18 වැනි සංශෝධනයේ සම්පූර්ණ කතාව

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    18 වැනි සංශෝධනයේ සම්පූර්ණ කතාව

    18 වැනි සංශෝධනයේ සම්පූර්ණ කතාව


    democracy.jpg

    දේශපාලන කරලිය නැවතත් උණුසුම් වී තිබේ. එය හදිසියේ පැන නැගුණු උණුසුමකි. හේතුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. දේශපාලන භූමිය වැඩි වැඩියෙන් රත් වන්නට පටන් ගත්තේ පසුගිය අගෝස්තු මස 30 වැනිදා ඉහත ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමත් සමගය. ඊට පෙර දින එනම් 29 වැනිදා එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත එය ලැබුණු අතර ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණේ 30 වැනිදා දහවල් ය. එදින කැබිනට් මණ්ඩලය රැස්වන තෙක් එය ආණ්ඩුවේ ඇමතිවරුන් පවා නොදුටු බව වාර්තා විය. විශේෂයෙන්ම, ඒ බව තහවුරු කරමින් වාරිමාර්ග අමාත්‍යවරයා මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ආණ්ඩුවේ ප‍්‍රබලයකුද වන නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ, කැබිනට් මණ්ඩලය රැස්වන තුරු තමන්ද ව්‍යවස්ථා සංශෝධනය නොදුටු බවයි.


    ව්‍යවස්ථා සංශෝධනය එළිදැක්වීමට පෙර සිටම, එය කුමක්දැයි නොදුටු ඇමතිවරුන් විසින්ම, රටේ සංවර්ධනයට ඇති සියලූ බාධා ඉවත් කිරීම එහි අරමුණ බව පවසනු ලැබීය. ව්‍යවස්ථා සංශෝධනය එළිදැක්වීමෙන් අනතුරුව එහි රටේ සංවර්ධනයට අදාළ වන කිසිවක් නැති බව දැකීමෙන් අනතුරුව විශේෂයෙන්ම විමල් වීරවංශ ඇමතිවරයා පැවසුවේ, සංවර්ධනය සඳහා ඉවහල්වන සංශෝධන ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි. අනෙක් ඇමතිවරුන්ද එම ප‍්‍රකාශය පිදුරු ගසක් කර ගන්නා බවක් පෙනෙන්නට තිබිණි.


    ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක් එක් පුද්ගලයින් හා පක්ෂ විසින් කරනු ලබන ප‍්‍රකාශ මෙන්ම එහි සැබෑ බලපෑම පිළිබඳවද අවධානය යොමු කළ යුතු යැයි අපි සිතමු. ඊට හේතුව තවමත් අපේ රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන උදාසීන ස්වභාවයයි. ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇමතිවරුන්ට, පාර්ලිමේන්තුවට හෝ වෙනත් කයිවාරුකාරයින්ට උරුම දෙයක් මිස තමන්ට අයත් දෙයක් නොවේය යන්න ශ‍්‍රී ලාංකිකයින් බහුතරයක් සිතන බව පෙනේනනට තිබේ. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයකින් සිදු වන්නේ කුමක්දැයි පුළුල් ලෙස සලකා බැලීම මේ ලිපියේ අරමුණයි. මෙම ලිපිය කියවීමෙන් පසුව ඔබද මෙකී සංවාදයට ඍජුවම දායක වනු ඇතැයිද, ඉන් ඔබ්බට ගොස් ඔබේ සක‍්‍රිය දායකත්වය ලබා දෙනු ඇතැයිද යන්න උදක්ම අපේක්ෂා කරමු.


    1977 පැවති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1978 දී නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට පියවර ගත්හ. එය හැත්තෑ අටේ ව්‍යවස්ථාව ලෙස දනන් මුවඟ රැඳේ. එම ව්‍යවස්ථාව මගින් ජේ. ආර්. ජයවර්ධන මහතා සිදු කළේ මුළු මහත් රාජ්‍යයේ බලය තමන් වෙත නතු කර ගැනීමයි. විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් ඒ සඳහා තිබූ ඇතැම් බාධා ඉවත් කිරීමත් 78 ව්‍යවස්ථාව යටතේ සිදු කිරීමට අපේක්ෂා කෙරිණි. එහි ප‍්‍රතිඵල ගැන කතා කළ යුතු නැත. එය ඕනෑ තරම් සංවාදයට ලක්ව තිබේ. එම නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා ජයවර්ධන මහතා යොදා ගත්තේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයයි. එය අසීමිත බලයක් විය.


    1978 වසරේ ව්‍යවස්ථාව හඳුන්වාදීමෙන් පසුව 2001 වර්ෂය අවසාන වන විට 17 වරක් සංශෝධනයට ලක් විය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පළමු වරට සංශෝධනය කළේ 1978 වර්ෂයේම නොවැම්බර් මස 20 වැනිදායි. ඉන් පසුව ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනයන් පහත පරිදි වේ.


    දෙවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1979.02.26

    තුන්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1982.08.27

    සිව්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1982.12.23

    පස්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1983.02.25

    සයවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1983.08.08

    හත්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1983.10.04

    අටවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1984.03.06

    නවවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1984.08.24

    දසවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1986.08.06

    එකොළොස්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1987.05.06

    දොළොස්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය -

    දහතුන්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1987.11.14

    දහහතරවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1988.05.24

    පසළොස්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1988.12.17

    දහසයවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 1988.12.17

    දහහත්වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය - 2001.10.03​


    Source :-

    http://174.142.141.49/sin/index.php...18----&catid=35:2008-10-13-08-30-14&Itemid=63
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හැත්තෑ අටේ ව්‍යවස්ථාවට මීට පෙර සංශෝධන 17ක් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ 18 වැනි සංශෝධනයයි.


    18 වැනි සංශෝධනය


    18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුව ප‍්‍රධාන කාර්යයන් දෙකක් අපේක්ෂා කරයි. ඉන් පළමු වැන්න වන්නේ විධායක ජනාධිපති ධුරය දැරීම සඳහා එක් පුද්ගලයකුට ඇති වාර දෙකේ සීමාව ඉවත් කිරීමයි. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එය මෙසේ දැක්වේ.


    ‘‘ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය’’
    මෙම වගන්තිය ඉතා වැදගත් එකකි.


    ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලොව තවත් බොහෝ රටවල විධායක ජනාධිතිවරු සිටිති. උදාහරණයක් ලෙස ප‍්‍රංශය හා ඇමරිකාව දැක්විය හැකිය. එම රටවලද එක් පුද්ගලයකුට විධායක ජනාධිපති ධුරය දැරිය හැක්කේ වාර දෙකක් පමණි.


    ඊට පැහැදිලි හේතුවක් තිබේ. විධායක ජනාධිපති ධුරය සතු අසීමිත බලතල එක් පුද්ගලයකුට දැරිය හැකි කාලය සීමා සහිත විය යුතුය. එසේ නොවන්නේ නම් අත්තනෝමතික ඒකාධිපති පාලනයක් බිහිවීමේ අවදානමෙන් මිදිය නොහැකිය. ඒකාධිපති පාලකයින් විසින් සිදු කරන ලද හානිය පිළිබඳව අමතුවෙන් සඳහන් කළ යුතු නැත. ඉඩි අමීන්, මාකෝස් වැන්නන් තවමත් ලොව ජනතාව සිහිපත් කරන්නේ පිළිකුළෙන් යුතුවය. එවැනි ගමනකට මග සැදිය හැකි බලතල එක් පුද්ගලයකු අතට පත් කිරීමම වරදකි. ඒ නිසා විධායක ජනාධිපති ධුරය වැනි ධුරයක් තිබීමම රටටකට අහිතකරය.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එහෙත් ආණ්ඩුවේ ඇමතිවරුන් පවසන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ සේ සැලකෙන ඇමරිකාවේද විධායක ජනාධිපති ධුරයක් ක‍්‍රියාත්මක වන බවයි. එම ප‍්‍රකාශය කරන ඇමතිවරුන්ට අමතක වන හෝ හිතාමතාම අමතක කරන කරුණක් තිබේ. ඒ, ඇමරිකාවේ ජනාධිපතිවරයා ගනු ලබන තීරණ කොංග‍්‍රස් මණ්ඩලයක් විසින් තුලනය කිරීමයි. ඇමරිකාවේද එක් පුද්ගලයකුට විධායක ජනාධිපති ධුරය දැරිය හැක්කේ වාර දෙකක් පමණි.


    බලය තුලනය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ලක්ෂණයකි. එහෙත් ලංකාවේ එවැනි තත්වයක් නැත. ජනාධිපතිගේ බලය අත්තනෝමතික, කිසිවකට යටත් නොවන එකකි. අවශ්‍යතාවයක් ඇති වුවහොත් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව දික්කසාද නඩුවක් දැමීමට ශිරන්ති රාජපක්ෂ මහත්මියට නොහැකි යැයි කියන්නේ ඒ නිසාය. ඇමරිකාවේ තත්වය එය නොවේ. හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ට විරුද්ධව ලිංගික අපචාර චෝදනා නගමින් මොනිකා නමැති තරුණියක් අධිකරණය හමුවට ගිය ආන්දෝලනාත්මක පුවත ඔබට අමතකව නැතිව ඇති. ලංකාවේදී නම් නිහඬව විඳ දරා ගත යුතුය.


