Movie and Game Ratings(චිත්‍රපට හා ක්‍රීඩා වර්ගීකරණය)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Movie and Game Ratings(චිත්‍රපට හා ක්‍රීඩා වර්ගීකරණය)

    මෙය භාවිතාවෙන්නේ චිත්‍රපටයක අන්තර්ගතය සමාජීය බහුතරයට ගැලපෙන්නේ කෙසේද යන්න තීරණය කිරීමටයි.
    එවායේ අන්තර්ගත භීෂණය, ලිංගිකතවය, වචන භාවිතය අනුව මෙම වර්ග කිරීම සිදුවෙනවා.

    මෙම වර්ගකිරීම රටවලින් රටවලට වෙනස්වූවත් සාමාන්‍ය පොදු භාවිතය වන්නේ MPAA(Motion Picture Association of America) ඇමරිකානු චලනරූප සංගමය මඟින් භාවිතා කරන වර්ගකිරීමයි.
    මෙය G-Rating system ලෙසත් හැඳින්වෙනවා. මෙය 1922 සිට භාවිතාවන අතර එම කාලයේ සිට ස්වල්ප වෙනස්කම්ද මෙම නීතිවලට සිදුවීතිබෙනවා.

    ඇමරිකාවේදී නම් චිත්‍රපටයක්, රූපවාහිනී කථාංගයක්, ගීත වීඩියෝවක් වැනි ඕනෑම එකක් මේ මඟින් අනුමත කරන්න ඕනා.
    ඒ අනුව එයට rating එකක් ලැබෙනවා, එය චිත්‍රපටය හෝ එම වීඩියෝවේ ආරම්භයේදී දර්ශනය වීමට තිබෙන්න ඕනා.

    ඔබ අනිවාර්යයෙන් එය දැකලා ඇති.

    mpaaratings.gif


    එම ratings වල අදහස...

    G — General Audiences.

    captureov.jpg


    මෙය ඕනෑම වයස්කාණ්ඩයකට සුදුසුවේ, මත්ද්‍රව්‍ය අසභ්‍ය දර්ශන අසභ්‍ය වචන භාවිතය කිසිවක් මෙහි අඩංගුනැත.


    PG — Parental Guidance Suggested.

    capturezh.jpg


    දෙමාපියන් හෝ භාරකාරයෙක්ගේ අනුදැනුම සහිතව නැරඹීම සුදුසුවේ. සමහර භීෂණ හා සියුම් ලිංගික දර්ශන අඩංගුවේ. මෙහි මත්ද්‍රව්‍ය භාවිතයක් පෙන්වන්නේ නැත.


    PG-13 — Parents Strongly Cautioned.

    capturekrn.jpg


    වයස 13පහළ ළමුන්ට නුසුදුසු දර්ශන ඇතුලත්වේ.
    මෙහි බිහිසුණු දර්ශන, සිපගැනීමේ දර්ශන, අසභ්‍ය වචන භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතය අඩංගුවේ. සෑම PG-13 චිත්‍රපටයක්ම වැඩිහිටියන්ට පමණක් නොවන අතර ඒවායේ අඩංගු ක්‍රියාදාම නිසාද එසේ සිදුවේ.
    උදාහරණ ලෙස Harry Potter පසුගිය චිත්‍රපටය දැක්වියහැක.


    R — Restricted.

    capturezov.jpg


    වයස 17 අඩු කිසිවකුට දෙමාපියන් හෝ භාරකාරයෙක් නැතිව නැරඹීම තහනම්වේ.
    අතිබිහිසුණු දර්ශන, ලිංගිකත්වය, දැඩි වචන භාවිතය, මත්ද්‍රව්‍ය, අපචාර අඩංගුවේ.


    NC-17 — No One 17 and Under Admitted.

    capturejwy.jpg


    ලිංගික ක්‍රියාකාරකම් අඩංගුය.
    වයස 17ට අඩු කිසිවකුට නැරඹීම තහනම්වේ. වැඩිහිටියන්ට පමණක් සුදුසුවේ.


    සමහර රටවල මෙම ලාංඡන වෙනස් ලෙස භාවිතාවෙනවා. එහෙත් අදහස එකමයි.


    ඕස්ට්‍රේලියාවේ භාවිතාවන ලාංඡන

    captureyx.jpg

    මෙහි ඇමරිකාවේ 17 සීමාව 18 දක්වා වැඩිකර ඇත.


    ඉංදියානු සිනමාවේ වෙනස් ලෙස වර්ගකිරීම සිදුවනවා, එහිදී ලැබෙන්නේ ලාංඡනයක් වෙනුවට සහතිකයක්.

    captureka.jpg


    මෙහි සලකුණු කරඇති කොටසින් වර්ගකිරීම සිදුවනවා.

