ලග්නය සොයන්නේ මෙහෙමයි...

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලග්නය සොයන්නේ මෙහෙමයි...

    මෙකෙදී මුලින්ම දැන ගන්න ඔන දේවල් තමා ලග්න දොළහ මතක තබා ගැනීම වැදගත් කියන දේ...

    මේෂ
    වෘෂභ
    මිථුන
    කටක
    සිංහ
    කන්‍යා
    තුලා
    වෘශ්චික
    ධනු
    මකර
    කුම්භ
    මීන

    හරියටම දොළහයි නේද..? අන්න හරි.
    එතකොට දවසකට පැය කීයක් තියෙනවද..?

    පැය විසි හතරයි(24)..

    හරි දැන් අපි කල්පනා කලොත් පැය විසි හතරකදී ලග්න දොළහක් ලබලා ගෙවිලා යනවා කියලා...ඒ වගේම සෑම ලග්නයකම පැය ගාණ සමානයි කියලා..ලග්නයක් ගෙවෙන්න කොයි තරම් කාලයක් යනවද..?

    උත්තරය හරිම පහසුයි..

    දවසේ පැය ගණන ඛෙදීම ලග්න ගණන

    ඒ කියන්නේ..

    24 ඛෙදීම 12 සමානයි 2යි.

    උත්තරය පැය දෙකයි (2)

    එහෙමනං දවසේ පැය විසි හතර පැය දෙක බැගින් වූ ලග්න දොළහා අතරේ සමානව ඛෙදිලා යනවා.

    අපි මෙක මෙ විදියට ලියමු.

    උදේ 06.00 සිට 08.00 දක්වා මේෂ
    උදේ 08.00 සිට 10.00 දක්වා වෘෂභ
    උදේ 10.00 සිට 12.00 දක්වා මිථුන
    දහවල් 12.00 සිට 02.00 දක්වා කටක
    සවස 02.00 සිට 04.00 දක්වා සිංහ
    සවස 04.00 සිට 06.00 දක්වා කන්‍යා
    සවස 06.00 සිට 08.00 දක්වා තුලා
    රාත්‍රී 08.00 සිට 10.00 දක්වා වෘශ්චික
    රාත්‍රී 10.00 සිට 12.00 දක්වා ධනු
    රාත්‍රී 12.00 සිට 02.00 දක්වා මකර
    උදේ 02.00 සිට 04.00 දක්වා කුම්භ
    උදේ 04.00 සිට 06.00 දක්වා මීන

    තේරුණා නේද...? ඔන්න ඔය විදියටයි ලග්න ටික ඛෙදෙන්නේ..

    දැන් කවුරු හරි අහයි.. එතකොට හැමදාම එකම වෙලාවට එකම ලග්නයද තියෙන්නේ කියලා.
    පිළිතුර තමයි නැහැ කියලා කියන එක..

    එහෙමනම් කොහොමද වෙනස් වෙන්නේ...?

    මෙන්න මෙහෙමයි.

    දළ වශයෙන් මම ඔය උඩින් කියලා තියෙන විදියට ලග්න ටික තියෙන එක දවසක් තියෙනවා.
    ආසන්න වශයෙන් ඒ දවස තමයි ඔනම අවුරුද්දක අප්‍රියල් මාසේ දහ හතර නැත්තං පාළොස් වෙනිදා.

    අපි ඒ දවස අප්‍රියල් පහළොව විදියට ගනිමු..මොකද මාසේ මැද්දේ දවස මතක තියා ගන්න කාටත් පහසුයිනේ.

    ඉතින් අප්‍රියල් 15 වෙනිදා මෙහෙම උනාට 16 වෙනිදාට ඔක මෙන්න මෙහෙම වෙනස් වෙනවා..

    උදේ 05.56 සිට 07.56 දක්වා මේෂ
    උදේ 07.56 සිට 09.56 දක්වා වෘෂභ
    උදේ 09.56 සිට 11.56 දක්වා මිථුන
    දහවල් 11.56 සිට 01.56 දක්වා කටක
    සවස 01.56 සිට 03.56 දක්වා සිංහ
    සවස 03.56 සිට 05.56 දක්වා කන්‍යා
    සවස 05.56 සිට 07.56 දක්වා තුලා
    රාත්‍රී 07.56 සිට 09.56 දක්වා වෘශ්චික
    රාත්‍රී 09.56 සිට 11.56 දක්වා ධනු
    රාත්‍රී 11.56 සිට 01.56 දක්වා මකර
    උදේ 01.56 සිට 03.56 දක්වා කුම්භ
    උදේ 03.56 සිට 05.56 දක්වා මීන

    තේරුණාද වෙනස එක දවසක් ඇතුළත විනාඩි හතරක වෙනස් වීමක් අඩුවීමක් වෙලා තියෙනවා.

    ඔන්න ඔය විදියට දිනකට විනාඩි හතර බැගින් ලග්න ටික ගෙවෙන වෙලාව ඉක්මන් වෙනවා.

    ඒ කියන්නේ අද 06.00 නම් හෙට 05.56ට..
    අනිද්දාට 05.52 ට... ඒවගේ විනාඩි 4 බැගින් අඩුවෙනවා..

    එතකොට කල්පනා කරලා බලන්න ලග්නයකට අයිති පැය දෙකක කාලයට විනාඩි කීයක් තියෙනවද කියලා...
    හරියටම විනාඩි 120 යි නේද..?

