මුදල් ගැන තතු
ඕන්න යාළුවනේ මං අද කියලා දෙන්න යන්නේ මුදල් ගැන ඔයාලා දන්නවත් ඇති දන්නේ නැතුවත් ඇති
හැමෝටම ප්‍රයෝඡනවත් වෙයි කියලා හිතනවා මෙම ලිපිය
මෙන්න මේ පහල තියන කොටස් යටතේ වැඩේ පටන් ගන්නම්කෝ
1. පුරාණ අවධිය
2. මධ්‍යකාලීන අවධි
3. යටත් විජිත අවධිය
4. පශ්චාත් නිදහස් අවධිය හා ශ්‍රී ලංකා මහ බැංකුවට පිහිටුවු දා සිට
පුරාණ අවධිය
අනුරාධපුර රාජධානිය (ක්‍රි.පු. 3 සිට ක්‍රි.ව. 107)
- කහපණ
- ලක්ෂ්මි ඵලක
- කේශර නොමැති සිංහ කාසි
- කහවනු හෝ ලංකේෂ්වර කාසි
- ස්වස්තික කාසි
- විදේශ කාසි
කහපණ
මෙම දිවයිනේ පැරණිම මුදල් ඒකකය ලෙස හඳුනා ගනුයේ කහපණය. ඒවාට සංස්කෘත භාෂාවෙන් පුරාණ සහ ඉංග්‍රීසියෙන් එල්ඩින්ස් යනුවෙන් ද කියනු ලැබේ. ඒවා පොදුවේ හඳුන්වන්නේ සිදුරු සහිත කාසි ලෙසය. එසේ හැඳින්වුයේ කාසියේ එක් පසෙක හෝ දෙපසම හෝ සිදුරු සහිත වු සංකේත හා සටහන් තිබු බැවින්ය. මෙම කාසි ලංකාවේ ක්‍රි.පු. 3 සිට භාවිතා කර ඇත. කහපණ කාසි ලෝහ තහඩු මිටියකින් තලා දෙපැත්තේම පටු තීරු කොටා සකස් කර තිබුණ බවට විශ්වාස කරනු ලැබේ. මෙම කාසි වටකුරු, චතුරස්‍රාකාර, සමචතුරස්‍රාකාර හා දිගැටි ආදී විවිධ ස්වරෑපවලින් තිබී ඇත. ඒවායෙහි බර යෝග්‍ය ලෙස සකස් කර තිබුණේ කාසියේ මුළු කපා ඉවත් කිරීමෙන්ය. කහපණෙහි ලෝහය වැඩිපුරම රීදියෙන් නිමවු බවට සොයාගෙන ඇත.
View attachment 18414
ලක්ෂ්මී ඵලක
View attachment 18415
කහවනු
ක්‍රි.ව. 7 පමණ සිට ක්‍රි.ව. 8 දක්වා දිවයිනේ සංසරණය වු සිංහල රන් කාසි ක්‍රමය මේ
විදේශ කාසි
දිවයිනේ විදේශ කාසි දක්නට ලැබීම නිසැකවම ජාත්‍යන්තර වෙළෙඳාම නිසාම වේ. මෙම කාසි බොහෝමයක් හමුවී ඇත්තේ අනුරාධපුරය, මිහින්තලය, සීගිරිය, කුරුණෑගල, මාතර, අකුරුගොඩ හා බදුල්ල යන ප්‍රදේශවලින් ය. කාසි බොහොමයක් ග්‍රීක, ඉන්දු, ග්‍රීක, රෝම, ඉන්දු, රෝම, චීන,අරාබි හා ඉන්දියානු වේ.
මධ්‍යකාලීන අවධිය
දිවයිනේ විදේශ කාසි දක්නට ලැබීම නිසැකවම ජාත්‍යන්තර වෙළෙඳාම නිසාම වේ. මෙම කාසි බොහෝමයක් හමුවී ඇත්තේ අනුරාධපුරය, මිහින්තලය, සීගිරිය, කුරුණෑගල, මාතර, අකුරුගොඩ හා බදුල්ල යන ප්‍රදේශවලින් ය. කාසි බොහොමයක් ග්‍රීක, ඉන්දු, ග්‍රීක, රෝම, ඉන්දු, රෝම, චීන,අරාබි හා ඉන්දියානු වේ.
