ගලබොඩ~දියඇල්ල~චාරිකාව

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගලබොඩ~දියඇල්ල~චාරිකාව




    ඊයේ (ඉරිදා දවසේ (21/11/2010)) මට
    කාලයකට පස්සේ විනෝද චාරිකාවක් යන්න අවස්ථාවක් ලැබුනා..
    මම මේ ගමන යන්නට සතියකට උඩදීම කියාගෙන හිටියා මේ ඉරිදා මේ ගමනට සුදානමින් ඉන්න විත්තිය..
    ඒත් ඒ තැන් වලදි මම සටහන් කලේ නෑ.. යන්නේ කොහෙටද යන විත්තිය..

    අපිට නිවාඩුවක් ලැබෙන්නේ ඉරිදා දවසක විතරයි නේ..
    ඒ හින්දා ඒ කාලයේදි වත් මේ වගේ ගමනක් ගියේ නැත්නම්
    ඉතින් වැඩක් නෑ..

    කොහොම හරි.. ඒ ගමනාන්තයේදි.. මම ලබාපු අත් දැකිම් ඒ ආකාරයටම එළකිරි සාමාජිකයන් අතර බෙදා ගන්න හිතුවේ..
    මේ වගේ සුන්දර ප්‍රදේශ ගැන බොහෝ දෙනෙක් නොදන්නා නිසයි..



    ගලබොඩ දිය ඇල්ල ගැන බොහෝ දෙනෙක් අසා සිටියත්.. ඒ ස්ථානයට යන්න ලැබෙන්නේ අතලොස්සකට පමණයි..
    හේතුව ඒ ගමනාන්තය හුගක් දුෂ්කරයි.. (ඒ තරම් දුෂ්කර නම් නෑ.) ඒ වගේම බොහෝ දෙනෙක් නමින් දන්නා වුනත්..
    ඒ දිය ඇල්ල බොහෝ දෙනෙක් දැකලා නැතුව ඇති..
    ඒ හින්දායි.. මම හිතුවේ අපේ සාමාජිකයන් අතර මම කැමරා කල පින්තුර බෙදා හදා ගන්න..



    අපි නුවර දුම්_රිය ස්ථානයට ලගා වුනේ උදේ 8.07 වෙන විටයි....


    dsc03215a.jpg


    dsc03216u.jpg




    දුම්_රිය ස්ථානයේ ඇතුල් වුන විට පෙනෙන්නේ මේ ආකාරයටයි..

    dsc03219.jpg


    dsc03224tk.jpg


    dsc03225sa.jpg


    dsc03227bv.jpg


    අපේ යාලුවන් බලනවා වෙන්න ඇති.. ඇයි මේ. සෙනග නැත්තේ කියලා..
    මේ ගිය ඉරිදා දවසේ පොය දවසක් නිසා වැඩි සෙනගක් පෙන්න නම් හිටියේ නෑ..

    අනික කොච්චිය යන්න වේලාව ලං වේලා තිබ්බ හින්දා..
    හුග දෙනෙක් ඒ වෙනකොටත් තමන්ගේ ආසන වලට ගිහිල්ලායි හිටියේ..


    dsc03228m.jpg


    උදේ 8.25 ට කොළඹ බලා පිටත් වෙන කොච්චියට (පොඩි මැණිකේට) තව වේලා තියෙන හින්දා..
    පොඩි රවුමක් ගහලා මේ පින්තුර ටිකත් එකතු කර ගත්තා..

    dsc03229n.jpg





    පොඩි මැණිකේ වේලාවට කලාවට වැඩ කරන විත්තිය අපිට ඔප්පු කරන්නාක් මෙන්
    වේලාවට කොච්චිය ගමන ආරම්භ කලා..

    අපිට මේ කොච්චියෙන් පේරාදෙණියේ දි බහින්න සිදු වෙනවා..
    බදුල්ලට යන කොච්ච්යට මාරු වෙන්න නම්..


    dsc03233ae.jpg



    බදුල්ල බලා පිටත් වෙන්න පේරාදෙණියේදි අපේ මිනිසුන් මෙන්ම..
    විදේශ රටවල්වල සංචාරකයන් පවා ඒතන රෑදිලා හිටියා..


    dsc03231q.jpg



    විනාඩි 10 ක් පරක්කු වේලා හරි බදුල්ලට යන කොච්චිය ස්ටේෂමට ලං කලා..
    ඒතනින් තමයි අපිට දිගු ගමණක් යන්න තියෙන්නේ..

    ඒ ගමන අතරතුරේදි ගත්ත පින්තුර ටිකක් එකතු කලා බොහෝ දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතලා..

    dsc03235.jpg


    ගලබොඩට යන්න නම්.. නාවලපිටිය ස්ටේෂම පහු කරලා පොඩි දුරක් යන්න තියෙනවා..

    dsc03238.jpg


    dsc03240.jpg


    මේ ස්ටේෂමෙන් බොහෝ දෙනෙක් බහි කියලා හිතුවත්..
    තවත් වැඩිපුර සෙනගක් කොළඹ බලා යන්න මේ ස්ටේෂමෙන් ගොඩ වුනා..


    නාවලපිටිය ස්ටේෂම පහු කරලා පොඩි දුරක්
    යන අතර තුරේදි තවත් පින්තුර වගයක් එකතු කර ගත්තා..

    dsc03242tx.jpg


    dsc03244ly.jpg


    dsc03245w.jpg


    dsc03246t.jpg


    dsc03248d.jpg


    dsc03249g.jpg



    ගල්බොඩ කියන මේ ස්ටේෂමෙන් අපි බැස්සේ නාදුරන පලාතකට ආව ආගන්තුකයන් මෙනි..

    dsc03250p.jpg


    dsc03251n.jpg





    මේ ස්ටේෂමෙන් අපේ සෙට් එකේ කට්ටිය යි තව කිහිප දෙනෙකුත් තමයි. බැස්සේ..

    අපි එහෙනම් යන්නම්.. කියන්නාක් මෙන් හෙමින් සිරුවේ අපි ආව කොච්චියත් අපෙන් සමු අරන් යන්න ගියා...


    රේල් පාරේ ටික දුරක් අපි කොච්චියෙන් ආව දිශාවට අපිට යන්න සිදුවුනා..
    ඒ වේලාවේ දී අපි සෙට් එකේ කිහිප දෙනෙක් ම උදේ කෑම කාලා තිබ්බේ නැති හින්දා..
    ඒතන පොඩි වේලිලා තිබ්බ කඩයකට ගොඩ වුනත් කන්න තරම් දේයක් එකේ තිබ්බේ නැති හින්දා..
    මේ කඩයෙන් මොනවාත් කන්නේ නැතිව ඉන්න එක ඇගට ගුණයි කියලා
    අපි තිරණය කලා..

    ඒ අතරේදි ඒ කඩයට ඇවිල්ලා හිටිය අම්මා කෙනෙක්.. අපි දිහා බලලා..
    " දිය ඇල්ල බලන්න ද යන්නේ " කියලා ඇහුවා..
    මම ඉතින් ඔලුව වනලා " ඔව් අම්මේ " කියලා කිව්වේ.. නොඇහුන ගාණට ඉන්න හොද නැති හින්දා..

    ඊට පස්සේ.. ඒ අම්මා කිව්වා.. " පුතාලා පරිස්සමෙන් යන්න ඒ පැත්තේ හොරු ඉන්නවා.. ඒ හින්දා අතුරු පාර වල යන්නේ නැතුව යන්න " කියලා ඒ අම්මා ගේ කරුණිකව කියා හිතියේ ඒ අම්මාගේ කරුණාව හින්දායි..

    මම ඉතින් ඒ කිව්ව දේ වෙනුවෙන් ඒ අම්මාට ස්තුතියි කරලා ඉදිරියට ගමන් කලා..


    මේ තියෙන්නේ ගලබොඩ දිය ඇල්ල බලන්න යන්න තියෙන දොරටුව..

    කලින් නම් මේ දිය ඇල්ල බලන්න කිසිම ගාස්තුවක් අය කලේ නෑ..
    ඒත් දැන් නම්.. රු. 20ක් එක පුද්ගලයෙකුගෙන් අය කරනවා..


    dsc03252tu.jpg



    ටිකට් පත මිලදි ගෙන ඉදිරියට යන අතර තුරේදි හමු වුන තැන් වල පින්තුර ටිකක් එකතු කර ගත්තා..



    dsc03254.jpg


    dsc03256kf.jpg



    දිය ඇල්ලට යන්න නම් විනාඩි 20 ක වගේ දුරක් ගමන් කරන්න තියෙනවා.. අපිට නම් ඊටත් වඩා වේලා ගියා.. අපේ ඉන්න සෙට් එක කෑම කාලා තිබ්බ නැති හින්දා..
    ඒ හින්දා අපිට ඒ පැත්තේ
    කඩයක් හොයාගෙන යන්න සිදු වුනා..



    dsc03257rl.jpg



    දිය ඇල්ලෙන් එන ජලාශය පහලින් පොඩ් දැම් එකක් වගේ තියෙන තැනටයි එකතු වෙන්නේ..
    අර දුරින් පෙන්නේ ඒ ස්ථානයයි..


    අපි ඒ තැනට ලං වෙද්දි තමයි දැක්කේ ඒ හරියේ..
    නාන්න කියාපු තැනක් කියලා.. ඒ හින්දා අපි පොඩි වේලාවක් ඒතනින් කෑම කන්න වේලාව වෙන් කර ගත්තා..

    dsc03296n.jpg



    මේ පොඩි පාලමෙන් තමයි අපිට එගොඩ වෙන්න තියෙන්නේ..
    ඒ පාලම උඩ ඉදලා දෙපැත්තම බැලුවාම මේ විදියටයි අපිට පෙන්නේ..

    dsc03259j.jpg


    dsc03261k.jpg


    dsc03260ag.jpg



    අපි කෑම කාලා ඉවර වෙලා නැවටත් ගමන ආරම්භ කලා..
    ගලබොඩ දිය ඇල්ල දුරින් මේ විදියටයි මට පෙනුනේ..


    dsc03262y.jpg


    දුෂ්කර ගමණක් වගේ තිබ්බාට අපිට නම් ඒ තරම් ගාණක් තිබ්බේ නෑ..
    මම හිතන්නේ මේ තියෙන දුෂ්කරතාවය හින්දායි.. මේ පැත්තේ හුග දෙනෙක් එන්නේ නැතුව ඇත්තේ කියලා...


    dsc03263a.jpg



    ඒ දිය ඇල්ල ලගට ගියාම තමයි.. අපිට දැන ගන්න ලැබුනේ අපිට කලින් සෙට් එකක් ඇවිල්ලා ඉන්න විත්තිය..
    ඒ හරියේ 20 දෙනෙක් වගේ හිටියා..

    මට ඒ දිය ඇල්ලේ සුන්දර දසුන් ටිකක් එකතු කර ගන්න පුලුවන් වුනා..

    dsc03274m.jpg


    dsc03275r.jpg


    dsc03280j.jpg


    dsc03281l.jpg


    dsc03282c.jpg




    ගලගොඩ දිය ඇල්ලේ ආශ්වාදය අපේ එළකිරි සාමාරිකයන්ට.. පෙන්නන්න ඕන හින්දා..
    මම පොඩි වේලාවක් විඩියෝ ගත කලා..




    ඒ දිය ඇල්ලෙන් අපි නාලා ඒ මොහොතට විනෝදයක් එක් කර ගත්තා..

    ගලබොඩ දිය ඇල්ලේ චාරිකාවේ මම ලබාපු අත් දැකිම් එහෙන් පිටින්ම ඔයාලට සමිප කරන්න බැරි වුනත්.. තරමක් දුරට හරි මට ගලගොඩ දිය ඇල්ලේ චාරිකාව ගැන පොඩි කරුණක් හරි වටහලා දෙන්න පුලුවන් වුනා නම්..
    ඒ දේ තමයි.. මම මේ ත්‍රේඩ් එකෙන් වුනත් බලාපොරොත්තු වුනේ..



    අන්තිමේදි.. අපි ගලබොඩ දිය ඇල්ලට සමු දිලා 2.50 ප.ව. තියෙන කොච්චිය ඇල්ලිමට ස්ටේෂමට ලන් වුන මොහොත තමයි මේ..

    dsc03298m.jpg



    මේ ත්‍රේඩ් එක ගැන තමන් දරණ අදහස කියන්න පොඩි වේලාවක් වෙන් කර ගන්න
    මම හිතනවා මේ ත්‍රේඩ් එකෙන් ගලබොඩ දිය ඇල්ල ගැන නොදැන හිටිය අපේ යාලුවන්ට
    යමක් දැන ගන්න පුලුවන් වුනා කියලා..


     
    Last edited:

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නියම වැඩක් අය්යේ වැඩගත් කියන වැඩක් දන්නේ නැති හැමෝටම දැනගන්නත් එක්ක
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උපරිමයි සහෝදරයා....
    ලස්සනට Thread එක දාල තියෙනවා
    Thank U Very Very Much!
    :cool::cool::cool:
    RepS
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    dsc03235.jpg


    නියමයි මචන්
    මේ තියෙන්නේ අම්බුළුවාව කන්ද

    ගලබොඩ යන්න කිහිපවතාවක්ම ට්‍රයි කරත්
    යන්න සෙට් වුනු අය කීවේ ගලබොඩ යන්නෙ
    කපල් විතරයි කියලා
    මම ඉතින් තනියම යන්නේ කොහොමද
    You have given out too much Reputation in tha last 24 hours,
    try again later

    පස්සේ දෙන්නම්
     
    Last edited:

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ආ තව දෙයක් කියන්න අමතක වුනා
    photos ටික නම් සුපිරියට අරන් තියනවා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    dsc03235.jpg

    මේ imageඑකේ වෝටර් මාර්ක් එකක් දාලා නේද තියෙන්නේ
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    සියලු දෑ අන්තර්ගත ඉතාමත් අනර්ඝ ත්‍රෙඩ් එකක්......ගොඩාක් මහසිවෙලා තියෙනවා....!
    ස්තුතියි දැනුවත් කිරීමට ........ :D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Woow...Fatta place eka.
    niyemata tiyanawa thread eka.....apit nikan giya wage tamaii.

    4tos tika elakiri.

    Thankz Bro ~ !