    අසීමිත බලයක් එක් පුදගලයකු අතට කේන්ද්‍ර ගත වන විට එම බලය ඔහුට දැරිය හැකි කාලය පිළිබඳ සීමාවක් පැවතීම අනිවාර්ය බව යළිත් අවධානය කළ යුතුය.


    මෙම අසීමිත බලය භුක්ති විඳීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ඇති වාර දෙකේ සීමාව ඉවත් කරමින් ගෙන එන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි ඊළඟ කරුණද ඉතා වැදගත්ය. එනම් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කිරීමයි. නව සංශෝධනයට අනුව ඒ සියල්ල ජනාධිපතිවරයාගේ බලයට යටත්ය. සියලූ පත් කිරීම් සිදු කරන්නේ ජනාධිපතිවරයාය. ඉතිං, ස්වාධීන මැතිවරණ ගැන කවර කතාද?


    මේ දෙක එකට ගත යුතුය. ජනාධිපතිවරයාට බලය දැරීමේ සීමාවක් නැත. ඒ සමගම ස්වාධීන මැතිවරණ පැවැත්වීම සඳහා පනවා තිබූ විධිවිධානද නැත. ඒ සියල්ල ජනාධිපතිවරයාට යටත්ය. එහි අරුත කුමක්ද? පැහැදිලි කළ යුතු නැත. අන්ත දූෂිත මැතිවරණයක් හරහා තුන් වැනි, හතර වැනි සහ ඉන් පසු වාරද ජනාධිපතිවරයාටම ජයග‍්‍රහණය කර ගැනීමේ ඉඩ විවර කර ගෙන තිබේ. මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? කොතරම් නින්දා සහගතද?


    ශ‍්‍රී ලංකාවේ ජනාධිපති


    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.


    ‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප‍්‍රධානයාද, විධායකයේ ප‍්‍රධානයාද, ආණ්ඩුවේ ප‍්‍රධානයාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වන්නේය.’’


    ඔහු ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වනවා විය හැකිය. එහෙත්, ඔහු එක් පුද්ගලයෙකි. රජයේද, විධායකයේද, ආණ්ඩුවේද, සියලූ සන්න්ධ සේවාවන්හිද ප‍්‍රධානියා වන්නේ එක් පුද්ගලයෙකි. ඔහු ගන්නා තීරණ අභියෝගයට ලක් කිරීමේ හැකියාව ප‍්‍රායෝගික වශයෙන් ගත් කළ ඉතා සීමිතය. එවැනි බලයක් එක් පුද්ගලයකු සතුව පැවතිය යුතුද? නැත. කිසිසේත්ම නැත.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    සාමය හා යුද්ධය ප‍්‍රකාශ කරන්නේද ජනාධිපතිවරයාය.


    එපමණක් නොවේ. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගිවීමට, ඇමතීමට, පාර්ලිමේන්තුවට සන්දේශ යැවීමට බලය තිබේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සතු සියලූ වරප‍්‍රසාදවලට හිමිකම් තිබේ. පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට අහිමි වන්නේ ඡන්දය භාවිත කිරීමේ අයිතිය පමණි. එහෙත් මන්ත‍්‍රීවරයකුගේ වරප‍්‍රසාද උල්ලංඝණයවීමක් සිදු වුවහොත් ඊට වගකිව යුතු නැත.


    18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙම වගන්තිය සංශෝධනය කොට ඇති නමුත් ඒ ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය යනුවෙන් පමණි.


    විධායක ජනාධිපතිවරයාට යුක්තිය අයුක්තිය බවටත් අයුත්තිය යුක්තිය බවට හැරවීමටත් බලය දී තිබේ. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ බලය භාවිත කළ ආකාරය අපි දුටුවෙමු.


    ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාවට අනුව ශ‍්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක් විසින් වරදකරුවකු කොට දඬුවම් ලැබූ පුද්ගලයකු එම දඬුවම්වලින් මුදා හැරීමේ බලය ජනාධිපතිවරයා සතුය. දඬුවමක් කල් දැමීමේ බලය සතුය.


    රටක නීතිය ආරක්ෂා කිරීමට අධිකරණ පද්ධතියක් තිබේ. අධිකරණයේ කටයුත්ත වන්නේ වරදකරුවන්ට දඬුවම් නියම කිරීමයි. සමාජ සම්මතයන් රැකීමටත්, සමාජය යම් ස්ථාවර තත්වයක පවත්වාගෙන යාමටත් නීති හා දඬුවම් ක‍්‍රියාත්මක වේ. එවැනි දඬුවම් ක‍්‍රමයක් නොමැතිව රජයකට පැවතිය නොහැකිය යන්න පොදු පිළිගැනීමයි. එම පැවැත්ම අභියෝග කිරීමේ බලය එක් පුද්ගලකුට පැවරී තිබේ. ඒ ගැන කිසිවකුටත් මැදිහත් විය නොහැකිය.


    මහින්ද රාජපක්ෂ මහතා මේ වගන්තිය යොදා ගත් අවස්ථා දෙකක් පිළිබඳව අපි මෑත කාලයේදී අසා ඇත්තෙමු. එක් අවස්ථාවක් මීට ඉහත කාන්තා දින සැමරුමකදී මරණ දණ්ඩනයට ලක්ව සිටි ඇමති බිරිඳක් නිදහස් කර ගැනීමයි. ඇය ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී සිටියාය. මහින්ද රාජපක්ෂ මහතාගේ පතළ මහා කරුණාව නිසා ඇය සියලූ චෝදනාවලින් නිදහස ලැබුවාය. දෙවැනි අවස්ථාව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි රත්නපුර මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඇන්ටන් තෙන්නකෝන් නමැත්තා නිදහස් කිරීමයි. ඔහුට චෝදනා එල්ල වී තිබුණේ සිය අනියම් බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙනි.


    ජීවත්වීම උදෙසා, බඩ වියත රැක ගැනීම සඳහා යම් යම් නීති විරෝධී ක‍්‍රියා සිදු කළ කොතරම් පිරිසක් සිරගතව සිටින්නේද? ජීවත්වීම සඳහා විවිධ ජාවාරම් සිදු කළ පසුව ඒවායින් මිදීමට නොහැකිවී සිටියදී අත්අඩංගුවට පත්ව සිරගත වූවන් තොරම් සිටින්නේද? ජීවත්වීම සඳහා කෙසෙල් කැනක් කපා ගැනීමේ වරදට, අනුන්ගේ ඉඩමකට, නිවසකට පැනීමේ වරදට වරදකරුවන් වී සිරකරුවන් වූ කොතරම් පිරිසක් සිටින්නේද? සිර දඬුවම් විඳින බොහෝ දෙනකු එසේ සිටින්නේ දඩ මුදල් ගෙවීමට නොහැකිවීම නිසා බව ප‍්‍රකට කරුණකි.
    නිදහස් කරනවා නම් නිදහස් කළ යුත්තේ ඔවුන්ය. මිනීමරුවන්, අපරාධකරුවන් නොවේ.


    විධායක ජනාධිපති හා යුක්තිය


    අනෙක් අතට යුද්ධය දිනූ සෙන්පතියා, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිටින්නේ නාවික හමුදා කඳවුරේ බන්ධනාගාරගතවය. ඔහුට විරුද්ධව එක එක ආකාරයේ චෝදනා ඉදිරිපත් කරමින්, සිරගත කිරීමට යොදා ගන්නේද ජනාධිපතිවරයා වෙත හිමිවී ඇති බලය බව නොරහසකි. දළදා මාළිගාවට එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය මෙහෙයවූ, අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කළ, පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කළ, කාත්තන්කුඩි පල්ලියේ ආගමික වතාවත් කරමින් සිටි අහිංසක මුස්ලිම්වරුන් ඝාතනය කළ කරුණා අම්මාන්ට ඇමතිකමක් දීමත්, පිල්ලෙයාන්ට නැගෙනහිර මහඇමතිකම දීමත් මේ අසීමාන්තික බලය ප‍්‍රායෝගිකත්වයට නැගී ඇති ආකාරයයි. ලංකාව තුළ කොටි ත‍්‍රස්තවාදීන් විසින් පත්තු කරන ලද සෑම උණ්ඩයකටම, පුපුරුවා හරින ලද සෑම බෝම්බයකටම වගකිව යුතු කේ පී නිදහසේ සිටින්නේ ඒ බලයේ මහිමය නිසාය. වැරදිකරුවන් නිදහස් කිරීමටත් නිවැරදිකරුවන් සිරගත කිරීමටත් හැකි බලයක් එක් පුද්ගලයකුගේ අතට දීම තරම් මුග්ධකමක් තවත් තිබේද? නව ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වන්නේ එම බලය අසීමාන්තික වාර ගණනක් දැරීමට හැකියාව ලැබීමයි. එයට ඉඩ දෙනවාද? ඔබම තීරණය කළ යුතුය...


    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකිය.
     
    • Like
    Reactions: Silver bird

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ‘‘ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර වූ හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්වයෙහිලා හෝ නිල තත්වයෙහිලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුත්තේය.’’


    මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබේ ව්‍යවස්ථා සංශෝධනයේදී මේ වගන්තිය වෙනස් කිරීමට අමතක වූයේ ඇයි? වාර දෙකේ සීමාව ඉවත් කළා සේම මේ වගන්තිය ඉවත් කිරීමට ඔබට අමතක වුණාද?


    නැත. මහින්ද රාජපක්ෂ මහතා සූදානම් වන්නේ සුජාත ගමනක් යාමට නොවේ. අවජාතක ගමනක් යාමටය. ඒ සඳහා ඔහුට ඉදිරියේදී නින්දාසහගත දේ කිරීමට සිදු වනු ඇත. තුප්පහිකම් කිරීමට සිදු වනු ඇත. සදාචාර විරෝධී දේ තව තවත් කිරීමට සිදු වනු ඇත. නීති විරෝධී දේ කිරීමට සිදු වනු ඇත. ඒ ද්‍රෝහී ගමන යාමේදී, වියරු ඒකාධිපත්තිවය යථාර්ථය බවට පත් වෙද්දී ඔහුට විරුද්ධව කිසිදු නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි විය යුත්තේමය. ඒ නිසා ඔහුට එම වගන්තිය සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීම හිතා මතාම අමතක වී ඇත.


    ජනාධිපති ධුරය පවතින්නේ අධිකරණයට ඉහළින්ය. ඔහු විසින් සිදු කරනු ලබන රාජකාරීවලදී පමණක් නොව පෞද්ගලිකව සිදු කරන යම් අපරාධයකදී වුවද නඩු පැවරිය නොහැකිය.


    ජනාධිපති ධුරය සංශෝධනය කරන්නේ නම් වෙනස් කළ යුතුම වගන්තිය මෙයයි. තවමත් රාජාණ්ඩුවක් ඇති වන තුරු බලා සිටින ධර්මරාජ්‍යකාර හෙළ උරුමයේ මන්ත‍්‍රී හාමුදුරුවරුන්ද වදාරන්නේ විධායක ජනාධිපති ධුරයට විරුද්ධ නැතත් මේ මුක්තිය හෙවත් නීතියට උඩින් සිටීමේ බලය ඉවත් කළ යුතුය යන්නයි.

    ජනාධිපතිවරයා සතු බලය මෙතෙකින් සීමා නොවේ. මේ කියන්නේ තනි පුද්ගලයකු සතු බලය පිළිබඳවය.


    සියලූ පත් කිරීම් ජනපති අතේ


    අගමැතිවරයා හා සෙසු ඇමතිවරුන් පත් කිරීමේ බලය, අමාත්‍යාංශ තීරණය කිරීමේ බලය හා තමන් කැමති අමාත්‍යාංශ හා විෂයන් ගණනක් තමා සන්තකයේ තබා ගැනීමේ බලය ජනාධිපතිවරයා සතුය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොඳින් මුදල් ගැවසෙන අමාත්‍යාංශ හතරක් හා ආයතන 70කට වැඩි ගණනක් තමන් යටතේ තබාගෙන සිටී. ඔහුගේ මල්ලී වන බැසිල් රාජපක්ෂ මහතාටද ආර්ථිකයෙන් විශාල පංගුවක් මෙහෙයවිය හැකි ආර්ථික සංවර්ධන නමැති අලූත් අමාත්‍යාංශයක් නිර්මාණය කර දී තිබේ. රාජපක්ෂවරුන් රටේ මුදල්වලින් අතිවිශාල පංගුවක් පාලනය කරයි. මේ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලයයි. මේ බලය එක් පුද්ගලයකු සතුය.


    තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, පූර්ණාධිකාරී රාජ්‍ය දුතයන් හා වෙනත් තානාපති නියෝජිතයින් පත් කිරීමට හා ඔවුන්ට බලතල පැවරීමටද ජනාධිපතිවරයාට බලය තිබේ. එනම් රටේ මුළුමහත් විදේශ සේවාව එක් පුද්ගලයකුගේ වුවමනාව මත ක‍්‍රියාත්මක වේ. රටක රාජ්‍යතාන්ත‍්‍රික ගනු දෙනු, විදේශ ප‍්‍රතිපත්තිය එක් පුද්ගලයකුගේ වුවමනාව විය යුතුද? විය හැකිද?


    එහි අනිසි විපාක මේ වන විටත් අපි භූක්ති විඳිමින් සිටිමු. මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ගනු දෙනු කරන්නේ ‘මැදමුලනේ සම්ප‍්‍රදායට’ය. ප‍්‍රශ්න විසඳා ගන්නේ අල්ලපු ගෙදර සමග ප‍්‍රශ්න විසඳා ගන්නා ආකාරයටය.


    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් යුද්ධය නිමාවීමෙන් පසුව ලංකාවට පැමිණියේය. ඔහු මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ අතර 2009 මැයි මාසයේදී ඒකාබද්ධ ප‍්‍රකාශයකට අත්සන් කළහ. ශ‍්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී යම් යම් එකඟතාවන් ඇති කර ගන්නා ලදී. එවැනි එකඟතා ඇති කර ගැනීම නිවැරදිද යන්න පිළිබඳවවෙනම සලකා බැලිය යුතුය. මැදමුදලනේ සම්ප‍්‍රදාය එයයි. මැදමූකලාන වලව්වට කවුරුන් හෝ ආ විට බුලත් විටක් හපන්නට දී ඔහු කියන ඕනෑම දෙයකට ඔළුව වනයි. සාටකය එක් කරකින් අනෙක් කරට මාරු කරමින් ‘‘ඔව් ඔව්’’ යැයි කියයි. එහෙත් පසුව ඒවා ක‍්‍රියාත්මක කරන්නේ නැත. ඒ ගැන විමසීමට ආ විට වලව් පාට් පෙන්වමින් බැන වදී. තමන්ගේ හෙංචයියන් යවා අපහාස කරවයි. මේ අපේ රටේ වලව්පැලැන්තියේ හැටිය.


    මහින්ද රාජපක්ෂ මහතා බෑන් කී මූන්ගේ යෝජනාවලට මුලින් එකඟ වූයේය. පසුව එම එකඟතා අනුව කමිටුව පත් කළ විට සිංහලෙන් සරම උස්සාගෙන කුණුහරුප කීවේය. ඉංග‍්‍රීසියෙන් හිස කැසුවේය. පිම්පියෙකු යවා මරාන්තික රංගනයක් කෙරෙව්වේය. එහෙත් කමිටුව අහෝසි කිරීම සඳහා රාජ්‍යතාන්ත‍්‍රික මැදිහත්වීමක් නොකළේය.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    තවත් උදාහරණයක් තිබේ. ජී එස් පී බදු සහනය ලංකාවට හිමි වූයේ ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිවිසුම් 27කට අත්සන් තබා තිබීමද සැලකිල්ලට ගෙනය. එම ගිවිසුම් මගින් රටේ පුරවැසියන්ගේ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කෙරේ. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී මාධ්‍යවේදීන් ඝාතනයවීම, අතුරුදහන්වීම, පැහැර ගෙන යාම හා පහරදීම සිදු විය. ස්වාධීන මැතිවරණ නැති විය. විරුද්ධ පක්ෂවලට දේශපාලනය කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩ අහිමි විය. මේ ආකාරයට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීම නිසා උක්ත බදු සහනය දීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය තවත් වරක් විමසා බැලීමට තීරණය කළේය.


    මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ සම්ප‍්‍රදාය අනුව ආණ්ඩුවේ ඇමතිවරුන් හා දුතයින් හොරෙන් යවමින් යුරෝපා සංගමය හමුවේ කෙඳිරිගෑවේය. ඒ අතරම තමන්ගේ බල සීමාව තුළ සිටින අන්තේවාසිකයන් පිනවීම සඳහා තවමත් තමන්ගේ බලය ගිලිහී නැතැයි, චන්ඩිකම් අඩුවී නැතැයි පෙන්වීම සඳහා ‘‘ජී එස් පී ප්ලස් බදු සහනය දෙන්නේ නැත්නම් ඕනේ නෑ’’යි සිංහලෙන් කුණුහරුප කීවේය.


    ‘‘දෙන්නේ නැත්නම් ඕනේම නැතැ’’යි කීම රාජ්‍යතාන්ත‍්‍රික පිළිවෙත නොවේ. එය මැදමුදලනේ වැඩවසම් සම්ප‍්‍රදායයි. රාජ්‍යතාන්ත‍්‍රික ගනු දෙනු විසඳන්නේ චන්ඩිකම්වලින් හා දීනකම්වලින් නොවේ. විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කෙරෙන සාකච්ඡා ගනු දෙනු හරහාය. මහින්ද රාජපක්ෂට එවැනි සම්ප‍්‍රදායන් හුරු නැත. අවසානයේදී ජී එස් පී අහිමි විය. ඇඟලූම් කර්මාන්තයේ නිරත වූවන් පෙන්වා දෙන්නේ එම ක්ෂේත‍්‍රයේ පමණක් ලක්ෂ හතරකට පමණ ඍජු හා වක‍්‍ර රැකියා අහිමි වනු ඇති බවයි. දැනටමත් ඇඟලූම් කර්මාන්ත ශාලා රැසක් වසා දමා ඇති අතර තවත් මාස තුනකින් පමණ පසුව මෙහි බලපෑම ඍජුවම දැනේනට පටන් ගත් විට තව තවත් කර්මාන්ත වසාදැමීමට සිදු වියහැකි යැයි ඔවුහු බිය පළ කරති.


