කෙල්ලන් සුන්නත් කරනු ලැබේ

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කෙල්ලන් සුන්නත් කරනු ලැබේ

අඹු නෂාබා ගම්මානයේ දුහුවිල්ල පිරී ගිය වීදියකි. එහෙත් ඒ වීදියෙන් ඇසෙමින් තිබුණේ කෙළි සෙල්ලම් කරන කුඩා දරුවන්ගේ සිනහවත් ඔවුනගේ කෑ කෝ ගැසීමත්ය. ඒ ඝෝෂාකාරී හඬ යටින් තවත් හඬක් ඇසෙමින් තිබිණි. ඒ මවකගේ ඉකි බිඳුමකි. ඈ කළු ඇඳුමින් සැරසී සිටියාය. දහතුන් හැවිරිදි ඇගේ දියණිය මෙලොව හැර ගොස් තවමත් මාසයක කාලයක්වත් ගෙවී ගොස් නැත.

නෙර්මීන්, කුඩා දැරිය මිය ගොස් තිබුණේ ඔවුන්ගේ නිවෙස ආසන්නයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකදීය. ඈ වළ දමා තිබුණේ ද ප්‍රාදේශීය බලධාරීන්ගේ අවසරයකින් තොරවයි. ආණ්ඩුවේ හදිසි ඇමතුම් දුරකථනයට ලැබුණු නිර්නාමික ඇමතුමක් මත මේ දැරියගේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනිණි.

ඒ මේ දැරිය සුන්නත් කිරීම සඳහා නිත්‍යානුකූල නොවූ ශල්‍යකර්මයක් කිරීමේ චෝදනාවට සැකකරු ලෙසයි. මේ ඊජිප්තුවේ ග්‍රාමීය ප්‍රදේශයකින් අසන්නට ලැබුණු සිද්ධියකි. ඊජිත්තුව කාන්තාවන්ගේ ප්‍රජනන අංගඡේදනය කිරීම මීට වසර දෙකකට පෙර තහනම් කර තිබුණත් තවමත් එය සිදුවන බවට මෙය එක් උදාහරණයක් පමණි.

“එයා හරිම හොඳ කෙල්ලෙක්. කවදාවත් බොරු කියන්නේ නෑ. ඕපාදූප කියන්නෙත් නෑ. ඉගෙන ගන්න හරි දක්ෂ ළමයෙක්.”

නෙර්මීන්ගේ ආච්චි අම්මා පවසන්නීය. නෙර්මීන්, ප්‍රජනන අංග ඡේදන ශල්‍යකර්මයක් සඳහා රැගෙන ගිය බව ඇගේ ආච්චි අම්මා ප්‍රතික්ෂේප කරන්නීය.

“ඇය ලෙඩ වුණා. ඉතින් අපි ඇයව වෛද්‍ය මධ්‍යස්ථානෙට අරගෙන ගිය දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. කවුරුත් එයාට කරදරයක් කළේ නෑ. දෙවියන්ගේ කැමැත්තට ඇයව අරගෙන ගියා”.

ඒ නෙර්මීන්ගේ ආච්චි අම්මාගේ හඬයි.

මේ ගම්මානයේ කාන්තාවන් තවමත් පවසන්නා වූ කතාවක් තිබේ. එනම් ඔවුන් ප්‍රජනන අංග ඡේදනයට ලක්වී ඇති බවත් තම දියණියන් වැඩෙද්දි ස්වාමිපුරුෂයන් සොයා ගැනීම තහවුරු කර ගැනීමට ඔවුන් ද අංග ඡේදනයට ලක්විය යුතු බවත් ය.

“අපේ රට අරාබි රටක්. ඉතින් අපි මේ ශල්‍යකර්මය කර ගන්න ඕන. ඒක කළ යුත්තේ විවාහය සඳහායි.

