එළකිරි සිත්තර පිටුව

Sinhala Kolla

Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    එළකිරි සිත්තර පිටුව

    මෙන්න එළකිරි සිත්තර පිටුවක් පටන් ගත්තා.මේ අදහස නම් මුලින්ම පහල වුනේ freednbeing අයියගෙ ඔලුවෙ.ඉතින් කට්ටියට පුලුවන් තමන්ගෙ සිත්තර එහෙමත් මේ හුයේ පළ කරන්න.ඒ වගේම තමන්ගෙ අදහස් උදහස් විවේචන චෝදනා එහෙමත් හෙළි කරන්න.පුලුවන් කරම් සිංහල යුනිකෝඩ් භාවිතා කරන්න මේ හුය ඇතුළෙ.නැතුවට කමකුත් නෑ.

    ඉතින් එහෙමනම් මම මගේ සිත්තර ටිකකින්ම මේ හුයට ආරම්භයක් දෙන්නම්

    * මේක තමයි මගේ අලුත්ම නිර්මාණය.කාලෙකට පස්සෙ ළගදි කරපු එකක්.හරියටම දිනේ කිවුවොත් 2008 ජූලි 14. මේක සම්පූර්ණයෙන්ම වගේ ඇඩෝබි පොටෝෂොප් මෘදුකාංගයෙන් කරළා තියෙන්නෙ. මේකෙ ඉන්න කෙනා කවුද කියලා නම් අහන්න එපා!
    i218289176_46517_7.jpg

    * මේක නම් අතින් ඇදපු එකක්.පැන්සල තමයි භාවිතා කරළා තියෙන්නෙ.
    flickr වෙබ් අඩවියෙ දැකපු පිංතූරයක් බලාගෙන තමයි ඇන්දෙ.මේකට මම නම දීලා තිබ්බෙ Little Girl කියලා.සිංහලෙන් නම් නොතැබීම ගැන සමාවන සේක්වා!!

    IMAGE0133.jpg

    * මේකෙ ඉන්නෙ කවුද කියලා අමුතුවෙන් හදුන්වලා දෙන්න අවශය නැහැනෙ.මේක පාට පැන්සල් මාධයයෙන් කරපු නිර්මාණයක්.දිනය නම් මතක නෑ 2007 කවදා හරි දවසක්.
    ShahRukhKhan_PencilDrawing.jpg

    *මේකත් මෙයාගෙම වෙන විදියකට කරපු එකක්.මේක පැන්සලෙන් ඇදලා පරිගණකයෙන් තමා වර්ණවත් කරලා තියෙන්නෙ.

    SK-Copy.jpg

    *මේ තියෙන්නෙ Britney Spears ගෙ ක්ෂේත්*රයට ආපු මුල් දවස් වල පින්තූරයක් බලායගන ඇදපු එකක්.එච් බී පැන්සලක් පාවිච්චි කරපු නිසා තමපි ගොඩක්ම ලා පාටට පේන්නෙ. දිනය 2007 නොවැම්බර් 24
    BritneySpears.jpg

    *මේක පරණ පොතක දැකලා බලාගෙන ඇදපු එකක්.පැන්සල තමා භාවිතා කරලා තියෙන්නෙ. 2බී ඉදලා 6බී වෙනකම්.

    0001copy.jpg

    * මේකත් ඒ විදියටම කරලා තියෙන්නෙ.අපේ රටේ ගමක දර්ශණයක්.මොකක් හරි හේතුවකට මට මේක සාර්ථකව අවසන් කරගන්න බැරි වුණෘ!! දිනය 2006 මාර්තු මාසෙ දවසක්.

    Village.jpg

    *මේකෙ ඉන්නෙ පිළිහුඩුවෙක්.ඇක්රිලික් මාධයයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ.

    Piluhuduwa-1.jpg

    * මේක මම 10 වන වසරේ සිටියදි ඇදපු එකක්. ඇක්රිලික් මාධයය තමා භාවිතා කරලා තියෙන්නෙ.වැඩි විභේදනයකින් යුත් පින්තූරයක් දැනට නැත.

    Girawa-1.jpg

    * මේ තියෙන්නෙ එකම රූපය ඇක්රිලික් සහ පැන්සල් මාධයයන් යොදා ගෙන කරපු නිර්මාණ 2 ක්.

    Hornbill-1.jpg
    Hornbill1.jpg

    *මේ තියෙන සියලුම නිර්මාණ පැන්සල පමණක් යොදාගෙන කරපු නිර්මාණ.මේවා එකින් එකට වෙන වෙනම විස්තර ලිවීමට අවශය නැතැයි සිතමි.

    eagle.jpg

    Cockatoo.jpg

    Owl.jpg

    Toucan1.jpg

    Swan.jpg
     
    Last edited:

    maleemsg

    Member
    :eek: මල්ලී....මේ ඔයා කරපු නිර්මාණද? නියමායි...මේ ගැන විචාරයක් දෙන්නවත් මට දැණුමක් නෑ මල්ලි....! ඒත් කලාතුරකින් කෙනෙකුට පිහිටන අපූරු දක්ෂ කමක් ඔයාට තියනවා කියලා නම් පේනවා...! සුභ පැතුම් මල්ලි!:) :)
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    maleemsg said:
    :eek: මල්ලී....මේ ඔයා කරපු නිර්මාණද? නියමායි...මේ ගැන විචාරයක් දෙන්නවත් මට දැණුමක් නෑ මල්ලි....! ඒත් කලාතුරකින් කෙනෙකුට පිහිටන අපූරු දක්ෂ කමක් ඔයාට තියනවා කියලා නම් පේනවා...! සුභ පැතුම් මල්ලි!:) :)

    බොහෝම ස්තූතියි අක්කා... මම තවම මේ හුය සංස්කරණය කරමින් සිටිනවා.තව සිත්තර ටිකක් එකතු කරන්න තියෙනවා.තව සුලු වේලාවකින් අවසන් කරන්න පුලුවන්.
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    pooh27 said:
    ලස්සනයි. :) නමුත් මට නම් ච්ත්*ර ඇදිමට හැකියාවක් නැහැ. :no:
    බොහොම ස්තූතියි ඔබට.
    සිත්තර ඇදිමට හැම කෙනාටම හැකියාවක් තිබෙන බව තමයි මම විශ්වාස කරන්නෙ.තමන් නිර්මාණය කරන ශෛලිය තමයි එතනදි මූලික වෙන්නෙ.මම දකින විදියට බොහෝ දෙනෙක් තමන්ට හැකියාව නෑ කියල හිතන්නෙ බොහෝ දුරට අන් අයගෙ ශෛලින් එක්ක තමන්ගෙ හැකියාව සංසන්දනය කිරීම නිසා.බොහෝ විට මේ විෂයෙහි දක්ෂ අයගෙ සිත්තර දිහා බලලා තමන්ගෙ හැකියාව අවතක්සේරු කරගැනිම එතනදි සිදු වෙනවා.
     
    මේක මම මගේ අවසන් චිත්ර ගුරුතුමාව පරිකල්පනයෙන් ඇඳපු එකක්. තවත් සර්ලා හිටියා. 9, 10, 11 පන්ති වලදි හිටියේ මේ සර් තමයි. අදටත් යාළුවො වගේ. මෙයා කණ්නාඩි නම් තවම දාන්නෙ නෑ. වෙන අයට අඳුණගන්න බැරි වෙන්න මම කණ්නාඩි දෙකක් දැම්මා...;)

    සර්ගෙ නම අජිත් රෝහණ රණසිංහ. මට හමුවුණ හොඳම ගුරුවරයෙක්.
    මම මේක මටම හිතිලා පසු කාලෙක ඇඳපු එකක්. 11 අන්තිමේදි වගේ. දිය සායම් සහ පින්සල විතරයි තමයි පාවිච්චි කරල තියෙන්නේ.

    11WasarePothen04-AjithRohanaRanasin.jpg
     
    Sinhala Kolla said:

    නියමයි මලේ... ඔයා කියන දේ හරි. හැමෝටම කවි ලියන්න වගේම චිත්ර අඳින්නත් පුළුවන්. හැමෝම පුංචි කාලෙ මොනව හරි ඇඳල තියෙනවනේ. ච්ත්රය කියන්නෙ මූලිකම ප්රකාශන මාධ්යයක්...

    මේක පිකාසෝගෙ ප්රසිද්ධ Guernica
    චිත්රය. මේක ප්රකාශනයක් විධියට මාර ගැඹුරුයි. ඒත් චිත්රයක් විධියට හරිම සරලයි.

    guernica.jpg
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    freednbeing said:

    freednbeing අයියාට දිය සායම් මාධයය හැසිරවීමේ හොද හැකියාවක් තියෙනවා.මට පේන විදියට සිතුවමේ ඉන්න අජිත් සර් freednbeing ට බොහොම සුවිශේෂි කෙනෙක්.ඒ නිසා වර්ණ හැසිරවීමේදී හොදට සැළකිළිමත් වෙලා තියෙනවා.තද වර්ණ වැඩිපුර යොදාගැනීමෙන් මෙන්ම පසුබිම වර්ණ ගන්වා ඇති ආකාරයෙන් ඒ බව පැහැදිලිවම ඔප්පු වෙනවා.කණ්නාඩි 2 ක් දැමීම නිසා නිර්මාණයට හානියක් වෙලා නැහැ.කොහොම වුනත් පසුබිමට මුහුණ දෙපසින් වඩා අදුරු වර්ණ නොයොදා ලා වර්ණ යෙදුවානම් සිතුවමේ රූපය තව දුරටත් කැපී පෙනෙන්න තිබුණා.

    කෙසේ වෙතත් ඉතාමත් හොද නිර්මාණයක්.මම නිර්මාණ කරද්දි යොදා ගන්නා ශෛලියට සම්පූර්ණයෙන්ම වෙනස් ශෛලියක් තමයි මෙතන තියෙන්නෙ.
     
    ඔවු!! චිත්රය ගත්තොත් ලෝකයේ සෑම කෙනෙක්ටම රස විදින්න පුලුවන් එකම ප්රකාශණ මාධයය කිවුවොත් තමයි නිවැරදි.භාෂා භේදයකින් තොරව දැකීම නැමැති සංවේදනය තියෙන ඕනෑම මනුෂ්යයෙකුට චිත්රය රස විදින්න තේරුම් ගන්න පුලුවන් වීම තමයි එහි ඇති විශේෂත්වය.
     
    සංගීතය සහ අභිනය (නර්තනය) කියන්නෙත් එහෙම එකක්. ටිකක් සංකීර්ණ වුණත් ලිවීම කියන එකත් එසේමැයි.
     
    Sinhala Kolla said:
    freednbeing අයියාට දිය සායම් මාධයය හැසිරවීමේ හොද හැකියාවක් තියෙනවා.මට පේන විදියට සිතුවමේ ඉන්න අජිත් සර් freednbeing ට බොහොම සුවිශේෂි කෙනෙක්.ඒ නිසා වර්ණ හැසිරවීමේදී හොදට සැළකිළිමත් වෙලා තියෙනවා.තද වර්ණ වැඩිපුර යොදාගැනීමෙන් මෙන්ම පසුබිම වර්ණ ගන්වා ඇති ආකාරයෙන් ඒ බව පැහැදිලිවම ඔප්පු වෙනවා.කණ්නාඩි 2 ක් දැමීම නිසා නිර්මාණයට හානියක් වෙලා නැහැ.කොහොම වුනත් පසුබිමට මුහුණ දෙපසින් වඩා අදුරු වර්ණ නොයොදා ලා වර්ණ යෙදුවානම් සිතුවමේ රූපය තව දුරටත් කැපී පෙනෙන්න තිබුණා.

    කෙසේ වෙතත් ඉතාමත් හොද නිර්මාණයක්.මම නිර්මාණ කරද්දි යොදා ගන්නා ශෛලියට සම්පූර්ණයෙන්ම වෙනස් ශෛලියක් තමයි මෙතන තියෙන්නෙ.
    ස්තූතියි මල්ලි විවේචනයක් දුන්නට. මම මේක විනාඩි 5-6කින් ඇඳපු එකක්. නිකන් කටුවට... පස්සෙ තව ඒව දාන්නම්කෝ...
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    මේ මම දන්න කෙනෙක්..ඇදල නම් ටිකක් කල්:) වෙලාවක් ලැබෙන පමනින් දාන්නම්...

    2nbrr4j.jpg

    charcoal on corolla paper:)
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    :eek::eek::eek::eek:කෝ සිත්තරු නැද්ද EK එකේ?

    බිත්තියෙ ගහල තියෙන අඩි ගනන් වල ඒව කෙසේ දාන්නද...:lol: ස්කෑනරය A4 ප්රමාණයේ පමණි:)