    ඉන්දියාවට දක්වන ගැතිකමද එම හීන සංස්කෘතික හුරුවේ ලක්ෂණයකි. ළඟම ඉන්න චන්ඩියා වත්තේ වසුරු හෙලා ගියද ‘අනේ ඕක අස් කරලා දාන්න බැරියැ’ කියමින් අහක බලා ගැනීම එම ලක්ෂණයයි. ඉන්දියාවේ ලංකාව තුළ ගසන පිලූම් දෙස රාජපක්ෂ මහතා බලා සිටින්නේ රාජ්‍ය නායකයකු ලෙස නොවේ.


    තවතවත් උදාහරණ සාකච්ඡා කළ යුතු නැත. එක් පුද්ගලයකු අතට විදේශ සේවාවේ, විදේශ ප‍්‍රතිපත්තියේ බලය නතුවීමේ විපාක අපේ රට විඳිමින් සිටී.


    අලූත් සංශෝධනය


    අපි අලූත් ව්‍යවස්ථා සංශෝධනය දෙසට හැරෙමු.එය ආරම්භ වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ඉවත් කරන බව පවසමිනි.
    මෙම ලිපියේ මුලින්ද සඳහන් කර ඇති පරිදි එම ව්‍යවස්ථාව මෙසේ වේ.
    ‘‘ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය’’


    මෙම වගන්තිය ඉවත් කිරීම මගින් ජනාධිපතිවරයාට වාර දෙකකට වඩා ජනාධිපති ධුරය දැරිය හැකිය.


    එමෙන්ම නව ව්‍යවස්ථා සංශෝධනයේ මෙසේ දැක්වේ.


    ‘‘...ජනාධිපතිවරයා ස්වකීය ධුරයෙහි බලය ප‍්‍රකාර මාස තුනකට එක් වරක් පාර්ලිමේන්තුවට සහභාගි විය යුත්තේය. මේ කර්තව්‍ය ඉටු කිරීමේදී ඡන්දයදීමට ඇති හිමිකම හැර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සතු සියලූ වරප‍්‍රසාද, පරිබාර සහ බලතලවලට ජනාධිපතිවරයා හිමිකම් ලබන අතර පාර්ලිමේන්තුව හෝ එහි මන්ත‍්‍රීවරයන් හෝ සතු යම් වරප‍්‍රසාද කඩකිරීමක් සම්බන්ධයෙන් වගකිව යුතු නොවන්නේය


    ...ස්වකීය ධුරයෙහි බලය ප‍්‍රකාර පාර්ලිමේන්තුව ඇමතීමටද, පාර්ලිමේන්තුවට සන්දේශ යැවීමටද ජනාධිපතිවරයාට අයිතිය තිබිය යුත්තේය’’


    මෙම වගන්තියට අපේ අවධානය යොමු විය යුතුය. මන්ද, ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන් මෙහි ඇති යක්ෂ මුහුණ වසා දැමීමට මෙම සුදු පාට මයිල් ගස පෙන්වමින් සිටින බැවිනි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මෙම වගන්තිය අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන අයකු බවට පත් වන බවක් ඇමතිවරු පවසති. මෙහි එවැන්නක් නැත. අනෙක් අතට ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට පැමිණේ. ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට හා පිළිතුරු ලබා ගැනීමට මන්ත‍්‍රීවරුන්ට හැකියාව තිබේ. ජනාධිපතිවරයා සමග ඕනෑම දෙයක් කතා කර විසඳා ගත හැකිය. මේ ඇමතිවරුන් මවන සුභ සිහිනයයි.


    මිතුරනි, යථාර්ථය මේ සුභ සිහිනයට වඩා කොතරම් ඈතින් පිහිටන්නේද?
    මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ඇමතිවරු බැඳී සිටිති. සෑම පාර්ලිමේන්තුව රැස්වන දිනකම ඒ සඳහා වේලාවක් වෙන් කොට තිබේ. එහෙත්, මන්ත‍්‍රීවරුන් අසන ප‍්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරක් ලැබෙන්නේ කොතරම් අඩුවෙන්ද? සෑම ඇමතියෙක්ම කරන්නේ කල් ඉල්ලීමයි. නැතිනම් මගහැර යාමයි. මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද ඊට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද?


    මන්ත‍්‍රීවරුන්ට අවසානයේ ඉතිරිවන්නේ ‘‘අනේ අපි එයාගෙන් අහන ප‍්‍රශ්න’’ යැයි කීමට පමණි.


    සියල්ල තීරණය වන්නේ ව්‍යවස්ථා සංශෝධනය පිටුපස ඇති අරමුණේ සුජාතභාවය මත ය. මේ සංශෝධනය එවැනි සුජාතභාවයක් සහිතව ගෙන එන්නක් නොවන බව පැහැදිලිය. ඒ නිසා සීනි ඇට කිහිපයක් තිබුණද ඒවා පැණි රස වුවද කෑමට යාමේදී තිත්ත කුඩුද දිවේ පැටලීම වැළැක්විය නොහැකිය.


    දෙවැනිව මෙම සංශෝධනය මගින් 17 ව්‍යවස්ථා සංශෝධනය, සංශෝධනය කෙරේ. 41අ ව්‍යවස්ථාවේ සිට 41ඌ ව්‍යවස්ථාව දක්වා සංශෝධනය ඉවත් කරන බව නව සංශෝධනයෙහි දක්වා ඇත.


    ඒ අනුව, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වේ. කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේදී ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත එය කළ යුතු බවට පනවා තිබූ විධිවිධාන ඉවත් කෙරේ.


    17 වැනි ව්‍යවස්ථා සංශෝධනය


    17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ සම්මත වූ සුවිශේෂීම ව්‍යවස්ථා සංශෝධනයකි. එය සම්මත වූයේ 2001 වර්ෂයේ ඔක්තෝබර් මස 03 වැනිදායි. ඒ වන විට පැවති චන්ද්‍රිකා රජය අර්බුදයට ගොස් තිබියදී ජනතා විමුක්ති පෙරමුණ පරිවාස ආණ්ඩුවක් නිර්මාණය කළේය. එම පරිවාස ආණ්ඩුව දින 35ක් ක‍්‍රියාත්මක වූ අතර එම කාලය තුළදී 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරිණි. පාර්ලිමේන්තුවේ එක් මන්ත‍්‍රීවරයකු හැර අන් සියලූ දෙනාගේම ඡුන්දය ඊට ලැබිණි. එවැනි බහුතරයකින් සම්මත වූ එකම පනත එයයි.


    17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලාපොරොත්තු වූයේ විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ, පොලිසියේ හා මැතිවරණවල ස්වාධීන්තවය රැකීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සහතික කිරීමයි. 2001 වසරෙන් පසුව මෙම කොමිෂන් සභා යටතේ පැවති මැතිවරණ කිහිපයක් යම් තරමක හෝ ස්වාධීනත්වයක් රැකීමෙන් එහි වටිනාකම තහවුරු විය.


    අනෙක් අතට මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා සතු අත්තනෝමතික බලතලවලින් කිහිපයක් සීමා කරන ලදී.


    ව්‍යවස්ථාදායක සභාව සමන්විත වූයේ,
    - අග‍්‍රාමාත්‍යවරයා,
    - කථානායකවරයා,
    - විරුද්ධ පක්ෂ නායකයා,
    - ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු එක් තැනැත්තෙක්,
    - විරුද්ධ පක්ෂ නායක හා අගමැතිවරයාගේ යෝජනා මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පස් දෙනෙක්,
    - අගමැති හා විපක්ෂනායක අයත් නොවන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල බහුතරයේ එකඟත්වය මත නාමයෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් අයෙක්
    ආදී වශයෙනි.

    කථානායකවරයා මෙහි සභාපතිවරයා විය යුතුය.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අගමැති හා විපක්ෂනායක එක්ව පත් කරන නියෝජිතයින්ගෙන් තිදෙනකු සුළු ජාතිකත්වයන් නියෝජනය කළ යුතුය. එමෙන්ම, ජනාධිපතිවරයා විසින්, අගමැති හා විපක්ෂනායක විසින් සහ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ බහුතරය විසින් පත් කරන නියෝජිතයින් දේශපාලන පක්ෂවලට අයත් අය නොවිය යුතු අතර ඔවුන් අවංකභාවය, හා පොදු ජන ජීවිතයේදී කීර්තිය ලත් පුද්ගලයින් විය යුතුය.


    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව මේ ආකාරයට පත් කිරීම මගින් අපේක්ෂා කරන ලද්දේ එහි ස්වාධීනත්වයයි. කිසිදු දේශපාලන පක්ෂයකට ගැති නොවී කටයුතු කරන ආයතනයක් වීමයි.


    මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභා හතක් පිහිටුවනු ලැබේ. ඒවා නම්,


    1. මැතිවරණ කොමිෂන් සභාව

    2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව

    3. ජාතික පොලිස් කොමිෂන් සභාව

    4. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

    5. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය කිරීමේ නිත්‍ය කොමිෂන් සභාව

    6. මුදල් කොමිෂන් සභාව

    7. සීමා නිර්ණය කොමිෂන් සභාව​


    මෙම කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේදී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සුවිශේෂී විධිවිධානයන් යොදා තිබිණි.