ඒ භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳපොළට පැමිණ සිටි අයෙකුගේ අදහසකි. වෙලෙඳ කුටියක් පවත්වාගෙන ගිය තවත් කාන්තාවක් මේ පිළිබඳ පවසා තිබුණේ මෙවැන්නකි.

“ඒක අපේ ආදි මුතුන් මිත්තන්ගේ කාලෙ ඉඳලම කරනවා. එහෙම කරන්නේ ලිංගික පෙළඹවීමෙන් වලක්වා ගන්නයි.

ඈ ලජ්ජාශීලී තරුණ මවකි. කාන්තාවන්ගේ ප්‍රජනන අංග ඡේදනය ගැන ඇය දරන්නේ අද්භූත විශ්වාසයකි.

“ඒක කළේ නැත්නම් ගැහැනු ළමයෙක් පිරිමියෙක් විදිහට වර්ධනය වේවි”

ඒ ඇයගේ අද්භූත විශ්වාසයයි
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මෙසේ නෙර්මීන් ජීවත් වූ ගම්මානය කාන්තා ප්‍රජනන අංග ඡේදනය බහුලව සිදුවන්නා වූ ප්‍රදේශයකි. නිල සංඛ්‍යාලේඛන අනුව සෑම ඊජිප්තු කාන්තාවන් දහ දෙනෙකුගෙන් නව දෙනෙකුම ප්‍රජනන අංග ඡේදනයට ලක් වී තිබේ. මෙසේ ප්‍රජනන අංග ඡේදනය කිරීම පාරාවෝ යුගය තරම් අතීතයට දිව යන්නක් බව පැවසේ. දුප්පත් ග්‍රාමීය ප්‍රජාව අතර මෙය බහුලව සිදු වන බවද අනාවරණය වී තිබේ.

සාමාන්‍යයෙන් වසය අවුරුදු පහක් තරම් වූ ලාබාල ගැහැනු දරුවන් වෛද්‍ය මධ්‍යස්ථානවලට රැගෙන ගොස් ප්‍රජනන අංග ඡේදනයට ලක් කරයි. එය ඉතා වේදනාකාරී දරුණු සෞඛ්‍ය අවදානම් සහිත වූවකි. එය සමහරුකුගේ ජීවිත කාලය පුරාම වූ චිත්ත කම්පනයකට හේතු වී ඇත.

නව යොවුන් වියේ පසුවන්නියක වන වෆා පැවසුවේ ඔවුනට විදින්නට සිදුවන මේ වේදනාව ගැනයි.

“මාව ඔපරේෂන් කරන්න ඕන කියලා අම්මා කියන කොට මම ලොකු දුෂ්කර තත්ත්වයකට මුහුණ දුන්නා. මට වහලෙන් බිමට පනින්න හිතුණා.”ඇය පවසන්නීය

ඊජිප්තුවේ කාන්තාවන් සුන්නත් කිරීම

නිල වශයෙන් 2008 දී තහනම් කරනු ලැබීය.අවුරුදු 15ත් 17ත් අතර ගැහැනු ළමයින් සුන්නත් කිරීම 2005 දී 77%ක් වූ අතර වසර තුනකට පසු 74%දක්වා අඩු වී ඇත.සෑම ඊජිප්තු කාන්තාවන් දහ දෙනෙකුගෙන් නව දෙනෙකුම සුන්නත් කරනු ලැබ ඇත


female-genital-mutilation-mali-photo-robert-skinner.jpg

 
Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
female-circumcision2.jpg


ඒත් අවාසනා ව මාව සුන්නත් කළා. මගේ නම් බලාපොරොත්තුව කිසිම ගැහැනු ළමයෙකුට මේ දේ සිදු නොවේවා කියන එකයි”

කාන්තා ප්‍රජනන අංගඡේදනය නැතහොත් කාන්තාවන් සුන්නත් කිරීම 2008 දී ඊජිප්තුව තහනම් කරනු ලැබීය. සමහර වෛද්‍ය වෘත්තිකයන්ට නඩු පවරනු ලැබීය. එසේම ප්‍රජනන අංග ඡේදනය සිදු කරගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානය වසා දමනු ලැබීය. වයස අවුරුදු 15ත් 17 ත් අතර ගැහැනු ළමයින් සුන්නත් කිරීම 2005 වසරේදී සියයට 77 ක් වූ අතර වසර තුනකට පසුව එය සියයට 74 දක්වා පහළ බැස ඇති බව ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අනුව පෙන්වා දෙයි.

