Ravana Falls (රාවණා ඇල්ල)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රාවණා ඇල්ල

    68821_113843452011096_100001563261148_118111_837159_n.jpg


    රාවණා ඇල්ල කියන්නේ අපේ රටේ තියන අපූරුම දිය ඇලි වලින් එකක්. ඇල්ල මීටර 25ක් උසයි. මේ ඇල්ල පිහිටලා තියෙන්නේ ඇල්ල-වැල්ලවාය මහා මාර්ගයේ. මාර්ගය අසලම තමයි දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ඇල්ල නගරයේ ඉඳලා දුර හරියටම කිලෝ මීටර 5යි. ආසන්නතම දුම්රිය ස්ථානය ඇල්ල දුම්රිය ස්ථානයයි.

    රාවණා ඇල්ල එක දිගටම කඩා හැලෙන ඇල්ලක් නෙවෙයි. කොටස් කිහිපයකට කැඩිලා තමයි ඇල්ල පහලට ගලා වැටෙන්නේ. මේ නිසා එහි සුන්දරත්වය තවත් වැඩි වෙලා තියනවා.

    73656_113843535344421_100001563261148_118113_6476563_n.jpg


    ඇල්ල අසලම පාලමක් පිහිටලා තියෙනවා. පාලම මත ඉඳලා ඇල්ලේ සුන්දරත්වය අපුරුවට නරඹන්න පුලුවන්. ඒ වගේම සංචාරකයන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් වගේම කෑම බීමත් මේ ස්ථානයේ තියෙනවා.
    සමහර සංචාරකයන් ඇල්ල තරණය කරන්නත් උත්සහ කරනවා. එසේ කිරීමට යාමෙන් අනතුරු කිහිපයක්ම සිද්ධවෙලා තියනවා. ඒ වගේ දේවල් නොකර ඇල්ලේ සුන්දරත්වය නරඹලා එන්න කියලාත් කියන්න කැමතියි.

    73722_113843498677758_100001563261148_118112_6112323_n.jpg


    68797_113843582011083_100001563261148_118114_2187152_n.jpg



    ඇල්ල සම්බන්ධ පුරාවෘත්ත ගනනාවක්ම තියනවා. පුරාණයේ රාම රාවණා කතාවේ රාවණා රජු සීතා කුමරිය සඟවාගෙන සිටියේ මේ ඇල්ල අසල පිහිටි ගල් ගුහාවක කියලා මතයක් තියෙනවා. මේ ඇල්ල අසලම රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයත්, දෝව පුරාණ විහාරයත් පිහිටලා තියෙනවා.
    රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයට යන ඔයාලාට රාවණා රජු විසින් සීතා කුමරිය සඟවා සිටියා කියන ගල් ගුහාව දැක බලා ගැනීමට පුලුවන්.

    වලගම්බා රජතුමා විසින් තමයි මේ ලෙන් විහාර දෙකම කරවලා තියෙන්නේ. රාවණා ඇල්ලට උඩින් කුඩා රාවණා ඇල්ල කියලා තවත් දිය ඇල්ලක් තියෙනවා.
    ඒ වගේම රාවණා ඇල්ල බඹරගම ඇල්ල කියලාත් හඳුන්වනවා.



    picture.php

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක මාර ලස්සනයි මචං... ගොඩාක් උසයි.. මටත් ලොකු ආසාවක් තියෙනවා කවදා හරි ඔකේ මුදුනටම යන්න... :D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕකනම් ලස්සන හා ඉතා ප්‍රසිද්ධ ස්ථානයක්. අපූරු දිය ඇල්ලක්. බො‍හොමත් ම ස්තූතියි කට්ටයට පෙන්වන්න මේ වගේ පින්තූර හා විස්තර පළ කළාට.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක මාර ලස්සනයි මචං... ගොඩාක් උසයි.. මටත් ලොකු ආසාවක් තියෙනවා කවදා හරි ඔකේ මුදුනටම යන්න... :D:D

    :lol::lol:
    කරන්න වෙන්නේ ලබන ආත්මේ, දැන් නම් වයසට අමාරුයි
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එක සැරයක් ගියා .... දෙවැනි පාරටත් ගියා ඒ මේ ත්‍රෙඩ් එකෙන්

    තැන්ක්ස් පෙරෙරා අයියා ... පට්ට ගති ෆොටෝ ටික
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maru yanna one welawaka thnkssssssssssssssssssssssss

    කිහිප සැරයක්ම ගිහින් තියෙනව. ඒත් ආයිත් යන්න ආසයි.
    පුදුම සිසිලසක් ඔය පාලම උඩ තියෙන්නෙ.
    ස්තුතියි පෙරේර මල්ලි!

    nice thread :D

    Maxxxxxxxxxxxa work Bro!
    11.gif

    niyama potoZ
    11.gif

    niyama Wisthra!
    11.gif
    elama thama!
    11.gif

    Thanks per
    11.gif
    era!

    maxxsa machan. ellata behela naaganna thiyenawanam kiyala hithuna

    එක සැරයක් ගියා .... දෙවැනි පාරටත් ගියා ඒ මේ ත්‍රෙඩ් එකෙන්

    තැන්ක්ස් පෙරෙරා අයියා ... පට්ට ගති ෆොටෝ ටික

    ගොඩක් ලස්සන තැනක් මචන්:D

    නියමයි... එලකිරි

    ඕකනම් ලස්සන හා ඉතා ප්‍රසිද්ධ ස්ථානයක්. අපූරු දිය ඇල්ලක්. බො‍හොමත් ම ස්තූතියි කට්ටයට පෙන්වන්න මේ වගේ පින්තූර හා විස්තර පළ කළාට.

    මේක මාර ලස්සනයි මචං... ගොඩාක් උසයි.. මටත් ලොකු ආසාවක් තියෙනවා කවදා හරි ඔකේ මුදුනටම යන්න... :D:D

    nice post.

    kohomada dan saneepada.


    ස්තුතියි හැමෝටම
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol:
    කරන්න වෙන්නේ ලබන ආත්මේ, දැන් නම් වයසට අමාරුයි

    :rolleyes:

    ඔහොම කියනවාද යකෝ එ මනුස්සයාට. මට දැකපු ගමන් බක්ස් ගාලා හිනා ගියා.