▄¤°බුදු¤°▄ 1

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
රත්නමාලි යන්ත්‍රය


රත්නමාලි යන්ත්‍රය වෙළද පොලේ විකිණිමට ඇති සෑම බොදු පින්තූරකම පාහේ වර්ථමානයේ දැකිය හැකි ජනප්‍රිය ගාථා රත්නයකි.

එලෙසම එම ගාථා රත්නය උදේ සවස ශ්‍රවනය කිරීමෙන් දැකීමෙන් තුරැනුවන්ගේ ආරක්ෂාව ලැබෙන බවද මෙහි සදහන් කර ඇත.

ධර්මය නමි කුමක් වුවද ශ්‍රවනය කිරීම යහපත් වන්නේය. නමුත් නිකමිම නිකන් ගාථා රත්නයක් ඇසූ පමණකින් යමි ගුණයක් ලැබෙන්නේද යන්න සලකා බැලිය යුතු කරැණක් වන්නේ.

මෙම යන්ත්‍රය බලවත් හා ඉතාමත් අසීරැ අක්ෂර යෝගයක් යොදා සාදා ඇති බව සත්‍යයකි. නමුත් බොදුවන් වශයෙන් අපගේ අරමුණවන්නේ මෙම යන්ත්‍රය දෙස බලා හා එය ශ්‍රවණය කිරීමෙන් පමණක්
සතු
සුබසෙත ලබා ගැණිම නම් බොදුවෙකු වශයෙන් එම පුදුගලයාගේ කිසිදු හරයක් නැතැයි නිගමණය කල හැක. කුමක් නිසාද යත් වස්කවි සෙත්කවි අදියෙත් මෙකි ආකාරයට අක්ෂර බැදීම මගින් කරණු ලබන භාෂාමය හරබයන් ඇති බැවින් මෙම ගාථා රත්නය මගින් එබදු පරමාර්ථයක් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන්නන්ට සෙත්කවියක් ලියවා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.

යමෙක් රත්නමාලි යන්ත්‍රයෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට සිතන්නේ නමි එම ගාථාවල ඇති සිංහල විවරණය වන

සසර සැඩ පහර නවතා නිවන් වැද(
සිංහල අර්ථ)

වශයෙන් සදහන් වචන කියවා ගාථාව
කියවීම නොව බුද්ධ ධමිම සංඝ යන ත්‍රිවිධරත්නය පිළිබදවම එහි සදහන් කරැණු පිළිබදව මදක් ගැබුරෙන් සිතීමය. එවිට එය බද්ධානුස්සතියක්ද ධමිමානුස්සතියක්ද සංඝානුස්සතියක්ද වන්නේය. මෙහිදී උපදින්නාවූ කුශලමය සිතුවිලි හා ඒ හා බැදි චෛතසික ධර්මයන් නිසා සිත ප්‍රබෝධමත් වන්නේය.
බුද්ධාලමිබන ප්‍රිතිය සකල දුක්ඛයන් මඩිනා බැවින් සිත සැනසෙන්නේය.. නිවී යන්නේය..
ශාන්ත වන්නේය..
එබදු සිතක් ඇතිව කරණු ලබන ක්‍රියාවෙන්ද සාර්ථක ප්‍රථිපල උදාවෙන්නේය..

4427292.jpg
 
Last edited:

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    338
    63
    Pin Sidda wenawa machan...
    Oya Laga Neth FM Pirith Nethda Yaluwa..
    Thiyenawanam Mediafire uplaod 1 k Danna . Pin sidda wewa ..
    Rep ++