කෙටි කලකින් රහත් භාවයත් ලබාදෙනවාලු

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කෙටි කලකින් රහත් භාවයත් ලබාදෙනවාලු

අනේ අපේ මෝඩ බෞඩයෝ හැමදාමත් මේවට අහු වෙනවනේ .

වංචනික සිල්මාතාවක්‌ පිළිබඳ පරීක්‍ෂණ
කෙටි කලකින් රහත් භාවයත් ලබාදෙනවාලු​

රහත් භාවය ලබාදෙන බව කියමින් විවිධ කාන්තාවන් රවටා ඔවුන් සතු රුපියල් කෝටි ගණන් වටිනා දේපළ වංචනික ලෙස ලබාගත් බව කියන කොට්‌ටාව ප්‍රදේශයේ ආරණ්‍යයක දසසිල් මාතාවක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මහනුවර ප්‍රදේශයේ බෞද්ධ කාන්තා විද්‍යාලයක හිටපු නියෝජ්‍ය විදුහල්පතිනියක්‌ රවටා ඇය සතු සියලු දේපල මෙම සැකකාර දසසිල් මාතාව විසින් ලබාගෙන ඇති බවට පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක්‌ අනුව මෙම පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

කොළඹ අපරාධ කොට්‌ඨාසය කළ පරීක්‍ෂණවලට අනුව මෙම දසසිල් මාතාව විසින් මේ ආකාරයට විශාල පිරිසක්‌ රවටා ඔවුන් සතු වටිනා දේපල තමන් සතු කරගෙන ඇත.

සැකකාර දසසිල් මාතාව බෞද්ධ ධර්මයට සම්බන්ධ පොත්පත් රචනා කර ඒවා බෙදාහැරීමට කටයුතු කර ඇත. ජීවිතය කලකිරවන ආකාරයට එම පොත්පත් රචනා කර ඇති අතර ඒවා කියවන විවිධ පුද්ගලයන් දසසිල් මාතාවට දුරකථනවලින් කතා කර තිබේ.

ඒ ආකාරයට තමන් අමතන පුද්ගලයන්ගේ වතගොත සොයා බලා රැවටීමට හැකි කාන්තාවන් තෝරාගෙන ඔවුන් තම ආරණ්‍යය වෙත ගෙන්වීමට මෙම දසසිල් මාතාව කටයුතු කරයි.

පසුව ඔවුන් සතු දේපල ඉතාම සූක්‍ෂ්ම ආකාරයට ආරණ්‍යයේ නමට ලියා ගන්නා මෙම දසසිල් මාතාව පසුව ඒවා ඇගේ දියණිය වෙත පවරා දීමට කටයුතු කර ඇත.

සියලු දේපල අතහැර තම ආරණ්‍යයට වී භාවනා කරන ලෙස උපදෙස්‌ දී ඇති දසසිල් මාතාව ඉතාම කෙටි කාලයක්‌ තුළ රහත් භාවය ලබාදෙන බව කියමින් කාන්තාවන් රැසක්‌ රවටා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

මෙම වංචාවට හසු වූ මහනුවර බෞද්ධ කාන්තා විදුහලක හිටපු නියෝජ්‍ය විදුහල්පතිනිය සතු රුපියල් විසිලක්‍ෂයක නිවසක්‌ සහ තවත් දේපල මෙම දසසිල් මාතාවගේ නමට ලියා ඇති බවට ද හෙළිදරව් වී ඇත.

අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ආර්. එල්. රණවීර මහතාගේ උපදෙස්‌ මත එහි ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට, පොලිස්‌ පරීක්‍ෂක ජනක කුලරත්න ඇතුළු නිලධාරීහු මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වති.

මෙම දසසිල් මාතාවගේ වංචාවට හසු වූ පුද්ගලයන් වෙතොත් වහාම කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත පැමිණිලි කරන ලෙස එහි ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි


http://www.divaina.com/2010/07/27/news06.html