හඳුනා_ ගන්නා_ලකුණක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හඳුනා_ ගන්නා_ලකුණක්

    හඳුනා ගන්නා ලකුණක්

    සූරියා තම කාර්යාලය කිට්ටුව පිහිටි බැංකුවකට ගොඩවුණේ චෙක්පතක් මාරු කරගන්නා අදහසිනි. චෙක්පත පිරික්සා බැලු කවුන්ටරයේ සිටි නිලධාරියා සූරියා දෙස බලා ‘මිස් ඔයා ගෙ අයිඩෙන්ටි කාඩ් එක දෙන්න.’ යනුවෙන් කීවේ හැඳුනුම්පත පරීක්ෂා කරන අදහසිනි.
    ‘අනේ මම අයිඩෙන්ටිය නං දාලා ආවෙ.’ සූරියා කීවේ ලැජ්ජාශීලී සිනාවක් මුවට නංවා ගනිමිනි.
    ‘හොඳයි එහෙනං, මිස්ව හඳුනාගන්න මොකවත් මිස් ළඟ තියෙනවද?’ නිලධාරියා කාරුණිකව ඇසීය.
    මඳක් කල්පනා කළ සූරියා ලැජ්ජාවෙන් සිනාසී මෙසේ කීවාය.
    ‘මගෙ දකුණු කලවේ උපන් ලපයක් තියෙනවා.’

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ විදිහට බැරි ද?

    ඒ විදිහට බැරි ද?

    විවාහ වී වසර දහයක් පිරීම නිමිත්තෙන් නිහාල් තම බිරිඳ වූ අනෝමා සමඟ චිත්‍රපටයක් බැලීමට ගියේය. එය අතිශය කාමභෝගී ජවනිකාවන් ගෙන් පිරුණු චිත්‍රපටයකි.
    චිත්‍රපටය නරඹා විත් කාරයට ගොඩ වූ සැණෙන් නිහාල් ගේ මුහුණට එබුණු අනෝමා ආයාචනාත්මකව මෙසේ ඇසුවාය.
    ‘ඇයි අනේ ඔයා මට ඒ විදියට පේ‍්‍රම කරන්නෙ නැත්තෙ?’
    ‘ඔයාට පිස්සු ද? ඔය විදියට කරනවට ඒ ගොල්ලන්ට කොච්චර ගෙවනවද කියල ඔයා දන්නව ද?’ නිහාල් වහා කීය.

    • Like
    Reactions: Chooty malli

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෙකම එක ද?

    දෙකම එක ද?

    ‘අනේ ඇත්තට අරුණ වගෙ මෝඩයෙක් මගෙ ජීවිතේටම දැකලා නැහැ.’ නිශාන්ති කීවේ තම කාර්යාලයීය මිතුරියක වූ වසන්තා සමඟය.
    ‘ඒ මොකෝ නිශාන්ති?’ වසන්තා ඇසුවේ සිනාසෙමිනි.
    ‘මම මිනිහගෙන් ඇහැව්වා, මගෙ ඉනයි එයාගෙ අතේ දිගයි දෙකම එකද කියල. ඒ ගොන් වහන්සෙ දුවලා ගියානෙ ලණු කෑල්ලක් ගේන්න.’ නිශාන්ති කීවේ තරහිනි.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එයා මගෙ ලෙඩෙක්

    එයා මගෙ ලෙඩෙක්

    එක් වෛද්‍ය විශේෂඥයකු ගේ නිවෙසේ දුරකථනය නොනැවතී නාද වන්නට විය. දොස්තර මහතා වහා ගොස් රිසීවරය ඔසවා කනේ තබා ගත්තේ ය.
    ‘ඔයා දැන්ම එනවද නැද්ද? නැත්තං මං මැරෙනවා.’ අනෙක් පැත්තෙන් කියනවා ඇසුණි.
    ‘ආවෙ නැත්තං මැරෙනවා...? තමුසෙ කවුද? මොකද්ද තියෙන අමාරුව? දොස්තර මහතා ප්‍රශ්න වැලක්ම නැඟුවේ කිසිවක් තෝරා බේරා ගත නොහැකි වූ බැවිනි.
    එවිටම කඩිමුඩියේ එතැනට ආ වෛද්‍යවරයාගේ තරුණ දියණිය මෙසේ කීවාය.
    ‘ඕක මට දෙන්න තාත්තෙ. ඒ මට අහුවෙලා ඉන්න ලෙඩෙක්.’