    U-Unrestricted/Universal Public Exhibition
    සෑම අයෙකුටම සුදුසුයි. MPAA වල G වර්ගනයට සමානවේ.

    U/A හෝ V/U-Unrestricted/Universal Public Exhibition above or under age
    වයස 12අඩු නම් දෙමාපිය හෝ භාරකාරයෙක් සහිතව නැරඹිය යුතුවේ. සමහර දර්ශන වයස 12 අඩුඅයවලුන්ට නොගැලපේ.

    A-Adults
    වැඩිහිටියන්ට පමණක් සීමාවේ. බිහිසුණු දර්ශන මෙන්ම ලිංගික දර්ශන අඩංගුවේ.

    S-Specialised Audience
    විශේෂිත අයවලුන්ට පමණක්, එනම් වෛද්‍යවරුන්ට විද්‍යාඥයින්ට පමණක් සීමාවන චිත්‍රපට.

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පරිගණක මෘදුකාංග හා ක්‍රීඩා වලටත් මෙවන්වූ rating ක්‍රමයක් තිබෙනවා. එය හඳුන්වන්නේ

    ESRB-Entertainment Software Rating Board ලෙසයි.

    මෙහිදී Games, Softwares, Learning Applications වැනිදේ rate කිරීම සිදුවනවා.


    EC (Early Childhood)

    capturetj.jpg


    අවුරුදු 3ට පහල දරුවන්ට සකස්කර ඇත යන්න මෙයින් පෙන්වයි.


    E (Everyone)

    capturefn.jpg


    අවුරුදු 6ට වැඩි සියල්ලන්ටම සුදුසුවේ. කාටූන්, සුරංගනා කථා හා තරමක ප්‍රචන්ඩත්වය අඩංගුවේ.


    E10+ (Everyone 10 and older)

    capturegc.jpg


    අවු 10ට වැඩි ළමයින්ට සුදුසුය. තරමක ප්‍රචන්ඩත්වය අඩංගුවේ.


    T (Teen)

    capturevu.jpg


    අවු 13ට වැඩි අයට වඩාත් සුදුසුවේ. බිහිසුණු දර්ශන, ලේ ගැලීම්, දරුණු වචන, සූදුවේ යෙදීම් අඩංගුවේ.


    M (Mature)

    captureyo.jpg


    අවු 17ට වැඩි අයට සුදුසුවේ. බිහිසුණු දර්ශන, අසභ්‍ය වචන, ලේ ගැලීම්, ලිංගික දර්ශන අඩංගුය.


    AO (Adults Only)

    captureeo.jpg


    වැඩිහිටියන්ට පමණයි. අවු 18ට අඩු අයට භාවිතය තහනම්වේ. නිරුවත් ලිංගික දර්ශන හා අතිබිහිසුණු ක්‍රියාකාරකම් අඩංගුවේ.


    RP (Rating Pending)

    capturesl.jpg


    මෙය තවමත් අනුමත නොවූ පරිගණක ක්‍රීඩා සඳහා භාවිතා කරයි. එය නිකුත් කිරීමට පෙර අපට ලැබෙන beta හා trail සඳහා මෙය භාවිතාවේ.

    මෙම rating එක අපි මිලදී ගන්නා CD හෝ DVD තැටියේ කවරයේද සඳහන් වෙනවා.

    capturewdt.jpg



     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇමරිකාවේදී නම් චිත්‍රපටයක්, රූපවාහිනී කථාංගයක්, ගීත වීඩියෝවක් වැනි ඕනෑම එකක් මේ මඟින් අනුමත කරන්න ඕනා.

    This is wrong. Its not a MUST to get rated. There are releases without ratings simply released as UNRATED.
    Unrated works ofcause has a smaller circulation as all the major franchises only allows rated works.

    G — General Audiences.
    captureov.jpg


    මෙය ඕනෑම වයස්කාණ්ඩයකට සුදුසුවේ, මත්ද්‍රව්‍ය අසභ්‍ය දර්ශන අසභ්‍ය වචන භාවිතය කිසිවක් මෙහි අඩංගුනැත.
    This rating also means there's no strong violence scenes or disturbing scenes.

    NC-17 — No One 17 and Under Admitted.

    capturejwy.jpg


    ලිංගික ක්‍රියාකාරකම් අඩංගුය.
    වයස 17ට අඩු කිසිවකුට නැරඹීම තහනම්වේ. වැඩිහිටියන්ට පමණක් සුදුසුවේ.
    This rating is not based only on sexual content. The rating is given if there's extreme gore or extreme violence as well.
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මූවීස් වලනම් සීන් එක දන්නවා.......ගේම්ස් වලනම් අදමයි දැනගත්තේ...........;)
    Thnx for sharing Migara.....:);)
    Rep++