නැතිවෙච්ච ෆෝන් එක හොයාගන්නේ කොහොමද?

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    නැතිවෙච්ච ෆෝන් එක හොයාගන්නේ කොහොමද?

    දැන් ඉතින් ලංකාවෙදි ෆෝන් එකක් නැති උනා කියල බයවෙන්න දෙයක් නැහැ.

    පොලීසියේ පැමිණිල්ලක් දාලා ඒකෙ පිටපතක් එක්ක, ඔයාගෙ ෆෝන් එක හොයල දෙන්න කියල ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්ට ලියුමක් යවන්න. මේ ලියුමේ නැතිවෙච්ච ෆෝන් එකට දාල තිබ්බ සිම් එකට අයිති ෆෝන් නොම්බරේ ලියන්න අමතක කරන්න එපා.

    ඔයගෙ පැමිණිල්ල විදුලි සංදේශ කොමිශන් සභාවට ලැබුනම එයාල ඔයාට දැනුම් දෙයි. ඔව්! ෆෝන් එකත් හොයල දෙනවා.

    ඔයාලගේ පැමිණිල්ල පහත ලිපිනයට හරි 0112676985 , 0112689341 කියන ෆැක්ස් අංක වලට හරි යවන්න පුලුවන්.

    අධ්‍යක්ෂ ජනරාල්,
    විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව,
    අංක 276,
    ඇල්විටිගල මාවත,
    කොළඹ 8


    වැඩි විස්තර ඕනෙනම්,
    2662222
    2662215
    2662216
    5376159
    4514067 කියන නොම්බර වලින් අහල දැන ගන්න.


    කොහොමද ඉතින් මේ හොරකම් කරපු ෆෝන් හොයාගන්නව ඇත්තේ? ඒක කරන්නේ ඔයාලගේ ෆෝන් එකේ ඉමි අංකය පාවිච්චි කරලයි.




    මොකක්ද මේ IMEI අංකය? | What is this IMEI number?


    මේ ඉමි අංකය කියන්නේ හරියට ඇගිලි සලකුණ වගේ දෙයක්. මේක ෆෝන් එකෙන් ෆෝන් එකට වෙනස්. ඒ කියන්නේ ඉමි අංකයකට අදාල ෆෝන් තියෙන්නේ එකයි. ඔව්! ලෝකෙටම එකයි!

    ඔයාලගේ ෆෝන් එකේ ඉමි අංකය, මේ code එක (*#06#) ඔයාලගේ phone එකේ ගහලා හොයාගන්න පුලුවන්. මේකට Serial no. කියලත් කියනවා.

    කොහොමද මේ IMEI අංකය හොයන්නේ

    ඉතින් මොකක්ද මේ IMEI අංකයෙන් ඇති වැඩේ?

    අපි සිම් එකක් ෆෝන් එකට දාලා Activate කලාම ඔබේ Phone අංකය, ඔබ සිටින ප්‍රදේශය, සිම් එකට අයිති තොරතුරු ආදිය අදාල දුරකථන ජාලයේ සටහන් වෙනවා.
    දැන් ඉතින් තේරෙනවනේ, හොරකම් කරපු ෆෝන් එකට සිම් එකක් දාල ඇක්ටිවේට් කරපු ගමන්ම බඩු පැකට්! හික්!


    ඒ නිසා පාවිච්චි කරපු ෆෝන් ගද්දි බලාගෙන, මොකද හොරකම් කිරීම වගේම හොරබඩු ලග තබා ගැනීමත් වැරැද්දක්!


    :P:P:P:P:P:P:P:P:P:P:P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නියමයි මචන් ගොඩක් අයට වැදගත් වෙයි... මගේ එකත් ගල් උනා
    +රෙප්

    11.gif
    11.gif
    11.gif

     
    • Like
    Reactions: vidura99

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    එහෙනම් දැන් phone එක නැති උනා කියලා දුක් වෙනවා වෙනුවට phone එක ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් වේවි.... :)

    ස්තුතියි යාලුවා ගොඩාක් වටිනා තොරතුරක්... :yes:
     
    • Like
    Reactions: vidura99

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ela ela e unata mage yaluwekge dongle ekak nathi wela langadi u eka dialog eke unta kiwama un kiyala tiyenwa imei eken oyage dongle eka hoyaganna puluwan eth itihn gathhu ekata nadu dala eka hoya gannakota rs 10000(ai ban nadu kiyanna lawyer kenek epai) wage yai kiyala.....itin dongle 2k ganna bariya 10000...u anna aluthen dongle ekak gathha...lol oya wade hodai eth prayogika naha.......
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mamanam oya seen eka pratical karalama thiyanawa:) phone eka gal kale kurunegalin thibbe mahawa wadee kala aye dekak na elatama dunna :P