ඔබ තරබාරු නම්
අද බොහෝ දෙනෙක් තමාගේ තරබාරු කම ගැන සිතමින් ඒ අය ජිවිත් වෙන්නේ, පසුතැවිල්ලෙනි..
ඒ අයගේ ප්‍රමාණය අඩු කර ගැනිමට ආහාර පාලනයක් වගේම ව්‍යායාම වලත් නිරත විය යුතුයි.. අනික බොහෝ දෙනෙක් හිතන්නේ නිරාහාරව සිටීමටයි..
එසේ නොකර සෞඛ්‍යයට හිතකර ආහාර ගන්නේ කොහොමද කියලා අපේ එළකිරි සහෝදර සහෝදරියන්ව
දැනුවත් කරන්න ගත්ත උත්සහයක් තමයි මේ..
සාමාන්‍ය උපදෙස්

- අළුත් පළතුරු හා එළවළු ආහාරයට ගන්න.
- නොපාහින ලද සහල්, ධාන්‍ය හා කුරක්කන් වැනි දෑ දුඹුරු පාන් ද ආහාරයට ගන්න.
- රතු මස් වර්ග අඩුවෙන්ද කුකුල් මස් හා මාලු වැඩිපුරද ආහාරයට ගන්න.
- මස්වල පෙනෙන්නට තිබෙන තෙල් කෑලි ඉවත් කරන්න.
- ආහාර පිසීම සදහා බහු අසංතෘප්ත තෙල් යොදා ගන්න. උදා : සුරියකාන්ත තෙල්, නමුත් තෙලේ බදින ලද ආහාර අඩු කරන්න.
- පිටින් ආහාර ගන්නා විට පරිස්සම්වන්න. බදින ලද ආහාර හා ප්‍රනීත ආහාර හෝ සෝස් වර්ග කෑමෙන් වළකින්න.
- සතියකට බිත්තර 2-3 කට සීමා කරන්න.
- බීමට ගන්නා දියර ප්‍රමාණය වැඩි කරන්න. දිනකට පයින්ට් 2-3 ක් හෝ වැඩියෙන් බීමට ගන්න.
- පොල් හා පොල් ආශ්රිත ද්‍රව්‍ය අඩංගු ආහාරයෙන් වළකින්න.
ඔබ තරබාරු නම්
- සීනි භාවිතයෙන් වළකින්න. අවශ්‍ය නම් කෘත්‍රීම පැණි රස ( සැකරින් වැනි දෑ ) භාවිතා කළ හැක.
- බිස්කට්, කේක්, පැණි රස දෑ, චොක්ලට්, අල බැදුම්, කජු වැනි දෑ අඩු කරන්න.
- ආහාර තෙලේ බැදීමෙන් වළකින්න.
- මාගරින් වැනි දෑ වෙනුවට අළුත් පළතුරු හෝ මේදය අඩු පැණි රස නොකරන ලද යෝගට් ආහාරයට ගන්න.
- සාමාන්‍ය චීස් වෙනුවට කොටේජ් චීස් භාවිතා කරන්න.
- මේදය අඩු හා මේද රහිත කිරි භාවිතා කරන්න.
- මධ්‍යසාර ගැනීම අඩු කරන්න.
- තුලිත ආහාර වේල් 3 ක් ගන්න. වේලක් නිරාහාරව සිටීම බර අඩුවීමට කෙටි මගක් නොවේ.
- වේල් අතර කුසගිනි දෑනේ නම් බිස්කට් වැනි දෑ නොගෙන පළතුරු වලින් කුස පුරවා ගන්න.
- බොහෝ රෑ වු පසුව ආහාර ගැනීමෙන් වළකින්න.
- වෙළදපොලේ ඇති කෙට්ටු වීම සදහා ඇති විශේෂ ආහාර වලින් වැළකීමට උත්සාහ කරන්න. ඒවායේ මිල අධිකය.
මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම්,
ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම් ඒ ගෑනත් කියලා යන්නත් අමතක කරන්න එපා..
ඒ වගේම වැදගත් කියලා හිතෙනවා නම් ඒ ගෑනත් කියලා යන්නත් අමතක කරන්න එපා..
මෙය උපුටා ගත්තේ
වෛද්‍යවරයා නම් ග්‍රන්ථයෙන් බව කරුණාවෙන් සලකන්න..
(ස්කෑනර් එකක් නැති හින්දා මේ සියලුම දේ
මා විසින් නැවතත් ලියන්න සිදු වුනා.. )
වෛද්‍යවරයා නම් ග්‍රන්ථයෙන් බව කරුණාවෙන් සලකන්න..
(ස්කෑනර් එකක් නැති හින්දා මේ සියලුම දේ
මා විසින් නැවතත් ලියන්න සිදු වුනා.. )
ඒත් ටිකක් මහත් වෙන්න ට්‍රයි කරනව