සිරුරට ඇණ ගසාගෙන ඇත්තේ ආරියවතීමයි!!-ආචාර්ş
ශරීරයට ඇණ ගසා විවිධ වධ හිංසා වලට ලක්කළ බව කියන සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුරුට ඇණ ගසාගෙන ඇත්තේ එම කාන්තාව විසින්ම බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු හා විශ්ව විද්‍යාලයීය ආචාර්යවරයෙකු සඳහන් කර ඇති බව අරාබි මාධ්‍යයක් වාර්තා කරයි. නමුත් ඇය සිය සෞදි අරාබියානු හාම් පුතු අතින් වධ හිංසාවට ලක්නොවූ බව ඉන් අදහස් නොවන බව ද ඔහු අවධාරණය කර තිබේ.
ඔහුගේ වධ හිංසා වලින් ගැලවීම සඳහා ඇය මෙසේ සිය සිරුරට ඇණ ගසා ගන්නට ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා මෙම අරාබි මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බව ද සඳහන්ය. සෞදි අරාබියේ නිවසක සේවය කරමින් සිටියදී එල්. ටී. ආරියවතී නැමති 49 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික කාන්තාවට ඇණ සහ අල්පෙනෙති 24 ක් ශරීරගත කර දරුණු වධ හිංසාවට ලක් කර තිබුණි.
එම කාන්තාව මාස 06 ක කාලයක් සෞදි අරාබියේ සේවය කර ශ්‍රී ලංකාවට පැමිණි අතර ඇයගේ සිරුරේ පවතින ඇණ ඉවත්කිරීම සඳහා කඹුරුපිටිය රෝහලේදී ශල්‍ය කර්මයකට ද ලක්විය. අදාළ සිදුවීම ඇතුළු කරුණු පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙන්ම සෞදි බලධාරීන්ගේද අවධානය යොමුවිය.
ආරියවතිට ඇත්තේ මානසික රෝගයක්ද?
read more