වෙලා...
දහස්කුත් එකක් ප්රශ්න ගැන කල්පනා කරන ගමන්...
කවි සිතක් අහලකවත් නොවුනත්
කවියක් ලියා ගන්න මහා උවමනාවක් හිතේ තෙරපුනා...
වචන කීපයක් කොහෙන්දෝ අමුනගෙන
හරිම අමාරුවෙන් පුංචි කොල කෑල්ලකට
හිටි ගමන් ගලා හැලෙන මගෙ සිතුවිලි
එකින් එක අකුරු කරන්න පටන් ගත්තා මම...
නුඹට මම කල පෙමක තරම
මගෙ ඉස්සෙල්ලා කවියෙ [Noiwasilla] දැම්මා වගේම
නුඹට වැටහෙන්නෙත් නැතුව ඇති...
අද මට නුඹෙ හිතට පිවිසෙන්න අවසරයක් නෑ...
නුඹත් එක්ක කෙලිදෙලෙන් කල කතා
මතක් වෙද්දිත් මගෙ හිත කීරි ගැහෙනවා...
ඒත් අවංකව කරන ආදරේ මහා දුක් ගොඩක් කියලාමයි මගෙ හිත කියන්නෙ...
ඒ හින්දා මගෙ හිතට ඉඩ දෙන්න මම තීරණය කලා...
ආයිමත් නෙට් එකට වෙලා ඉන්න මගෙ හිත බෑ කියනව...
මගේම වෙයි කියලා
මම ආසාවෙන් බලාගෙන හිටපු
මගෙ පුංචි සුරංගනාවි නැතුව මට නෙට් ලොග් වෙලා ඉන්න අමාරුයි...
මෙච්චර කාලයක් ආදරේ හිතේ දරාගෙන පුංචි පද වැල් සිත්තම් කලාට
අදින් පස්සෙ මට එහෙම කරන්න බැරි වෙයි...
ඒ තරමට ආදරේ කියන වචනෙත් මට එපා වෙලා...
ආයිමත් කවුරු හරි මාව තේරුම් අරන් මගෙ ලඟට එනකම්...
කවදාවත්ම මම කාටවත්ම ආදරෙයි කියන්නෙ නෑ...
කාටවත්ම ආදරේ කරන්නෙත් නෑ...
අදින් පස්සෙ මම වෙනදා වගේ නෙට් එන්නෙත් නෑ...
ආවත් මේ වගේ කවි දාන්නෙත් නැති වෙයි...
අවසාන වශයෙන් කියන්නම්...
ඔයාට උහුල ගන්න බැරි තරමට මම ඔයාට ආදරේ කලා මගෙ සුදු නංගියෝ...
මහ පොළොවෙ වැලි කැට ගාන ගනන් කර ගන්න පුළුවන් උනත්...
හිස් අහසෙ තරු කැට ගාන ගනන් කර ගන්න පුළුවන් උනත්...
කවමදාකවත්...
ඔයාට මගේ ආදරේ තරම වැටහෙන්නෙ නැති වෙයි...
ඒත් ඒ ආදරේට අත්දැකීම් දෙන්න අපි දෙන්නම පිං කරලා නැතුව ඇති...
ඔයා නැති දුක මට දරා ගන්න ගොඩාක් අමාරු වෙයි...
ඒත් මම ඒක දරා ගන්නම් අමාරුවෙන්හරි...
මගෙ සුදු නංගියා මේ ලෝකෙ ලොකුම ආදරයක් විඳගෙන ලස්සනට ජීවත් වෙන්න...
වෙනදා කියනවා වගේ පරිස්සමින් ජීවත් වෙන්න...
මම මගෙ මුලු හදවතින්ම සුභ පතනවා...
බුදු සරණයි...
-------
මේක ගොඩක් දුරට මගෙ අවසාන කවිය වෙන්න පුළුවන්...
මට මෙච්චර කාලයක් උදව් පදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි...
නම් වශයෙන් කියා ගන්න බෑ...ඒ තරම් කට්ටිය මට උදවු කලා...
ඒ හැමෝටම ගොඩාක් ස්තුතීයි...
ඒ වගේම මට කවි ලියන්න පුළුවන් කියලා මම දැන ගත්තෙ එලකිරියට ආවට පස්සෙ...
මාව කවි කාරයෙක් කලාට එලකිරියට (අපේ GT අයියට) ගොඩාක් ස්තුතියි...
යන්නම් කිව්වට යන්නෙ ආයිමත් එන්න පුංචිම පුංචි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන...
ආයිත් එන්න පුළුවන් උනොත් එදාට අපි හමු වෙමු...