ϟ₪♣*විශ්වය*3♣₪ϟ

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
විශ්වය පිළිබඳ කියැවෙන "බබල් මතය" (උ ඉදන් යටටම බලන්න)
1.jpg

විශ්වය විශාල ගෝලයක් වැනි දෙයක් ලෙස සිතුවහොත් එය ප්‍රසාරණය වන විට සෑම අතකින්ම එක ලෙස ප්‍රසාරනය විය යුතුය. විශ්වය ලෙස බලන අපට එක් ස්ථානයකින් හෝ වෙනස්කමක් ("cold spot") දර්ශණය වන්නේ නම් මින් කුමක් පැහැදිලි වේද?

නිව් යෝක් හි බෲක්හෙවන් පර්යේෂණාගාරයේ ඇන්ස් ස්ලෝසර් පවසන්නේ මෙවන් අවස්ථා ඉතාමත් වැදගත් විය හැකි බවයි. මින් විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව අමුතුම ආකාරයක මතයක් ගොඩනැගිය හැකි බවයි.

විශ්වය පිළිබඳව අප දන්නා බොහෝ කරුණු වල‍ට මූලික වන්නේ විශ්වයේ ඈතින්ම සිට පැමිණෙන වසර 380,000ක් පැරණි එනම් අප විශ්වාස කරන පරිදි විශ්වයේ ආරම්භයේදී නිකුත් වූ ආලෝකය යි. 2001 වසරේදී විල්කින්සන් මයික්‍රොවේව් ඇනසොට්‍රොෆි ප්‍රෝබ් (Wilkinson Microwave Anisotropy Probe) යානය අභ්‍යවකාශගත කල අතර එහි කාර්ය වූයේ විශ්වයේ ඈතින් පැමිණෙන විශ්ව ක්ෂුද්‍රතරංග පසුබිම් විකිරණය (cosmic microwave background - CMB)පිළිබඳව සිතියමක් නිර්මාණය කිරීම යි. පළමු වසර ඇතුලත නිරීක්ෂණය කරන ලද තොරතුරු අනුව මෙම යානය විසින් ඉතා විශේෂිත කරුණක් සොයාගන්නා ලදී. මෙය ඉහත සඳහන් කල ආකාරයේ ශීත ප්‍රදේශයකි ("cold spot").

මෙම ප්‍රදේශයෙන් හැඟවෙන්නේ කුමක් ද? ඇතැම්විට මෙය තවත් විශ්වයක් විය හැකි ය. එසේත් නැතිනම් ගණනය කිරීම් වලදී ඇතිවූ ගැටළුවක් විය හැකි ය. එසේත් නැතිනම් CMB සහ අප මණ්දාකිණිය අතර ඇති විශාල හිස් ප්‍රදේශයක් නිසා මෙය වූවා විය හැකි ය. කෙසේ වෙතත් මෙවන් වෙනත් ශීත ප්‍රදේශ මේ වනතෙක් හමුවී නැත.

මේ සඳහා තවත් පැහැදිලි කිරීම් ඇත. විශ්වය ප්‍රසාරණය වන්නේ සැම දෙසින්ම ඒකාකාරී ලෙසද? සබන් බෝල වැනි මෙම ප්‍රදේශ එකිනෙකට වෙනස් ලෙස ප්‍රසාරණය වන්නට ඇති බව කැනඩාවේ Perimeter Institute for Theoretical Physics හි නයේෂ් අෆ්ෂ්‍රෝඩි මතයක් ඉදිරිපත් කරයි.

මෙවන් සබන් බෝල වැනි කලාප විශ්වයේ ඝනත්වය මත දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් ය. මේ නිසා ඒවායේ මධ්‍යයෙන් බැලූ කල එකම ප්‍රමාණයෙන් පෙනුනද ඝනත්වය පිටතට වන්නට ඇති කලාප වලදී වෙනස් වීමට ඉඩ ඇත. අෆ්ෂ්‍රෝඩි පවසන්නේ CMB සහ අප මණ්දාකිණිය අතර ඇති මෙවන් ඝනත්ව වෙනස්කම් ඇති ප්‍රදේශ හා ෆෝටෝන ක්‍රියාකිරීමෙන් ශීත ප්‍රදේශ ඇතිවන බවයි.

ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ විශ්වය සුමට ලෙස ප්‍රසාරණය වන බව පවසන පැරණි මතයට වඩා මෙම නව මතය වඩාත් සුදුස බව ය. නමුත් නව මතය විශ්වය ප්‍රසාරණය වන බව පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති බවත් විශ්වය ප්‍රසාරණය වීම ඉතාමත් සරල මතයක් බවත් පවසන ඔවුන් විශ්වයේ ආරම්භය වෙනත් ආකාරයකට සිදු විය හැකි බවත් පවසයි
 
Last edited:

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
තාරකාවක කතා පුවත
2.jpg

රාත්‍රී අහස කෙතරම් මනස්කාන්තද ,ඒ රාත්‍රී අහස එතරම් මනස්කාන්ත වන්නේ තාරකාවන් නිසාය.තරකා වලටද අපවැනිම වූ ජිවිතයක් ඇත. නමුත් අපගේ ආයුකාලය සමඟ සසඳන විට තාරකාවල ආයුකාලය ඉතා විශාලය.
සාමාන්‍යයෙන් තාරකාවක ආයුකාලය මනිනු ලබන්නේ අවුරුදු බිලියන,මිලියන ගනනින් වේ. එම තාරකාවන්ට ඉපදීමක් මෙන්ම මරණයක්ද ඇත. එසේ නම් මේ විශ්මිතවූ තාරකා පිළිබඳ වූ කථා පුවත විමසාබලමු.