    ‘‘41 ඇ. (1) ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශ මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් කිසිම ධුරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේය.’’


    ඒ අනුව ඉහත කොමිෂන් සභා ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලයෙන් යම් තාක් දුරකට නිදහස් වේ යැයි බලාපොරොත්තු වේ.


    ආණ්ඩුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 41අ සිට 41ඌ ව්‍යවස්ථාව දක්වා ඉවත් කෙරේ. ඒ අනුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වේ. කොමිෂන් සභාවක සභාපතිවරයා පත් කිරීමේ බලය මුළුමනින්ම ජනාධිපතිවරයාට හිමි වේ. ඒ අනුව ඔහුට තමන්ට කැමති අයකු සභාපතිවරයා ලෙස පත් කළ හැකිය. කොමිෂන් සභාවේ යම් තීරණයක් සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී සමාන තත්වයක් ඇති වුවහොත් සභාපතිවරයාට තීරක ඡන්දයක් හිමිය. ඒ නිසා සභාපතිවරයා මධ්‍යස්ථ, බුද්ධිමත්, විචක්ෂණශීලි පුද්ගලයකු විය යුතුය. එවැනි මධ්‍යස්ථ පුද්ගලයකු එම ධුරයට පත් කරාවි යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු විය හැකිද? ඉහත 41ඇ. (1) වගන්තියද අහෝසි වේ. එනම්, කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේ මුළු බලයම ජනාධිපතිවරයා සතුවේ. අහෝ! ස්වාධීන කොමිෂන් සභා... අපි ඒවා තවදුරටත් ‘ස්වාධීන කොමිෂන් සභා’ යැයි හඳුන්වමු.


    නව සංශෝධනය අනුව

    නව සංශෝධනයට අනුව ‘පාර්ලිමේන්තු සභාව’ නමින් අලූත් ආයතනයක් පිහිටුවනු ලැබේ. එම සභාවේ සාමාජිකයින් වන්නේ,

    1. අග‍්‍රාමාත්‍යවරයා
    2. කථානායකවරයා
    3. විරුද්ධ පක්ෂයේ නායකවරයා
    4. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු විය යුතු අග‍්‍රාමාත්‍යවරයාගේ නාමිකයකු
    5 පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු විය යුතු විරුද්ධ පක්ෂ නායකයාගේ නාමිකයකු
    මෙහි අගමැතිවරයා විසින් හා විපක්ෂ නායක විසින් නම් කරනු ලබන දෙදෙනා, අගමැති හා විපක්ෂනායක අයත් නොවන ජනකොටස්වලට අයත් විය යුතු බවද සඳහන් කොට තිබේ.


    කෙසේ වෙතත් 18 වැනි සංශෝධනයේ මෙසේද සඳහන්ව තිබේ.


    ‘‘එසේ වුවද, ජනාධිපතිවරයා විසින් එකී නිල කාලය තුළදී පිළිවෙළින් අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂ නායකවරයා විසින් නාමිකයින් ලෙස පත් කරනු ලැබූ තැනැත්තන් ඉවත් කිරීම හෝ එකී නාමිකයකුගේ අශක්නුතාවක් ඇති අවස්ථාවක සභාවේ ස්වකීය නාමිකයා ලෙස වෙනත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු නම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අවස්ථාවෝචිත පරිදි අග‍්‍රාමාත්‍යවරයාට හෝ විරුද්ධ පක්ෂ නායකවරයාට නියම කිරීම හෝ කරනු ලැබිය හැක්කේය...’’ මේ බලය ලැබෙන්නේද ජනාධිපතිවරයාටමය.


    17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව බලය සහිත ආයතනයක් විය. කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේදී අවසන් බලය තිබුණේ එම ආයතනයටයි. ඉහතින් දක්වන ලද 41 අ (1) ව්‍යවස්ථාව අනුව එය පැහැදිලිය. එහෙත් 18 වැනි සංශෝධනයට අනුව පිහිටුවනු ලබන පාර්ලිමේන්තු සභාවට එවැනි බලයක් හිමි නොවේ. ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ පත් කිරීම් සිදු කිරීමේදී එම සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටීම පමණි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    පහත සඳහන් සියලූ පත් කිරීම් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ.

    1. අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන්
    2. අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිශ්චයකාරවරුන්
    3. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයින්
    අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ අග‍්‍රවිනිශ්චයකාරවරයා. අග‍්‍රවිනිශ්චයකාරවරයා පත් කරන්නේද ජනාධිපතිවරයා විසිනි.
    4. නීතිපතිවරයා
    5. විගණකාධිපතිවරය
    6. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඞ්ස්මන්)
    7. පාර්ලිමේන්තු මහලේකම්වරයා


    ඉහත තනතුරු රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුක්තිය, සාධාරණත්වය හා නීතියේ ආධිපත්‍යය, මධ්‍යස්ථභාවය, සියලූ පුරවැසියන්ට සමාන බව ඇතුළු සමාජයේ පොදු පැවැත්මට බලපෑම් සහගත ධුරයන්ය. ඒවා ස්වාධීන විය යුතුය. දේශපාලන බලයට යටත් නොවිය යුතුය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂා කළේ එම තත්වයයි. එහෙත් වත්මන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යවස්ථා සංශෝධනය මගින් එම තත්වය අහෝසි කර ඇත.


    මෙහෙම උපකල්පනය කරමු


    අපි උදාහරණයක් සලකා බලමු. විගණකාධිපතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබේ. වත්මන් ජනාධිපතිවරයා කරන්නේ රාජ්‍ය පාලනය නොව දේශපාලනයයි. ඔහු රාජ්‍ය නායකයකු ලෙස හැසිරෙන්නේ නැත. එසේ හැසිරෙන්නේ නම්, මේ වන විට කෝප් කමිටුවෙන් හඳුනා ගත් දුෂිතයින්ට දඬුවම් කර තිබිය යුතුය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සිදු වූ රුපියල් කෝටි 360 වැට් බදු වංචාකරුවන්ට දඬුවම් දිය යුතුය. අධිකරණය විසින් නැවත රාජ්‍ය සේවයට එක් කර ගත යුතු නැති අයකු ලෙස හඳුන්වන ලද පී. බී. ජයසුන්දර මහතා යළි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් නොකළ යුතුය. කොටි නායක, කේ පී හෙවත් කුමාරන් පද්මනාදන් නමැති ත‍්‍රස්තවාදියා සැප දිදී සුරතල් කළ යුතු නැත. කරුණාට ඇමතිකම් හා පිල්ලෙයාන්ට මහ ඇමතිකම් දිය යුතු නැත. විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් වරදකරුවන් කළ හැකි, නඩු පැවරිය හැකි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් බිය ගන්වා යටපත් කොට ආණ්ඩුවට සම්බන්ධ කර ගත යුතු නැත. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව බොරු සාක්ෂි දුන්, ජනාධිපතිවරයා විසින් පාරිභෝගික ඇමති ලෙස පත් කර ඇති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මරාගෙන මැරෙන කොටි සාමාජිකයකුට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටී. ආණ්ඩුවේ සිටින කෝටි ගණනින් පොහොර වංචා කළ, ගොවි ජනතාවට දුන් සහනාධාර වංචා කළ, කෝටි ගණනින් මහජන මුදල් වංචා කළ බවට හෙළි වී චෝදනා ලැබ සිටින මන්ත‍්‍රීවරුන් ආරක්ෂා කරන්නේ නැත. ඒ කිසිවෙකුටත් විරුද්ධව දැන් පරීක්ෂණ ක‍්‍රියාත්මක නොවේ.


    තවත් සිය ගණනක් වුවත් දැක්විය හැකි හේතු හෙළි දරන්නේ මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයකු ලෙස කටයුතු නොකරන බවයි. ඔහු කටයුතු කරන්නේ දේශපාලකයකු ලෙසයි. දේශපාලකයාගේ අරමුණ ඊළඟ වාරයේ බලය ලබා ගැනීමයි. දේශපාලකයා පිළිබඳ චිත‍්‍රය අප සැමගේම සිත් තුළ ඇඳී තිබේ. එය අලූතින් පැහැදිලි කළ යුතු නැත.


    එවැනි දේශපාලකයකු වන මහින්ද රාජපක්ෂ මහතාට විගණකාධිපතිවරයා පත් කිරීමේ බලය ලැබුණු විට සිදු විය හැක්කේ කුමක්ද? ඔහුගේ විගණන වාර්තාවල නිරවද්‍යතාවය ගැන ඇති සහතිකය කුමක්ද? ඒවා පක්ෂග‍්‍රාහී නොවන බවට ඇති සහතිකය කුමක්ද?
    විගණකාධිපතිවරයා ධුරයෙන් ඉවත් වූ විට ඊට අලූත් අයකු පත් කළ යුතුය. එසේ පත් කරන්නේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨයින් අතරින්ය. විගණකාධිපති ධුරය වෙනුවෙන් සියුම් තරගයක් තිබෙන බව නොරහසකි. ඒ රාජ්‍ය සේවයේ හැටිය. මිනිස්කමේ හැටිය. ඉහළ තනතුරකට යාමට ඕනෑම අයකු කැමතිය. ඒ කැමැත්ත ඉටු කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට වූ විට, පත්වීම් ලැබීමට සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨයින් වෙන වෙනම ජනාධිපතිවරයාට සමීප වීම හා ඔහුගේ සිත දිනා ගැනීම සඳහා කටයුතු කිරීම නොවැළැක්විය හැකි ක‍්‍රියාවකි. රාජ්‍ය සේවයේ එවැනි ඕනෑ තරම් උදාහරණ තිබේ.


