කෙල්ලන් සුන්නත් කරනු ලැබේ
අඹු නෂාබා ගම්මානයේ දුහුවිල්ල පිරී ගිය වීදියකි. එහෙත් ඒ වීදියෙන් ඇසෙමින් තිබුණේ කෙළි සෙල්ලම් කරන කුඩා දරුවන්ගේ සිනහවත් ඔවුනගේ කෑ කෝ ගැසීමත්ය. ඒ ඝෝෂාකාරී හඬ යටින් තවත් හඬක් ඇසෙමින් තිබිණි. ඒ මවකගේ ඉකි බිඳුමකි. ඈ කළු ඇඳුමින් සැරසී සිටියාය. දහතුන් හැවිරිදි ඇගේ දියණිය මෙලොව හැර ගොස් තවමත් මාසයක කාලයක්වත් ගෙවී ගොස් නැත.
නෙර්මීන්, කුඩා දැරිය මිය ගොස් තිබුණේ ඔවුන්ගේ නිවෙස ආසන්නයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකදීය. ඈ වළ දමා තිබුණේ ද ප්‍රාදේශීය බලධාරීන්ගේ අවසරයකින් තොරවයි. ආණ්ඩුවේ හදිසි ඇමතුම් දුරකථනයට ලැබුණු නිර්නාමික ඇමතුමක් මත මේ දැරියගේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනිණි.
ඒ මේ දැරිය සුන්නත් කිරීම සඳහා නිත්‍යානුකූල නොවූ ශල්‍යකර්මයක් කිරීමේ චෝදනාවට සැකකරු ලෙසයි. මේ ඊජිප්තුවේ ග්‍රාමීය ප්‍රදේශයකින් අසන්නට ලැබුණු සිද්ධියකි. ඊජිත්තුව කාන්තාවන්ගේ ප්‍රජනන අංගඡේදනය කිරීම මීට වසර දෙකකට පෙර තහනම් කර තිබුණත් තවමත් එය සිදුවන බවට මෙය එක් උදාහරණයක් පමණි.
“එයා හරිම හොඳ කෙල්ලෙක්. කවදාවත් බොරු කියන්නේ නෑ. ඕපාදූප කියන්නෙත් නෑ. ඉගෙන ගන්න හරි දක්ෂ ළමයෙක්.”
නෙර්මීන්ගේ ආච්චි අම්මා පවසන්නීය. නෙර්මීන්, ප්‍රජනන අංග ඡේදන ශල්‍යකර්මයක් සඳහා රැගෙන ගිය බව ඇගේ ආච්චි අම්මා ප්‍රතික්ෂේප කරන්නීය.
“ඇය ලෙඩ වුණා. ඉතින් අපි ඇයව වෛද්‍ය මධ්‍යස්ථානෙට අරගෙන ගිය දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. කවුරුත් එයාට කරදරයක් කළේ නෑ. දෙවියන්ගේ කැමැත්තට ඇයව අරගෙන ගියා”.
ඒ නෙර්මීන්ගේ ආච්චි අම්මාගේ හඬයි.
මේ ගම්මානයේ කාන්තාවන් තවමත් පවසන්නා වූ කතාවක් තිබේ. එනම් ඔවුන් ප්‍රජනන අංග ඡේදනයට ලක්වී ඇති බවත් තම දියණියන් වැඩෙද්දි ස්වාමිපුරුෂයන් සොයා ගැනීම තහවුරු කර ගැනීමට ඔවුන් ද අංග ඡේදනයට ලක්විය යුතු බවත් ය.
“අපේ රට අරාබි රටක්. ඉතින් අපි මේ ශල්‍යකර්මය කර ගන්න ඕන. ඒක කළ යුත්තේ විවාහය සඳහායි.
ඒ භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳපොළට පැමිණ සිටි අයෙකුගේ අදහසකි. වෙලෙඳ කුටියක් පවත්වාගෙන ගිය තවත් කාන්තාවක් මේ පිළිබඳ පවසා තිබුණේ මෙවැන්නකි.
“ඒක අපේ ආදි මුතුන් මිත්තන්ගේ කාලෙ ඉඳලම කරනවා. එහෙම කරන්නේ ලිංගික පෙළඹවීමෙන් වලක්වා ගන්නයි.
ඈ ලජ්ජාශීලී තරුණ මවකි. කාන්තාවන්ගේ ප්‍රජනන අංග ඡේදනය ගැන ඇය දරන්නේ අද්භූත විශ්වාසයකි.
“ඒක කළේ නැත්නම් ගැහැනු ළමයෙක් පිරිමියෙක් විදිහට වර්ධනය වේවි”
ඒ ඇයගේ අද්භූත විශ්වාසයයි