පැන යන මුවන් දැක නොදමවු නෙලූ පලා

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    පැන යන මුවන් දැක නොදමවු නෙලූ පලා

    පැන යන මුවන් දැක නොදමවු නෙලූ පලා


    image-040D_4C4A7ADC.gif


    පැන යන මුවන් දැක නොදමවු නෙලූ පලා
    අතීතයේ එක්තරා ගමක වාසය කළ ගැමියෙක් රාති‍්‍රයේ කෑමට පලා කොළ ටිකක් නෙලා ගැනීමට කැලෑවක ඇති ඕවිටට ගියේය. ඕවිටේ ඉතා හොඳින් ගොටුකොළ මුගුණුවැන්න වැවී තිබුණි. ප‍්‍රමාණයටත් වඩා වැඩියෙන් පලාකොළ නෙලා ගත් ගැමියා නිවසට යන්නට පිටත් වුණේය. අසල විලේ දිය බොමින් මුව නාම්බෙක් සිටියේය. මුව නාම්බා දුටු ගැමියාට මුව මස් ටිකක් කෑමට ලැබුණොත් හොඳයයි සිතුණි. නෙලා ගත් පලා සියල්ලම විසිකර දැමූ මිනිසා අතට දර ලීයද රැගෙන මුව නාම්බා පසුපස එලවන්නට වීය. බියට පත් වූ මුවා හීයක වේගයෙන් ඈතට දිව ගියේය. මිනිසාට මුව නාම්බා දිව ගිය දිශාව සොයා ගත නොහැකි වීය.
    ලීය විසිකර දැමූ මිනිසා අසල ගලකින් වාඩි වී හති අරින්නට පටන් ගත්තේය. නැවතත් පලා කොළ ටික රැගෙන නිවසට යමි යි සිතා ඕවිට දෙසට පැමිණියේය. ඕවිටේ බැඳ තිබූ හරකෙක් පලා කොළ සියල්ල කා දමා තිබිණ.අන්තිමේදී නෙලූ පලා ටික ද නැති විය. මුව මස් ද ලැබුණේ නැත.ඒ අනුව තමා අත ඇති වටිනා දේ ඉවත දමා තවත් වටිනා දේ සොයන්නට යාමෙන් පසු තැවෙන පුද්ගලයන් දුටු විටක පැරැන්නෝ “දුවන මුවන් දැක නොදමවු නෙලූ පලා” යයි කියති.


    image-290F_4C4A7A8A.jpg
     
    • Like
    Reactions: jkadithya

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    කලින් අහලා තිබුනට අදයි ඇත්ත කතාව දැනගත්තේ.....:)

    ස්තූතියි..!!!