කියන්නකෝ සුලං රොදේ (sulochana)

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කියන්නකෝ සුලං රොදේ (sulochana)

    කුලින් කුලේ.....තුරින් තුරේ......හැපී ඇවිත් නිරන්තරේ
    කියන්නකෝ සුලං රොදේ.....සුලෝචනා කොහේ කියා....

    අතීතයේ ලඟින් ඉඳන්
    වෙන් උනත් බොහෝ දුකින්
    පැයෙන් පැයෙන් දිනෙන් දිනෙන්
    කාලයා ගෙවී ගිහින්
    වියැකුනත් නෙතේ ඉමෙන්
    වෙන් නොවෙන් මගේ සිතෙන්

    දේවදාර ගස් මුදුන්..........මීදුමින් වැසී ගිහින්
    මලින් පිරී එවන් පුරේ......රැජිණ සීත කඳුකරේ
    ආදරේ කතන්දරේ........ලියා මැකූ මගේ සිතේ

    සුළඟ එයි හමා හමා ....ගතේ විඩා දමයි නිමා
    පණිඩිඩේ නුඹෙන් ඇසූ....නොඅසමී මෙයින් පසූ
    පමා නොවී කියන්නකෝ - සුලොචනා කොහේ කියා.:(:(

    නිහඬ මාවත.....සනත් ඒකනායක
     

    dilshadi

    Member
    Oct 4, 2010
    6
    1
    0
    Sri Lanka
    සුළං රොදේ කතන්දරේ
    අතීතයේ සුසුම් බිඳේ
    දැවටි දැවටි නිසොල්මනේ
    කවි ගලපයි නිරන්තරේ

    සිතේ විරහ ගිනි ඇවිලේ
    සුළං පොදක් පිහිටට ඒ
    සිනා මතක දිගහැර දේ
    අපූරුවට පද ගැළපේ

    ඇත්තමයි කියන්නෙ...හරිම හැඟීම්බර කවියක්
    ඒත් දුක හංඟලා හිනා වෙන්න හදනවා වගේ........so nice
     
    • Like
    Reactions: sanath ekanayake

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    හරිම ලස්සනයි. හිතේ අදහස ලස්සනට අකුරු කරලා :)
     

    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    YOU NEED HELP MAN - QUIT BEING A SORRY ASS AND A RACIST; GET PSYCHIATRIC HELP :yes:


    Seal-Manic-Depression-31270.jpg