    එමෙන්ම, ජනාධිපතිවරයා එම ධුරයට පත් කරන්නේ තමන්ට හිතවත් පුද්ගලයින්ය. එය සත්‍යයකි. අඩුම තරමේ මිනිස් ස්වභාවය එයයි. මෙම තනතුරු පත් කිරීමේදී එහි අපක්ෂපාතීත්වය සුරක්ෂිත වන ක‍්‍රමවේදයක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. 17 වැනි සංශෝධනය මගින් ස්ථාපනය කරන ලද්දේ එම සුරක්ෂිත බව වන අතර 18 වැනි සංශෝධනය මගින් අහෝසි කරන්නේද එම සුරක්ෂිත බවයි.


    එපමණක් නොවේ. විගණකාධිපති ධුරය සඳහා පත්වීම් ලැබීමට සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨයින්ට එම ධුරයට පත් කරන බව පවසමින්, බලාපොරොත්තු ඇති කරමින් නැතිනම් දන්නා සිංහලෙන් කියන ආකාරයට කැරට් අල පෙන්වමින් තමන්ගේ වැඩ කරවා ගැනීමේ හැකියාවද තිබේ.


    ස්වාධීනත්වය රැකිය යුතු තනතුරු දේශපාලනීකරණය වීමෙන් සිදු වන විපත එයයි. ඒ නිසාම ජනතාවට ඉටු විය යුතු නිසි සේවාව ඉටු නොවන තැනට වග බලා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා සතු වේ.


    කොමිෂන් සභා

    18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමේ මුලූ බලය ජනාධිපතිවරයා වෙත පවරා තිබේ. එහිදී එම පත් කිරීම්වලදී ජනාධිපතිවරයා පූර්ණ බලධාරියා වේ. ඔහු කිසිවකුගේ නිර්දේශ ලබා ගත යුතු නැත.


    රජයේ නිලධරයන් පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීම සහ සේවයෙන් පහ කිරීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරී තිබිණී. එහෙත් අලූත් සංශෝධනයට අනුව ඒ සියල්ල දේශපාලනීකරණය කර තිබේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එම කටයුතු සඳහා ප‍්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම අමාත්‍ය මණ්ඩලයට පැවරී ඇත. රාජ්‍ය සේවකයින් පත් කිරීම, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාව විසිනි.


    සෑම වර්ෂයක් පාසාම තම ක‍්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් රජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය. එම වාර්තා පිළිබඳව අපි වැඩි දුර කතා නොකරමු.


    නව සංශෝධනයට අනුව මෙසේ දැක්වේ.

    ‘‘අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන පරිදි රාජ්‍ය සේවයේ යම් නිලධර ගණවලට අයත් නිලධරයන් පත් කිරීමේ, උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීමේ සහ සේවයෙන් පහ කිරීමේ බලතල කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවේ සාමාජිකයින් නොවන තැනැත්තන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් වෙත කොමිෂන් සභාව විසින් පවරනු ලැබිය හැක්කේය’’


    රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් මුදා ගැනීම සඳහා නීති රීතිවලට පරිබාහිරව වෙනත් ක‍්‍රමයක් ඇත්දැයි කල්පනා කිරීමට කාලය එළඹ ඇත.


    මැතිවරණ කොමිෂන් සභාව

    17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් පස් දෙනකුගෙන් සමන්විත විය. එම සාමාජිකයින් පත් කරනු ලැබුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශවලිනි. මැතිවරණ කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොවීය.


    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත් කරනු ලබන පුද්ගලයින් අපක්ෂපාතීව කටයුතු කරනු ඇතැයි යන්න විශ්වාසය තැබිය හැකි කරුණකි. මන්ද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන ආයතනයකි.


    කෙසේ වෙතත්, නව සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන පහේ සිට තුනක් දක්වා අඩු කරනු ලැබ තිබේ. එම සාමාජිකයින් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.


    මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු අවස්ථාවෝචිත පරිදි අදාළ මැතිවරණය පැවැත්වීම සමග ඍජුව සම්බන්ධ වූ කාරණාවලට පමණක් සීමා විය යුතු යැයි නව සංශෝධනයේ දක්වා තිබේ.


    මැතිවරණයක් පැවැත්වෙන සමයකදී මාධ්‍යවල භාවිතාව සම්බන්ධයෙන් යම් යම් මැදිහත්වීම් සිදු කිරීමේ හැකියාව මැතිවරණ කොමිෂන් සභාව සතුව පැවතිණි.


    ඒ අනුව, මැතිවරණ කොමිසම විසින් ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වෙත නිකුත් කරනු ලබන උපමාන අනුව ක‍්‍රියා කිරීම සහතික කෙරෙන සියලූ පියවර ගැනීම ඒ සභාපතිවරයන්ගේ කාර්යය බව ව්‍යවස්ථාවේ දැක්වේ. එම වගන්තිය කෙළවර වන්නේ ‘‘සභාපතිවරයාගේ කාර්යය විය යුත්තේය’’ යන අවධාරණයෙනි.


    එහෙත් නව සංශෝධනයෙන් එය ඉවත් කර ඇත. ඒ වෙනුවට පහත වගන්තිය ඇතුළත් කර තිබේ.


    ‘‘යම් ගුවන් විදුලි සේවයක් හෝ රූපවාහිනී සේවයක් පවත්වාගෙන යන්නකු හෝ යම් ප‍්‍රවෘත්ති පත‍්‍රයක අයිතිකරුවකු නැතහොත් ප‍්‍රකාශකයකු විසින් (අ) ජේදය යටතේ ඔවුන් වෙත නිකුත් කරනු ලැබූ යම් උපමාන පිළිපැදීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගැනීම අවස්ථාවෝචිත පරිදි එකී ගුවන් විදුලි සේවය හෝ රූපවාහිනී සේවය පවත්වාගෙන යන්නාගේ හෝ ප‍්‍රවෘත්ති පත‍්‍රයේ අයිතිකරුගේ නැතහොත් ප‍්‍රකාශකයාගේ හෝ කාර්යය වන්නේය’’


    මෙම නව වගන්තිය මගින් අපට ගැටලූ දෙකක් පැන නගී. එකක්, සංශෝධනය කිරීමට පෙර එහි වූ ‘‘සභාපතිවරයාගේ කාර්යය විය යුත්තේය’’ යන අවධාරණය වෙනුවට මෙහි දැක්වෙන්නේ ‘‘කාර්යය වන්නේය’’ යන්නයි. මෙය වචන දෙකක් පමණක් වුවත් නීතිය ඉදිරියේ මේ වචන දෙකටම වෙන වෙනම අර්ථ නිරූපණ තිබෙන බව අප අමතක කළ යුතු නැත.


    දෙවැනි සහ වැදගත්ම කරුණ වන්නේ මෙයයි. 17 වැනි සංශෝධනය යටතේ රාජ්‍ය මාධ්‍ය විශේෂයක් කොට දක්වා තිබිණි. ‘‘ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වෙත හෝ ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වෙත නිකුත් කරනු ලැබූ උපමාන අනුව ක‍්‍රියා කිරීම සහතික කෙරෙන සියලූ පියවර ගැනීම ඒ සභාපතිවරයන්ගේ කාර්යය විය යුත්තේය’’ යනුවෙන් ඇත්තේ එම විශේෂ කොට දැක්වීමයි. නව වගන්තිය පෞද්ගලික මාධ්‍යයටද අදාළය.


    මෙම වගන්තිය මගින් අපේක්ෂා කරන ලද්දේ රාජ්‍ය මාධ්‍ය ස්වාධීනව කටයුතු කිරීමයි. නව සංශෝධනයේ එම විශේෂය අත්තේදැයි අපි ප‍්‍රශ්න කරමු. නැත! නව සංශෝධනය මගින් එය ඉවත් කර ඇත. තවදුරටත් රාජ්‍ය මාධ්‍ය මැතිවරණවලදී ස්වාධීනව කටයුතු කරතැයි අපේක්ෂා කළ හැකිද?


    ආණ්ඩුවේ ඇමතිවරුන් නගන ප‍්‍රශ්නයක් මේ මොහොතේ සිහිපත් වේ. පෞද්ගලික මාධ්‍යයට නැති සීමා කිරීම් ආණ්ඩුවේ මාධ්‍යයට තිබිය යුතුද?


