පහේ ප්‍රතිඵල නිකුත්වෙයි-පළමු තැන සනූජ කල&#3530

පහේ ප්‍රතිඵල නිකුත්වෙයි-පළමු තැන සනූජ කල&#3530

2010 ‍වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද(22) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා ඒ බව කියා සිටියේය.

ඒ අනුව 2010 අගොස්තු මස පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබා දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලයේ සනූජ කල්හාන් එදිරිසිංහ සිසුවායි.මොහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 196 ක් වේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 194 ක් ලැබූ දෙවෙනි ස්ථාන 3ක් ඇති බව ද විභාග කොමසාරිස්වරයා කියා සිටියේය.

මිනුවන්ගොඩ-මොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ නවීන් යසන්කා ප්‍රේමරත්න,මතුගම-මීගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයේ ජේ.කලණි පබසරා,ගාල්ල මහින්ද විද්‍යාලයේ ලසිත් නිවෝද්‍ය යන සිසු සිසුවියන් දිව‍යිනේ දෙවෙනි ස්ථානයට පත්ව සිටියි.


අද දෙරණ
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ''එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් 6 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි''
    :shocked::shocked::shocked:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගෙ පොඩි මල්ලිත් ලිව්වා. මිනිහට මොන උනාද දන්නේ නෑ ? results ආවාට පස්සේ ගිහින් බලන්න ඔනේ
    :)
     

    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28
    තාම ඩාල නෑඩ්ඩ බන්.අපෙත් මලයෙක් ඉන්නවා