මං_එල්ලෙනවා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං එල්ලෙනවා


    ‘ඉන්දියාවේ ඉස්සර හිටිය ගෑනු තමන්ගෙ ස්වාමිපුරුෂයා මැරුණම, ඒ සොහොනටම පැනලා මැරෙනවලු නෙ. ඉතින් හදිස්සියෙ මං මළොත් එහෙම ඔයා මොනවද කරන්නෙ?’ පේ‍්‍රමපාල සුමාලිගෙන් ඇසුවේ තම විවාහයේ පළමු සංවත්සරය සමරා චිත්‍රපටයක් බලා ආපසු එමින් සිටියදීය.
    ‘මං එල්ලෙනවා.’ සුමාලි වහාම එසේ පවසද්දී ඉන් තිගැස්සුණු පේ‍්‍රමපාල මෙසේ ඇසීය.
    ‘මොනවා! කොහෙද ඔයා එල්ලෙන්නෙ?’
    ‘වෙන කොහෙද පේ‍්‍රම්. අල්ලපු ගෙදර ඉන්න අර තරුණ හාදයගෙ බෙල්ලෙ මිසක්.’ සුමාලී කීවේ ලැජ්ජාවෙන් මෙනි.

     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    3.gif
    Ela
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇඬුනෙ දුකට

    ඇඬුනෙ දුකට


    ‘උඹෙ අලුත් නවකතාව කියවල මට ඇඩුණා?’ ජයකොඩි, මල්ලවාරච්චි සමඟ කීවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පොත් ප්‍රදර්ශනයේදීය.
    ‘ඇයි, ඒකෙ කතාවට උඹට දුක හිතුණ ද?’ මල්ලවාරච්චි ඇසුවේ හිතේ උපන් ආඩම්බරය සඟවා ගනිමිනි.
    ‘දුක හිතුණා තමයි. ඒත් ඒ, ඒකෙ කතාවට නං නෙමෙයි. ඒ පොතට දුන්නු සල්ලිවලට.’ ජයකොඩි කීය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තනියම පුළුවන් ද?

    තනියම පුළුවන් ද?


    ‘ඇත්ත කියාපන් ඉන්ද්‍රානි, මොකටද අද දවල් තකහනියක් ටවුමට ගියේ?’ සවස ගෙදර පැමිණි පිත්තු තම බිරිඳට තර්ජනය කරමින් ඇසීය.
    ‘ඔහේ එහේදිත් ගෙදරදි වගේ් ම බීගෙන නටනවද බලන්ඩ මිසක් වෙන අහවල් දේකටද?’ ඉන්ද්‍රානි කිසිදු වෙනසක් නොපෙන්වා වහා පිළිතුරු දුන්නා ය.
    ‘හොඳයි මොනවටද එහෙනං අල්ලපු ගෙදර වීරක්කොඩියත් එක්ක ගියෙ.’ පිත්තු ඊළඟ ප්‍රශ්නය ඇසුවේ තම බිරිඳ කොටුකර ගන්නා අදහසිනි.
    ‘ඇයි වදේ, ඔහේ බීලා කොහේ හරි කාණුවක වැටිලා හිටියොත් මට පුළුවන්ද තනියෙන් උස්සන්ඩ පෙරළන්ඩ?’ ඉන්ද්‍රානි දෑස් නටවමින් ඇසුවාය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තමා කීම

    තමා කීම


    ‘තමා මට තමා කිව්වට වැරදිකරු ද නිවැරදිකරු ද?’
    විනිශ්චයකාරවරයා කූඩුවේ සිටි විත්තිකරු දෙස දැඩි බැල්මක් හෙළා විමසුවේ, හේ විනිසුරුවරයා ‘තමා’ යනුවෙන් ඇමතීමෙන් හටගත් කෝපයෙනි.
    ‘තමා මට තමා කිව්ව හින්දා තමා, මම තමාට තමා කිව්වේ?’ විත්තිකරු සැනෙකින් පිළිතුරු දුන්නේය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පහළින් ඉහළටම

    පහළින් ඉහළටම


    ‘චතුරංග, උඹ දැන ගනින්. මම මේක කියන්නෙ බොහොම ආඩම්බරයෙන්. මම බොහොම පහළින් රස්සාව පටන් අරන් ඉහළටම ආපු මිනිහෙක්, හරි ද?’ අජිත් තම මිතුරු චතුරංගට කීවේ බාර් එකේ අඩියක් ගසමින් සිටියදීය.
    ‘ඒ කියන්නෙ?’ චතුරංග විමසුවේ, අජිත් කී දෑ හරිහැටි නොතේරුණු බැවිනි.
    ‘ඒ කියන්නෙ මුලින්ම මම සපත්තු පොලිෂ් කළා. දැන් කොණ්ඩේ කපනවා.’ අජිත් ආඩම්බරයෙන් කීය.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එතකොට කාර් එක?

    එතකොට කාර් එක?


    සංජීව එක් අතකින් තරුණියක් වැළඳ ගෙන අනෙක් අතින් රිය පදවනවා දුටු මහ පාරේ රථවාහන හැසිරවීමේ නිරත වී සිටි පොලිස් භටයා නළාව පිඹ වහා රථය නතර කිරීමට සංඥා කළේය. සංජීව වාහනය නතර කළේ ද තරුණිය වැළද සිටි අත එලෙසම තබා ගෙනය.
    රථය වෙත ළංවූ පොලිස් භටයා රථය තුළට නැමී සාවඥ ස්වරයෙන් මෙසේ ඇසීය.
    ‘තමුසෙට ඔය වැඩේට අත් දෙකම යොදවන්ඩ බැරිද?’
    පුළුවන්. ඒත් එතකොට කාර් එක එලවන්නෙ තමුසෙද?’ සංජීව පෙරළා ඇසීය.





    මේ සේරම උපුටා ගත්තේ
    සිළුමිණ පුවත්පතින්

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    miniha marunath nathath wena eunge kare ellena ganu thama lankawe wadiyenma inne..:lol::lol:

    ඔව්, ඉතින් ඒ වගේ අය නම් හුගක් ඉන්නවා..
    ඒත් අපිට ඒ වගේ කිහිප දෙනෙක් හින්දා...
    හැම තරුණියක් ගැනම ඒ විදියට හිතන්න බෑ..