මොලේ රැක ගන්න මේ ගැනත් හිතන්න

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොලේ රැක ගන්න මේ ගැනත් හිතන්න

    brain-speaks-paralysis.jpg


    මොළය කියලා ඔබ දන්නවා ඇතිනේ... ඉතින් අපි මේක රැක ගත යුතුම සම්පතක්. අපේ නොදැනුවත්කම නිසා අපේ ශරීරයේ වැද
    ගත්ම දෙය වන මොළයේ ක්‍රියා කාරීත්වයට හානි පමුණුවන බව ඔබ දන්නවාද? මම හිතුවා එසේ මොළයට හානි සිදුවන අවස්ථා කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න.

    1) උදේ කෑම නොගැනීම


    අපගේ කාර්ය බහුලත්වයත් එක්ක හුඟක් වෙලාවට උදේ කෑම වේල මග හැරෙනවා. එමගින් සිරුරට අවශ්‍ය සීනි මට්ටම නොලැබෙනවා (Low Sugar Level) වගේම මොළයටත් ප්‍රමාණවත් තරම් පෝෂණයක් නොළැබීමෙන් මොළයට හානි සිදුවෙනවා


    images


    2) පමණ ඉක්මවා ආහාර ගැනීම


    ඕනෑම දෙයක් ඕනාවට වඩා හොඳ නෑ කියනවනේ.. ආහාර ගැනීමටත් ඒක පොදුයි. වැඩියෙන් අහාරගත් විට අපගේ මොළයේ නිර්මාණාත්මක ශක්තිය අඩු වෙන බව පරීක්ෂණාත්මකව ඔප්පු වෙලා තියනවා.


    images



    3) දුම් පානය


    දුම් පානය මගින් මොළයේ හැකිලවීම වැඩි කරනවා.. එමගින් "Alzheimer disease" කියන රොගය වැළඳෙන්න පුලුවන්


    http://en.wikipedia.org/wiki/Alzheimer's_disease


    images


    4) අධික සීනි පරිබෝජනය


    ඕනාවට වඩා වැඩියෙන් සීනි ගැනීම සිරුරට ප්‍රොටීන වැනි පෝෂ්‍ය පදාර්තයන් උරා ගැනීමට බාධා පමුණවයි.. එමගින් මන්ද පෝෂණය ඇතිවී මොළයේ වැඩීමට අහිතකර ලෙස බලපානු ලබයි.


    images


    5) වායු දූෂණය


    අප පරිසරයෙන් හුස්ම ගන්න වාතයෙන් හුඟක්ම වැය කරන්නේ මොළයයි. වායු දූෂණය මගින් මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලබා නොදෙයි. එමගින් මොළයේ කාර්යක්ෂමතාවය අඩුවේ..


    images


    6) නින්ද මද බව


    මොළයට විවේකය ලබා දෙන එකම දෙය නින්දයි. දිගුකාලීන නිදි වර්ජිත බවින් මොළයේ සෛල විනාශ වී යා
    හැක.

    images


    7) නාසය අවහිර වනසේ නිදා ගැනීම


    අපේ සමහරුන් නිදා ගන්නේ කොට්ටෙන් නාසය වසෙන පරිදියි. එහෙමත් නැත්නම් ඔලුවේ ඉඳන්ම පෙරවාගෙන නිදියයි.. මෙයින් නාසය අ
    වට ඇති කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහල ගොස් ඔක්සිජන් මට්ටම පහතට යයි.. මෙය මොළයට සෘජුවම බලපානු ලබනවා.

    8) අසනීප වී සිටින විට පාඩම් වැඩ කිරීම


    තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක අපිට ලෙඩක් හැදුනත් පාඩම් වැඩෙහි නිරත වීමට සිදුවේ.. එහෙත් මෙසේ කිරීමෙන් මොළයේ කාර්යක්ෂමතාව අඩු වී මොළයට හානි විය හැකි බව ඔබ දන්නවාද?.. ඒ දවස් වල මොළය අධික ලෙස වෙහෙසවන පාඩම් වැඩ වලින් ඈත් වී සිටීම තමා නුවණට හුරු.


    images


    9) මොළය උත්තේජනය කරාන ක්‍රියාවන්ගේ අඩු බව


    නුවණැති චින්තනය මොළය දුයුණු කිරීමේ හොඳම මගයි. හිතීම අඩු වීමෙන් මොළයේ හැකිලීම වැඩිවිය හැක.


    images


    10) හරවත් දෙයක් කතා කිරීම


    බුදුන් වහන්සේත් කියලා තියනවනේ හරවත් දෙයක් හැම විටම කතා කරන්න කියලා. එසේ කතා කිරීම මොළ
    යේ දියුණුවට ලොකු රුකුලක් වන බව හොයා ගෙන ඇත.

    ඉතින් මේක වැදගත් කියලා හිතෙනවානම් රෙප් දීලම යන්න.
    අඩුම ගානේ comment එකක් වත් දාලා යන්න


    Email පණිවිඩයක සිංහල පරිවර්ථනයකි.
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    udeta kana ekanam ithin hama daama wage miss wenawa.. eka nisada danne na mage mole dan hodatama awl.. hahaha