2010 A/L Karana Kastiyata උපදෙස් ටිකක්

Nilushi35

Member
Feb 13, 2010
1,064
61
0
@ Home
2010 A/L Karana Kastiyata උපදෙස් ටිකක්

2010 අපොස උසස් පෙළ විභහගයට මුහුණදෙන අපේ එලකිරි යාළුවන්ට අපි ප්‍රාර්ථනා කරමු හොද මනසකින් මෙවර විභහගයට මුහුණ දීල
විශිෂ්ඨ ප්‍රතිපල අරගෙන එන්න කියලා


මේ දවස් වල නැවත පොඩ්ඩක් පරණ ප්‍රශ්ණ පත්තර එහෙම බලල ඒවයෙ උත්තර පත්තර බලල හොද සමාලෝචනයක් ගන්න වැඩිය මනස කලබල කරගන්න එපා නොබියව ඉන්න මොකද විභහගෙ ගැන බය උනොත් ලංකාවේ විභහග කරන්න බැහැ ඒක කියන්න ඕන අපිත් ඔහොම කාලයක් පහු කලා මේපාර උසස් පෙළ කරන යාහලු යෙහෙලියොත් ඉතින් සාමාන්‍ය පෙළ කරල කොහොමද රජයේ විභහග පැවැත්වෙන්නෙ කියල දන්නව ඇතිනෙ


කවදාවත් කොපි කරල හරි වෙන ක්‍රමයක් භවිත කරල නරක විදියට විභහගෙ ලියන්න හිතන්න එපා. ඒක තමන්ටම කරගන්න ලොකු අසාධරණයක් වගේම අනිත් ළමයින්ට කරන අසාධාරණයක් කියල හිතන්න

තමන් දන්න ප්‍රශ්ණ වලට ප්‍රථමයෙන් පිළිතුරු සපයන්න නැත්නම් අවසානයේ අසීරු ප්‍රශ්ණ ගැන හිතන්න ගියහම කාලය මදිවෙන්න පුලුවන් එම නිසා පහසුවෙන් ලකුණු ගන්න පුලුවන් අවස්ථා මගහැරී යාමේ අවස්ථා ඇතිවෙනව.උසස් පෙළ කියන්න කාලයත් සමග කරන හරබයක් කියලයි මම හිතන්නෙ,එක ලකුණැ හරි විශ්ව විද්‍යාල ප්‍රවේශයට වැදගත් වෙනවා


තව එකක් කියනව නම් මේ දිනවල එක එක කට කතායනව ප්‍රශ්ණ පත්තර විකුණනව ඒව මේව කියල.ඕවට රැවටෙන්නෙ නැතුව තමන් දන්න විදියට කරන්න.ඕව පතුරවන්න ඉගෙනගත්තෙ නැති ඉගෙනගන්න ආස නැති ඉගෙන ගන්න කෙනෙක්ව පහත් මානසිකත්වයට ඇදල දාන්න බලන් ඉන්න වෙළෙන්දො ටිකක්,ඕව පස්සෙ ගිහිල්ල මේ විභහගෙට ඔන්න මෙන්න තියල නිකන් ලෙඩ දාගන්න එපා

ප්‍රශ්ණ පත්තරය හොදට කියවන්න වෙන කිසිම දෙයකට විභාගයට මුහුන දෙනකොට හිතන්නවත් බලන්නවත් යන්න එපා මතක ඇතුව ඔයාලට අදාල විභහග අංකය නිවැරදිව යොදන්න, නැත්නම් ඉතින් කරපු සියල්ල වතුරෙ ගියා වගේ වෙනවා,විභහග ශාලාවට ජංගම දුරකථන,ටිපෙක්ස් සහ ඝණක යන්ත්‍ර රැගෙන යන්න එපා.ඒව ගෙනිහිල්ල අහු උනොත් එහෙම ඔගොල්ලන්ගෙ විභහගයට කරදර වෙනව වගේම නීතියෙන් දඩුවම් ලැබෙනවා

ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔගොල්ලන්ට එලකිරි එකේ අපි සියලුම දෙනා සුභ පතනව හොදට විභ්හගෙ කරන්න පුලුවන් හොද මානසිකත්වයක් සහ කිසිම ලෙඩක් දුකක් නොවී සියලු දෙවියන්ගේ බල මහිමයෙන් ත්‍රිවිධ රත්ණයේ සරණින් තම තමන් අදහන ශාතෘවරුණ්ගේ නාමයෙන් විශිෂ්ඨ ජයග්‍රාහී ප්‍රතිපළයක්ම ලැබෙන්න ජයග්‍රාහී විභහගයක් වෙවා !!!!!

කිරි පේ ප්‍රර්කි !!!

congratulation_graphics_2.gif


307-congratulations_balloon.jpg



 
  • Like
Reactions: sali07 and cspmaxx

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    best of luck karana okkotama :) hoda result ekak ganna labenna kiyala wish karanawa :) kawadda patan ganne wibage ?