IJTS එකෙන් JAVA කරන්න හිතනවාද???

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    IJTS එකෙන් JAVA කරන්න හිතනවාද???

    එහෙනම් මෙන්න මේ ‍බ්ලොග් එකත් කියවල බලන්න

    http://ranarala.blogspot.com




    ජාවා මගඩිය | Java Fraud
    ජාවා නැමැති පරිගනක භාෂාව ඇමක් ලෙස යොදාගනිමින් වසර ගනනාවක් තිස්සේ කරගෙන යන මහා පරිමාන ප්‍රෝඩාවක තොරතුරු හෙලිදරවු කිරීමට මම අදහස් කරමි. පුරා වසර අටකටත් වැඩි කාලයක් තිස්සේ ප්‍රමුඛ පෙළේ දේශීය මෙන්ම විදෙශීය ආයතන කිහිපයකම ජාවා ආශ්‍රිත මෘදුකාංග සැලසුම්කරණයේ හා සංවර්ධනයේ (Software Design and Development) යෙදී සිටින අයෙකු ලෙස හැකි පමනින් සමාජය දැනුවත් කර මේ මහ ජාවාරමෙන් හැකිතරම් පිරිසක් බේරා ගත යුතුයැයි මගේ හෘදසාක්ෂිය මා හට පවසන්නට වූ හෙයින් මේ මගඩිය පිළිඹඳ ලිපි මාලාවක් මෙසේ පළකිරීමට අදහස් කලෙමි. එක්තරා පිරිසක් විසින් කරගෙන යන ජාවාරමක් ගැන සත්‍ය තොරතුරු ඉතා පැහැදිලි සාක්ෂි සමග හෙළිදරව් කරනු විනා, මෙම ලිපි පෙළෙන් කිසිවෙකුට මඩ ගැසීමට හෝ අපහාස කිරීමට මා කිසිසේත් කටයුතු නොකරන බව අවධාරණය කරමි.

    ShowLetter.jpg



    අදින් වසර කිහිපයකට පෙර එක්තරා උදෑසනක නිචසේ සිට සේවා ස්ථානය කරා ගමන් ගනිමින් සිටියදී බම්බලපිටිය හන්දියේදී දුටු බැනරයක් මගේ සිහියට නැගේ. එහි සටහන්ව තිබුනේ ඉශාන්ත සිරිබද්දන නම් පුද්ගලයෙකු විසින් SCJP විභාගය සඳහා පවත්වන පන්තියක දැන්වීමකි. ඒවනවිටත් මා SCJP මෙන්ම SCBCD විභාගද සමත්වී සිටියේ ලකුනු සියයෙන් අනූ ගනනක් ලබා ගනිමිනි. මා එම විභාග එසේ ඉහනින් සමත්වී සිටියේ මා සතු විශේෂ දක්ෂකමක් නිසා නොව Java ආශ්‍රිත මෘදුකාංග සංවර්ධකයෙකු ලෙස තරමක අත්දැකීමක් ඇති ඕනැම කෙනෙකුට කෙටි සූදානම් වීමකින් පසු එම විභාග ඉතා පහසුවෙන් සමත්විය හැකි බැවිනි. මෙම විභාග සඳහා අවශ්‍ය කරුනු අන්තර්ජාලයෙන් ඉතා පහසුවෙන් සොයා ගත හැක. අප ආයතනයේ එවකට සේවය කල අය අතුරින් මෙම විභාග වලට පෙනී සිටි සියලු දෙනාම එම විභාග සමත්වූයේ අඩුම ගනනේ ලකුනු 80% වත් ලබා ගනිමිනි. (අසූ ගනන් ලබා ගත්තේ කිසිම සූදානමකින් තොරව විභාගයට පෙනී සිටි අයයි.)

    මෙවැනි විභාග වලින් සමත්වීම දැනට සේවයේ යෙදී සිටින අයට උසස්වීම් ආදිය ලබා ගැනීමේ අමතර සුදුසුකමක් වූවද, එය කිසිසේත්ම ආධුනිකයකුහට ක්ශේත්‍රයට පිවිසීම සඳහා සුදුසුකමක් නොවන්නේ මෙවැනි විභාග මගින් ආවරණය වන්නේ වෘත්තීය මෘදුකාංග ශිල්පියකු වීම සඳහා අවශ්‍ය දැනුමෙන් ඉතා සුලු කොටසක් වීම නිසාය.

    තරමක පළපුරුද්දක් අති අයකුට SCJP විභාගයට පෙනී සිටීම සඳහා අමතර පන්ති යාමට අවශ්‍ය නොවන නිසාත්, නවකයෙකුට එම විභාගය සමත්වීමෙන් එතරම් ප්‍රයෝජනයක් අත් නොවන නිසත් ඉශාන්තගේ එම දැන්වීම මාහට එකළ හාස්‍යයට කරුණක් විය.

    කෙසේ වෙතත් තම ටියුෂන් කඩය ගැන පනිවිඩය බොහෝ දෙනෙක් වෙත ගෙනයාමට ඔහු සමත් විය. කිහිපවිටක්ම මා දන්නා හඳුනන පාසල් සිසුන් සිය සාපෙළ / උ. පෙළ විභාගයෙන් පසු ඉහත කී පංතියට බැඳී SCJP විභාගයට පෙනී සිටීම ප්‍රයෝජනවත්දැයි විමසූවිට ඔවින්ට සැබෑ තත්ත්වය අවබෝධකර දීමට කටයුතු කළෙමි. කළක් විදේශ ගතව සිටි මාහට ඉශාන්තගේ පන්තිය නැවත් මතකයට නැගුනේ ඉබ්බෙක්ට සමනළ තටු ඇවිත් නැමැති බ්ලොග් අඩවියේ පළවූ ලිපියකට එහි සංස්කරක "ඉබ්බා" විසින් ලියූ මෙම කමෙන්ටුව කියවීමෙනි. (ඉශාන්තගේ පංතියට සහභාගීවූ සිසුවෙකුවන ඔහුගේ අත්දැකීමි සහිත මෙම දිර්ඝ සටහන කියවා බලන ලෙස ඔබටද ඇරයුම් කරමි.)

    ඔහුගේ එම සටහන කියවීමෙන් පසුව ඉශාන්තගේ මගඩිය ගැන තවදුරටත් සොයා බැලීමට මට සිත් විය. එතැන් සිට ඔහුගේ කෙරුවාව පිළිඹඳ සොයා බැලීමට මා යොමුවූ අතර අසරණ දරු දැරියන්ද, ඔව්න්ගේ දෙමාපියන්ද එයිනුදු නොනවතී සමහර මැති ඇමතිවරුන්ද පවා රවටමින් ඔහු සහ ඔහුගේ යහලුවන් යැයි සිතිය හැකි පිරිසක් විසින් කරගෙන යන ප්‍රෝඩාවන් රශියක් පිළිබඳ තොරතුරු හෙලිදරව් කරගැනීමටද මා හට හැකිවිය. මේ සෑම ප්‍රෝඩාවකම අරමුණ අනෙකක් නොව පරිගනක ක්ෂේත්‍රයට අධුනික පාසල් දරුවන් රවටාගෙන බඩ වඩා ගැනීම බව ඒවා දෙස විමසිල්ලෙන් බැලූවිට පැහැදිලිවම තෙරුම් ගත හැක.

    එදා වේල අසීරුවෙන් ගැට ගසාගෙන තම දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් තම දහඩිය මහන්සියෙන් හරි හම්බකරගත් හැම සතයක්ම වියදම් කරන උතුම් දෙමාපියන්ගේ නාමයෙන් මේ මහා මගඩිය පිළිබඳ මා සොයගත් තොරතුරු සියල්ල කොටස් වශයෙන් හෙලි කීරීමට මම බලාපොරොත්තු වෙමි. එසේම ඔබ දන්නා තොරතුරු සැපයීමෙන්ද ඔහුට රැවටීමට යන සිසුන් හා දෙමාපියන් දැනුවත් කිරීමෙන්ද මාහට සහාය වන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමි.


    (අයිතිය සැබෑ බ්ලොග් කරුවාගේය උපුටා ගැනීමක් පමණි - තවත් ලිපි කියවීමට මෙතනට යන්න)