තාරකාවක් යනු කුමක්ද? සරලව කිවහොත් තාරකාවක් යනු ශක්තිය පිටකරමින් රසායනික ප්‍රතික්‍රියා සිදුකරන ස්වයංදිදුලීමක් ඇති ආකාශ වස්තුවකි.තවද තාරකාවක් ඉතා විශාලන් අතර ස්කන්ධයෙන් ටොන්කෝටිගනනින් යුක්ත වේ.අපගේ සූර්යයාද එවැනිම තාරකාවක් බව ඔබදනී.සූර්යයා මෙන් සිය දහස් ගනනින් විශාලවූද කුඩාවූද තාරකා අප ක්ෂීරපථ මන්දාකිණියේ ඇත. තාරකා ඉතා විශාල ප්‍රමාණයක් අප ක්ෂීරපථයේ ඇති නමුත් සෑම තාරකාවක්ම නම්කල නොහැකිය.වඩාත් දීප්තිමත් හා විශාලවූත් තාරකා බොහෝමයක් නාමකරණය කර ඇත. උෂ්ණත්වය,ස්කන්ධය,අරය,ඝනත්වය,වර්ණාවලිය,නිරපේක්ෂ දෘශ්‍ය විශාලත්වය,දීප්තිය යනු තාරකාවක් වර්ගීකරණය කිරීමේදී භාවිතයට ගන්නා මාන කීපයකි. මෙම මානයන් උපයෝගී කරගනිමින් තාරකාවල ස්භාවය පිළිබඳත් තාරකාවල පරිණාමය වන අයුරුත් ගණිතමය මූලධර්ම පදනම් කොටගෙන විස්තර කීරීමට තාරකාවිද්‍යාඥයින්ට හැකිය. තාරකාවක් පරිණාමය පිළිබඳ හැදෑරීමේදී වැදගත්වන බල දෙකක් ඇත එනම්, අභ්‍යන්තරයට යෙදෙන ගුරුත්වබලය නිසා තාරකාව සංකෝචනය වන බවත් එමෙන්ම අභ්‍යන්තරයෙන් පිටතට ඇතිවන පීඩනය නිසා තාරකාව ප්‍රසාරණයවීම යන කරුනත් වේ. එසේ තාරකාවේ පරිණාමය සිදුවීම පිළිබඳ අප විස්තරාත්මකව විමසාබලමු.

තාරකාවක් සිය ජීවිතය අරඹන්නේ දැවැන්ත දූවිලි වලාවක් සංකොචනය වී කැටිගැසීමෙන් බව ඔබ ඇතැම්විට අසා ඇත. එම වායුවලා හඳුන්වනේ අන්තර්තාරීය මාධ්‍ය (Interstellar medium) ලෙසයි. මෙම වායුවලාව අණුකවලාව ලෙසද හදුන්වයි. මෙම අණුක වලාවේ අඩංගුව ඇත්තේ හයිඩ්‍රජන්,හීලියම් සහ සුළුවශයෙන් නයිට්‍රජන්,ඔක්සිජන් ,කාබන් ,කැල්සියම්,සෝඩියම් යන පරමාණුද යකඩ සහ සිලිකේට් යන මූලද්‍රව්‍යයන්ද වේ. මෙම දුහුවිලි වායුවලාව මුල් අවදියේ ඉතාමත් ශීතලව පවතී පසුව එම වායුවලාව හැකිලීමේදී වලාවේ අඩංගු අංශු ගුරුත්ව කේන්ද්‍රය දෙසට ආකර්ෂණය වීමේදී එහි උෂ්ණත්වය ඉතා සීඝ්‍රයෙන් ඉහල යයි. එම එම උෂ්ණත්වය කෙල්වීන් (K) 150 000 පමණ අගයක් ගනී. මෙලෙස ලංවන දුහුවුලි අංශුවල අන්තර්ක්‍රියා හේතු කොටගෙන එම ප්‍රදේශය දීප්තිමත් බැබලීමකට පටන්ගනී. එම අවධියේදී තාරකාවක ප්‍රාග් අවස්ථාව හෙවත් ප්‍රාග් තාරකාව (Proto star) ලෙස හදුන්වයි. මෙම ප්‍රාග් තාරකාව අලුතින් ඇතිවූ තාරකාවක් ලෙස දෘෂ්‍යමාන වේ. එහිදී ප්‍රග්තාරකාවේ දීප්තිය සූර්යයාගේ දීප්තිය ඉක්මවායයි. ප්‍රාග් තාරකාවේ න්‍යෂ්ටියේ අඩංගු පරමාණු එකිනෙක ගැටී ප්‍රතික්‍රියා සිදුවීම ඇරඹෙන තෙක් මෙම ප්‍රාග් තාරකාව සංකෝචනය වීම සිදුවේ.මෙම කාලය තුලදී එහි මතුපිට උෂ්ණත්වය නොවෙනස්ව පවතී න්‍යෂ්ටියේ ඇති පරමාණු එකිනෙක ගැටී න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව ඇතිවන්නේ කෙල්වීන් (K) 15 000 000 ක් පමණ උෂ්ණත්වයක් ඇතිවන තරම් වූ ප්‍රවේගයකින් ප්‍රාග්තාරකාවේ අංශු එකරාශී වන විටය. මෙහිදී තාරකාවේ ගුරුත්වීය සංකොචනය කෙමෙන් අඩුවේ. මෙහි ලිතියම්,බෙරලියම් හා බෝරෝන් යන මූලද්‍රව්‍යයන් ප්‍රොටෝන සමඟ ප්‍රතික්‍රියාවට නැගේ. මෙහිදී ප්‍රතිඵලයක් ලෙස හීලියම් සෑදේ තවද ,හයිඩ්‍රජන් දහනය ඇරඹේ. මෙසේ සිදු වීම හේතුවෙන් විශාල ශක්තියක් අවකාශයට මුදාහරී. පසුව මෙම හීලියම්,කාබන්,ඔක්සිජන්,ආදිය වෙන වෙනම මූලද්‍රව්‍ය බවට පත්වේ. මෙම ප්‍රතික්‍රියා ඉතා දීර්ඝ කාලයක් සිදුව්මින් පවතී. මෙසේ ප්‍රතික්‍රියා වීම නිසා ප්‍රතික්‍රියාවන්ට ප්‍රතික්‍රියක කිසිවක් ඉතිරි නොවන අවධියක් උදාවේ. මෙහිදී තාරකාව බිඳවැටීමට පටන් ගනී. මෙහිදී තාරකාව සිසිල්වන අතර තාරකාව රතු පැහැයට හුරුවේ.දැන්තාරකාවේ කබොල නැතහොත් පිට කවරය ප්‍රසාරණයවී රතු යෝධ තරුවක් බවට පත්වේ. මෙහිදී සමහරක් තරු එනම් ස්කන්ධාධික තරු සුපිරිනෝවා ආකාරයට පුපුරායයි. අවසානයේ ප්‍රථිපලයක් වශයෙන් ඉතිරිවන හරය දැවැන්ත එකක් නම් එය අධික ගුරුත්ව බලයකින් යුත් කළුකුහරයක් බවට (Black hole) පත්විය හැකිය.තාරකාවක පරිණාමය ඉතාකෙටියෙන් කිවහොත් එසේය.

3.jpg

තාරකාවක් පරිණාමය වන හැටි
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
තාරකාවක් තම ජීවිතය අරඹන්නේ අණුකවලාවක් කැටිවීමෙන් බව ඉහතදී සඳහන්කරන ලදී එවැනි අණුකවලා ඉතා විශාල සංඛයාවක් අප ක්ෂීරපථයේ ඇත. එවැනි මාධ්‍යයන් ආලෝකවර්ෂ විශාල ගණනාවක් විශාලය. රාත්‍රී අහසේ දැකිය හැකි ඔරායන් නිහාරිකාව (M42)යනු මෙවැනි මාධ්‍යයකි. ඔරායන් නිහාරිකාවේ අලුත උපන් තාරකා මෙන්ම ඉපදෙන තාරකාද බොහෝ ඇත. ඉහතදී සඳහන් කළ ප්‍රාග් තාරකා ඇතිවන්නේ මෙවැනිම වූ මාධ්‍යයන් කැලඹීමට ලක්වීමෙනි. මෙම ප්‍රාග් තාරකාවහි අභ්‍යන්තර උෂ්ණත්වය 10000℃ පමණ වන තෙක් ප්‍රාථමික තාරකා වක් ලෙස හඳුන්වයි. මෙම අවධියේ සිටින තාරකාවල විශේෂත්වය වන්නේ තාරකාව වටා අණුක වලාව පිහිටා තිබීමයි. එවැනි තාරකා නිරීක්ෂණය කර දැක බලා ගැනීම ඉතා පහසුය. නමුදු මෙම ලාබාල තාරකාව තරුණ අවධියට පාතබන විට එය ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරේ. එහිදී තාරකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දහස් ගණනින් ඉහල යයි.එම හේතුවෙන් සිදුවන ප්‍රතික්‍රියා නිසා තරුවේ සිට ඉතා විශාල ශක්තියක් මුදා හරී, මෙම ශක්තිය හේතුකොට ගෙන තාරකාව අවට ඇති වාත කැළඹීමට ලක්වී සුළංධාරාවක් හැමීමට පටන් ගනී.එහෙයින් තාරකාව වටා ඇති අණුක දූලිවලාව තරුවේ සිට ඈතට විසිරීයයි. මෙහිදී මතක් කලයුතු විශේෂ කරුණක් වන්නේ අප සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේද මේ ආකාරයටමය. එහිදී මුල්වී ඇත්තේ ඌට් නම් වලාවයි, මෙම ඌට් වලාව එකී ක්‍රියාදාමය නිසා ආලෝක වර්ෂ 1.5 පමණ ඈතට විහිදී ගොස් ඇත.එහිදී තාරකාව සමඟ පැවතුන වලාවේ ශේෂ කොටස් ග්‍රහලෝක බවට පත්වේ.එම ග්‍රහලෝක තාරකාව වටා ගමන්ගනී මෙහිදී එකිනෙකා අතර ගුරුත්ව බලය බලපායි. මෙසේ තාරකාව වටා ග්‍රහලෝක ගමන් ගන්න දුහුවිලි තැටිය ප්‍රාග් තැටිය ලෙස හදුන්වයි. ඔරායන් නිහාරිකාවේ මේවනවිට මෙවැනි ප්‍රාග් තාරකා 150 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙම ප්‍රාග් තාරකාව වටා ප්‍රාග් තැටි පවතින බවට විද්‍යාඥයින් තුල සැකයක් පවතී. ප්‍රාග් තැටියේ අභ්‍යන්තරය ගැන කතා කලහොත් 99% පමණ වායූන් හා 1% පමණ දුහුවිලි අංශු අඩංගුවේ.

මෙම අවථාවේදී ප්‍රාග් තාරකාව තරුණ අවධියකට පාතබයි. අපගේ සූර්යයාද තරුණ අවධියේ පසුවෙන තාරකාවකි.මෙම තරුණ අවධියේ තාරකාව හයිඩ්‍රජන් සියල්ල දහනය වීම අවසන් වන තෙක් වසර බිලියන ගනණාවක් පවතී. මෙම කාලයේදී තරුව උපරිම ශක්තියක් නිපදවයි. මෙහිදී තාරකාව සතුව පවතින හයිඩ්‍රජන් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවට ලක්වී හීලියම් බවට පරිවර්තනය කරයි. මේ හේතු කොටගෙන දීප්තිමත් වූ තාරකාවක් බවට පත්වේ. හට්ස් ස්ප්‍රන්ග් රසල් (Hertz spang Russell -HR) නමින් හදුන්වන තාරකා වර්ගීකරණ ප්‍රස්ථාරයේ ප්‍රධාන අනුක්‍රමණයේ මෙම තරුණ අවධියේ තාරකා නිරූපනය කරයි. මෙම ප්‍රස්ථාරයට අනුව තාරකාවක් ඇතුලත් කරන්නේ එම අදාල තරුවේ වර්ගය,උෂ්ණත්වය, දෘෂ්‍ය දීප්තිතාවය, නිරපේක්ෂ දීප්තිය හා වර්ණාවලිය යන සාධක පදනම් කොටගෙනය. ඉහතදී කී කරුණු පිළිබඳව පහත HR සටහන අධ්‍යනයෙන් වටහා ගත හැකිය.
4.jpg

ස්ප්‍රන්ග් රසල් (Hertz spang Russell -HR) සටහන
මෙම ප්‍රස්ථාරයේ ප්‍රධාන අනූක්‍රමණයේ මධ්‍ය කොටසට වන්නට අපගේ සූර්යයා පිහිටා ඇතිබව ඔබට පෙනේ . එයින් පැහැදිලිවන්නේ අප සූර්යයා මේවනවිට තරුණ අවධියේ පසුවන බවයි. තවද අප සූර්යයා අවුරුදු බිලියන 10 තරම් කාලයක් මෙම ප්‍රධාන අනුක්‍රමණයේ ගතකරයි .මෙම තරුණ තාරකාව තම ශක්තිය පිට කරමින් හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව බිද වැටුන පසු තාරකාව ක්‍රමයෙන් අභාවයට පත්වේ. එහිදී ඉහත HR සටහනේ ප්‍රධාන අනුක්‍රමණයෙන් තාරකාව ඉවත්වෙයි. ඒබව ඉහත රූපයෙන් පහදා ගත හැකිය. පසුව තාරකාවේ ඉරණම තීරණය කරන්නේ තාරකාවේ ස්කන්ධය මතය.

අප සූර්යයා ගේ ස්කන්ධයට සමාන තරකා තම තරුණ අවධියෙන් පසු රතුයෝධ තාරකාවක් බවට පරිණාමය වෙයි. එහිදී තාරකාවේ බාහිර කබොල අධික ලෙස ප්‍රසාරණය වේ. ඒ අයුරින්ම අප සූර්යයාද යම් දිනක ප්‍රසාරණය වී පිපුරුමකට ලක්වනු ඇත. මෙම පිපුරුණ කබොලේ කොටස් විශ්වයට විසීරීයයි. මෙම බාහිර කබොල්ල ග්‍රහනිහාරිකාවක්(Nebula) බවට පත්වෙයි. මෙම ග්‍රහ නිහාරිකාව මධ්‍යයේ ඇති කුඩා තරුව සුදුවාමාන තාරකාවක් (White dwarf) බවට පත්වේ. බලල් ඇස නිහාරිකාව(Cat eye nebula), හෙලික්ස්නිහාරිකාව (Helix Nebula) යනු එවැනි ග්‍රහනිහාරිකා කීපයකි.

5.jpg

හෙලික්ස්නිහාරිකාව (Helix Nebula)

එසේම අප සූර්යයා ගේ ස්කන්ධයට අඩු එනම් සූර්යයාගේ ස්කන්ධය මෙන් අඩක් පමණ වන තාරකා තරුණ අවධියෙන් පසු කළුහෝ දුඹුරුවාමාන තාරකාවක් බවට පත්වී තාරකවේ ජීවිතය අවසන් කරයි.

අප සූර්යයාට වඩා ස්කන්ධාදික තරු තම තරුණ අවධිය පසුකර සුපිරි රතු යෝධ තාරකාවක් බවට පත්වේ(Red giant star) මෙම අවස්ථාවේදී තාරකාවක් සූර්යයාට සමාන ස්කන්ධයක් ඇති තාරකාවකට වඩා වැඩි ප්‍රමාණයකින් ප්‍රසාරණයවේ. එහිදී සිදුවන පුපුරායාම සුපිරිනෝවා පිපුරුමක් (Supernova) ලෙස හදුන්වන අතර එහිදී ඉතාවිශාල ශක්තියක් විශ්වයට මුදාහරී. වෘෂභ රාශියේ පවතින ක්‍රැබ් නිහාරිකාව (Crab nebula) මෙවැනි සුපිරිනෝවා පිපුරුමකට හොදම නිදසුනකි. එහිදී එම තාරකාවේ ශේෂ කොටස් නියුට්‍රෝන තාරකාවක් (Neutron Star) බවට හෝ ගුරුත්වය අධික කළුකුහරයක් බවට පත්වේ.එනම්,සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයකට ආසන්න හෝ ඊට වැඩි තාරකා කළුකුහර බවටත්,සූර්යයාගේ ස්කන්ධය මෙන් 1.4 ත් 3 අතර තාරකා නියුට්‍රෝන තාරකා බවටත් පත් වේ
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
හිරු මුහුණතේ ඇති කළු පැල්ලම්
6.jpg

සූර්යයා දෙස පියවි ඇසින් එක මොහොතක් වත් එක එල්ලේ බැලිය නොහැකි බව ඔබ හොදින් අත් දැක ඇති කරුණකි. ඒ සූර්යයා සතු ප්‍රභල දීප්තිය හේතුවෙනි. අහසේ දිස් වන දීප්තිමත්ම ආකාශ වස්තුව වන්නේද සූර්යයාය. නමුත් විශේෂ ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් සූර්යයා නිරීක්ශණය කිරීමේදී, සමහර කාල වලදී හිරු මුහුණතේ කළු පැහැති පැල්ලම් වැනි යමක් දිස් වේ.
මේවා තාරකා විද්‍යාවේදී හැදින්වෙන්නේ හිරු ලප(Sunspots) යනුවෙනි.

හිරු ලප වල ඉතිහාසය ක්‍රි.පූ. යුගය තරම් ඈතකට දිව යන්නකි. සූර්යය ලප පලමු වරට නිරීක්ශණය කරනු ලැබූ පුත්ගලයින් සම්බන්ධව ඇති තොරතුරු අවිනිශ්චිත නමුත් මේ පිළිබදව ඇති පැරණිතම සටහන් ලෙස දැක්විය හැක්කේ ක්‍රි.පූ. 28 දී චීන තාරකා විද්‍යාඥයින් හිරු මුහුණතේ ඇති කළු පැල්ලම් වැනි යමක් දැක ඇති බවට වන තොරතුරුය. ක්‍රි.ව. 4 වන සියවසේදී ග්‍රීක දාර්ශණිකයින් හිරු ලප නිරීක්ශණය කොට ඇති බවටද තොරතුරු හමුවේ. සූර්යයා අපහසුවකින් තොරව පියවි ඇසින් බැලිය හැකි සමහර අවස්ථාවන් වලදී, එනම් සූර්යයා ඝණ මීදුමෙන් වැසී පවතින අවස්ථා වලදී, දුහුවිලි වලින් වැසී පවත්නා විට සහ හිරු බැස යාමේදී, ඔවුන් සූර්යය ලප නිරීක්ශණය කොට ඇත.

සූර්යයා පැහැදිලිව ඉතා ගැබුරින් අධ්‍යනය කිරීම ඇරබෙන්නේ 17 වන සියවසේදී තාරකා විද්‍යා ක්ශේත්‍රයේ විශාල පෙරළියක් ඇති කල දුරේක්ෂයේ නිපදවීමත් සමගය. මේ යුගයේදී තාරකා විද්‍යාඥයින් දුරේක්ෂය භාවිතයෙන්(ප්‍රක්ශේපණ ක්‍රමය භාවිතයෙන්) සූර්යය ලප ඇති වීම, ඒවායේ ව්‍යාප්තිය, කාලයත් සමග ඒවායේ හැඩය වෙනස් වීම ආදිය පිළිබදව තොරතුරු සටහන් කර ගැණුනි. මෙකල විසූ බොහෝ විද්‍යාඥයින්ගේ අදහස වූයේ හිරු ලප යනු සූර්යයා ඉදිරියෙන් ගමන් කරනා සූර්යයාගේ උපග්‍රහයින් හෝ ග්‍රහයින් විය හැකි බවයි. නමුත් සූර්යය ලප කාලයත් සමග වෙනස් වන ආකාරය ගැබුරින් අධ්‍යනය කල මහා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලිගේ මතය වූයේ හිරු ලප සූර්යයා මතුපිට ඇතිවන්නක් බවයි. මේ අනුව හිරු ලප සූර්යය මුහුණත හරහා ගමන් ගන්නා බැවින්, සූර්යයා තමා වටා කරකැවෙමින් පවතින බවත්, එහි භ්‍රමණ කාලයත් ඔහු විසින් නිර්නය කෙරිණි. මෙතැන් සිට 20 වන සියවස දක්වා වූ අවුරුදු 300ක් තරම් වූ කාලය පුරාවට බොහෝ දෙනා සූර්යය ලප පිළිබදව දැන සිටියේ මෙපමණකි. සූර්යයා මතුපිට දිස් වන මේ අත්භූත අදුරු පැල්ලම් පිළිබද ඉතා පැහැදිළි හෙළිදරවු කිරීමක් සිදු වන්නේ 20 වන සියවසේ දී තාරකා විද්‍යා ක්ෂේත්‍රයට එක් වන නව තාක්ෂණික මෙවලම් සමගය.

හිරු ලප ඇති වීමේ යාන්ත්‍රණය

සූර්යය ලප යනු ඉතා සරලව සූර්යය මුහුණතේ ඇති උෂ්ණත්වයෙන් අඩු ස්ථානයන්ය. සූර්යයා මතුපිට සාමන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක 5,500 පමණ වේ. සාමාන්‍යය හිරු ලපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 3,700ක් පමණ වන අගයකි. මෙම ස්ථාන අදුරු ලෙස පෙනීමට හේතුව මේ විශාල උෂ්ණත්ව වෙනසයි. උදාහරණයක් ලෙස දීප්තිමත් පසුබිමක් ඉදිරියෙන් ඇති වස්තුවක් හෝ පුත්ගලයෙකු ගැන සිතන්න. එම වස්තුව හෝ පුත්ගලයා ඔබට දිස් වනු ඇත්තේ පසුබිමට සාපේක්ෂව අදුරුවය. තවත් පැහැදිලිව දකවතොත් ඔබ දකිනුයේ අදාල වස්තුව හෝ පුත්ගලයාගේ ඡායාවය. සූර්යය මුහුනතේ ඇති අඩු උෂ්ණත්ව කලාප අදුරු ලෙස දිස් වීමට හේතුව වන්නේද මෙයයි. ගැටලුව වන්නේ අධික උෂ්ණත්වයකින් හෙබි සූර්යය මුහුණත මත මෙතරම් අඩු උෂ්ණත්ව කලාප ඇති වීමේ හේතුව කුමක්ද යන්නයි.

හිරු ලප නිර්මාණය වී ඇති ප්‍රදේශ වල සූර්යයාගේ චුම්භක ක්ශේත්‍රය ඉතා ප්‍රභලය(සාමාන්‍ය අගය මෙන් 1000 ගුණයක් තරම්). ප්‍රභල චුම්භක ක්ශේත්‍රයක් පවතින ප්‍රදේශ වල, ඒ අවට පවතින උණුසුම් වායූන් ඉවත් කරනු ලබයි. සූර්යයා යනු අති විශාල වායුමය පද්ධතියකි. එහි එක් ප්‍රදේශයක පවතින අධික උෂ්ණත්වයකින් යුත් වායූන් ඉවත්ව ගිය විට එතැන නිර්මාණය වනුයේ අඩු උෂ්ණත්ව කලාපයකි.

සූර්යය අභ්‍යන්තරය මූලික කොටස් දෙකකින් යුක්ත වේ. එනම් 'විකිරණ කලාපය' හා 'සංවහන කලාපය' යනුවෙනි. විකිරණ කලාපය තුල නිපදවෙන සූර්යය ශක්තිය මතුපිට දක්වා ගෙන එනුයේ සංවහන කලාපය තුල සිදුවන වායූන්ගේ සංවහන ක්‍රියාවලිය තුලිනි. තවදුරටත් පැහැදිලි කලහොත් මෙම කලාපය අඩියේ වායූන් උණුසුම් වන අතර උණුසුම් වූ වායූන් පිටත කලාපය දක්වා පැමිණෙයි. මෙලෙස පිටත කලාපය දක්වා පැමිණෙන වායූන් වල උෂ්ණත්වය අඩු වූවායින් පසුව නැවත අඩිය කරා ගමන් කරයි. මෙය චක්‍රාකාරව සිදුවන්නකි. සූර්යය චුම්භක ක්ශේත්‍රය නිර්මාණය වනුයේ මේ ක්‍රියාවලියේ අතුරු ප්‍රතිපලයක් ලෙසිනි. සූර්යයාගේ භ්‍රමණය, සංවහන ක්‍රියාවලියත් සමග එකතු වූ පසු අයනීකරණය වූ එසේත නොමැති නම් ප්ලස්මා අවස්ථාවේ පවතින වායූන්ගේ ඉහල පහල යාමත් සමගින් විද්යුත් ධාරා නිර්මාණය වන අතර ඒ හේතුවෙන් සූර්යය චුම්භක ක්ෂේත්‍රය නිර්මාණය වේ.

සූර්යයා යනු වායුමය වස්තුවක් වන නිසාවෙන් එහි භ්‍රමණ වේගය ඒකාකාරී නොවේ. සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශය ධ්‍රැව ප්‍රදේශ වලට වඩා වේගයෙන් කරකැවෙයි. සූර්යය භ්‍රමණයේ ඇති මේ වෙනස චුම්භක ක්ෂේත්‍රය සැම තැනම ඒකාකාරී ලෙස පැතිර නොතිබීමට බලපායි. සූර්යයගේ සමහර ස්ථාන වල චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රභලත්වය වැඩි වීමට හේතු වන්නේ මෙයයි.

හිරු ලප වල ලක්ෂණ

සූර්යය ලපයක ප්‍රමාණය 300km සිට 100 000km දක්වා පරාසයක විහිදෙයි. සාමාන්‍ය ප්‍රමාණයේ සූර්යය ලපයක් පෘථිවිය තරම් විශාලය. ඕනෑම සූර්යය ලපයක් කළු කුඩා තිතක් ලෙස ආරම්භ වී පසුව කාලයත් සමග ක්‍රමයෙන් වර්ධනය වේ. හොදින් වර්ධනය වූ සාමාන්‍ය සූර්යය ලපයක් ඉතා තද අදුරු බවකින් යුත් මධ්‍යය කොටසක්(umbra) හා ඊට එපිටින් සාමාන්‍ය අදුරු බවකින් යුත් පිටත කොටසකින්(penumbra) යන මූලික කොටස් දෙකක එකතුවක් ලෙස(රූපය-1) හදුනාගත හැකිය. මෙහි මධ්‍යය කොටසේ උෂ්ණත්වය සූර්යය මතුපිටට වඩා 1600K පමණ සිසිල් වන අතර හිරු ලපයේ මුලු ප්‍රදේශයෙන් 70% පමණ වන පිටත කොටසේ උෂ්ණත්වය 500K පමණ අගයකින් සිසිල් වේ.

