ඉටිපන්දමක්

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
ඉටිපන්දමක් පාවිච්චි කරන්න වෙයි




candle.jpg




‘මට කියන්න ලොකු දෙයක් තියෙනවා. මට දින ගණන් පහුවෙලා මාසයකින් අපට බබෙක් ලැබෙන්න වගේ. ඒක හරියට දැනගන්න කං කාටවත් නොකියා ඉඳිමු’
කන්තෝරුවේ සිට ගෙදර ආ සැමියාගේ කරට අත දාගෙන බිරිඳ මිසිස් පෙරේරා එසේ කීවාය.
ඊළඟ දවසේ මිසිස් පෙරේරාට ලංකා විදුලි බල සමාගමෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

ලංවිස - ඔය මිසිස් පෙරේරද ?

මිසිස් පෙරේරා - ඔව් කතා කරනවා.

ලංවිස - ඔබ දන්නවාද ඔබ මාසයකින් කල් පහු වෙලා.

මිසිස් පෙරේරා - ඔබ කොහොමද දන්නේ් ?.

ලංවිස - මෝ්නා ඒ බව අපේ ලිපි ගොනුවල තියෙනවා.

මිසිස් පෙරේරා - ඔබ මොනවද මේ කියන්නේ, ඒක ඔබේ ලිපි ගොනු වල තියෙනවා. ඒක වෙන්න බෑ.

ලංවිස - එහෙමයි. කවුරු හරි කල් ඉකුත් කලාද කියල දැන ගැනීමේ ක්‍රම වේදයක් අප සතුව තිබෙනවා.

මිසිස් පෙරේරා - දෙයියනේ මේක නම් අදහගන්නත් අමාරු ප්‍රශ්නයක්.

ලංවිස - නෝනා මහත්මයා මට හරි කනගාටුයි. මම කරන්නේ ලැබුණ උපදෙස් පිළිපැදීමයි. ඔබතුමිය කල් ඉකුත් කර ඇති බව දන්වා සිටීමට මට සිදුවී තිබෙනවා.

මිසිස් පෙරේරා - මම ඒ බව දන්නවා. අද රෑට හස්බන්ඩ් ආවම මම මේ ගැන කියන්නම්. ඔහු හෙට උදේ සමාගමට කතා කරාවි.
මේ බව ඇසූ සැමියාට යකා නැග්ගේය. “මොකද මේ වෙන්නේ” යයි කෑ ගැසුවේය. ඔහු සමාගමට ගියේය. මේක ඔහේලගේ වගකීමක් නොවන බව කෑ ගසා කීවේය. අමුත්තන් පිළිගැනීමේ නිලධාරිනිය කීවේ “ඕකට කලබල වෙන්න එපා. ඔබ කල යුත්තේ මුදල් ගෙවීම පමණයි” කියාය.

මිස්ටර් පෙරේරා - මොනවා, මුදල් ගෙවන්න. මා එය ප්‍රතික්ෂේප කළොත්?

නිලධාරිනිය – එහෙම වුණොත් මහත්මයා වෙන විකල්පයක් අපට නැහැ. එය අපට කපා දමන්න වෙනවා.

මිස්ටර් පෙරේරා - එහෙනම් මගේ නෝනා කලයුත්තේ කුමක්ද?

නිලධාරිනිය – මම දන්නේ නැහැ මට හිතෙන විදියට එයාට ඉටිපන්දමක් පාවිච්චි කරන්ට වෙයි.


උපුටා ගැනීම
දිනමිණ
 
  • Like
Reactions: Diego97