යුද්ධාධිකරණ තීන්දුවට අස්සන් නොකළා නම් එ&#3514

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
යුද්ධාධිකරණ තීන්දුවට අස්සන් නොකළා නම් එ&#3514

යුද්ධාධිකරණ තීන්දුවට අස්සන් නොකළා නම්
එය සමස්ත හමුදාවටම අගෞරවයක්

නිලධාරීන් 156කට , සෙසු නිල 5088කට ෆොන්සේකා දඬුවම් කළා

n-2.jpg

සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයාව සිටි කාලසීමාවේ දී නිලධාරීන් 156 කට හා සෙසු නිලයන් 5088 දෙනෙකු හට විවිධ චෝදනා එල්ල කර යුද අධිකරණය මගින් දඬුවම් ලබා දී තිබෙන බව තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඔවුන්ට ලබා දුන් තීන්දුවලට ද ජනාධිපතිවරයා ලෙස නොව සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා අස්සන් තබා අනුමැතිය ලබා දී තිබෙන බව ද හෙතෙම කීවේය.

ඒ අයුරින්ම යුද අධිකරණයෙන් ෆොන්සේකා මහතා වරදකරු කර දඬුවම් නියම කළ පසු ද සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා අනුමැතිය ලබා දුන් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

සේනාධිනායකයා එසේ නොකළේ නම් සමස්ත හමුදාවටත්, යුද අධිකරණයටත් සිදුකරන අගෞරවයක් බව ද අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. කොළඹ මහවැලි කේන්ද්‍රයේ ඊයේ (5) පැවැති

මාධ්‍ය සාකච්ඡාවේදී යෞවන කටයුතු ඇමැතිවරයා එසේ පැවසීය. කිසිදු දේශපාලන පළිගැනීමේ චේතනාවක් මේ තීරණයේ නොමැති බවත්, හුදෙක් ඔහු හමුදාපතිවරයාව සිටියදී සිදුකළ අයථා ගනුදෙනුවලට වරදකරු වූ නිසා දඬුවම් ලබා දුන් බව ද ඒ මහතා කීවේය.

හමුදා සෙබළාටත්, යුද හමුදාපතිවරයාටත් හමුදා නීතිය එකක් මිස දෙකක් නොවන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටිය මහතාට දඬුවම් ලබාදීමේ දී ඔහුට වඩා කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් එම යුද අධිකරණයේ විනිසුරුවන් ලෙස යෙදවීමට ෆොන්සේකා මහතා කටයුතු කළද, එතුමාට එරෙහිව තිබූ චෝදනා විභාග කිරීමට පත්කළ යුද අධිකරණය වත්මන් යුද හමුදාපතිවරයා නොව සේනාධිනායකයා පත්කිරීමට කටයුතු කළ බව ද ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.

යුද අධිකරණය මගින් ලබා දුන් තීරණයක් කවුරුන් හෝ හෑල්ලු කරන්නේ නම්, ඒ සමස්ත හමුදාවම හෑල්ලු කිරීමක් යැයි ද ඒ මහතා සඳහන් කළේය.යුද අධිකරණයේ සිටි නිලධාරීන් හමුදා ඇඳුම් ඇඳගත් රූකඩයන් බව අනෝමා ෆොන්සේකා මහත්මිය ප්‍රකාශ කර ඇති බව පවසන ඇමැතිවරයා, එදා මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටිය, නිමල් විජේසූරිය, මේජර් පලිහපාන මහත්වරුන්ට දඬුවම් ලබා දුන් පසුත් ඔවුන්ගේ බිරින්ඳෑවරුන් ද එසේ සිතන්නට ඇති බවත් ප්‍රකාශ කළේය.

එදා ෆොන්සේකා නිලධාරීන්, සෙසු නිලයන් සේවයෙන් පහකරද්දී දඬුවම් ලබා දෙද්දී විපක්‍ෂය මේ ගැන කතා නොකළේ ඇයිදැයි ඇමැතිවරයා ප්‍රශ්න කර සිටියේය. මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටිය මහතාට ෆොන්සේකා මහතාගේ යුද අධිකරණය මගින් දඬුවම් ලබා නොදුන්නේ නම් ජගත් ජයසූරිය මහතා නොව පරාක්‍රම පන්නිපිටිය මහතාට යුද හමුදාපතිවරයා ලෙස පත්වීමට ඉඩ තිබුණ බව ද හෙතෙම කීවේය.

විපක්‍ෂය මේ තීන්දුව ඉත්තා කරගෙන සිය පක්‍ෂවල කඩාවැටීම වසාගැනීමට උත්සාහ කරයි. එහෙත් අපි ඔවුන්ට කියනවා උද්ඝෝෂණ, බෝධි පූජා නොකර නිදහස් කර ගැනීමට තිබෙන ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්නැයි ද හෙතෙම කීවේය. මෙහිදී මැති ඇමැතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා මහත්වරුන් අදහස් දැක්වූහ.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
අනේ අපට සමාවෙන්න !

සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සඳහා විවිධ උද්ඝෝෂණ හා විරෝධතා පැවැත් වේ. ඉදිරියට පැවැත්වීමට නියමිත බවත් අසන්නට ලැබේ. මේ තත්ත්වය එක අතෙකින් නීතියට අභියෝගයක් එල්ල කිරීමෙකි.

තව අතෙකින් යුද්ධා’ධිකරණයට අපහාස කිරීමෙකි. සරත් ෆොන්සේකා මහතාට අදාළ තීන්දුව ලබා දී ඇත්තේ යුද – අධිකරණයක් මගින් ය. මේ තීන්දුව වෙනස් කළ හැක්කේ විධායක බලැ’ති ජනාධිපතිවරයකුට පමණෙකි. ජනාධිපතිවරයාට අවශ්‍ය නම්; සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ හැකි ය. ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු ව තිබේ. එබඳු නෛතික ප්‍රතිපාදන තිබිය දී උද්ඝෝෂණ පැවැත්වීම ශිෂ්ට සමාජයකට නො ගැළපෙන බව අපගේ පිළිගැනීම වේ.

විපක්ෂනායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පින්කම් කිරීමට පෙළැඹී ඇත. එම පින්කම් අතර බෝධි පූජා හා සෙත්කවි ගායනා දකින්නට ලැබේ. මෙහි විහිළුවක් ද, පුදුමයක් ද තිබේ. විහිළුව නම්; මුදල් වංචාවකට හා ජාතිය පාවාදීමකට සම්බන්ධ අපරාධකාරයකු පින්කම් මගින් නිදහස් කර ගත හැකි යැයි සිතීම ය.

පුදුමය නම්; ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පවතින සමයේ හිටපු හමුදාපතිවරයා හා රණවිරුවන් අපහාසයට ලක් කළ අය ම දැන් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීම ය. තොප්පිගල නිදහස් කර ගත් මොහොතේ එම කළෑව අල්ලා ගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැ’යි වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේ ය.

ජනතා විමුක්ති පෙරමුණෙහි උද්ඝෝෂණ තල දෙකකින් පවත්වන බව සෝමවංශ මහතා කියා සිටී. ඒ තල දෙක කුමක්දැ’යි අප දන්නේ නැත. ඇතැම් විට අන්තර්ජාතික තලය හා ජාතික තලය වන්නට පුළුවන. නෛතික තලය හා දේශපාලන තලය වන්නටත් පුළුවන.

කොයි හැටි වුව උද්ඝෝෂණ විරෝධතා ආදියෙන් තොර දේශපාලනයක් ජනතා විමුක්ති පෙරමුණට නැත. ජනතා විමුක්ති පෙරමුණ යනු සටන් පාඨ අපේක්ෂාවෙන් සිටින ව්‍යාපාරයෙකි.

රට තුළ එබඳු සිදුවීමක් නැතොත් විශ්ව විද්‍යාල තුළ හෝ කලබලයක් ඇති කිරීම ජනතා විමුක්ති පෙරමුණෙ හි සිරිත වේ. අප දන්නා පරිදි මෙබඳු උද්ඝෝෂණවලට පොදු ජනයා ගේ සහයෝගයක් ලැබෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ සංඝ සමාජයෙන් සුළු පිරිසක් ද සරත් ෆොන්සේකා පසු පස යති. කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ එහි පෙරමුණ ගෙන සිටිති. උන් වහන්සේ සියක් නමක කැටුව සිර ගෙදරට යෑමට සූදානම් ලු ! සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නැ’යි ඒ හිමියෝ ඉල්ලා සිටිති. උන් වහන්සේ දුටු ගැමුණු රජතුමා ගැන ද විජයබාහු රජතුමා ගැන ද කියති.

එම රජවරුන් යුද වීරයන්ට ගම්වර ලබා දුන් බව සත්‍යයෙකි. එහෙත් එදා සිටි යුද වීරයෝ හොරු නො වූ හ. එදා සිටි යුද වීරයෝ ජාතිය පාවා දෙන්නෝ නො වූ හ. දුටු ගැමුණු රජතුමා දස මහා යෝධයන්ට විවිධ නම්බුනාම සමග පඬුරු - පාක්කුඩම් ලබා දුන්නේ ය. දස මහා යෝධයන්ගෙන් කෙනකු සොරකම් කළ බවක් ඉතිහාසයේ කොතැනකවත් සඳහන් නො වේ.

සරත් ෆොන්සේකා මහතා බේරා ගැනීමේ හුදෙකලා සටන සිදුවන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව බව ඉතා පැහැදිලි ය. මේ න්‍යාය පත්‍රයට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා වැනි අය අන්තර්ජාතික වශයෙන් අපහසුවට පත් කිරීමේ වැඩපිළිවෙළක් තිබේ.

එය යුද්ධය පවතින සමයේ ද තිබිණි. යුද්ධය අවසන් වුව; ත්‍රස්තවාදය අවසන් වුව එම අභිලාසයන් ඉවත් වී නැත. සරත් ෆොන්සේකා මහතා යුද වීරයකු වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිසා ය.

ඒ දෙදෙනා නො වන්නට සරත් ෆොන්සේකා යනු සුළු පිරිසක පමණක් හඳුණන සාමාන්‍ය හමුදා නිලධාරියකු පමණි.

සරත් ෆොන්සේකා මහතා ජාතික වීරයකු බවට පත් කොට ඔහුගේ මුවාවෙන් තම දේශපාලන ඉලක්ක ජය ගැනීමට දඟලන දේශපාලන ව්‍යාපාර දෙකක් තිබේ. ඉන් පළමු ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ යි. දෙවන ව්‍යාපාරය එක්සත් ජාතික පක්ෂය යි.

මේ පක්ෂ දෙකට ම අවශ්‍ය ව ඇත්තේ සරත් ෆොන්සේකාට මුවා වී ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීම ය. ඒ මගින් දේශපාලන බලයක් ගොඩ නගා ගැනීම ය. එහෙත් දැන් ඊට අවශ්‍ය සාර්ථක පසුබිමක් නැත.

ජනතාව මේ උද්ඝෝෂණ දෙස අලස ලෙසින් බලා සිටිති. ඔව්හු සරත් ෆොන්සේකා මහතාගේ ක්‍රියා පටිපාටිය හොඳින් දනිති. ඔහුගේ එදා හැසිරීම හා අද හැසිරීම ජනතාව විසින් හොඳින් නිරීක්ෂණය කර තිබේ.

සරත් ෆොන්සේකා මහතා අපරාධකාරයකු බවට පත් කළේ දේශපාලකයෝ ම ය. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ඊට වග කිව යුතුය. මේ මොහොතේ වුව ඔහුට නිදහසේ තීන්දු ගන්නට අවස්ථාව ලබා දුනහොත් එය විශාල පින්කමෙකි. වෙන පින්කම් නො කළ ද සරත් ෆොන්සේකා මහතාට තීන්දු ගැනීමේ අයිතිය ලබා දිය යුතු ය.

සරත් ෆොන්සේකා මහතා වරදකරුවකු වුව ඔහු නිදහස් කිරීමේ නෛතික බලයක් ජනාධිපතිවරයාට තිබේ. දැන් සරත් ෆොන්සේකා මහතා කළ යුත්තේ ඉල්ලීමක් කිරීම පමණි. ඔහු ට ඉන් මදි පුංචිකමක් සිදු නො වේ. පිටස්තර දේශපාලකයන් විසින් ගෙන යනු ලබන විරෝධතා හා උද්ඝෝෂණ වෙතින් සරත් ෆොන්සේකාගේ අනාගතය තවදුරටත් අඳුරු වනු ඇත.

ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ බොරු චෝදනාවක් මත විජය කුමාරතුංග සිරගත කරන ලදී. එම අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උද්ඝෝෂණ කළේ නැත. නීතිය කුමක් වේවා ඊට අවනත වීම බුද්ධිමත් හා සාමකාමී සමාජයක සිරිත වේ. සරත් ෆොන්සේකා මහතා සිරගත කොට ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ විජය කුමාරතුංග සිරගත කළ මැදිරියේ ම බව දැන ගන්නට ලැබේ.

එහෙත් මේ දෙදෙනා අතර අහසට - පොළොව මෙන් වූ පරතරයක් තිබේ. විජය කුමාරතුංග යනු සාමය වෙනුවෙන් පෙනී සිටි ආකර්ෂණීය දේශපාලකයෙකි. සරත් ෆොන්සේකා යනු යුද්ධය වෙනුවෙන් පෙනී සිට පසුව තම නායකයන් ද පාවා දුන් දුෂ්ඨ චරිතයෙකි.

එබඳු තැනැත්තකුට නීතියෙන් නිදහස් විය හැකි වුව තම හෘද සාක්ෂියෙන් නිදහස්වීමට නො හැකි වනු ඇත.
 

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ude pandarama shopping yanawa wage mahindage p**** anduwata....kauda yako dalas kiyanne...ara kisi wadak nokara kaka bi bi gon aliya wage inna piti guliyak neda...okun monawada ratata karala tiyenne....paw nodi palayan
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ude pandarama shopping yanawa wage mahindage p**** anduwata....kauda yako dalas kiyanne...ara kisi wadak nokara kaka bi bi gon aliya wage inna piti guliyak neda...okun monawada ratata karala tiyenne....paw nodi palayan

    kiyapu adahas thamai watinne. kiyapu kena inna hati mekata wadagath naha
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මේ පක්ෂ දෙකට ම අවශ්‍ය ව ඇත්තේ සරත් ෆොන්සේකාට මුවා වී ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීම ය. ඒ මගින් දේශපාලන බලයක් ගොඩ නගා ගැනීම ය. එහෙත් දැන් ඊට අවශ්‍ය සාර්ථක පසුබිමක් නැත.

    ජනතාව මේ උද්ඝෝෂණ දෙස අලස ලෙසින් බලා සිටිති. ඔව්හු සරත් ෆොන්සේකා මහතාගේ ක්‍රියා පටිපාටිය හොඳින් දනිති. ඔහුගේ එදා හැසිරීම හා අද හැසිරීම ජනතාව විසින් හොඳින් නිරීක්ෂණය කර තිබේ.


    Great article :yes:.
     

    TopBuwa

    Member
    Apr 12, 2010
    330
    58
    0
    fonsekawa hire dala madi ellanna thibbe ethakotai jeppongei ranilgei katawalui pukawalui wahenne
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේ පක්ෂ දෙකට ම අවශ්‍ය ව ඇත්තේ සරත් ෆොන්සේකාට මුවා වී ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීම ය. ඒ මගින් දේශපාලන බලයක් ගොඩ නගා ගැනීම ය. එහෙත් දැන් ඊට අවශ්‍ය සාර්ථක පසුබිමක් නැත.

    ජනතාව මේ උද්ඝෝෂණ දෙස අලස ලෙසින් බලා සිටිති. ඔව්හු සරත් ෆොන්සේකා මහතාගේ ක්‍රියා පටිපාටිය හොඳින් දනිති. ඔහුගේ එදා හැසිරීම හා අද හැසිරීම ජනතාව විසින් හොඳින් නිරීක්ෂණය කර තිබේ.


    Great article :yes:.

    :lol::lol::lol::lol: අඩෝ මුකුත් කියලත් බෑ උබේ හිත රිදුනොත් එහෙම..... නොකියත් බෑ උබේ වැඩත් උබේ රජගේ වගේම හින්ද.......... ;););)
     

    ^Hero^

    Banned
    Oct 3, 2010
    86
    12
    0
    Windows8 ත්‍රේඩ් එකක් දාලා උගෙ අනිත් ෆේක් කෑලි වලින්ම රිෆ්ලයි දානවා.... ලොලේ... ලොල්.....:P:rofl:

    TopBuwa
    Nalin25
     

    TopBuwa

    Member
    Apr 12, 2010
    330
    58
    0
    Windows8 ත්‍රේඩ් එකක් දාලා උගෙ අනිත් ෆේක් කෑලි වලින්ම රිෆ්ලයි දානවා.... ලොලේ... ලොල්.....:P:rofl:

    TopBuwa
    Nalin25


    prasnayak thiyenawanam fake da nadda kiyala gtrz gen ahanna
    boruwata puka palan kaha gahanne nathuwa
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    :lol::lol::lol::lol: අඩෝ මුකුත් කියලත් බෑ උබේ හිත රිදුනොත් එහෙම..... නොකියත් බෑ උබේ වැඩත් උබේ රජගේ වගේම හින්ද.......... ;););)

    කියලත් බෑ :no:
    නොකියත් බෑ නේ බන්.. :(
    මහ රජාගෙ කොල්ල පවුනෙ බන්... :lol: :lol: :lol:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    TopBuwa
    Nalin25

    mewa ekakwath mage newei mama fake id use karanne naha ubala wage
    ehemanam anduwata sahaya dena hamoma mage id wenawada :lol:
    ubala bankaloth una kiyala meke boruwata adanna epa