මධ්‍යකාලීන අවධිය
පොළොන්නරු රාජධානියේ සිට කෝට්ටේ රාජධානිය දක්වා (ක්‍රි.ව. 1017 සිට ක්‍රි.ව. 1597 දක්වා)
මස්ස කාසි
*රාජරාජ * නිශ්ශංකමල්ල *රාජාධිරාජ *වෝඩගංග *රාජේන්ද්‍රදේව
*ලිලාවතී *1 වන විජයබාහු *සහස්සමල්ල *1 වන පරාක්‍රමබාහු *ධර්මාශෝක
දඹදෙනිය රාජධානිය
*3 වන විජයබාහු *සෙටු කාසි - යාපනය *2 වන පරාක්‍රමබාහු
*සිංහ කාසි - 4 වන *පරාක්‍රමබාහු *1 වන බුවනෙකබාහු
මහනුවර රාජධානිය (ක්‍රි.ව. 1474 ක්‍රි.ව. 1815 දක්වා)
*ලැරින් *තුට්ටු *දඹදෙනි කාසි *පනම *සල්ලි *තංගම
යටත් විජිත අවධිය
පෘතුගීසි අවධිය (ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1658 දක්වා)
පෘතුගීසි අවධියේ භාවිතා වු කාසි
*ශාන්තුවරයෙකු (ශාන්ත තෝම්) ගේ ස්වරෑපය ගත් කාසි රන්/රිදී
*ටැන්ගා
*මලක්කා - රිදී
*කෲෂදෝ
*ගිනිමස්ස - රිදී
*චක්රම් යනාදිය
ලන්දේසි අවධිය (ක්‍රි.ව. 1640 සිට ක්‍රි.ව 1796 දක්වා)
ලන්දේසි අවධියේ භාවිතා කල කාසි
View attachment 18416
View attachment 18417
View attachment 18418
*රික්ස් ඩොලර *දුයිට්ස් *සීලැන්දියා *හොලන්දියා
*අට්‍රෙච්ට් *වෙස්ට් ෆ්‍රිස්ලන්ඩ් *ගිල්ඩලන්ඩ් *ස්ට්‍යුවර්ස්
ලන්දේසීන් විසින් පළමු කඩදාසි ව්‍යවහාර මුදල හඳුන්වා දෙන ලදී. එය ක්‍රෙඩිට් බ්‍රිවන් ලෙස හෝ කාසි - නෝටන් යනුවෙන් හඳුන්වා ඇත
බ්‍රිතාන්‍ය අවධිය (ක්‍රි.ව. 1796 සිට ක්‍රි.ව. 1948 දක්වා)
බ්‍රිතාන්‍ය විසින්, 1796 යටත් වීමේ ගිවිසුම මගින් ව්‍යහාර මුදල් නිකුත් කිරීමේ පවරා ගන්නා ලදී
බ්‍රිතාන්‍යයන් විසින් භාවිතා කරන ලද කාසි
View attachment 18420
*ෆාදින් *බ්‍රිටිෂ් ස්ට්‍යුව *රික්ස් ඩොලර් (රිදී කාසිය 1825) *පනම්
*රුපියල (ඉන්දියන්) *රුපියල් භාගය *රුපියල් භාගය
1872 දී රුපියලකට සත 100 සමාන වන පරිදි, දශම කාසි ක්‍රමය හඳුන්වා දෙන ලදී
රුපියලකට අඩු වටිනාකමක් ඇති කාසි
View attachment 18422
1. මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද නෝට්ටු (1827-1855)
*පවුම් නෝට්ටු *පවුම *පවුම් දෙක *පවුම් පහ
2. පෞද්ගලික බැංකු මගින් නිකුත් කරන ලද නෝට්ටු (1844-1884)
*ඔරියන්ටල් බෑන්ක් කෝපරේෂන් *චාර්ටඩ් මර්කන්ටයිල් ඔෆ් ඉන්දියා, ලන්ඩන් ඇන්ඩ් චයිනා.
*ඒෂියටික් බෑන්කිං කෝපරේෂන්
(i) පවුම් නෝට්ටු
(ii) රුපියල් නෝට්ටු
3.ව්‍යවහාර මුදල් කොමසාරිස් මණ්ඩලය මගින් නිකුත් කරන ලද නෝට්ටු (ලංකා රජය යටතේ) (1884-1950)කොමසාරිස් මණ්ඩලය සමන්විත වුයේ,
*භාණ්ඩාගාරික *යටත් විජිත ලේකම් *විගණකාධිපති යන අයගෙනි
අතිරේක ව්‍යවහාර මුදල් නෝට්ටු
1939 සහ 1940 හදිසි බලතල පනත් යටතේ ව්‍යවහාර මුදල් මණ්ඩලයට කාසි හිඟවීම් වලක්වා ගැනීමට රුපියලට අඩු කාසි නිකුත් කිරීමට බලතල පවරන ලදී.
මෙම නෝට්ටු වලින් සත පහේ නෝට්ටුවේ සත දෙක සහ සත තුන තැපැල් මුද්දර මුද්‍රා තබා තිබුණි.
View attachment 18423
බැංකු අභ්‍යන්තර ගනුදෙනු සඳහා පමණක් රුපියල් දස දහසේ නෝට්ටුව යොදා ගන්නා ලදී.
