කවුද මේ "little boy","fat man" කියන්නේ...?

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කවුද මේ "little boy","fat man" කියන්නේ...?

    දෙවෙනි ලෝක යුද්ධ අවසාන කාලේ 1945 විතර ඇමෙරිකාව විසින් ජපානයේ හිරොෂිමා නගරයයි නාගසාකි නගරයයි ඉලක්ක කරගෙන පරමාණු බොම්බ හෙලීමට කටයුතු කරගෙන ගියා...ඇමෙරිකාව විසින් 1945 අගෝස්තු මාසෙ 6 වෙනිදා හිරෝෂිමා නගරයට හෙලනු ලැබූ පරමාණු බෝම්බය තමා මේ "little boy" කියලා කියන්නේ...ඇමෙරිකාව විසින් ජපානයේ මේ හිරෝෂිමා නගරයම ඉලක්ක කරලා පරමාණු බෝම්බය හෙලුවේ මේ නගරය යුධමය වශයෙන් තිබුණු වැදගත්කම නිසා මොකද ජපානයේ දෙවෙනි හමුදා මූලස්ථානය පිහිටලා තිබුණේ හිරෝෂිමා නගරයේ..ඒ විතරක් නෙවේ සන්නිවේදන මූලස්ථානයත් ගබඩා සංකීර්ණයත් පිහිටලා තිබුණේ මේ නගරයේ.හිරෝෂිමාවට පරමාණු බොම්බය හෙලලා හරියටම දවස් 3 කට පස්සේ ඒ කියන්නේ 1945 අගෝස්තු 9 වෙනිදා ඇමරිකාව විසින් දෙවෙනි පරමාණු බෝම්බය වන "fat man" ජපානයේ නාගසාකි නගරයට හෙලනු ලැබුවා...ඔයාලා දන්නවද ?මේ පරමාණු බෝම්බ හෙලලා මුල් මාස 3,4 කාලය තුළ හිරෝෂිමා නගරයේ හිටපු 90,000–166,000 විතර මරණයට පත් උනා....නාගසාකි නගරයේ හිටපු අයගෙන් මරණයට පතුවුනු පුද්ගලයන් ගණන 60,000–80,000 විතර...මේ ප්‍රමාණය පරමාණු බොම්බ හෙලපු මුල් දවසේ මියගිය පිරිසෙන් ආසන්න වශයෙන් අඩක්....ඒ විතරක් නෙවේ පිපිරීම සිදූවුන දවසේ මරණයට පත්වුනු අයගෙන් 60% විතර පිළිස්සීම් නිසා..30% විතර සුන්බුන් වලට යටවෙලා...10% විතර අනෙක් හේතු නිසා මරණයට පත් උනා.​

    little boy පරමාණු බෝම්බයේ ඡායාරූප....
    SB50.jpg


    LittleBoy.jpg


    පරමාණු බෝම්බයේ ස්වභාවය.
    282dfm8.png

    fat man පරමාණු බෝම්බයේ ඡායාරූප..
    FatMan.jpg


    SB58.jpg
    පරමාණු බෝම්බයේ ස්වභාවය.​
    s4p4ll.jpg

    little boy සහ fat man
    2uf7c7l.png
    2njabgp.png
    little boy පරමාණු බෝම්බය හිරෝෂිමා නගරයට හෙලනු ලැබූ අවස්ථාවේ ගත් ඡායාරූපයක්...

    2cwups.png
    fat man පරමාණු බෝම්බය නාගසාකි නගරයට හෙලනු ලැබූ අවස්ථාවේ ගත් ඡායාරූපයක්..
    iny0m1.png

    අසරණ..සාමාන්‍ය ජනතාව..
    .
    Victim04.gif

    A-Bomb%20Hiroshima%20Victim%201.jpg


    atomic-bomb-victims-36941486.jpg


    Victim13.gif

    DU%20baby%20Afghanistan%203.jpg

    du-victim.jpg

    hiroshima_victim.gif


    images


    273-2.jpg


    hiro.jpg

    මේවට වග කියන්නේ කවුරුන්ද..? ඉදිරියේදී මෙවැනිදේ සිදු නොවනු ඇතැයි සහතික විය හැක්කේ කා හටද..?​

    ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න අමතක කරන්න එපා..
     

    Similar threads