මඟමරුවාගේ ලව් ස්ටෝරිය..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මඟමරුවාගේ ලව් ස්ටෝරිය..

    ලංකාව පුරා පැතිරිල තියෙන විවිධ ප්‍රදේශ විවිධ දේවලට ප්‍රසිද්ධයි නෙ. හරියට මල්වානෙ රඹුටන් ව‍ගේ. නමින් චාටර්ප්ලේස් නොහොත් හඩ්ඩන්ගෙ තිප්පොල ලෙස ප්‍රසිද්ධ හද්ද පිටිසර පොඩි චූටි ගමක් තියෙනව, උඹල කවුරුත් අහල නැතුව ඇති. ඉතිං මේ පලාතත් හෙණම හෙණ ප්‍රසිද්ධයි ඊනියා චණ්ඩින්ට. ඊනියා චණ්ඩි විදයට උන්ව හදුන්වන්නෙ මොකද කියනව නම් උන්ම තමයි කියන්නෙ උන් චණ්ඩි කියල. ඒ ප්‍රදේශෙ සමහරු ටැටූ ගහන් ඉන්නවලු මම චණ්ඩි කියල. සමහරු පිටේ ‍බෝඩ් එල්ලන් ඉන්නවලු මම චණ්ඩි කියල. සමහරු ටීෂර්ට් එකේ ලියල තියෙනවලු මම චණ්ඩි කියල. උන්ගෙ චණ්ඩි බෝඩ් නම් මෙතැනට අදාලත් නෑ. මම මේ කියන්න යන චණ්ඩියත් මේ ප්‍රදේශෙම තමයි ඉන්නෙ. ඌ නම් මම චණ්ඩි ටැටූ එක කොටපු එකෙක්. ඒ වගේම තමයි ඌ ඒ පළාතේ කැපිටල් චණ්ඩියා.., ඒ කිව්වට උට වඩා චණ්ඩි ඒ පැත්තෙ ඉන්නවලු. මුගෙ ටැටූ එක කොටල තියෙන්නෙ ඉංගිරිසි කැපිටල් ලෙටර්ස් වලින් MAMA CHANDI කියල. ඒක තමයි මූ කැපිටල් චණ්ඩියා උනෙ. මේ යකාගෙ මාර ස්ටයිල්ලු තියෙන්නෙ. චණ්ඩි කම් වලින් කෙසේ වෙතත් මේකගෙ ෆැෂන් වලින් පලාතම හොල්ලන්ලු ඉන්නෙ. ගමේ හැම එකාම ෆැෂන් කොරන්නෙ මුගෙන් කොපි කරලලු. මූ ඉතිං නෝන්ඩි නැතුව ලාවට චණ්ඩි ගතියක් ගෑවිච්ච 'මඟමරුවා' කියන නමලු භාවිතා කළේ. ඉතිං මේකයි සිද්දිය.. ‍මඟමරුවා ළගදි මැරි කලාලු. ඌ නම් කියන විදියට ඒක ලව් මැරේජ් එකක්ලු. ඒ උනාට ගමේ උන් කියන්නෙ නම්, මේකා කෙල්ලව බලාත්කාරෙන්ම ඉස්සුව කියලලු. මූ ඒ කියන්නෙ මඟමරුව ‍ඒ කෙල්ලව උස්සනව කියල ප්‍රේමාන්විතව තර්ජනා කරපු එක අහන් හිටපු මරුසිරාගෙ අයි විට්නස් එකේ සදහන් වෙන්නෙ මෙහෙමලු. ඒ කියන්නෙ මඟමරුව කෙල්ලට ප්‍රේම තර්ජනා කළේ මේ විදියටලු..

    හාල් පොත වගෙ තිබ්බ
    ඩෙනිම මං ඉරුවා
    හිසකෙස් ද වවා මං
    ස්ටයිල් කෙරුවා
    පාඩුවේ උන්නු මගෙ
    හිතේ සැරිසැරුවා
    සුබෝධා නංගි මට
    ඩිස්ටර්බ් කෙරුවා
    දැක්ක දා පටං
    මම ඔහේ නිදිමැරුවා
    ඇහැක් උස්සල මේකි
    බැලුවේම නැතුවා
    නංගි මට තවත් නම්
    ඉවසන්න බැරුවා
    උඹව හෙට උස්සනව
    මමයි මඟමරුවා

    :love::love::oo::love::love:

    ඒ වගේම පහුවෙනිදා බැලින්නං සුබෝධා නංගී (ගමටම හිටි සුදුම කෙල්ල) මඟමරුවගෙ ගෙදරලු. දෙන්න කොරහයි නෑඹිලියයි වගේ පෙමින් වෙලිල ලව් කරනවලු. පව්ව්..

    දැනට නිමි.
    :no:



    *සු‍බෝධා මනක්කල්පිත නාමයකි.




    කතාව, තිර රචනය, තිර පිටපත ඊටීසී..

    ~#ඨාකුර්Z#~ විසිනි.





    සියලුම හිමිකම් ඇවිරිණි. ;)