කිරි සුවඳ යන්නටත් කලින් මැලවෙන මල් කැකුළු
තාත්තා කිරිච්චිය ඇදලා ගත්තා. මස්සිනාව කසාද බඳින්න කැමති වුණේ නැත්නම් මාව දෙකඩ කරනවා කිව්වා” ඒ, රිම් අල් නුමේරිගේ හඬයි. ඈ එකොළොස් හැවිරිදියි. ඇයට වඩා දෙගුණයටත් වඩා වැඩිමහල් ඇගේ මස්සිනා සමඟ විවාහ වන ලෙස පියා ඇයට බලකරමින් සිටියේය.
“මස්සිනාට වයස අවුරුදු තිස්දෙකයි. මට වයස අවුරුදු එකොළහයි. ඔහුව කසාද බදින්න කියලා තාත්තා මට බල කළා.”
පියාගේ බලකිරීම ඈ භීතියටත් කම්පනයටත් පත් කළාය. ඈ විවාහය වෙත තල්ලු කරන්නේ මේ භීතියයි. එහෙත්, විවාහ මංගල්‍යය සැමරීමට ඇගේ පවුලේ අය එකඟ වූයේ එක් කොන්දේසියක් මතයි.
“මම ඔහුත් සමඟ ලිංගිකව හැසිරුණා කියලා තහවුරු වන තුරු ම මං වෙනුවෙන් මංගල ඇඳුමක් මිලදී ගන්න ඔවුන් කැමති වුණේ නෑ. මොකද මුදල් නාස්ති කරන්න ඔවුන්ට අවශ්‍යතාවක් තිබුණේ නෑ. විවාහ උත්සවය පැවැත්වීමට ප්‍රථම සිය මස්සිනා සමඟ එකතුවන්නට ඇයට සිදු වන්නේ මේ පසුබිම තුළයි.
“ඔහුත් සමඟ ඉන්න කැමැතියි කියල මම කිව්වා. ඒත් මම ඔහුව ප්‍රතික්ෂේප කළා. මගේ ආරක්ෂාව සඳහා හැම රාත්‍රියකම මම නිදන කාමරයේ අගුලු දා ගත්තා.
එසේ වුවත් ඈ පවසන පරිදි ඔහු ඇයව දූෂණය කළේය.
මම ඔහුත් එක්ක හිටියා කියලා පවුලේ අයට තහවුරු වුණාට පස්සේ ඔවුන් මට මංගල ඇඳුමක් මිලදී ගත්තා. ඊට පස්සේ සාදයක් තිබ්බා. සාදයෙන් පස්සේ මම ඒ සුදු පාට මංගල ඇඳුම පිච්චුවා. ජීවිතේ නැති කරගන්නත් උත්සාහ කළා.”
ඒ, අල් නුමේරි එකොළොස් වැනි වියේදී මුහුණ දුන් කටුක අත්දැකීමයි. ඈ දැන් දාහතර හැවිරිදිය. ඇගේ ශෝචනීය කතාව තවමත් හමාර වී නැත. ඈ තම ස්වාමිපුරුෂයාගෙන් දික්කසාද වී සිටින්නීය. දික්කසාදය ඇයව ගරහාවට පත්කර ඇත. පවුලෙන් පිටමං කළ තැනැත්තියක සේ ඈ ජීවත්වන්නීය. ඇයගේ උදවුවට ස්වාමිපුරුෂයාද නැත. පියාද නැත. කිසිවකුගේ උදවුවක් නොමැති නිසා ඇයව පාසල් යාමටද නොහැකිය.
යේමනයේ තවමත් ළමා විවාහ සිදුවන බවට අල් නුමේරිගේ කතාව එක් සාක්ෂියක් පමණි. යේමනයේ දැරියන්ගෙන් අඩකටත් වඩා ප්‍රමාණයක් වයස අවුරුදු 18ට පෙර විවාහ ජීවිතයට ඇතුළත් වෙති. බොහෝ විට ඔවුන්ට විවාහ වීමට සිදුවන්නේ ඔවුන්ගේ වයසට වඩා සෑහෙන තරම් වයසක පසුවන පුද්ගලයන් සමඟය.
යේමනයේ ළමා විවාහ පිළිබඳ මේ දිනවල වැඩි අවධානයක් යොමු වී තිබේ. මන්ද යේමන පාර්ලිමේන්තුව ළමා විවාහ පිළිබඳ නීතියක් ගෙන ඒමට කටයුතු කරමින් සිටීමයි. මෙය එවැනි නීතියක් ගෙන ඒමට කටයුතු කළ පළමු අවස්ථාව නොවේ. විවාහය සඳහා අවම වයස අවුරුදු 17 දක්වා ඉහළ නංවන නීතියක් ගෙන ඒමට 2009 දී ද යේමන පාර්ලිමේන්තුව කටයුතු කළේය. එහෙත් කොන්සවේම්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවාද, තර්ක කිරීමත් සමඟ ඒ උත්සාහය අසාර්ථක විය. විවිධාකාර මත ඉදිරිපත් කිරීම් හමුවේ තවමත් විවාහ නීතියක් ගෙන ඒමට නොහැකිවීමෙන් යේමන දැරියෝ පීඩා විදිමින් සිටිති.