    එහෙත් ප‍්‍රායෝගිත්වය කුමක්ද? පසුගිය මැතිවරණවලදී රාජ්‍ය මාධ්‍ය තරම් දුෂිත ලෙස පෞද්ගලික මාධ්‍ය කටයුතු කළේ නැත. ආණ්ඩුවේ බලහත්කාරයට යටත් වීම නිසා, විකාශනබලපත‍්‍රය රැක ගත යුතු නිසා සහ වෙනත් විවිධ හේතු නිසා එම ආයතන හිමිකරුවෝ ආණ්ඩුවේ ප‍්‍රවෘත්තිවලට වැඩි ප‍්‍රමුඛත්වයක් දුන්නද විපක්ෂයට යම් ඉඩක් දුන්හ. නමුත්, රාජ්‍ය මාධ්‍ය එකම තත්පරයක් හෝ විපක්ෂය වෙනුවෙන් වෙන් කළේ නැත. ආණ්ඩුවේ බේගල් රට පුරා වපුරණවා මදිවාට විපක්ෂයට අවලාද නැගීම හා මඩ ගැසීමද සිදු කළේය. ඒ නිසා පාලනයකට යටත් විය යුත්තේ රාජ්‍යය මාධ්‍යයි.


    එපණක් නොවේ. පෞද්ගලික මාධ්‍ය ක‍්‍රියාත්මක වන්නේ කිසියම් පුද්ගලයකුගේ හෝ පුද්ගලයින් පිරිසකගේ පෞද්ගලික ධනයෙන් සිදු කරන ලද ආයෝජන මගිනි. එහෙත් ගුවන් කාලය ජාතිය සතු වන නිසා ඔවුන්ට සිතු සිතූ දේ කිරීමට හැකියාවක් නැත. කෙසේ නමුත් එම මාධ්‍යව ප‍්‍රාග්ධනය පෞද්ගලික ව්‍යවසායකයින් සතුය.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ආණ්ඩුවේ මාධ්‍ය


    එහෙත්, රාජ්‍ය මාධ්‍ය එසේ නොවේ. රාජ්‍ය මාධ්‍ය ක‍්‍රියාත්මක වන්නේ රජය යටතේය. ඒවා රාජ්‍යය ආයතනය. මහජන මුදලින් යැපෙන්නේය. ඒ නිසා මහජනතාවට වගකිව යුත්තේය. ඒ නිසාම ස්වාධීනද විය යුත්තේය. මේ කවර කරුණු අනුව බැලූවද රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ලෙස මැතිවරණයකදී කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.


    මහින්ද රාජපක්ෂ මහතා මේ සංශෝධනය ඉවත් කරන්නේ ඇයි? අප ඇසිය යුතු ඊළඟ ප‍්‍රශ්නය එයයි. පන්සලට ඇතුළුවන ප‍්‍රධාන දොරටුව අසල ‘පා වහන් ගලවා ඇතුළුවන්න’ යනුවෙන් පුවරුවක් එල්ලා ඇත. බුදු ගෙට ඇතුළුවන දොරටුව අසල බොහෝ විට එවැන්නක් එල්ලා නැත. හේතුව, පන්සලට පිවිසෙන ප‍්‍රධාන දොටුව අසලදී සොරකම් කිරීමට ඉඩ ඇති නිසාත් අමතක වීම නිසාත් බොහෝ දෙනකු එතැනදී පා වහන් ගලවන්නේ නැත. නමුත් බුදු ගෙට ඇතුළුවන තැනදී ශ‍්‍රද්ධාව නිසා හෝ පා වහන් ගලවා ඇතුළු වේ. ඒ නිසා ප‍්‍රධාන දොරටුව අසල පුවරුවක් එල්ලීමත් බුදු ගෙට ඇතුළු වන තැන නොඑල්ලීමත් තාර්කිකය. අණ පැනවීම් අවශ්‍ය වන්නේ යමක් ඉටු නොවන්නේ නම්ය.


    ඒ තර්කය අනුව ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ඉතාම ස්වාධීන නම්, රටේ ඕනෑම මතයකට ඉඩ දෙන්නේ නම්, අනේ හරිම අපක්ෂපාතී නම් (ස්වීට් නම්....) අමුතුවෙන් ඒවා ස්වාධීන කිරීමට අනපනත් පැනවිය යුතු නැත. බුදු ගේ ළඟ පා වහන් ගලවා ඇතුළුවන්නැයි බෝඞ් එල්ලන්නේ නැතිවා වගේමය. නමුත් සැබෑ තත්වය එයද? නැත. කිසිසේත්ම නැත. රාජ්‍ය මාධ්‍ය යනු එක මොහොතක ආණ්ඩුවේ ලොන්ඩරියයි. තවත් මොහොතක ආණ්ඩුවේ පච පැට්ටේරියයි. තවත් මොහොතක ආණ්ඩුවේ වැසිකිලියයි. ආණ්ඩුවේ හොරනෑවයි. ඒ හැර අන් කවරක්ද? රාජ්‍ය මාධ්‍ය සීමා කළ යුතුමය.


    සීමා පැනවිය යුතුම රාජ්‍ය මාධ්‍ය මේ ආකාරයට ‘‘නිදහස්’’ කරන්නේ ඇයි? මහින්ද රාජපක්ෂ මහතාට එම නිදහස අවශ්‍ය වී තිබෙන නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. ජනාධිපතිවරයා තුන්වැනි වාරයට ඡන්දය ඉල්ලීමට සැරසෙන මොහොත වන විට ඔහු ජනතාවගෙන් පිරිහුණු පුද්ගලයකු බවට පත්වීම නොවැළැක්විය හැකිය. ඒ පිරිහීම වළක්වා ගැනීම සඳහා තමන්ගේ ගුණ වයන ප‍්‍රශස්ති ගැයුම් නාලිකා බවට ඒවා පත් කර ගැනීම සඳහා නොවේ නම් ජනාධිපතිවරයා මේ සංශෝධනය ගෙන එන්නේ නැත. ඉදිරියේදී ඔක්කාරය ඇති කරවන තරමට රාජ්‍ය මාධ්‍ය මගින් ජනාධිපතිවරයාගේ ගුණ වයනු ඇත. ගමේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයා විසින් පාරට දමන ලද බෝක්කුවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සිදු වූවක් බව කියනු ඇත. විපක්ෂයට විරුද්ධව බොරු අවලාද නගනු ඇත. බේගල් ඇදබානු ඇත. ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, දුෂ්ඨ ගමන සාධාරණීකරණය කිරීමට නොයෙක් නොයෙක් කුණු හරුප ඇද බානු ඇත. එවැනි පිළිකුල් සහගත, නින්දා සහගත, තුච්ඡ වැඩකට අත ගැසීමට නොවේ නම් මෙම සංශෝධනය අන් කවරකටදැයි අපි ප‍්‍රශ්න කරමු. ජනමතය විකෘති කිරීමට නොවේ නම් අන් කවරකටදැයි අපි ප‍්‍රශ්න කරමු.


    17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති පහත ව්‍යවස්ථාවද ඉවත් කර ඇත.
    ‘‘.....කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද යම් උපමාන අවස්ථාවෝචිත පරිදි, ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හෝ රූපවාහිනී සංස්ථාව හෝ විසින් උල්ලංඝනය කරනු ලැබූ අවස්ථාවකදී, නමින් හෝ නිලයෙන් හෝ නිසි බලධාරියකු කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබිය හැක්කේය....’’
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මැතිවරණයට බලපාන්නේ යැයි සැලකිය හැකි ඕනෑම වැඩසටහනක් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමට මැතිවරණය පැවැත්වෙන කාලය තුළදී එම නිසි බලධාරියාට බලය තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී නිසි බලධාරියා කි‍්‍රයාත්මක වූ ආකාරය අපට උදාහරණ සහිතව සිහිපත් කළ හැකිය.


    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික රූපවාහිනිය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නින්දා සහගත ලෙස පෙනී සිටි අයුරු කිසිවකුටත් අමතක නැත. මාධ්‍ය සදාචාරය පමණක් ඒවායේ සේවය කළ මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික සදාචාරය පවා පසෙක තබා සරත් ෆොන්සේකා මහතාට මඩ ගැසුවේය. එලෙස මඩ ගැසීම සඳහා යොදා ගත් වැඩසටහන් පහක් තහනම් කිරීමට නිසි බලධාරියා පියවර ගත් බව එවකට පුවත්පත් හා අනෙකුත් මාධ්‍ය වාර්තා කර තිබිණි. එලෙස තහනම් කරන ලද්දේ ‘ඇදගෙන නෑම’, ‘යක්ෂාවේෂය’, ‘කිඹුල් කඳුළු’, ‘පසුබිම’, ‘විනිවිඳ’ යන වැඩසටහන්ය. සරත් ෆොන්සේකා මහතාට ද්වේෂ සහගත ලෙස මඩ ගැසීම සඳහාම මෙම වැඩසටහන් යොදා ගැනිණි. නිසි බලධාරියකු සිටි බැවින් ඒවා නතර කිරීමට හැකි විය.


    මහින්ද රාජපක්ෂ මහතා නව ව්‍යවස්ථා සංශෝධනය මගින් එම නිසි බලධාරියා පත් කිරීමේ බලය ඉවත් කර ඇත්තේ ඇයි? ‘ඇද ගෙන නෑම’ට නොවේ නම් අන් කවරකටද? ජනතාව වෙනුවෙන් මැතිවරණවලදී ‘කිඹුල් කඳුළු’ හෙළීමට නොවේ නම් අන් කවරකටද? විපක්ෂයේ අපේක්ෂකයින්ට විරුද්ධව ‘යක්ෂාවේෂයෙන්’ ද්වේෂ සහගතබොරු ප‍්‍රචාර ගෙන යාමට නොවේ නම් අන් කුමකටද? ඒ සඳහාම පමණි. එවැනි ගමනකට ඉඩ දෙනවාද නැද්ද යන්න ඔබ තීරණය කළ යුතු නොවේද?