    එතකොට දවසකට විනාඩි හතර ගානේ ලග්නය ආපස්සට ගමන් කරනවානම් ඔය පැය දෙකකට අඩංගු විනාඩි 120 එහෙම පිටින්ම වෙනස් වෙන්න කොයි තරම් කාලයක් ගන්නවාද..?

    දවසකට විනාඩි 4යි.
    විනාඩි 120 ඛෙදීම විනාඩි 4
    උත්තරය 30 යි.

    ඒ කියන්නේ දවස් තිහක් ඇතුළතදී ලග්නය ගෙවෙන වෙලාව එහෙම පිටින්ම වෙනස් වෙනවා.
    එතකොට අර මම කළින් කියපු විදියට අප්‍රියල් 15 වෙනිදා තිබුනු චක්‍රය මැයි 15 වෙනිදා වෙන කොට මෙන්න මෙහෙම වෙනස් විය යුතුයි.

    උදේ 06.00 සිට 08.00 දක්වා වෘෂභ
    උදේ 08.00 සිට 10.00 දක්වා මිථුන
    උදේ 10.00 සිට 12.00 දක්වා කටක
    දහවල් 12.00 සිට 02.00 දක්වා සිංහ
    සවස 02.00 සිට 04.00 දක්වා කන්‍යා
    සවස 04.00 සිට 06.00 දක්වා තුලා
    සවස 06.00 සිට 08.00 දක්වා වෘශ්චික
    රාත්‍රී 08.00 සිට 10.00 දක්වා ධනු
    රාත්‍රී 10.00 සිට 12.00 දක්වා මකර
    රාත්‍රී 12.00 සිට 02.00 දක්වා කුම්භ
    උදේ 02.00 සිට 04.00 දක්වා මීන
    උදේ 04.00 සිට 06.00 දක්වා මේෂ

    තේරුම් ගියාද..?

    හරියටම උදේ හය වෙන කොට අප්‍රියල් 15 වෙනිදා ලබාපු මේෂ ලග්නය වෙනුවට මැයි 15 වෙනිදා වෘෂභ ලග්නය ලබනවා.

    උඩ තියෙන එක පහලට එනවා, හරිම ලේසියි, වෙලාව ඒකමයි..

    ඔන්න ඔය පිළි වෙළ හොඳට මතක තියා ගත්තොත් අපිට කවුරු හරි උපන් දිනෙයි වෙලාවයි කිවුව ගමන් එයාගේ ලග්නය මොකක්ද කියලා කියන්න පුළුවන් මනෝමය වශයෙන් ගණන් කිහිපයක් හදලා..

    දැන් අපි උදාහරණයක් ගනිමු.

    ඔක්තෝබර් 01 වෙනිදා උදේ 06.30ට උපන් අයකුගේ ලග්නය කුමක්ද..?

    පිළිතුර..කන්‍යා

    කොහොමද ඒක සෙවුවෙ..?

    අපි මෙන්න මෙ විදියට ගණන් හදා ගෙන යනවා මුළින්ම...

    අප්‍රියල් 15 සිට මැයි 15 දක්වා උදෑසන ලබන්නේ මේෂ
    මැයි 15 සිට ජූනි 15 දක්වා උදෑසන ලබන්නේ වෘෂභ
    ජූනි 15 සිට ජූලි 15 දක්වා උදෑසන ලබන්නේ මිථුන
    ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා උදෑසන ලබන්නේ කටක
    අගෝස්තු 15 සිට සැප්තැම්බර් 15 දක්වා උදෑසන ලබන්නේ සිංහ
    සැප්තැම්බර්් 15 සිට ඔක්තෝබර් 15 දක්වා උදෑසන ලබන්නේ කන්‍යා...

    එතකොට සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 15 දක්වා කොටස ඇතුලෙනේ ඔක්තෝබර් 01 වෙනිදා තියෙන්නේ.
    එහෙමනම් අපි සැප්තැම්බර් 15 වෙනිදා සිට ඉදිරියට ලග්නයෙන් දිනකට විනාඩි හතර බැගින් අඩු කරගෙන යනවා.

    ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්..මේවිදියට

    සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 01 වෙනිදාට දින 15ක් තිබේ..
    එම දින 15..දිනකට විනාඩි 4න් වැඩි කර ගත්තම හරියටම පැයක් වෙනවා උත්තරය

    ඒ කියන්නේ ඹක්තෝබර් 15 වෙනිදා වෙන කොට කන්‍යා ලග්නය ලබන්නේ පාන්දර 05.00 ට
    තේරුණානේ..

    එහෙමනං පාන්දර 05.00 හේ ඉඳලා උදේ 07.00 වෙනකල් එදාට තියෙන්නේ කන්‍යා ලග්නය..

    අපේ ආදර්ශ වෙලාව උන උදෑසන 06.30 වෙන කොටත් කන්‍යා ලග්නය ගෙවිලා නැහැ.

    ඒ කියන්නේ අපේ ආදර්ශ වෙලාවට උපන් අයගේ ලග්නය කන්‍යා..

    මම හිතන්නේ ඔයාලට මෙක ටිකක් හරි තේරෙන්න ඇති කියලා.

    ටිකක් අමාරුයි වගේ පෙනෙයි, හොඳින් කිහිපවතාවක් කියවලා බලන්න..


    උපුටාගෙන මා විසින් වැරදි සංස්කරණය කරන ලද ලිපියකි,
     
    • Like
    Reactions: Maheshs

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේක හොද වැඩක්...
    පුළුවන් නම් මේකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් හදපන්..
    මම නම් ඔය පැත්ත දන්නෙ නෑ.. නැත්නම් මම හදනවා..
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් හදලා දාපන්...
    .