    • Like
    Reactions: vidura99

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බය එකාටයි

    බය එකාටයි

    ‘ඇයි තමුසෙ කසාඳ නොබඳින්නේ?’ සිල්වා බාර් එකේ දී තම මිතුරු පෙරේරා ගෙන් විමසීය.
    ‘මං ගෑනුන්ට හරි බයයි.’ පෙරේරා වටපිට බලා හෙමින් පිළිතුරු දුන්නේය.
    ‘බය නැතුව බඳිනවා අයිසෙ. බැන්දහම තමුසෙට බය හිතෙන්නෙ එක ගෑනියෙක් ගැන විතරයි.’ සිල්වා කීවේ වීදුරුව හිස් කරමිනි.

    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    දෙකම එක ද?

    ‘අනේ ඇත්තට අරුණ වගෙ මෝඩයෙක් මගෙ ජීවිතේටම දැකලා නැහැ.’ නිශාන්ති කීවේ තම කාර්යාලයීය මිතුරියක වූ වසන්තා සමඟය.
    ‘ඒ මොකෝ නිශාන්ති?’ වසන්තා ඇසුවේ සිනාසෙමිනි.
    ‘මම මිනිහගෙන් ඇහැව්වා, මගෙ ඉනයි එයාගෙ අතේ දිගයි දෙකම එකද කියල. ඒ ගොන් වහන්සෙ දුවලා ගියානෙ ලණු කෑල්ලක් ගේන්න.’ නිශාන්ති කීවේ තරහිනි.

    Moda yakek :D
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඒ විදිහට බැරි ද?

    විවාහ වී වසර දහයක් පිරීම නිමිත්තෙන් නිහාල් තම බිරිඳ වූ අනෝමා සමඟ චිත්‍රපටයක් බැලීමට ගියේය. එය අතිශය කාමභෝගී ජවනිකාවන් ගෙන් පිරුණු චිත්‍රපටයකි.
    චිත්‍රපටය නරඹා විත් කාරයට ගොඩ වූ සැණෙන් නිහාල් ගේ මුහුණට එබුණු අනෝමා ආයාචනාත්මකව මෙසේ ඇසුවාය.
    ‘ඇයි අනේ ඔයා මට ඒ විදියට පේ‍්‍රම කරන්නෙ නැත්තෙ?’
    ‘ඔයාට පිස්සු ද? ඔය විදියට කරනවට ඒ ගොල්ලන්ට කොච්චර ගෙවනවද කියල ඔයා දන්නව ද?’ නිහාල් වහා කීය.

    හි හි හී......පට්ට කතාව...:D:D:rofl::rofl::P:P

    ඒ විදිහට බැරි ද?

    විවාහ වී වසර දහයක් පිරීම නිමිත්තෙන් නිහාල් තම බිරිඳ වූ අනෝමා සමඟ චිත්‍රපටයක් බැලීමට ගියේය. එය අතිශය කාමභෝගී ජවනිකාවන් ගෙන් පිරුණු චිත්‍රපටයකි.
    චිත්‍රපටය නරඹා විත් කාරයට ගොඩ වූ සැණෙන් නිහාල් ගේ මුහුණට එබුණු අනෝමා ආයාචනාත්මකව මෙසේ ඇසුවාය.
    ‘ඇයි අනේ ඔයා මට ඒ විදියට පේ‍්‍රම කරන්නෙ නැත්තෙ?’
    ‘ඔයාට පිස්සු ද? ඔය විදියට කරනවට ඒ ගොල්ලන්ට කොච්චර ගෙවනවද කියල ඔයා දන්නව ද?’ නිහාල් වහා කීය.

    :lol::lol::lol: