ශ්‍රී ලංකා ටෙලිකොම් ADSL
ශ්‍රී ලංකා ටෙලිකොම් ADSL බ්‍රොaඩ්බෑන්ඩ්
පාරිභෝගිකයන් දෙලක්‍ෂය ඉක්‌මවයි
ශ්‍රී ලංකාවේ අංක එකේ විදුලි සංදේශ සේවා සහ බ්‍රොaඩ් බෑන්ඩ් සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ADSL2+ තාක්‍ෂණය මගින් තම දීපව්‍යාප්ත බ්‍රොaඩ් බෑන්ඩ් ජාලය ඔස්‌සේ දැනට පාරිභෝගිකයන් දෙලක්‍ෂයකට සේවා සපයා ඇති බව සතුටින් දැනුම් දෙයි. මෙරට සමස්‌ත බ්‍රොaඩ් බෑන්ඩ් සේවා පාරිභෝගිකයන්ගෙන් 70% ක් මීට අයත් වන අතර රැහැන් දුරකථන පාරිභෝගිකයන්ගෙන් 20% ක් අයත්වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් දියත් කරන ලද "එස්.එල්.ටි එල්ට් බ්‍රොaඩ්බෑන්ඩ් ටුවෙන්ටි 20" ප්‍රවර්ධන වැඩසටහන නිසා සමාගමට 2010 අපේක්‍ෂිත කාලයට පෙර තම ඉලක්‌ක සපුරාගත හැකි විය.
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පුලස්‌තිගම පී. ඊ. ඩී. ඒ. සිල්වා මහතා දෙලක්‍ෂය සම්පූර්ණ කරමින් එස්. එල්. ට් බ්‍රොaඩ් බෑන්ඩ් පාරිභෝගික සංඛ්‍යාවට සම්බන්ධ වූ නවතම පාරිභෝගිකයා විය. 2010 වසර තුළදී නව පාරිභෝගිකයන් 80,000 ක් පමණ අධිවේගී අන්තර්ජාල සහ IPTV සේවාවන් සඳහා එස් එල්ට් බ්‍රොaඩ් බෑන්ඩ් ජාලය සමග එක්‌ව සිටිති. දවසේ පැය 24 පුරාම අන්තර්ජාලය සමග සම්බන්ධ වීමට හැකිවීම, අධික වේගය, විශ්වාසනීයත්වය, පහසු ගාස්‌තු ආදිවාසි රැසක් ADSL බ්‍රොaඩ් බෑන්ඩ් සේවා මගින් පාරිභෝගිකයාට ලබාගත හැක. අන්තර්ජාලයට සම්බන්ධ වී සිටියදීම සාමාන්‍ය දුරකථන මාර්ගය හරහා දුරකථන ඇමතුම් ලබාගැනීමට හැකිවීම මෙන්ම අන්තර්ජාල රූපවාහිනි ආදී බහුමාධ්‍ය සේවා සැපයීම මෙමගින් පාරිභෝගිකයාට අත්වන සුවිශේෂී සේවයකි.
ඒ ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයනට ගැලපෙන පරිදි තත්පරයට මෙගා බිට්‌ස් 4 (4Mbps) දක්‌වා විවිධ ඩවුන්ලෝඩ් වේග සහිත එමෙන්ම මසකට රු. 500/} සිට විවිධ පැකේජ 7 ක් මගින් පාරිභෝගිකයනට දැන් මෙම සේවාවන් ලබාගත හැක. එම පැකේජ Entree, Home,
Xcite, Office, Office llP, Xcel, XcelllP නම් වේ.
අන්තර්ජාල පරිශීලකයන්ගේ මූලික තේරීම වන Entree පැකේජයට විශාල ඉල්ලුමක් ඇත. OfficellP, Xcel, XcelllP පැකේජ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවයනට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇත. තොරතුරු දැනගැනීම සඳහා අද බොහෝ පාරිභෝගිකයන් Wi-Fi පහසුකම් (වයර්ලස් අන්තර්ජාල කලාප) භාවිත කරති.
එස් එල් ටී බ්‍රොaඩ් බෑන්ඩ් ADSL/ADSL2+ තාක්‍ෂණය ඔස්‌සේ ඉදිරිපත් කර ඇති විවිධ අන්තර්ජාල පැකේජ මගින් පාරිභෝගිකයන් හට VolP, lPTV ඊ-ලර්නිං VoD ආදී සේවාවන් රාශියක් ලබාගැනීමට හැකියාව ලැබී ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම අගනා පාරිභෝගිකයන්ගේ බ්‍රොaඩ් බෑන්ඩ් ඉල්ලුමට සරිලන පරිදි අඛණ්‌ඩවම දිවයින පුරාම එහි ව්‍යqහයන් ව්‍යාප්ත කර ඇත. ඒ අනුව අම්පාර දිස්‌ත්‍රික්‌කයේ උහන, පොතුවිල්, හිඟුරාන ආදී ප්‍රදේශවලටද, බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ බඩල්කුඹුර, මහියංගනය, බිබිල ආදී ප්‍රදේශවලටද, යාපනය දිස්‌ත්‍රික්‌කයේ චාවකච්චරි, කිලිනොච්චි, කෝපායි, මනිපායි, ආදී ප්‍රදේශ, වලටද, හලාවත, හම්බන්තොට, යාපනය, කල්මුනේ මාතලේ ආදී දිස්‌ත්‍රික්‌කවල ඈත ගම් දනව් දක්‌වාද දැන් බ්‍රොaඩ්බෑන්ඩ් සේවාවන් පුළුල් කර ඇත.
උපුටා ගැනීම: දිවයින

.. they have huge loss in company income too.. I read some artical's about SLT.