යේමන දැරියන් මුහුණ දෙන මේ ශෝචනීය තත්ත්වය පිළිබඳ මුළු ලෝකයේ ම දෑස් විවර කළේ නුජූඩ් අලීගේ කතාවයි. මේ සිදුවීම වුණේ මීට වසර දෙකකට පෙරයි. නුජූඩ් අලී වයස අවුරුදු 10ක දැරියක් වූවාය. මුළු ලෝකයම තිගැස්සවීමට පත් කරමින් ඈ උසාවිය ඉදිරියට පැමිණියාය. යේමන් අගනුවර උසාවියේ විනිසුරුවරයා හමුවේ ඈ ඉල්ලා සිටියේ දික්කසාදයයි. මේ නඩු විභාගය සඳහා මහත් ප්‍රසිද්ධියක් ලැබිණි. මේ සමඟ නුජුඩ් අලි යේමනයේ ළමා මනාලියන් පිළිබඳ ගැටලුවට එරෙහිව ආලෝකයක් එක් කළ වීරවරියක් බවට පත් වූවාය.
“කෙසේ වෙතත් යේමනයේ ළමා විවාහ නීතිය සම්මත කර ගැනීම මතභේදාත්මක කරුණක් බවට පත්ව තිබේ. යේමනයේ ජනාධිපති උපදේශකයකු වන මොහොමඩ් අබුලාහම් මේ පිළිබඳ පවසන්නේ මෙවැනි අදහසකි.
වයස් සීමාවක් තිබිය යුතුයි කියලා මම හිතනවා. ඔබ ආගමානුකූ®ල මිනිසුන් සමඟ සිටිනවා නම් ඒ අයගෙන් අහන්න අවුරුදු 12ක හෝ 13 ක තරම් ඔබේ දියණිය විවාහ වෙන්න ඉඩ හරිනවද කියලා. ඔවුන් කියාවි නෑ කියලා. එහෙම නම් මේක දේශපාලනය සඳහා භාවිත කරන යම් කිසි දෙයක්”
ෂාදා නසාර් යනු රිම් අල් නුමේරිගේ නීතිඥවරියයි. අද ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් යේමනයේ ප්‍රසිද්ධියක් උසුලන්නීය. දික්කසාදය ඉල්ලා සිටින ළමා මනාලියන් කිහිප දෙනකු වෙනුවෙන්ම ඇය පෙනී සිට තිබේ. යේමනයේ දැරියන් මුහුණ දෙන මේ ක්‍රියාවට විවාහය යැයි පැවසීමටවත් ඈ නොසිතන්නීය.
“මම හිතන්නේ ඒක දූෂණයක්” ඇය පවසන්නීය.
එසේ වුවත් ළමා විවාහවලින් තොර අලුත් යේමනයක් ගොඩ නැඟීමට රිම් අල් නුමේරිලාගේ පරම්පරාව උදවු වන ඇතැයි නසාර් බලාපොරොත්තුවන්නීය.
“කාටද පුළුවන් මේ යේමනය ගොඩනඟන්න.?”
නසාර් ප්‍රශ්න කරන්නීය.
“මට ද? නැහැ. මේ සෑම කුඩා දැරියකටම ඒක කරන්න පුළුවන්. ඔවුන්ට පුළුවන් යේමනය ගොඩ නඟන්න. ඒත් මේ හැම දැරියකටම හොද නීතියක් අවශ්‍යයි. පවුල් නීතියක් අවශ්‍යයි.”
නසාර් පූජකවරුන්ගෙන් බැගෑපත්වම ඉල්ලා සිටින්නේ එක් දෙයකි.
“මම ඉල්ලන්නේ මේ දැරියන්ට අනුකම්පා කරන්න කියලා”
අමල් අල්බාෂා යේමනයේ ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිණියකි. ඇගේ සංවිධානය ළමා විවාහ නතර කිරීමේ උත්සාහයේ නිරත වී සිටියි. යේමනයේ මිනිස්සු ළමා මනාලියන් මුහුණ දෙන භීතිය සම්පූර්ණයෙන් ම අවබෝධ කර ගන්නා තුරු මේ තත්ත්වයේ වෙනසක් සිදු නොවනු ඇතැයි ඈ පවසන්නීය.
දවස් කීපයකට පෙර අවුරුදු 9 ක දැරියක් විවාහ වුණා. ඇගේ වේදනාව බිය ගැන හිතන්න. අවුරුදු 9ක දැරියක් අවුරුදු 50ක කෙනෙක් සමඟ වැසූ කාමරයක ඉන්න එක ගැන මොහොතකට හිතන්න. මේ අත්දැකීම මැරෙන දවස තෙක් ම ඉතිරිවෙලා තියේවි.”
සී.එන්.එන්. ඇසුරෙනි
නිවන්ති තිලකරත්න