හාදුවක මහිමය

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Kissing-Couple-Canon-85mm.jpg

    මම මගේ 1000 වෙනි පෝස්ට එකට රියල් වැඩක් දෙන්න හිතුවා. Kissing ගැන හැමෝම කතා කරන නිසා ඒගැන මම හොයාගත්තු විස්තර ටිකක් දාන්නම්. තමන් ආදරය කරන කෙනාට හාදුවක් දීම ගොඩක් මිහිරි දෙයක් නමුත් තමාගේ ආකල්ප හා සෞඛ්ය පුරුදු මත එය වෙනස්වන්නට පුලුවන්. මම මේ කරුණු සම්පාදනය කර ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයේ වෛද්ය Michael W. Smith (MD) විසින් පලකල ලිපියක් ආශ්‍රයෙන්
    1. සෑම දිනම තම සහකරුවාට/සහකාරියට හාදුවක් දෙන අය එසේ නොකරන අයට වඩා අවුරුදු 5 ක් පමණ වැඩියෙන් ජීවත් වනවා.
    2. හාදුව විසින් ආත්ම සම්මානනය (Self Esteem) වර්ධනය කරනවා. මෙයින් ඔබට යම් වටිනාකමක් ඇතිබව හා තවත් කෙනෙක් තමන්ට ඉතා සමීප බව දැනේවි
    3. හාදුවක් මිනිත්තුවක කාලයක් පවත්වා ගැනීම තුලින් කැලරි 2-3 දක්වා ප්‍රමාණයක් දැවෙනවා එමෙන්ම පර්යේෂණයකට අනුව දිනපතා හාදු දීමට කෙනෙක් පුරුදු වී සිටිනවානම් එයින් තමාගේ බර රාත්තලකින් පමණ අඩුකරගතහැකි බව සොයාගෙන තිබෙනවා.
    4. හාදු දීම තුලින් තමාගේ සිතේ ඇතිවන ආතතිය හා මානසික පීඩනය ආදිය අඩුවෙනවා. එමෙන්ම තමාගේ මනසේ ආතතිය ඇතිකරන සිතුවිලි පවා නැතිකරන්නට හාදුව උපයෝගී වෙනවා.
    5. සාමාන්යයෙන් හාදුවක් දීමෙදී තමාගේ මුහුනේ ඇති මාංශපේශී 30ක් පමණ ක්රියාත්මක වෙනවා. හාදුවෙන් මුහුනේ ඇති පේශී වලට සම්බාහනයක් ලැබී රැධිර සංසරණය ඉතා හොඳින් ක්රියාත්මක වෙනවා.
    6. හාදු දීම තමන්ගේ හදවතට ඉතාම යහපත් වෙනවා. එමෙන්ම හදවතේ ක්රියාකාරීත්වය ක්රමවත් කිරීම, රුධිර පීඩනය අඩුකිරීමට මෙන්ම කොලෙස්ටරෝල් ප්රාමාණය පහල දැමීම මීට හේතුවයි.
    7. නිතර තම සහකරුට, සහකාරියට හාදුවකින් සංග්රහ කරන අය උදරයේ, ආමාශයේ හා රැධිරයේ ආසාදන වලට ලක්වීමේ ප්රාතිශතය අඩුබවයි සෙයාගෙන ඇත්තේ.
    8. හාදුවක් ලබාදීමෙදී තමාගේ මුඛයේ තිබෙන ඛේටයේ (Saliva) වේදනා නාශක ගුනයක් තිබෙනවා එය තමගේ ශරීරයේ බොහෝ වේදනා නැතිකිරීමට උදවි වෙනවා.
    9. හාදුවක් ලබාදීමෙදී තමාගේ මනස සන්සුන් වෙනවා. එය ශරීරයේ oxytocin හෝර්මෝනය වැඩිකොට මනසේ තැන්පත් ප්රීතිදායක හැඟීමක් ඇතිකරනවා.
    10. හාදු දීම තුලින් ශරීරයේ නිර්මාණය වන රසායනයන් අප සාමාන්යයෙන් වෙදනා නාශකයක් ලෙස පාවිච්චි කරන මෝර්ෆීන් වලට වඩා 200 ගුණයක් පමන ප්රබලයි

    හාදු දීමෙන් තමන්ගේ ගතටත් සිතටත් දැනෙන ප්රබෝධය විස්තර කල නොහැකියි. එය හාදුවක් පිරිනැමූ හා හාදුවක් ලැබූ සියලු දෙනාම දන්නා කරුණක්. හාදුවකින් කරන්න පුලුවන් දේ බොහෝය. එම නිසා තම ආදරණීයයෙකුට හාදුවක් පිරිනැමීමට ඔබත් පසුබට වෙන්න එපා

     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    1000 පොස්ට් එක නම් හොදයි...:cool::cool::cool:
    මොනවා උනත් හාදුව ගැන නොදන්න හුගක් එවා පැහැදිලි කරල තියනවා...:):)
    REP+ ADD