“නියත වශයෙන් ම එහි අඩු වීමක් තියෙනවා. ඒත් හොර රහසේ මෙවැනි සිදු වීම් වෙනවා. කියලා මට විශ්වාසයි.” යනුවෙන් පවුල් ඇමැති මුෂිරා කතාබ් පවසන්නීය.

68707d1247285847-female-circumcision-2297379781_fe52782b9a_o.jpg


“මවුපියන් හා මේ වරදවල් කරන්නවුන් අතර කුමන්ත්‍රණයක් තියනවා. මේ වරද කරන කෙනා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෙදියක් හෝ වෙනයම් කෙනෙක් වෙන්න පුළුවන්.” පවුල් ඇමැතිනිය පවසන්නීය.

එසේම කාන්තා ප්‍රජනන අංග ඡේදනයේ භයානකකම ගැන ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීමට බොහෝ දේ කළ යුතු බව ඈ පිළිගන්නීය.

“මෙහි ආගමික බැඳීමක් නෑ කියලා පෙන්වන්නත් සෞඛ්‍යමය වාසියක් නෑ කියලා පෙන්වන්නත් අපි කටයුතු ආරම්භ කරලා තියනවා. මේ සඳහා අපි ගම් මට්ටමින් වැඩ කරන අතරතුරේදී ජාතික වශයෙන්ද ක්‍රමෝපායක් හදලා කියන්නේ.”

එක් දිනක් අල් - හවත්කා ප්‍රදේශයේ අසාමාන්‍ය දෙයක් සිදු විය. එය සැරසිලිවලින් අලංකාර කර තිබුණු උත්සවයකි. මේ සඳහා 500ක් පමණ දෙනා රැස්ව සිටියහ. ළමයින් ගීත ගායනා කළහ. කාන්තාවෝ වේදිකාවට නැඟ සිටියහ. කාන්තාවන් සුන්නත් කිරීමේ ගැටලුව ගැන ඔවුහු තම ස්වාමි පුරුෂයන් ඉදිරියේ විවෘත සාකච්ඡා කළහ. ඉන්පසුව ඔවුන් තම දියණියන් සුන්නත් කිරීමට ලක් නොකරන බවට වූ පොරොන්දුවකට අස්සන් තැබූහ.

මෙය රැස්වීම් මාලාවක එක් රැස්වීමකි. “ප්‍රජනන අංග ඡේදනයෙන් තමන්ගේ දියණියන් දුක් විදින බව ඔවුන් අවබෝධ කර ගන්න ඕන. යුනිසෙෆ් සංවිධානයේ ළමා ආරක්ෂාව පිළිබඳ විශේෂඥවරියක් වන නාඩ්‍රා සාකි පවසන්නීය. තවදුරටත් ඇය පවසන්නේ මෙවැනි කතාවකි.

“අපි හැම තිස්සේ ම ඔවුන්ට කියන්නේ, ඔබ ඔබේ දියණියගේ සිරුරෙන් ඉවත් කරන්නේ පරිපූර්ණ ජීවිතයක් සඳහා ඇයට සතුට ගෙන දෙන වැදගත් ශරීරාංගයක් කියලා.ඒ වගේ ම අපි ඔවුන්ට කියලා දෙනවා තමන්ගේ ශරීරයට මොකක්ද කරන්නේ කියලා තීරණය කිරීම ගැහැනියකගේ අයිතියක් කියලා.


http://www.dinamina.lk/sithijaya/?id=11&tday=2010/09/09
 
Last edited: