ඩ්‍රින්ක්ස්

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
මගේ ගානේ ඔක්කොටම “ඩ්‍රින්ක්ස්”

bar-drinks.jpg



බාර් එකකට පැමිණි, හොඳට ම වෙරි වූ පුද්ගලයෙක් “ඔක්කොටොම මගේ ගානේ ඩ්‍රින්ක්ස්... ඔයාටත් එක්ක” යැයි බාර්මන්ට කීවේය.
එම පුද්ගලයාගේ ඇණවුමට අනුව ක්‍රියා කළ බාර්මන් “ගාන ඩොලර් 42.50 යි” කීවේය.
තමන් ළඟ මුදල් නැතැයි පුද්ගලයා කීවේය. කනේ පහර කිහිපයක් ගැසූ බාර්මන් එම පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලා ඔහු දොට්ට දැමුවේය.
ඊළඟ රාත්‍රියේ ඒ බේබද්දා ම යළි එම බාර් එකට පැමිණ බාර්මන් ද ඇතුළුව එහි සිටි සියලු දෙනාටම ඩ්‍රින්ක්ස් ඕඩර් කළේය. පෙර දින පරිද්දෙන් ම බාර්මන් එම පුද්ගලයාගේ උපදෙස් පරිදි ක්‍රියා කළේය.
ඉන්පසු බිලේ ගණන කී විට, තමන් ළඟ මුදල් නැතැයි එම පුද්ගලයා කීවේය. ඔහුගේ කන පැලෙන්න පහරක් දුන් බාර්මන් අනතුරුව එල්ල කළ පයින් පහරෙන් බීමත් පුද්ගලයා බාර් එකෙන් පිටතට වීසි විය.
තෙවැනි දින රාත්‍රියේද මේ පුද්ගලයා වෙරි මතින් අවන්හලට පැමිණියේය. බාර්මන් හැරෙන්නට අනෙක් සියලු දෙනාට ම ඩ්‍රින්ක්ස් ඕඩර් කළේය.
”මොනවා, මට ඩ්‍රින්ක් එකක් නැද්ද?” බාර්මන් ඇසුවේය.
”අපෝ නැහැ! බිව්වාම ඔයා හරි දරුණු වෙනවා” යැයි පුද්ගලයා පිළිතුරු දුන්නේය.

උපුටා ගැනීම
දිනමිණ