7.jpg


රූපය-1
විශාල හිරු ලප වල පැවැත්ම මාස 6ක් දක්වා දිගු විය හැකි අතර කුඩා ප්‍රමාණයේ ලප වල පැවැත්ම සමහර අවස්ථා වලදී පැය කිහිපයකට පමණක් සීමා වේ. සූර්යය ලප ඇති වන්නේ බොහෝ විට සූර්යය අක්ශාංෂ(උතුරු සහ දකුණු) අංශක 5 හා 40 අතර ප්‍රදේශ වලය. ඉහල අක්ශාංෂ වලදී ආරම්භ වන සූර්යය ලප කාලයත් සමග වර්ධනය වෙමින් සූර්යයාගේ සමක ප්‍රදේශය කරා ගමන් කරයි. හිරු ලප සූර්යයා මත පවතිනුයේ යුගලයක් ලෙස හෝ පොකුරක් ලෙසිනි. යුගලයක් ලෙස පවතින විට ඒවායේ චුම්භක ක්ශේත්‍ර වල දිශාවන් එකිනෙකින් වෙනස්ව පිහිටයි.
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪

හිරු ලප චක්‍රය
8.jpg

සූර්යය ලප යනු නිතර ඇති වන සංසිද්ධියක් නොව සමහර කාල වලදී පමණක් දිස් වන්නකි. හිරු මුහුණතේ දිස් වන මේ අදුරු ලප යම ආකාරයක රටාවකට අනුව සිදු වන බව බොහෝ කාලයක් පුරාවට සිදු කරන ලද නිරීක්ෂණ ඇසුරින් විද්‍යාඥයින් හදුනාගෙන තිබේ. මේ විශේෂ රටාව 'සූර්යය ලප චක්‍රය' ලෙස හදුන්වයි. එක් චක්‍රයක කාලය අවුරුදු 11 වන අතර කුඩා ලප සංඛ්‍යාවකින්(solar minimum) ඇරබෙන එක් චක්‍රයක්(රූපය-2) එහි උපරිම අවස්ථාවට(solar maximum) පැමිණ නැවත සූර්යය ලප වල අවම අවස්ථාවෙන් අවසන් වෙයි. සූර්යය ලප බහුලව පවතින කාලවලදී සූර්යයාගේ ප්‍රභලත්වයද ඉතා ඉහල වේ. එනම් මෙවැනි කාල වලදී සූර්යය සුලග, සූර්යය ගිණිදළු සහ සූර්යය විකිරණ වල ප්‍රභලත්වයද ඉහල යයි. මෙ නිසා සූර්යය ලප වල බහුලත්වය සූර්යයාගේ ප්‍රභලත්වය නිර්ණය කරන සාධකයක් ලෙසද පෙන්වා දිය හැකිය.


කාලයත් සමග සූර්යය ලප වල ව්‍යාප්තිය ප්‍රස්ථාරගත කලහොත් ලැබෙනුයේ රූපය-3 ආකාරයේ ප්‍රස්ථාරයකි. සූර්යය චක්‍රයක් ආරම්භයෙදී ඉහල අක්ශාංෂ වල කුඩා සංඛ්‍යාවකින් පටන් ගන්නා සූර්යය ලප ව්‍යාප්තිය උපරිම අවස්ථාවට එලැබී නැවත සූර්යයාගේ සමකාසන්න ප්‍රදේශයෙදී හීන වී යන ආකාරය මෙහි මැනවින් දැක් වේ. හිරු ලප වල ව්‍යාප්තිය දැක්වෙන මේ විශේෂ ප්‍රස්ථාරයේ හැඩය හේතුවෙන් විද්‍යාඥයින් මෙය හදුන්වන්නේ 'butterfly diagram' ලෙසයි.
9.jpg

1645 සිට 1715 දක්වා කාලය සූර්යය ලප ඉතා අඩුවෙන්ම දක්නට ලැබුණු යුගයකි. අතීත දක්ත පිරික්සා බැලීමෙන් මෙම විශේෂ කාල පරාසය මුල් වරට හදුනාගනු ලැබූ 'වෝල්ටර් මවුන්ඩර්' නම් තාරකා විද්‍යාඥයාට ගරු කිරීමක් ලෙස මෙම කාලය හැදින්වෙනුයේ 'මවුන්ඩර් අවමය'(Maunder minimum) යනුවෙනි.

සූර්යය ලප නිරීක්ෂණය

සූර්යයා එක එල්ලේ නිරීක්ෂණය කරනවා නම් වඩාත්ම ආරක්ෂිත හා පහසුම ක්‍රමය ලෙස දැක්විය හැක්කේ පෑස්සුම් කන්නාඩි(welding glasses) භාවිතයෙන් නිරීක්ෂණයයි. මෙහිදී අනුමත අදුරු බවින් යුතු එනම් shader# 12,13,14 වර්ගයේ කන්නාඩියක් පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය. නමුත් මේ ආකාරයෙන් සූර්යයා නිරීක්ෂණයේදී නම් බොහෝවිට හිරු ලප දර්ශණය නොවේ. හිරු ලප නිරීක්ශණය සදහා විශේෂ සූර්යය පෙරණයක් යෙදූ දුරේක්ෂයක් තුලින් හෝ සූර්යය චායාව ප්‍රක්ශේපණයෙන් නිරීක්ශණය කල යුතුය.