පශ්චාත් නිදහස් අවධිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමේ සිට
1948 අංක 58 දරන මුදල් නීති පනතේ විධි විධාන ප්‍රකාර, 1950 අගෝස්තු 28 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලදි. මුදල් නීති පනත යටතේ පරිපාලන සඳහා මුදල් මණ්ඩලයක් පිහිටුවීමට විධිවිධාන සලසා ඇති අතර ඊට අමතරව කාසි හා නෝට්ටු ඇතුලත් ව්‍යවහාර මුදල් නිකුත් කිරිමේ ඉඩප්‍රස්ථාව ද ඊට සලසා දී තිබුණි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද කාසි
බ්‍රිතාන්‍යයන් විසින් නිකුත් කල නෝට්ටු 1951 ත් දක්වා කාසි 1963 දක්වාත් භාවිතා කරන ලදි. 1963 දී පළමු කාසි කාණ්ඩය හඳුන්වා දුනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය මෙම කාසි කාණ්ඩයේ මුහුණත මගින් හඳුන්වා දෙන ලදි. මෙම කාසි කාණ්ඩය පහත සඳහන් වටිනාකම් සහිත කාසිවලින් යුක්ත විය.
*සතය (ඇළුමිනියම්) *සත දෙක (ඇළුමිනියම්)
*සත පහ (ඇළුමිනියම්) *සත දහය (ඇළුමිනියම්)
*සත (තඹ/නිකල්) *සත පනහ (තඹ/නිකල්)
*රුපියල (තඹ/නිකල්)
1950 සිට ශ්‍රී ලංකා මහ බැංකුව නෝට්ටු කාණ්ඩ දහයක් නිකුත් කර ඇත.

1984 දී රුපියල් 5 හා 2 නෝට්ටු වෙනුවට, රුපියල් 5 (නිකල්/පිත්තල) සහ (රුපියල් 2 (තඹ/නිකල්) කාසි හඳුන්වා දෙන ලදි.
මේවා මම හොයා ගත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන්
ඔයාලට තව දැනගන්න ඕනෙනමි මේකෙන් දැනගන්න පුළුවන්.
http://en.wikipedia.org/wiki/Sri_Lankan_rupee
1982 අප්‍රේල් මස 20 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවහාර මුදල් කෞතුකාගාරය කොළඹ කොටුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටුවන ලදී. වර්තමානයේ මෙම කෞතුකාගාරය පිහිටා ඇත්තේ රාජගිරිය, ජයවර්ධනපුර මාවතේ, අංක 58, බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍රයේ ය. ව්‍යවහාර මුදල් කෞතුකාගාරය මහජනතාවට පාසැල් කණ්ඩායම්, දේශීය විදේශීය කාසි හා නෝට්ටු පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්ථින්ට පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා, සඳුදා සිට සිකුරාදා දක්වා රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සියලුම වැඩකරන දිනයන්හී විවෘතව පවතී. කෞතුකාගාරයට ඇතුලුවීම නොමිලේ.
මහ බැංකුවේ ව්‍යවහාර මුදල් කෞතුකාගාරය ක්‍රි.පූ. 3 සිට අද දක්වා කාසි හා නෝට්ටු භාවිතය පිළිබඳ ඉතිහාසය අනාවරණය කරන අතර ක්‍රි.පු. 3 සිට භාවිතා වු කාසි හා නෝට්ටු විශාල සංඛ්‍යාවක් ද ප්‍රදර්ශනය කරයි. එමෙන්ම විදේශ රාජ්‍යයන්හී මහ බැංකුවලින් ප්‍රදානය කරන ලද කාසි හානෝට්ටු ද කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
*
ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් කෞතුකාගාරය විවිධ රාජ්‍යයන්ගෙන් ලැබුණු කාසි හා නෝට්ටු ප්‍රදර්ශනය කරන අතර නරඹන්නන් උදෙසා කාසි අධ්‍යාපන විද්‍යා පුස්තකාලයක් ද පවත්වයි. මෙම පුස්තකාලයේ ශ්‍රී ලංකා හා විදේශ කාසි හා නෝට්ටු පිළිබඳව ලියැවුනු ඉතා දුර්ලභ ගනයේ පොත්, වාර ප්‍රකාශන හා සඟරා එකතුවක් ඇත. මහජනයාට කෞතුකාගාර පරිශ්‍රයේ දී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති සමරු කාසි මිලදී ගත හැකිය. නරඹන්නන්ට පහත සඳහන් පත්‍රිකා නොමිලේ ලබාගත හැක.
මුදලේ ඉතිහාසය (සිංහල,දෙමළ හා ඉංග්‍රීසි)
මුදල් වගතුග (සිංහල )
මුදල් නෝට්ටු පිරිසිදුව පරිහරණය කරමු (සිංහල)
ශ්‍රී ලංකා මහ බැංකුවේ web site ඵකෙන් තව ගොඩක් දේවල් දැනගන්න පුළුවන් ඔයාලට
Rep+++ ඵපා කියන්නේ නෑ
දිග වැඩිනමි තරහා වෙන්න ඵපා මාත් ඵක්ක




Last edited:






