සරත් ෆොන්සේකාගේ පාවාදීම..

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
සරත් ෆොන්සේකාගේ පාවාදීම..

පසුගිය සතියේ වැදගත්ම මාතෘකාව සරත් ෆොන්සේකා හමුදා නිල ඇඳුමේ සිට කපටි කිට යෑයි හැඳින්වෙන දේශපාලනඥයන්ගේ ඇඳුම ඔස්‌සේ සිරකරුවකුගේ ජම්පරය දක්‌වා මාරුවීම බව නිසැකය. එබැවින් ඒ ගැනත් නාග විහාරයේ ඉතා අල්පේච්ඡ ජීවිතයක්‌ ගතකරන මාදුළුවාවේ සෝභිත හිමියන් ඒ අල්පේච්ඡ ජීවිතයද අත්හරිමින් නාග විහාරයේ සිට ආරණ්‍යයකට වෘක්‍ෂමුලයකට, ශුන්‍යාගාරයකට වැනි තැනකට නොව සිරගෙදරට නිෂ්ක්‍රමණයකට සුදානම් වීම ගැනත් සුළුවෙන් වුවත් සඳහන් කළ යුතුය. සෝභිත හාමුදුරුවෝ කලක්‌ චින්තන පර්ෂදයේ සභාපති හාමුදුරුවෝ ද වූහ. උන්වහන්සේ සෑහෙන කලක්‌ මෙරට ජාතික ව්‍යාපාරයේ ඉදිරියෙන් ම සිටියහ. එහෙත් පසු කලෙක විවිධ හේතු නිස උන්වහන්සේ වෙනත් මගක වැඩම කළහ. අද උන්වහන්සේ ව්‍යාජ ජාතික ව්‍යාපාරයක කොටස්‌කරුවකු වීමට උත්සාහ දරති. සරත් ෆොන්සේකා හා ජ. වි. පෙ. විසින් මෙහෙයවන භික්‍ෂු පෙරමුණ ඔස්‌සේ ඒ ව්‍යාජ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක වෙයි. ෆොන්සේකා ද ජ වි පෙරමුණ ද ජාතික ව්‍යාපාරයෙහි හතර මායිමේවත් නොමැත. තමන් වහන්සේ ඉල්ලූ නිසා සිරගෙදරට වැඩම කරවීමට නොහැකි බව සෝභිත හාමුදුරුවෝ දනිති. එබැවින් උන්වහන්සේගේ ඉල්ලීම ජනප්‍රියවාදී දේශපාලනඥයෙකු කරන ඉල්ලීමකට සමානය.

ඒ කෙසේ වෙතත් ෆොන්සේකා ඊනියා යුද වීරයා බවට පත්කිරීමට එදා "යුද්ධයට" විරුද්ධ වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක්‌ උත්සාහ කරති. එදා "යුද්ධයට" සමච්චල් කරමින් මැදවච්චි පාමංකඩ කතා කීවුන්ට ෆොන්සේකා ගැලවීමේ හමුදාවේ නායකත්වයටවත් නුසුදුසු යෑයි කී අය ද ෆොන්සේකාගේ ජම්පරයේ එල්ලී ගැලවීමට දරන උත්සාහයට සෝභිත හාමුදුරුවන් ද එකතු වී තිබීම පුදුමයක්‌ නොවේ. ඔවුහු සියල්ලෝම කලක සිට විජාතික බලවේගවලට සේවය කරති. එහෙත් එවිට ප්‍රශ්නයක්‌ වෙයි. එදා ෆොන්aaaaසේකා හොඳම හමුදාපති යෑයි කී අය අද ඔහුට නිල ඇඳුම ගලවා ජම්පර අන්දවන්නේ ඇයි ද යන්නය. එයට ඇත්තේ එකම එක පිළිතුරක්‌ පමණකි. ෆොන්සේකා එදා රාජ්‍යය හා සිංහල බෞද්ධ ජාතිකත්වය රැකගැනීමට සටන් කෙළේය. අද ඔහු රාජ්‍යය හා සිංහල බෞද්ධ ජාතිකත්වය පාවාදීමට කටයුතු කරයි.

සරත් ෆොන්සේකා ගැන මේ තීරුවේ බොහෝ දේ සඳහන් වී ඇත. ඔහු ලොවේ දක්‍ෂතම හමුදාපති විය හැකිය. එහෙත් ප්‍රභාකරන් පරදවන ලද්දේ ඔහු විසින් නොවේ. ඔහු පාබල හමුදාව මෙහෙයවූවා පමණකි. ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකාය පමණක්‌ නොව ජනතාව ද රනිල් වික්‍රමසිංහගේ රවි කරුණානායකලාගේ හමුදා විරෝධී හා ජාතිෙද්‍ර`හී කතා නොතකා දෙන ලද සහාය නොවන්නට ප්‍රභාකරන් හා ත්‍රස්‌තවාදය පරාජය කළ නොහැකි වීමට තිබිණි. එහෙත් ඒ සියල්ලටම වඩා බලපෑ සාධකය වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දෙන ලද දේශපාලන නායකත්වයය.

ත්‍රස්‌තවාදයට එරෙහි සටන් මෙහෙයුම් ජයග්‍රහණය කිරීමට දේශපාලන නායකත්වයක්‌ තිබිය යුද යෑයි අප කියා සිටි මුල් අවස්‌ථාවල අපට ඔච්චම් කිරීමට ඊනියා දේශපාලන විචාරකයෝ, පඬි දේශපාලන විශ්ලේෂකයෝ සෑදී පැහැදී සිටියහ. ඔවුහු අපේ නොදැනුවත්කම ගැන කතා කළහ. හමුදාවට දේශපාලන නායකත්වයක්‌ අවශ්‍ය නැතැයි ද එය හමුදා ඒකාධිපතිවාදයකට මග කැපීමක්‌ යෑයි ද ඔවුහු උජාරුවෙන් බටහිර කිසියම් පඬියකුගේ ලිපියකින්, පොතකින් උපුටා දක්‌වමින් පැවසූහ. එහෙත් අද මේ සියලු දෙනාම පාහේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හමුදාවට දෙන ලද දේශපාලන නායකත්වය ගැන ප්‍රසංශා කරති. අර බටහිර පඬියන් ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක්‌ දැයි මේ උපුටා දක්‌වන්නන්ගෙන් දැන ගැනීමට අපි කැමැත්තෙන් සිටිමු.
 
Goodsender

Banned
Jun 12, 2010
141
91
0
බටහිර ඊනියා දේශපාලන විචාරකයන්, හමුදා කටයුතු විශ්ලේෂකයන් (කොටි පැරදවීමට නොහැකි යෑයි ද සාම කතා හැරෙන්නට වෙනත් විකල්පයක්‌ නැතැයි ද එදා කී මහාචාර්ය රොහාන් ගුණරත්න ඇතුළු මේ ඊනියා විශ්ලේෂකයන් දන්නා විශ්ලේෂණයක්‌ නැත. ඔවුන් දන්නා එකම විශ්ලේෂණය ඔරුව පෙරළුණු පසු පෙරළුණු පැත්ත හොඳ යෑයි කීමය.) කුමක්‌ කීව ද මහින්ද රාජපක්‍ෂ මහතා නොවන්නට හමුදා ජයග්‍රහණයක්‌ නැත. සරත් ෆොන්සේකා දක්‍ෂයෙකි. ඒ ගැන විවාදයක්‌ නැත. එහෙත් වෙනත් යුද හමුදාපතිවරයකු යටතේ ද හමුදා ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට තිබිණි. සරත් ෆොන්සේකලා සිය ගණනක්‌ හමුදාවේ ඇති බවට සැකයක්‌ නැත. එහෙත් මහින්ද රාජපක්‍ෂලා ඇත්තේ එක්‌ අයකු හා එක්‌ අයකු පමණකි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුවිශේෂත්වය එය වෙයි. සරත් ෆොන්සේකා නැතිව වුවත් හමුදා ජයග්‍රණයක්‌ ලබාගත හැකිව තිබිණි. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා නොමැතිව ජයග්‍රහණයක්‌ නැත.

සරත් ෆොන්සේකාගේ නම මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියෑවීමට තිබිණි. ඔහුට ඒ තැන අහිමි කළෝ විශාල පිරිසක්‌ වෙති. ලැයිස්‌තුවෙහි පළමුවෙන්ම ඇත්තේ ඔහුගේ නමය. ඔහුගේ අසීමිත මමත්වය ඔහුට එරෙහිව ක්‍රියා කෙළේය. ඔහු හමුදාව තම දේපළක්‌ ලෙස සිතුවේය. ඔහුගේ දක්‍ෂතාව ගැන ස්‌වයං මෝහනයට පත්විය. හමුදාව යනු සරත් ෆොන්සේකා ය. සරත් ෆොන්සේකා යනු හමුදාව ය යන මතයෙන් ඔහු මත් වී සිටියේය. අද ද එසේම ය. නැගෙනහිර සටන ජයග්‍රහණය කරා මෙහෙය වූ මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටිය හා අනෙක්‌ අය සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ ආකාරය ගැන අපි දනිමු. ඔහු පත්කළ යුද්ධාධිකරණ ගැන ද නොදන්නකු නැත. ඔහු ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී කලවැද්දන් ආදී සතුන් ගැන අපට කියා දුන්නේය. කාණු දිගේ බඩගාමින් ඔහු හමුවීමට අනගාතයේදී පැමිණෙන්නන් ගැන කතා කෙළේය. ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තට නැග සිටි ඔහු ඉණිමගත් සමගම ඇද වැටී ඇත. අද සරත් ෆොන්සේකාට පළ දෙන්නේ දිට්‌ඨධම්ම වේදනීය කර්මයකි. ඒ එක්‌ පැත්තකි.

තම දක්‍ෂතාවෙන් මෝහනයට පත් වූ සරත් ෆොන්සේකා හඳ ඉල්ලා හැŽය. හමුදාවෙන් දේශපාලනයට පිවිසීම ඔහුගේ අරමුණ විය. ඔහු හමුදා ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට වුවත් ක්‍රියාකිරීමට සුදානමින් සිටින්නට ඇතැයි සිතිය හැක්‌කේ පසුගිය ජනාධිපතිවරණයට පසුව ඔහු ට්‍රාන්ස්‌ ඒෂියා හෝටලයට වී රඟ දැක්‌වූ නාටකය හේතුවෙනි. යම් අයුරකින් මහින්ද රාජපක්‍ෂ මහතා පරාද වී නම් හෝ සුළු ඡන්ද සංඛ්‍යාවකින් ජයගත්තේ වී නම් හෝ අද ජනාධිපති සරත් ෆොන්සේකාය. එසේ නම් මේ රට ලේ විලක්‌ බවට පත්වීමට ඉඩ තිබිණි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ගැන බෙරිහන් දෙන දෙස්‌ විදෙස්‌ පඬියන්ට ඒ ගැන වගක්‌ නැත. බටහිරයන් මේ වන විට රට දෙකඩ කර ෆොන්සේකාට ඊනියා දකුණත් ප්‍රභාකරන්ට ඊනියා උතුරත් භාරදීමට කටයුතු කිරීමට තිබිණි. එසේ වී නම් අද යාපනයට යන ලක්‍ෂ සංඛ්‍යාත සිංහලයන්ට මැදවච්චියෙන් එහාට යැමට රවි කරුණානායකගෙන් වීසා ගැනීමට සිදුවන්නට තිබිණි.

තම මමත්වයේ සීමාවක්‌ නොදුටු සරත් ෆොන්සේකා බටහිරයන්ගේ අතකොළුවක්‌ බවට පත්විය. ඔහු සුදු කොඩි කතාව කීවේ බටහිරයන් වෙනුවෙනි. එහි ඇත්තේ එකම එක අරමුණක්‌ පමණකි. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බටහිරයන්ගේ ඊනියා ජාත්‍යන්තර යුද්ධාධිකරණ දංගෙඩියට දැක්‌කවීමය. බටහිරයෝ සරත් ෆොන්සේකා කරන ඒ පාවාදීමට ජනාධිපතිකම ලබාදීමට කටයුතු කළහ. එහිදී එ. ජා. පක්‍ෂය හා ජ වි පෙ. වින්නඹුකම කෙළේය. බටහිරයන්ට අවශ්‍ය වූයේ ඔවුන්ට අවනත නොවූ ඔවුන් ඉදිරියේ දණ නොනමා තම රට ජාතිය රැකගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජීවිතක්‍ෂයට පත්කිරීමත් ඒ සමග ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද ඒ ඉරණම අත්කර දීමත්ය. බටහිරයන් තමන්ට විරුද්ධ, තමන්ට අවනත නොවන ආසියාප්‍රිකානු රාජ්‍ය නායකයන්ට යහතින් ජීවත්වීමට ඉඩ නොදෙති. ඔවුන්ගේ ඒ අරමුණ ඉටුකර ගැනීමට සරත් ෆොන්සේකා යොදා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතාව විය. එහෙත් බටහිරයන්ගේ සියලු උපක්‍රම ව්‍යර්ථ කිරීමට අප සියලු දෙනාට හැකිවිය.

බටහිරයෝද ඔවුන්ගේ ගැති එජා පාක්‍ෂිකයෝ ද ජවි පෙරමුණු පුස්‌සෝ ද දහසක්‌ පඬියෝද ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා දිනන තුරු කට ඇරගෙන බලා සිටිsයහ. ලංකාව යනු කොළඹ යෑයි සිතන මේ මුග්ධයෝ කොළඹ හා ඒ අවට මධ්‍යම පාංතිකයන්ගේ මතය මෙරට ජනමතය යෑයි සිතූහ. ජනාධිපතිවරණය පැවැත් වූ දින ට්‍රාන්ස්‌ ඒෂියා හෝටලයේ රඟ දැක්‌වූ නාටකයේ පසුබිමෙහි වූයේ මේ අපේක්‍ෂාවය. එහෙත් ඔවුන් බලාපොරොත්තු නොවූවක්‌ම සිදු විය. මහින්ද රාජපක්‍ෂ මහතා අතිවිශාල ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළේය. ජනතාව ඉතා පැහැදිලි තීන්දුවක්‌ දී තිබිණි. බටහිරයන්ට එ ජා පක්‍ෂයට ජ වි පෙරමුණට හා දහසක්‌ පඬියන්ට ප්‍රශ්නයක්‌ වුවද "යුද්ධයේ වීරයා" කවුදැයි යන්න පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක්‌ වී නොතිබිණි. බටහිරයන්ට සිදු වූයේ වලිගය කකුල් දෙක අස්‌සේ ගසාගෙන ආපසු යැමටය. එහෙත් ඔවුහු තවමත් එ. ජා. ප, ජ. වි. පෙ පඬියන් හා පල්ලි නිකායේ භික්‍ෂුන් වහන්සේ ඔස්‌සේ තම අපේක්‍ෂාවන් යම් පමණකින්වත් ඉටුකර ගැනීමට වෙහෙසෙති. අප අමතක නොකළ යුතු කරුණක්‌ වෙයි. සරත් ෆොන්සේකාගේ සටන හුදු ආණ්‌ඩු විරෝධී සටනක්‌ නොවේ. ඒ රාජ්‍ය විරෝධී සටනකි. ඔහු බටහිරයන්ගේ ආධාරයෙන් එ. ජා. ප හා ජ. වි. පෙ. ඔස්‌සේ රාජ්‍යයට අභියෝග කරයි. රාජ්‍ය නායකයා පාවා දෙමින් රාජ්‍යය පාවා දෙයි.

Prof. Nalin De Silva
Today's Divayina.
 
May 25, 2010
554
27
0
Bakery
අපිව ඉන්දියන් ඔත්තු සේවය අන්දවපු හැටි.

අපිව ඉන්දියන් ඔත්තු සේවය අන්දවපු හැටි.

The Sri Lankan General Sarath Fonseka who led troops to victory, defeating Tamil separatists after decades of war, was replaced on the advice of Indian Prime Minister Dr Manmohan Singh, who conveyed to Sri Lankan leadership that he had received credible intelligence about the possible coup against the Sri Lankan government.

......
It is quite obvious that India was not happy with Sri Lanka’s unprecedented victory that could lead to peace and domestic stability; thus denying India’s leverage in Sri Lanka’s internal affairs.

...

It seemed a well thought-out strategy that was carefully crafted by Indian Intelligence Agency RAW in Colombo and New Delhi to steal away the rejoicings of Sri Lankan nation in the aftermath of a grand victory against LTTE.

Reportedly, during the course of ground operations, General Fonseka had ignored President’s concerns on different occasions. Indians cashed on the opportunity and created an unfounded fear among the President who got scared and made abrupt changes in Army’s leadership, without realising the consequences in the process.

නලින් සිල්ව තමන්ගෙ ලමයි පිට රට පටෝල මෙහෙ ඉන්න බයියෝ අන්දනවා. සිල්වයි උගේ පින්ගුත්තරයෝ ටිකයි දන්නේ නෑ ඉන්දියාව හොන්දට නවල අපිට ඇරිය කියල. අපි ඒ ඇරිල්ලට ෆෝම් වෙලා ෆොන්සේකා හිරෙත් දැම්මා. ඉන්දියන් එව්වොන්ට හතර හිනා
 
Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    27ziwhv.jpg

    2m7zqrc.jpg

    • Like
    Reactions: dumindaka

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඔවුහු සියල්ලෝම කලක සිට විජාතික බලවේගවලට සේවය කරති. එහෙත් එවිට ප්‍රශ්නයක්‌ වෙයි. එදා ෆොන්aaaaසේකා හොඳම හමුදාපති යෑයි කී අය අද ඔහුට නිල ඇඳුම ගලවා ජම්පර අන්දවන්නේ ඇයි ද යන්නය. එයට ඇත්තේ එකම එක පිළිතුරක්‌ පමණකි. ෆොන්සේකා එදා රාජ්‍යය හා සිංහල බෞද්ධ ජාතිකත්වය රැකගැනීමට සටන් කෙළේය. අද ඔහු රාජ්‍යය හා සිංහල බෞද්ධ ජාතිකත්වය පාවාදීමට කටයුතු කරයි.
    සරත්ගේ යුධ ඇඳුම ගැලෙව්වේ මහින්දය.ඒ යුද්ධය ජය ගැනීමෙන් පසු ඔහුව හමුදාපති තනතුරෙන් එලවා දැමීමය.ඉනපසු ඔහු කිසිම කාර්ය භාරයක් නැති තනතුරු වලට පත් කරන ලඳි.
    මේ රටේ සැබෑ දේශප්‍රේමී බලවේග සරත්ට ජාතික ඇඳුම ඇන්දෙව්වේ, මේ යුධ ජයග්‍රහනයේ නියම උරුමක්කන් කරුවන් රට හොරා කන දේශපාලුවන් සහ හොර ඇමතිවරුන් නොව අපේ හමුදාව බව ජනතාවට පෙන්නීම සඳහාය.
    ජාතික ඇඳුම ඇඳගත් සරත්ට හිර ගෙදර ජම්පර් ඇන්දෙව්වේ මහින්දය.ඒ සඳහා ඔහු විසින්ම පත් කරන ලද උසාවියක තීන්දුව ඔහු විසින්ම අත්සන් කරලා නේද
     
    • Like
    Reactions: Srilankan1
    May 25, 2010
    554
    27
    0
    Bakery
    මේ නලින් සිල්ව තමයි 1989 කාලේ ජේ වී පී එකට කැහැලා, උන්ගේ ස්ටේජ් නැගල කතා පවත්තල දාස් ගනන් කොල්ලො මරෙන්න යැව්වේ. එහෙව් එකාගෙ ලමයි අද කොහෙද? :angry::angry::angry:
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කිඹුලා බනිස්;8433324 said:
    මේ නලින් සිල්ව තමයි 1989 කාලේ ජේ වී පී එකට කැහැලා, උන්ගේ ස්ටේජ් නැගල කතා පවත්තල දාස් ගනන් කොල්ලො මරෙන්න යැව්වේ. එහෙව් එකාගෙ ලමයි අද කොහෙද? :angry::angry::angry:

    ඔන්න කතා කරපන් මචන්.. :D:D:D:D
     
    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    කිඹුලා බනිස්;8433085 said:

    අපිව ඉන්දියන් ඔත්තු සේවය අන්දවපු හැටි.

    නලින් සිල්ව තමන්ගෙ ලමයි පිට රට පටෝල මෙහෙ ඉන්න බයියෝ අන්දනවා. සිල්වයි උගේ පින්ගුත්තරයෝ ටිකයි දන්නේ නෑ ඉන්දියාව හොන්දට නවල අපිට ඇරිය කියල. අපි ඒ ඇරිල්ලට ෆෝම් වෙලා ෆොන්සේකා හිරෙත් දැම්මා. ඉන්දියන් එව්වොන්ට හතර හිනා

    Indiavata mokatada harako Ponsekava hire demama thiyena vasiya... Ai Sonia Gandhi baya unada Poneka eheth ginin chandelilala facebook president veikiyala :lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සරත් ෆොන්සේකා ගැන මේ තීරුවේ බොහෝ දේ සඳහන් වී ඇත. ඔහු ලොවේ දක්‍ෂතම හමුදාපති විය හැකිය. එහෙත් ප්‍රභාකරන් පරදවන ලද්දේ ඔහු විසින් නොවේ. ඔහු පාබල හමුදාව මෙහෙයවූවා පමණකි. ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකාය පමණක්‌ නොව ජනතාව ද රනිල් වික්‍රමසිංහගේ රවි කරුණානායකලාගේ හමුදා විරෝධී හා ජාතිෙද්‍ර`හී කතා නොතකා දෙන ලද සහාය නොවන්නට ප්‍රභාකරන් හා ත්‍රස්‌තවාදය පරාජය කළ නොහැකි වීමට තිබිණි. එහෙත් ඒ සියල්ලටම වඩා බලපෑ සාධකය වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දෙන ලද දේශපාලන නායකත්වයය.

    දේශපාලන නායකත්වය යුධ ජයග්‍රහනයට ප්‍රධානම සාධකය නෙවෙයි.නියම දක්ෂ යුධ සෙනෙවියකුත් අවශ්‍යයි.මහින්ද හමුදා සැලසුම්, හමුදා සටන් ක්‍රම පිලිබඳව කිසිම දැනුමක් නෑ.මහින්ද අඩුම ගානේ යුධ පිටියේ යුද්ධ කරනවා සියැසින් දැකලවත් නෑ.
    මේක දන්නේ අපේ හමුදාවේ නිලධාරින් පමනයි.මේ යුද්ද ජයග්‍රහනයේ සැබෑ නියමුවන් කොටින්ගෙන් වෙඩි කාපු, තුවාල ලබපු අපේ හමුදාවේ නිලධාරීන් සහ කොල්ලෝ.නැතිව බොඩි ගාඩ්ලා 1000ක් එක්ක කොලඹ ඉඳන් , හමුදාව කොටින්ගෙන් බේර ගත්ත රත්තරන් පවා හංග ගත්ත දේශපාලකයන් සහ හොර ඇමතිවරු, නෙවෙයි.
    මුන් තමයි අපේ රටට තියෙන ලොකුම හෙණය.මුන් රජ සැප විඳිනවා. ජනතාවට, හමුදාවට කිසිම සහනයක් නෑ. අද පාන් කීයද? ගෑස් කීයද? මුන්ට දේශපාලන නායකත්වයක් තියා දේශපාලනය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ. හරි දේශපාලන නායකත්වයක් තියෙනවනම් අඩුම ගානේ පාන්, හාල් වත් අඩු වෙන්න එපෑය. ජාතියේ වාසනාවට
    මුන් (දේශපාලකයෝ)යුද්ද කරන්න දන්නේ නැති නිසා අපේ රණ විරුවෝ යුද්ධය මෙහෙයවලා කොටි නැති කරා.හැබයි උන් යුද්ධ කරන්න ටිකක් හරි දැනන් හිටියනම් යුද්දෙත් අනනවා.
     
    Last edited:
    • Like
    Reactions: Hiranchandima

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43

    ubata chandayak onida machooooooooooooo..........
     
    Sep 9, 2010
    444
    35

    yuda rahas pita rata parayanta kiyana ekada ponseka kiyana hamudapathi thumage dakshakama ?
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    . යම් අයුරකින් මහින්ද රාජපක්‍ෂ මහතා පරාද වී නම් හෝ සුළු ඡන්ද සංඛ්‍යාවකින් ජයගත්තේ වී නම් හෝ අද ජනාධිපති සරත් ෆොන්සේකාය. එසේ නම් මේ රට ලේ විලක්‌ බවට පත්වීමට ඉඩ තිබිණි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ගැන බෙරිහන් දෙන දෙස්‌ විදෙස්‌ පඬියන්ට ඒ ගැන වගක්‌ නැත. බටහිරයන් මේ වන විට රට දෙකඩ කර ෆොන්සේකාට ඊනියා දකුණත් ප්‍රභාකරන්ට ඊනියා උතුරත් භාරදීමට කටයුතු කිරීමට තිබිණි. එසේ වී නම් අද යාපනයට යන ලක්‍ෂ සංඛ්‍යාත සිංහලයන්ට මැදවච්චියෙන් එහාට යැමට රවි කරුණානායකගෙන් වීසා ගැනීමට

    ලේ විලක් වෙලා තිබුන රට එකෙන් බේරුනේ සරත්ලා සහ අපේ හමුදාවේ රත්තරන් කොල්ලො හින්දා.නැතිව පඩ ගඳ ගහන හොර ඇමතිවරු නිසා නෙවෙයි.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඔවුහු සියල්ලෝම කලක සිට විජාතික බලවේගවලට සේවය කරති.
    බටහිරයෝද ඔවුන්ගේ ගැති
    නලීන් එයගේ ලමයි විජාතික, බටහිරට සහ අධිරාජ්‍යවාදී රටවලට යවලා තියෙන්නේ , ඔහු විජාතිකයන්ට කැමති නිසා නේද?
    එහෙම නැත්නම් ලමයිව යවන්න තිබුනේ කියුබාවට, රුසියාවට, අප්‍රිකාවට නේද? අඩුම ගානේ ඉන්දියාවටවත් යවන්න තිබුනනේ.
    ලමයි විජාතිකයන්ට සේවය කරනවා හොඳට. අපේ රටේ නියම විජාතික බලවේග හෝ අධිරාජ්‍යය විරෝධීන් නෑ. නියම විජාතික සහ අධි රාජ්‍යය විරොධියකුට අද ඉතිරි වෙලා ඉන්නේ ‍ෆිඩෙල් ක්‍රැස්තොලා වගේ කීප දෙනෙක් විතරයි.
    අපේ රටේ ඉන්න හොරා කාලා කෝටිපතියෙක් වුන, ලමයි එක්ක ඩිස්නි ලන්තේ යන වීරවංශලා, එහෙම නැත්නම් ෆොටො ෂොප් පාවිච්චි කරලා ඔබමාලා එක්ක එකට හිටපු ෆොටෝ නිකුත් කරන මහ රජානන්ලා , ඇමරිකන් ඩොලර් සිවුරු අස්සෙ හංගගෙන ඇමරිකන් තානාපති කාර්යාල ඉස්සරහා බෙරිහන් දෙන රතන සාදුලා තමයි, මේ නලීන් මහත්තයා අපිට පෙන්නන විජාතික, බටහිර විරෝධි බලවේගවල නායකයෝ.
     
    Reactions: rochel1977