ප්‍රක්ශේපණ ක්‍රමය සදහා දුරේක්ශයක් හෝ දෙනෙතියක් (binocular) භාවිතයෙන් එය සූර්යයා දෙසට යොමු කොට එහි චායාව තිරයක් මතට ලබා ගැනීමෙන් හිරු ලප නිරීක්ශණය කල හැකිය. මීට අමතරව සූර්යය පෙරණ යෙදූ දෙනෙතියක් භාවිතයෙන්ද සූර්යයා(හිරු ලප) නිරීක්ශණය කල හැකිය. දුරේක්ශයකට වඩා දෙනෙතිය හැසිරවීම පහසු වීම සහ නාභිගත කිරීම පහසු වන බැවින් මෙය ඉතා පහසු ආරක්ශිත ක්‍රමයකි. තවද දෙනෙතිය ඉදිරියෙන් යොදන සූර්යය පෙරණ සදහා හොද ආදේශකයක් ලෙස ඉහත සදහන් කල ආකාරයේ දෙනෙතියට, සරිලන විශාලත්වයෙන් යුත් පෑස්සුම් කන්නාඩි දෙකක් උවද භාවිතා කල හැකිය. මෙහිදී අදාල කන්නාඩි දෙක දෙනෙතියේ ඉදිරිපස සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි හොදින් සවි වී තිබිය යුතුය.

සූර්යයා පියවි ඇසින් හෝ විද්‍යාඥයින් අනුමත නොකරන අනාරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිරීක්ශණය කිරීම ඔබේ දෙනෙත් සදහටම අන්ධ භාවයට හෝ වෙනත් දුර්වලතාවයන්ට පත් වීමට හේතු විය හැක. මේ නිසා සූර්යය නිරීක්ශණය සදහා අදාල අනුමත ක්‍රම පමණක් භාවිතා කිරීමට වග බලාගත යුතුය.

www.spaceweather.com යන වෙබ් අඩවිය සූර්යයා සහ සූර්යය ලප පිළිබදව නිතරම අලුත් වෙමින් පවතින තොරතුරු සපයයි. සූර්යය ලප දිස් වන කාලයන් පිළිබද දක්ත මේ හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකිය.

ඉතා දුර්ලභ දසුනක් වූ, මේ වසරේ ජනවාරි 15 වන දින දිස් වූ වළයාකාර සූර්යග්‍රහණය ඔබට දුරේක්ශයක් භාවිතයෙන් නිරීක්ශණය කිරීමට අවස්ථාව ලැබුනා නම් සමහරවිට ඔබ මෙවැනි ආකාරයේ හිරු ලපයක්, සූර්යයාගේ උතුරු අර්ධ ගෝලයේ තිබෙනු දැක ගන්නට ඇති.

තාරකා ලප(starspots)

සූර්යය ලප අප සූර්යයා මතුපිට පමණක් නොව අනෙකුත් තාරකා මතද පවතියි. විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ විද්‍යාඥයින් අනෙකුත් තාරකා මත පවතින තාරකා ලප අධ්‍යනය කරනු ලබයි. තාරකා ලප, අදාල තාරකා වල ප්‍රභලත්වය සහ එහි ලක්ෂණ පිළිබද වැදගත් තොරතුරු සපයන බැවින් තාරක ලප අධ්‍යනය සූර්යය ලප අධ්‍යනය තරමටම වැදගත්කමක් උසුලයි
 

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
WR 22 - අධි ස්කන්ධ තරුව
10.jpg

ESO ආයතනයට අයත් ලා සිලා නිරීක්ෂණාගාරයේ Wide Field කැමරාව මගින් ලබාගන්නා ලද අළුත් ඡායාරූපයක් පසුගියදා නිකුත් කෙරිණි.
මෙම ඡායාරූපය මගින් දැක්වෙන්නේ කරීනා නිහාරිකාවේ පිහිටා ඇති WR 22 නම් තරුව සහ ඒ අවට ක්ෂිරපථය යි. (WR යනු වොල්ෆ් රෙයේ තරු සඳහා වන අංකන ක්‍රමයයි.)

ස්කන්ධය අධික තරු ඉතා කෙටි ආයු කාලයකින් පසුව මිය යන අතර මේවා අප සූර්යයා මෙන් නො‍ව ඊට වඩා මිලියන ගණනක් වේගයෙන් ශක්තිය මුදා හරියි. මෙවන් දුර්ලභ තරු වොල්ෆ් රෙයේ (Wolf-Rayet) තරු ලෙස හැඳින්වේ. මේ තාක් හමුවූ ස්කන්ධයෙන් ඉහලතම වොල්ෆ් රෙයේ තරුවක් ලෙස WR 22 තරුව හැඳින්විය හැකි අතර මෙම ඡායාරූපයේ මධ්‍යයේ දැක්වෙන්නේ එය යි. මෙම තරුව ද්විත්ව තරු පද්ධතියක සමාජිකයෙන් වන අතර අප සූර්යයා මෙන් 70 ගුණයක ස්කන්ධයෙන් යුතු ය.

ඡායාරූපය ලබාගැනීම සඳහා ESO ආයතනයට අයත් චිලි හි ලා සිලා නිරීක්ෂණාගාරයේ ඇති මීටර 2.2ක් වන දුරේක්ෂය සහ Wide Field කැමරාව යොදාගන්නා ලදී