    අධිකරණ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාට තනතුරු පත් කිරීම් ඇතුළු මැදිහත්වීමේ බලය ලබා දී තිබේ.


    මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා කවර චේතනාවකින් කටයුතු කරන්නේදැයි විමසා බැලීම වටී. සාමාන්‍යයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අයත් වූයේ අධිකරණ අමාත්‍යාංශය යටතටයි. එම දෙපාර්තමේන්තුවේ කාර්යයන් බැඳී ඇත්තේ එම අමාත්‍යාංශය සමගයි. නමුත් පසුගිය කැබිනට් සංශෝධනයේදී නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා තමන් භාරයේ තබා ගත්තේය. ඒ කුමක්ද සඳහාද? අධිකරණ ඇමතිවරයා නීතිය රකින්නේ නැති නිසා හොඳින්ම නීතිය ආරක්ෂා කිරීමට නොවන බව නම් පැහැදිලිය. දැන් නව ව්‍යවස්ථා සංශෝධනය අනුව අධිකරණයේ පත් කිරීමේ බලයද ජනාධිපතිවරයා තමන් වෙත පවරා ගෙන තිබේ.


    මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිය කුමක්ද? කෙටියෙන් යළි සඳහන් කරමි. කරුණා නිදහස්ය. කුමාරන් පද්මනාදන් නිදහස්ය. පිල්ලෙයාන් නිදහස්ය. ජෙනරාල් හිරේ ය. මිනී මැරීමේ සිදුවීම්වලට වරදකරුවන් වූවන් නිදහස් කෙරේ. දුෂිතයින්ට නඩු නැත. දඬුවම් නැත. ඉතින් වෙන මොනවාද?


    නව සංශෝධනය මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 155උ වගන්තියේ සිට 155 ඕ වගන්තිය දක්වා ඉවත් කරනු ලැබ තිබේ. එම වගන්තිවලින් දැක්වෙන්නේ පොලිස් නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම, විනය පාලනය පවත්වාගෙන යාම, සේවයෙන් පහ කිරීම ආදිය පොලිස්පතිවරයාගෙන් විමසා පොලිස් කොමිසම විසින් සිදු කිරීම ආදී වූ කරුණුය. ඉහත අවශ්‍යතා ඉටු කිරීම සඳහා රීති, නියෝග සහ කාර්ය පටිපාටි ඉදිරියේදී සාදනු ලබන බව නව ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වේ. ඒවා කවරාකාරවේදැයි දැන ගැනීමට සිදු වන්නේ ඒවා ආණ්ඩුව විසින් සකස් කරනු ලැබීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් මේ සංශෝධනයේ අරමුණ දෙස බැලූ විට ස්වාධීන පොලිසියක් වෙනුවට දේශපාලනීකරණය වූ පොලිසියක් නිර්මාණය වන බව පමණක් මෙහි සඳහන් කළ හැකිය. පොලිස් කොමිෂන් සභාව ඉදිරියේ නොවිසඳී ඇති පත් කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම් ආදිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතට පැවරෙන බවද දක්වා තිබේ.


    මේ කියන්නේ ‘පොලිස් නිලධාරියා’ වෙනුවට ‘රාජ්‍ය සේවකයා’ යන්න ආදේශවීමදැයි පැවසීමට තවමත් කල් වැඩිය. එසේ වන්නේ නම් ඉදිරියේදී පුවත්පත්වල මෙවැනි සිරස්තල දැකිය හැකි වනු ඇත. ‘‘රාජ්‍ය සේවකයින් පිරිසක් විසින් සිදු කරන ලද පහරදීමකදී පුද්ගලයෙක් මියයයි’’, ‘‘බෝම්බ පෙන්වීමට ගිය පාතාල සාමාජිකයා රාජ්‍ය සේවකයකුගේ වෙඩි පහරින් මරුට’’, ‘‘රාජ්‍ය සේවකයින්ට පැමිණිලි කිරීම කලින් පොලීසියට පැමිණිලි කිරීමටත් වඩා අන්ත අමාරු වැඩකි’’, ‘‘රජයේ සේවකයින් දුෂිතය. ආයුධ දරන රජයේ සේවකයින් ඊටත් වඩා අන්තය’’
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ජාත්‍යන්තර අත්දැකීම්

    මහින්ද රාජපක්ෂ මහතා තමන්ට විධායක ජනාධිපති ධුරය දැරීමට හැකි වාර ගණන වැඩි කර ගැනීමට උත්සාහ ගන්නා විට ලෝකයේ සෙසු රටවල් කරන්නේ ඊට සීමා පැනවීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමය. ඒකාධිපති ගමනකට ඇති ඉඩ ඇහිරීමය.


    ඇමරිකාවේ පළමු ජනාධිපති ජෝර්ෂ් වොෂිංටන් මහතා (1789-1797) දෙවරක් ජනාධිපති ධුරය දැරුවේය. ඉන් පසුව එය සම්ප‍්‍රදායක් බවට පත් වූ අතර අනෙකුත් ජනාධිපතිවරුන් දෙවරකට වඩා ඉදිරිපත් වූයේ නැත. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ 32 වැනි ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් වූ ෆ්රැන්ක්ලින් රූස්වෙල්ට් මහතා (1933-1953) පිට පිට වාර හතරක් ජනාධිපති ධුරය දැරුවේය. එය ඇමරිකාවේ දේශපාලන සංවාදයකට මුල පිරූ අතර අවසානයේදී 1951 හඳුන්වා දුන් සංශෝධනයක් මගින් එක් පුද්ගලයකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කළේය.


    ප‍්‍රංශයේද මෙවැනිම සංවාදයක් හේතුවෙන් 2008 ගෙන ආ සංශෝධනයක් මගින් වාර දෙකේ සීමාව ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදී.


    ලෝකයේ අනෙක් රටවල සිදු කර තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි කර තත්වයන් වෙනස් කිරීමයි. සම්ප‍්‍රදායන් ලෙස රැක ගෙන ආ සීමාවන් ව්‍යවස්ථාවට ඇතුළත් කොට නීතිගත කිරීමයි. එහෙත් අපේ රටේ ජනාධිපතිවරයා සිදු කරන්නේ තමන්ට ජීවිතාන්තය දක්වා ඔටුණු පැළඳ සිටිය හැකි පරිදි ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමයි. තමන්ගේ වුවමනාව සඳහාම පමණක් වෙනස් කර ගැනීමයි.


    කෙසේ හෝ අවසාන විග‍්‍රහයේදී විධායක ජනාධිපති ධුරය දැරීමට ඇති වාර ගණන වැඩි කර ගෙන තිබේ. එහි සීමාවක් නැත. එමෙන්ම, ස්වාධීන මැතිවරණ පැවැත්වීමට ඇති ඉඩ අහෝසි කර ඇත. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය අහිමි කර ඇත. අධිකරණ ස්වාධීනත්වය අහෝසි කිරීමට උත්සාහ දරා ඇත. රාජ්‍ය මාධ්‍ය තමන්ට ඕනෑම ආකාරයකට හැසිරවීම සඳහා ඉඩ සලසා ගෙන ඇත.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    එසේ නම්, මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන් පවසන පරිදි තුන්වැනි වාරයේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ බලය ජනතාවට දීමට නොවේ. කෙසේ හෝ ජයග‍්‍රහණය කිරීමටය. එවැනි දුෂිත ජනාධිපතිවරණයක් නිමා වූයේ මීට මාස කිහිපයකට ඉහතදීය. රාජපක්ෂ මහතාගේ තුන් වැනි ජනාධිපතිවරණ සටන ඒ සියල්ලටම වඩා අන්ත දුෂිත එකක් බව අමුතුවෙන් කිව යුතු නැත.


    මේ තරම් දුෂිත, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, නින්දා සහගත සංශෝධනයකට අත ඔසවන්නේ කවුරුන්ද යන්න ජනතාව තීරණය කළ යුතුය. ඊට වඩා වැඩි යමක් වචනවලින් සඳහන් කළ යුතු නැත. මන්ද වචනවලටද සීමාවක් තිබේ. මේ සංශෝධනයෙන් රටට, ජනතාවට සිදුවන බලපෑම වචනවලින් විස්තර කළ හැකි සීමාව ඉක්මවා යන්නක් බව නොරහසකි.


    - මනුසත් -


    Source :-

    http://174.142.141.49/sin/index.php...18----&catid=35:2008-10-13-08-30-14&Itemid=63
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    no comments, just sit back and watch..............

    I'm also just watching what will happen.... that's what everyone are doing ...
    Simply because country doesn't have an alternative than MR as we have a permanent opposition leader... :no:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    I'm also just watching what will happen.... that's what everyone are doing ...
    Simply because country doesn't have an alternative than MR as we have a permanent opposition leader... :no:

    yea, even we feel 2 times enough, current president is 100 times better for 3rd time than Ranil..
     
    Last edited: