රමලානයේ සැබෑ අරුත-Why Ramadan brings us together
රමලාන් පිළිබඳව විවිධ මතිමතාන්තර මුස්ලිම් නොවන ජන සමාජයේ පැතිර ඇති බැව් නොරහසකි. ඒවායින් බොහෝ කරුණු රමලානය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය නොකළ මුස්ලිම් වුවද ඉස්ලාමය පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරන්නෝ විසින් පවසනු ලැබූ ඒවාය. ඉතිරිය එවැනි මුස්ලිම්වරුන්ගෙන් අසා දැනගත් කරුණු අනුව ස්වකීය නිගමනයකට එළැඹීමෙන් සෙසු ජනයා විසින්ම ගොඩනගා ගන්නා ලද ඒවාය.
සෙසු ජාතිකයන් මුස්ලිම් ජාතිකයෙකුගෙන් ඉස්ලාමය පිළිබඳ කරුණු විමසන්නේ ඔහුට ඒ ගැන අවබෝධයක් ඇතැයි පූර්ව නිගමනයකට එළැඹීමෙන් එවැනි මුස්ලිම් ජාතිකයන් ද ඉස්ලාමය පිළිබඳව හෝ එහි ඇතැම් කරුණු පිළිබඳව හෝ පූර්ණ අවබෝධයක්, දැනුමක් නොමැතිවුවත් එය සඟවාගනිමින් ස්වකීය පාණ්ඩිත්වය ප්‍රදර්ශනය කරමින් නිවැරදි මෙන්ම වැරදි කරුණු ද එසේ විමසන්නා ඉදිරියේ ගෙනහැර දක්වයි.
රමලානය පිළිබඳව පමණක් නොව ඉස්ලාමයේ බොහෝ කරුණු පිළිබඳවත් සෙසු ජාතීන් තුළ ගොඩනැගී ඇති බොහෝ මතිමතාන්තර නිවැරදි ඒවා නොවේ. ඉස්ලාම් වූ පමණින් සෑම මුස්ලිම් ජාතිකයෙකුටම ඉස්ලාමයේ කරුණු කාරණා පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැත. පූර්ණ අවබෝධයක් ඇත්තන්ට ඒ පිළිබඳව සෙසු ජාතිකයන්ට පහදාදීමට තරම් හැකියාවක් නොමැත.
රමලාන් සමය උපවාස කාලයක් ලෙස ප්‍රධාන වශයෙන් හඳුන්වනු ලැබූවත් ඇත්තවශයෙන්ම එය උපවාසයකට වඩා රමලාන් ශීලය රැක්මක් ලෙස හැඳින්වීම වඩා නිවැරදිය.එම මාසයේ සෑම දිනෙකම පෙරදිග අහසේ සුද පෙනෙන්නට පෙර ආහාරපාන ගෙන සවස හිරු බැස යන තෙක් ආහාරපාන නොගත යුතුය. ඇසට පෙනෙන කිසිම දෙයක් සිරුරේ කිසිම තැනකින් සිරුර තුළට ඇතුල්වීම එම උපවාස ශීලය බිඳීමක් ලෙස සැළකේ. ඒ අනුව ලිංගික එක්වීමද දුම් බීම ද නොකළ යුතුවේ.
එම කාල සීමාව තුළ ඇසගැටෙන ලෞකික ආශාවන් උපදවන දසුන් තුළින් ආගමික නොවන සිතුවිලි සිතෙහි ඇතිවීමෙන් උපවාස ශීලය බිඳෙයි.රමලාන් උපවාසය යනු ඇත්තවශයෙන්ම ආහාර වර්ජනයක්ම නොවේ. මෙහි සැබෑ අරමුණ ආධ්‍යාත්මික පුහුණුවයි. රමලාන් මාසයේ දහවල් කාලයේ ආශාවන්, හැඟීම්, මර්දනයට බලකිරීම ඉතිරි මාස 11 තුළ ආධ්‍යාත්මිකව පිරිසුදු වීමට පුහුණුවක් වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
ආහාරපාන නොගෙන පමණක් උපවාසය රැකීමත් අල්ලාහ්ගේ කරුණාව හෝ ප්‍රතිලාභ බලාපොරොත්තු විය නොහැකිය. ‘බොරු කීමත්, එසේ හැසිරීමත් අත්හැරියේ නැද්ද ඔහු නිරාහාරව සිටීම අල්ලාහ් බාර නොගනියි. මෙවැනි උපවාසයෙන් අල්ලාහ් ඈත් වන්නේය”යැයි මුහම්මද් නබිතුමාණන් පැවසූ බැව් අබු හුෙරෙරා (රලි) දන්වා ඇත. (සහීහුල් බුහාරි)
උපවාසයේ යෙදෙන පුද්ගලයා සෑමවිටකම කළයුත්තේ උතුම් කාර්යයන් පමණි. නිරතුරුවම ඔහු හෝ ඇය අල්ලාහ් කෙරෙහි භක්තියෙන් ද සෙසු පුද්ගලයන් කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන් ද පසුවිය යුතුය.
ලෞකික ආශාවන්වලින් ඈත්විය යුතුය.
විනයගරුකව ශීලාචාරව හැසිරිය යුතුය.
අනුන්ගේ සිත් නොරිදෙන ලෙස කතාබහ කළ යුතුය.
රමලාන් ශීලය රැකීමෙන් මිනිසා කුසගින්න ඉවසා ගනියි. පිපාසය ඉවසා ගනියි. ආශාවන් හා හැගීම් ඉවසා ගනියි. සත්‍යයම කතා කිරීමටත්, නිසි මගෙහි ගමන් කිරීමටත් පුහුණුවෙයි.
එමෙන්ම මේ ශීලය රැකීමෙන් ආහාර වර්ජනය වන නිසා වසරක මාස 11ක් එක දිගටම අවිවේකී වූ මිනිස් සිරුරේ ආහාර ජීර්ණ පද්ධතියට විවේකයක් ලැබේ.
ලෙඩදුක් අඩුකර වැඩි කාලයක් ජීවත්වීමට මඟපෑදේ.
තම ශරීරය මනසින් පාලනය කර ගැනීමට නියම පුහුණුවක් ලැබේ.
එමෙන්ම දුගියාගේ කුසගින්නේ උග්‍රතාව අත්දැකීමෙන් අවබෝධ කර ගැනීමට පොහොසතාට නිසි අවස්ථාවක් රමලාන් උපවාස ශීලයෙන් ලැබේ.
දුගී දුප්පත් ජනතාවට හැකි පමණින් උදව් කිරීමට තරම් පරිත්‍යාගශීලී බවක් සිතට ඇතුලු වෙයි.
රමලාන් උපවාස ශීලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසාගේ ජීවන රිද්මයට ආලෝකයකි. ජීවිතයේ නිසි මග පෙන්වන්නකි.
ෆවුස් මොහොමඩ්.
” O ye who believe! Fasting is prescribed to you as it was prescribed to those before you, that ye may (learn) self-restraint “ Qur’an 2:183
Islamic Relief uses, and has always used zakat to help some of the poorest, most needy, and the most destitute people on the planet. Your zakat donations bring joy to these people, who know that their brothers and sisters all over the world haven’t forgotten them.