අපෙක්ෂාව~බලාපොරොත්තුව

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපෙක්ෂාව~බලාපොරොත්තුව

    අපෙක්ෂාව / බලාපොරොත්තුව

    දිනක් අම්මායි පුතායි කඩයකට ගොඩ වුන අවස්ථාවේදි සිදුවුන කතා මාලාවක්
    එළකිරි සහෝදර සහෝදරියන් එක්ක බෙදාගන්න හිතුනා..
    ​


    අම්මායි පුතායි කඩයකට ගොඩ වුන අවස්ථාවේදි
    ​
    කඩේ අයිතිකරු කුඩා හුරතල් ළමයාව දැකලා, බෝතලයක අසුරලා තිබ්බ රස කැවිලි වගයක් අරගෙන ළමයා දෙසට දික් කලා..​
    ඒත් ඒ කුඩා ළමයා ගන්න ගියේ නෑ..​
    මං හිතන්නේ.. ඒ ළමයාගේ දෙමව්පියන් උගන්වලා ඇති නාදුරන අය දෙන දේවල් ගන්න යන්න එපා කියලා..​
    ඒ අවස්ථාවේදී කඩේ භාරකරු විශ්මයට පත්වුනා..
    මේ වගේ කුඩා ළමයෙක් දිහා රස කැවිලි දික් කරද්දිත් නොගෙන හිටිය නිසා..


    ​
    නැවතත් ඒ මුදලාලි කුඩා ළමයා දිහා රසකැවිලි දික් කර, ගන්න කියලා ඉල්ලා සිටියා,
    ඒ අවස්ථාවේදි ළමයාගේ අම්මාට මේ දේ ඇහුන නිසා අම්මාත් පුතාට ගන්න කියලා කිව්වේ නිකන් දෙන කොට නොගෙන ඉන්න හොද නැති නිසායි..
    ​
    ඒත් ඒ අවස්ථාවේදිත් ළමයා ගන්න ගියේ නෑ..​
    කඩ මුදලාලිට තේරුම් ගියා මේ ළමයා ගන්නේ නැති විත්තිය..​
    ඒ හින්දා මුදලාලිගේ අතින්ම රසකැවිලි ළමයාට අරන් දුන්නා..​
    ළමයා ඒ වෙද්දි සන්තොස වුනේ අත් දෙක පිරෙන්නම රසකැවිලි ලැබුන හින්දායි..


    ​
    ගෙදරට ගියාම අම්මා පුතාගෙන්​
    " ඇයි පුතේ, ඔයා අර කඩේ මුදලාලි රසකැවිලි ගන්න කියද්දි ගත්තේ නැත්තේ ? " කියලා ඇසුවේය..


    ​
    ඔයාලට හිතා ගන්න පුලුවන් ද පොඩි ළමයාගෙන් මොනවාගේ පිළිතුරක් ද ඒ ප්‍රශ්නේට ලැබුනේ කියලා..



    ​
    “ අම්මේ , බලන්න මගේ අට දිහා, හුගක් පොඩි ඉතින් මං ඒ රසකැවිලි ගන්න ගියා නම්..
    ලැබෙන්නේ පොඩ්ඩයි.. දැන් බලන්න කෝ අම්මේ අර අන්කල්ගේ ලොකු අත්වලින් දුන්න හින්දා තවත් වැඩිපුර රසකැවිලි ලැබුනා.. “
    ​


    ආදර්ශය :

    අපි යමක් අත් කර ගනිද්දි අපිට ලැබෙන්නේ පොඩි දෙයක් වුනාට..
    දෙවියන්වහන්සේ අපිට යමක් දෙන කොට අපි අපෙක්ෂා කරනවාට වැඩිය අපිට අත් වෙනවා අනිවාර්යෙන්ම..

    ​



    මේය උපුටා ගෑනිමක් නෙවෙයි..
    පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් ) බව කරුණාවෙන්
    සලකන්න..



    මේ ගැන ඔයාලා දරණ අදහසත් කියලා යන්න වේලාවක් වෙන් කර ගන්න..
    ​
     

    jmrox

    Member
    Apr 9, 2009
    1,421
    228
    0
    WiTh Rs AcC
    අපි යමක් අත් කර ගනිද්දි අපිට ලැබෙන්නේ පොඩි දෙයක් වුනාට..
    දෙවියන්වහන්සේ අපිට යමක් දෙන කොට අපි අපෙක්ෂා කරනවාට වැඩිය අපිට අත් වෙනවා අනිවාර්යෙන්ම..


    datz true... :yes: :yes:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    අපි යමක් අත් කර ගනිද්දි අපිට ලැබෙන්නේ පොඩි දෙයක් වුනාට..
    දෙවියන්වහන්සේ අපිට යමක් දෙන කොට අපි අපෙක්ෂා කරනවාට වැඩිය අපිට අත් වෙනවා අනිවාර්යෙන්ම..


    this z absolutely truth
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නියම කාතාව.:D
    You must spread some Reputation around before giving it to coollifestyle4u again.