පිස්සා කවුද ?

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
පිස්සා කවුද ?

ryanlerch_thinkingboy_outline.jpg



නගරයේ නගරාධිපතිවරයාට එම නගරයේ පිහිටා තිබූ පිස්සන් කොටුවේ තත්ත්වය දැක බලා ගැනීමට අවශ්‍ය විය. මානසික ලෙඩුන්ට සැලකීම හා එම ආයතනය මඟින් හරිහැටි සේවාවක් සිදුවේද යන්න දැක බලා ගැනීම නගරාධිපතිවරයාගේ අරමුණ විය.
ප්‍රධාන පරිපාලන නිලධාරිවරයා සමඟ මානසික රෝගීන් සිටින කාමර ගැන සෝදිසි කරමින් යද්දී එක කාමරයක සිටි ලෙඩෙක් ඔහුට අත වනා අඬ ගැසුවේ ය.
‘තමුසේ කවුද?”
මඳක් අදිමදි කළ නගරාධිපතිවරයා තමා මේ නගරයේ නගරාධිපති බව කීවේ ය.
එවිට උස් හඬින් පිළිතුරු දුන් රෝගියා “මමත් මෙහාට එනකොට හිතුවේ ඔය විදියටමයි. මාත් හිතුවා මෙහේ නගරාධිපති මමයි කියල. ඒත් කල් යනකොට එහෙම නෙවෙයි බව තේරුණා. ඔහේටත් ටික කලක් මෙහේ ඉන්නකොට තේරේවි තමුසේ නගරාධිපති නොවෙන බව“ කියමින් සිය කාමරය වෙත පිය නැඟුවේ ය.

උපුටා ගැනීම
දිනමිණ