සඳ එළිය තරමටම

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේ කතාව මම මෙච්චර දවසක් සඳ කියන නමින් ලියා ගෙන ආපු කතාවම තමයි.අළුතෙන් කියවන යාළුවන්ට ලෙසි වෙන්න මම හිතුව ඒක මෙහෙම පල කරන්න:D
    ඒත් ඔය ගොලලන්ගෙ කමෙන්ට් පරණ ට්‍රෙඩ් එකේම දාන්න.
    මේ තියෙන්නේ පරණ තැන. එතකොට කතාව දිගටම කියවන්න ලේසියි.
    කතාව තාම ඉවර නැති හින්දා නම චුට්ටක් වෙනස් කරා.මට හිතෙන්නෙ සවින්දකගෙ ආදරය හරිම ආදරණියයි.ලස්සනයි,පූජණියයි,නිර්මලයි හරියට සඳ එළිය තරමටම.

    මම මහා ලොකු නවකතා කාරයෙක් නෙවෙයි.නිකන් ඉන්නවට කම්මැලි කමට සුන්දර සිතිවිලි ටිකක් එක්ක අතීතයේ මිහිරියාව විඳින්න කරන පුන්චි උත්සාහයක් විතරයි මේ.
    ඒ උත්සාහය සාර්ථකද කියන එක තීරණය කරන්න ඕනෙ ඔයගොල්ලො.
    ඔයාලගෙ අදහස් මගෙ හිතට ලොකු හයියක් වේවි.:D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    1​




    'තාම නිදිද යන්නෙ නැද්ද' පොඩි කමරයට ආවෙ එහෙම අහගෙන.අවුරුදු උත්සවය බලන්න යන්න එච්චරම ආසාවක් සවින්දකට නොතිබ්බට නොගිහින් බැරි කමට සවින්දක යන්න ලැහැස්ති වුනා.

    සවින්දකලගෙ ගෙවල් තිබුනෙ ගමක.සවින්දකත් පුන්චි කාලෙ ගමේ ස්කෝලෙට ගිහින් 5 ශිශ්‍යත්වය පාස් වෙලා නගරයෙ පාසැලට ගියා.දැන් සවින්දක ඉන්නෙ උසස් පෙල පන්තිවල ඉගෙන ගන්නෙ ජීව විද්‍යා අංශයෙන්.ඒත් සවින්දක ස්කෝලෙ වැඩිපුරම කලේ බාහිර වැඩ.ක්‍රීඩා වලදි හැමතැනදිම සවින්දක ඉදිරියෙන් හිටියා.මේ පාර පාසැල් ක්‍රිකට් කණ්ඩායමේ දක්ශතම ක්‍රීඩකයා වුනේ සවින්දක.ඒ වගේම ලබන වසරෙ කණ්ඩායමේ නායකත්වය දරන්නත් නියමිතව ඉන්නේ සවින්දක.නාගරික ක්‍රීඩා සමාජයෙත් සවින්දකට හොද තැනක් තිබුනා.

    'අද මැච් එක කොහොම හරි ගහන්නම ඕන' පොඩි කියන්නෙ අවුරුදු උත්සවය අතරදි තියෙන විවාහක අවිවාහක ක්‍රිකට් මැච් එක ගැන.සවින්දකට නම් ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.කොහොමත් සොෆ්ට් බෝල් සෙල්ලම් කරන්න සවින්දක වැඩි කැමැත්තක් නෑ.ඒත් ඉතින් ගමේ වැඩේ හින්ද නොගිහින් බෑනේ.

    පොඩි කියන්නේ සවින්දකගෙ නැන්දගෙ පුතා.සවින්දකට වඩා අවුරුදු දෙකකින් බාලයි.යන්නෙ ගමේ ස්කෝලෙට.සවින්දකට ගමේ රැදෙන්න වෙලාව බොහොම අඩුයි.දවස් පහේම ස්කෝලෙ හවසට් ප්‍රැක්ටිස්.සෙනසුරාදා ඉරිදට ක්ලබ් මැචස් නැත්නම් ක්ලාස්.ඒත් සවින්දකට ගමේ හොද පිලිගැනීමක් තිබුනා.

    අවුරුදු උත්සවේ එහෙමෙහෙ කැරකිලා ඉදලා දවල් වෙද්දි මැච් එක පටන් ගත්තා.සවින්දකල මැච් එක දිනුම්.හැමෝටම මාර ෆිට්.සවින්දක හොදට වැඩ පෙන්නුවා.අන්තිමට මැච් දිනන කොට බැට් කලේ සවින්දකයි පොඩියි.මේ ජයග්‍රහණය සවින්දකට ඒ තරම් දෙයක් නොවුනත් පොඩිට නම් ඉහටත් උඩින්.'නියමයි සුදු අයියා' කියල පොඩි සවින්දිකව බදා ගත්තා.සවින්දකට ගෙදරට කියන්නේ සුදු පුතා කියලා.

    'තමුසෙ තව ටිකක් ඉදල එනවා මම යනවා' සවින්දක පොඩිට ඉන්න කියල ගෙදර යන්න බයිසිකලයට නැග්ග වෙලේ තමයි නංගිව දැක්කේ.සවින්දි සවින්දක ගෙ එකම නංගි.එයා අවුරුදු උත්සවේ බලන්න ආවෙ උදේමයි.ඒත් මෙච්චර වෙලා සවින්දක නංගිව දැක්කෙම නෑ.

    'මම ගෙදර යනවා' සවින්දක එහෙම කියනකොට තමයි දැක්කේ නංගිත් එක්ක හිටපු අනෙත් නංගිල දෙන්නව.ඒ දෙන්න කවුද කියල සවින්දක දන්නෙ නෑ.ඒ දෙන්නගෙන් පොඩි එක්කෙනා නම් සවින්දක දිහා බලල හිනා වුනා.ටිකක් විතර ලොකු එක්කෙනා සවින්දක දිහා බලල ආයෙ බිම බලා ගත්තා.සවින්දකට කවදාවත්ම නැතිව එයා දිහා තව පාරක් බලන්න හිතුනා....කවදාවත්ම නැතිව.

    සවින්දකට ගැහැණු ළමයි ගැන වැඩිය හැඟීමක් තිබුනෙ නෑ.සවින්දකට ස්කෝලෙ ගොඩක් ගැහැණු ළමයි කැමතියි.පන්තියෙ යාළුවො සවින්දකට හැමදාම කියනව මොකක්ද බන් හොද කෑල්ලක් සෙට් කර ගනින් කියලා.ඒත් සවින්දකට එහෙම හිතුනෙ නෑ.

    ගෙදර ගියාට සවින්දකගෙ හිත තිබුනෙ අවුරුදු උත්සවය ලග.තව ටික වෙලාවක් ඉදල ආවනම් හරි.ඒත් ආයෙත් යන්නත් කම්මැලියි.කොහොම හරි සවින්දක බලන් හිටියේ නංගි ගෙදර එනකම්.
    එකපාරට අහන්නත් බැරි හින්දා එහෙ මෙහෙ විසතර අහලා සවින්දක කාරණාව ඇහුවා.
    'කවුද අර තමුසෙත් එක්ක හිටපු නංගිලා......' 'කවුද තරු ලද.. ඒ කුසුම ටීච්ර්ගෙ දූල දෙන්න නේ.ඇයි ඔයා දන්නෙ නැද්ද ඒ ලොකු නංගි යන්නෙ ඔයාලගෙ ස්කෝලෙනෙ.'

    කුසුම ටීචර් සවින්දකගෙ පුන්චි කාලෙ ගුරුතුමී.සවින්දකට හරිම ආදරෙයි.

    'මම දැකල නෑනේ.කීය වසෙරෙද එයා ඉන්නේ.මොකක්ද එයාගෙ නම.'සවින්දක එහෙම ඇහුව නෙමෙයි එහෙම ඇහුනා.'මොනවද හලෝ ස්කෝලෙ ඉන්න අයවත් දන්නෙ නැද්ද.එයා සඳිති ඉන්නෙ 9 වසරේ.එයා නම් ඔයාව දන්නවා.'
    'අපේ ස්කෝලෙ මාව දන්නෙ නැත්තෙ කවුද හලෝ'

    සවින්දක එහෙම කියල එතනින් ගියා.

    සඳිති,තරු කුසුම ටීචර්ගෙ දූල දෙන්න.ඒ ගොල්ලන්ගෙ තාත්තා නෑ.අම්මයි ආච්ච් අම්මයි විතරයි ඉන්නේ.සදීති යන්නෙ නගරයෙ පාසැලට.තරු යන්නෙ ගමේ පාසැලට.තරු හරි කට කාරයි.තාම 5 වසරෙ ඉන්නෙ.

    සවින්දකට ජීවිතේ පලවෙනි වතාවට ඇස් දෙකක් ලඟ අතරම්ංවුනා.එක බැල්මක් ලඟ හිතා ගන්න බැරි තේරුම් ගන්න බැරි සිතිවිලි දහසක් අතර අතරම්ංවුනා.....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    2​





    එදා රෑ සවින්දකට නින්ද ගියෙ ගොඩාක් වෙලා ගිහින් උදේ නැගිටින කොට සවිදකට මතක වුනේ රෑ දැකපු ලස්සන හීන.'ආයෙ කවදද මට එයාව දකින්න හම්බ වෙන්නෙ....'
    උදේම ෆෝන් එක නාද වෙනවා.සෙන්ට ගෙන් කෝල් එකක්.
    සෙන්ට සවින්දකගෙ ස්කෝලෙ හොදම යාළුවවා ඇත්ත නම ඒක නොවුනත් හැමෝම කතා කලේ ඒ නමින්.
    'අද එනවද ටවුන් පැත්තේ.'
    'දවල් වෙලා එන්නම්'

    නිවාඩු දවස් වලට සවින්දක වැඩිපුරම කලේ ටවුන් එකේ වල ගහන එක.උදේට ගියාම හවස වෙනකම්ම ටවුන් එකේ.යාළුවොත් එක්ක සෙට් වෙලා හොරාට සිගරැට් එකක් බොන එක,සමහරදාට පොඩි ශොට් එකක් ගන්න එකේ බරපතල කමක් සවින්දකට දැනුනෙ නෑ.

    පුරුද්දට ටවුන් ගියාට සවින්දකට දැනුනේ කවදාවත් නොදැනුනු පාළුවක්.වෙනද වගේ නෙවෙයි කලින්ම සවින්දක ගෙදර ආවා.ඒත් ගෙදර ආවාම ගෙදර ඉන්න එක ඊට වඩා අමාරුයි.

    ඔය විදිහට දවස් දෙක තුනක් ගෙවිලා ගියා.අම්මලා පන්සල් යන්න ලැහැස්ති වෙනවා.අද පෝය නේද කියලා සවින්දකට මතක් වුනේ එතකොට.
    'යමු මාත් පන්සල් එනවා.'
    'මේ මොකද මේ...'
    නංගි එහෙම ඇහුවේ පුදුම වෙලා.
    පුන්චි කාලෙ ගියාට පස්සෙ සවින්දක කවදාවත් පෝයට පන්සල් ගිහින් නෑ.අම්මල කොච්චර කතා කලත් මොකක් හරි කියල සවින්දක ඒක මඟ හරිනවා.
    පන්සලට ගිය වෙලාවෙ ඉදන්ම සවින්දක හෙව්වේ ඒ ඇස් දෙක.පන්සල් වත්ත පුරාම ඇවිද්දත් සවින්දකට තාම එයාව දකින්න හම්බ වුනේ නෑ.
    'සුදු පුතා මෙහෙ එන්න.'
    අම්මට කොච්චර එපා කිව්වත් හැමතැනදිම අම්මා සවින්දකට කතා කරන්නෙ සුදු පුතා කියල තමයි.
    සවින්දක එක පාරට තිගැස්සුනා වගේ.අම්ම ඉන්නෙ කුසුම ටීචර් එක්ක.තරුයි සඳිතියි ත් එතන.

    'ආ ඉලන්දාරියා දැන් වැඩිය පේන්න නැහැනේ.දැන් ලොකු මිනිහෙක්නේ'
    කුසුම ටීචර්ගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ අම්මා.
    'කොහෙ දකින්නද මිස් මේ ටිකේ තමයි ඔය ගෙදර ඉන්නේ නැත්නම් හැමදාම මැච් කියලා උදේට යනවා එන්නෙ මම රෑට.මම බයේ ඉන්නෙ ඕව හින්දා විභාගෙ කර ගන්නෙ නැතිව ඉදී කියලා.'
    අම්මගෙ පුරුදු රෙකෝඩ් එක එතනටත්.

    'එහෙම තමයි හැමදේම එකට කරන්න ඕනේ.අම්මට බය නැතිව ඉන්න කියන්නකෝ නේද සවින්දක.මම දන්නවනේ කොල්ල හපනා කියලා..'
    කුසුම ටීචර් තාමත් සවින්දක ගැන විශ්වාසයි.

    නංගිත් ගෙදර ඇවිත් කියනවා ඔයා ගැන.ඔයා දන්නවනේ නංගිව එයත් ඔය ගොල්ලන්ගෙ ස්කෝලෙනේ යන්නේ..'
    එතකොටවත් සඳිති මුහුණ ඉස්සුවේ නෑ.ඔය ටික වෙලාවට සවින්දකට කිහිප පාරක සඳිති දිහා බැලෙන්න ඇද්ද.
    'පුතාල ඔහොම ඉන්න අපි ලොකු හාමුදුරුවො හම්බ වෙලා එන්නම්..'

    අම්මත් එක්ක කුසුම ටීචර් යන්න ගියා.
    සවින්දක අමාරුවෙන් කට ඇරියා.
    'ඔයා මොනවද ගෙදර ඇවිත් මං ගැන කියන්නේ....'
    සඳිති ඒත් බිම බලාගෙන උත්තර දුන්නෙ තරු.
    'ඔයාට තෑගි හම්බ වුනත් එයා කියනවා.මැච් වල ලකූනු ගැහුවත් එයා කියනවා.'
    නංගිගෙ අත මිරික මිරික සඳිති ඒත් බිම බලාගෙන.
    'අක්කට කතා කරන්න බැරිද.'
    'පුළුවන් '
    තරු එහෙම කිව්වත් සඳිති කතා කලේ නෑ.
    'ඔයාත් එන්න අපේ ස්කෝලෙට.'
    'මම විභාගෙ පාස් වෙලා එනවා...'
    පුන්චි තරු එහෙම කිව්වා.
    අම්මල ආව හින්දා ඒ ගොල්ලො යන්න ගියා.
    'ටටා..'
    තරු අත වනල යන දිහා සවින්දක බලා ගෙන හිටියා.
    'මොකද ගල් වෙලාද..'
    පොඩි ආවෙ එතකොට.
    'තරු හරි හුරතල් කෙල්ලෙ නේ බන්...'
    'ඇයි තරු ලගෙ අක්ක හොද නැද්ද.'

    පොඩි එහෙම අහන කොට නම් සවින්දකව ගැස්සුනා.
    'ඒකි හරි ආඩම්බරයිනේ..'
    පොඩිට මොකවත් තේරිලද කියලා පුන්චි සැකයක් සවින්දකට දැනුනා.
    'හරි අයියා ඔයා බලන්නකෝ මේ පොඩි එයාගෙ ආඩම්බර බස්සවන හැටි.'
    මූ මොනවද මේ කියන්නේ එහෙම හිතුනට ඒගැන හාර අවුස්සන්න සවින්දකට ඕන වුනේ නෑ.

    හැමතැනම සඳ එලියෙන් නැහැවිලා..මගෙ හිත විතරක් කළුවරයි
    ඒත් මගෙ ලොවට එලිය දෙන්න මගේ සඳ කවදද මගෙම වෙන්නේ..

    සවින්දක කවදාවත් නැති කවි පේලියක් ලිව්වා..

    එයාව මගේ සඳ කර ගන්න පුළුවන්ද.........
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    3​


    කාලය ටික ටික ගෙවිල ගිහින් ස්කෝලෙ පටන් ගන්න දවසත් උදා වුනා.අළුත් වාරය පටන් ගන්න දවස.ටීචර් ල හැමෝම ලොකු දේශන දෙනවා.
    'ළමයි දැන් ඉතින් ස්පෝට් මීට්, බිග් මැච් ඉවරයි.දැන් පන්තියෙ වැඩ කරගෙන ඉන්න ඕනා.'

    මේක නම් සවින්දකටම කිව්ව වගේ.පළවෙනි වාරෙ පන්තියෙ වැඩියෙන්ම හිටියෙ නැත්තෙ සවින්දක.පන්තියෙ ඉන්න එක නම් එපා වෙන වැඩක්.chemistry ටීචර් ගෙ උදේ පීරියඩ් දෙකෙන් පස්සෙ,bio පීරියඩ් දෙක.මේ පන්තියට ආව මුල් දවසෙම සවින්දකට හිතුණෙ ටීචර්ගෙ නෝට් බුක් එක ඉස්ස්සුවනම් පන්තියට එන්න ඕනෙම නෑ කියලා.bio teacher කරන්නෙ ඒ පොතේ තියෙන නෝට් ට්ක කියවන එක විතරමයි.හවසට physics ඒකත් එපාම වෙනවා.ඒත් ටීචර් ටිකක් හොද හින්දා පොඩ්ඩක් ශේප්.මේ අතරෙ සවින්දකගෙ හිතේ අර පුන්චි ඇස් දෙකත් සෙල්ලම් කරනවා.ඉන්ටර්වල් එක වෙලාවේ සෙන්ටවත් ඇදගෙන 9 වසර පන්ති පැත්තෙ ගියාට ඒ දෙක නම් දකින්න හම්බ වුනේ නෑ.පලවෙනි දවසත් ඉවරයි.ස්කෝලෙ ගේට් එක ගාවට වෙලා සවින්දක බලා හිටියේ සඳිති වෑන් එකට නඟින්න එනකම් ඒත් එයා වෑන් එකට නඟින තැනක් හොයා ගන්න සවින්දකට බැරිවුනා.

    ඔය විදිහට දවස දවස ගෙවිල ගියා.ස්කෝලෙ යාළුවොත් එක්කපිස්සුකෙලිනඑකයි,සූත්‍ර,සමීකරණ,න්‍යාය වලින් හිත හොඳටම පිරිල හින්දා සවින්දකට සඳිති ගැන හිතන්න වෙලාවක් තිබුණෙ නෑ.ඒ සතියෙ අන්තිම දවස සිකුරාදා.එදා නම් ස්කෝලෙ ඇරිලා සවින්දක ගේට් එක ලඟ හිටියේ යාළුවො ටික එනකම්...

    'සුදු අයියේ....ඔයා මොකද මෙතන කරන්නේ....'

    සවින්දකව ඇත්තටම ගැස්සුනා.සුදු අයියේ කියල කතා කරන්නෙ ගෙදරදි නංගි විතරයි.ස්කෝලෙදි කවුද එහෙම කියන්නේ..
    සඳිති.....
    සවින්දකට ඇස් අදහා ගන්න බැරිවුනා.
    'මොකුත් නෑ මං මේ යාළුවො එනකම් ඉන්නේ....'
    'එහෙනම් මම යනවා...'
    ඒ මොහොත නම් හීනයක්ම තමයි.නොසිතු වෙලාවක එක පාරටම සඳිති කතා කරපු එක හීනයක් වගේ තමයි.
    සවින්දකට කවදාවත් විඳල නැති අමුතු අමුතු හැඟීම් ගොඩාක් දැනූනා.ඒ වචන ටික සවින්දකගෙ හිතේ තත්පරයෙන් තත්පරය රැව් දෙන්න ගත්තා.....
    සෙනසුරාදා පන්ති යන්න සවින්දකට හිතුනෙ නෑ.දවසෙම කලේ කාමරයට වෙලා මනෝ ගහපු එක.හවස පොඩි එක්ක පිට්ටනියට ගියේ එතනට සඳිති ලගෙ ගේ පේන හින්දා.
    ඉරිදා උදේ නංගිත් දහම් පාසැල් ගිහින්,පොඩිත් දහම් පාසැල් ගිහින්..
    'අම්මේ නංගිලට දහම් පාසැල් ඉවරවෙන්නෙ කීයටද..'
    කොහොම හරි අම්මගෙන් වෙලාව අහගෙන සවින්දක සයිකලයට නැග්ග
    'අම්මේ දහම් පාසැල් ඉවර වෙන වෙලාවට පොඩි එන්න කිව්වා.මම පොඩ්ඩක් ගිහින් එන්නම්..'
    'ඒ පාර අළුත් සෙල්ලමක් පටන් ගත්තද.ගෙදර ඉදන් ගමේ රවුම් ගහන්න...'
    මොන දේ කරත් ඒකෙ වැරද්දක් අම්මට නම් පේනවා.
    'ඉතින් අම්මමනේ කියන්නේ ගමෙත් පොඩ්ඩක් ඇවිදල ඉදපන් කියලා...'
    සවින්දක පන්සලේ ගේට්ටුව ගාවට වෙලා බලාගෙන හිටියා.
    නංගියි,තරුයි,සඳිතියි එක්ක පොඩිත් එනවා දැක්කම සවින්දකට එක පාරටම මතක් වුනේ එදා පොඩි කියපු කතාව.
    ළමා සාරියට සඳිති හරිම ලස්සනයි.දැක්කම ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ.
    'මෙයා මොකද මේ'
    නංගිගෙ කට නම් කොහෙදිත් එකයි.
    'ඇයි අපිට එන්න තහනම් ද..නේද තරු..'
    හ්ම්ම්..'
    තරු හුරතල් වෙවී උත්තර දුන්නා.ඒත් සඳිති වෙනද වගේම බිම බලාගෙන. එදා ස්කෝලෙදි කතා කලාට පස්සෙ අද එයා හිනාවේවි වත් කියලා සවින්දක බලාපොරොත්තු වුනා.ඒත් වෙනද වගේම එයා බිම බලාගෙන.
    කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න අමාරු මහ පුදුම ජාතියක්කොහොම කතාවත් කොහෙදි හරි සවින්දක අහල තියෙනවා...
    ඒත් මෙයාව නම් තේරුම් ගන්නම වෙනවා...සවින්දකගෙ හිත සවින්දකට බල කලා.....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    4​


    හවස ගෙදර ගිහින් FB ලොග් වුනේ කම්මැලිකමට.මුළු wall එකම පිරිල.congratz bro for your first love..........:love::love::love:
    සෙන්ටගෙ පෝස්ට් එකට හැමෝම කමෙන්ට් කරලා..
    කමක් නෑ හොරෙන්ම කර ගනින්..
    කවුද බන් ඒ අවාසනාවන්තිය....
    කවුද බන් ඒ ලකී ගර්ල්...
    පාර්ටි එක කවදද...

    ඔය වගේ එක එක ජාතියේ කමෙන්ට් අතරින් සෙන්ට අන්තිමට මෙහෙමත් දාලා...
    ගමෙන්ම එකක් හොයා ගත්ත එක හොදයි මචෝ.

    සවින්දකගෙ ඇස් උඩ ගියා.මූ කොහොමද මේක දැන ගත්තේ...සවින්දක අනිතිමටම කමෙන්ට් කලා....
    උඹල ඔක්කොටම පිස්සු...කියලා..

    පහුවදා ස්කෝලෙ යනකොට බ්ලැක් බෝර්ඩ් එක පිරෙන්න එක එක ඒව ලියලා.දකින දකින් එකා සුබ පතනවා.පන්තියෙ කෙල්ලොත් අහනවා ඒ කවුද කියල කියපන් කියලා..

    'අභිනව පෙම් කුමරාට අපෙන් සුබ පැතුම්..'

    'අනේ මේ සෙනට උඹට මොකක්ද බන් හැදුනු පිස්සුව..'

    'පිස්සු හැදිල තියෙන්නේ අපිට නෙමෙයි මල්ලී..ඔයාට ඒත් උඹට මේ සෙන්ටට හංගල කිසිම දෙයක් කරන්න බෑ හරිද..'

    'දැන් උඹල ඔය කා ගැනද කියන්නේ..'

    'අපි දන්නෙ කොහොමද උඹ කියන්නේ නැතිව.කවුද කියල කියපන් උඹට ගමෙන් සෙට් වෙලා ඉන්න කෑල්ල.'

    'මොන කෑලිද බන්..'

    'අනේ පලයන් බන් යන්න වෙනද ටවුන් එකට එන්නෙ නැතිව එක දවසක් ඉන්න බැරි මිනිහා දැන් ගමෙන් හෙල්ලෙන්නෙ නෑ....උඹල හැරෙන කොට අපිට තේරෙනවා හරිද..'

    සෙන්ටත් එක්ක කතා කරල බේරේන්න බැරි නිසා සවින්දක නිහඬ වුනා.
    ඒ අස්සෙ එරා සෙනසුරාදා පන්ති යන්නෙ නැතිව බීච් ගිහින් සෙට් වෙන්නත් ප්ලෑන් කරල ඉවරයි.ඌට නම් මොන දේ උනත් කමක් නෑ සෙට් වෙන්න තියෙනවනම්..

    සෙන්ට ගෙන් දවසෙම බේරිල්ලක් නෑ විස්තර අහනවා.එහෙම එකක් නෑ කිව්වට පිලිගන්නෙම නෑ.

    'සෙන්ට උඹට මම ඇත්තම කියන්නම්.පොඩි නංගි කෙනෙක් මට එයත් එක්ක කතා කරන්න ඕන එච්චරයි.ඒත් තාම එයා මාත් එක්ක කතා කරන්නෙ නෑ...'

    'ඉතින් කියපන් අපිට හෙල්ප් එකක් දෙන්න බැරිද...'
    සවින්දක සෙන්ටට විස්තරේ කිව්වා...
    'ඉතින් ඒකිව හම්බ වෙලා උඹ ඒකිට ලව් කියල කෙලින්ම කියපන්..'

    'උඹට පිස්සුද ඒකි තාම පොඩියිනේ...අනික කෝමද බන් එහෙම අහන්නේ..'

    'දැන් උඹ හදන්නේ ඒකිට හිතින් ලව් කර කර ඉන්නද...'
    සෙන්ටගෙ කතාව ගැන සවින්දක පොඩ්ඩක් හිතල බැළුවා.
    ඇත්තටම මම එයාට ආදරෙයිද...නෑ නෑ එහෙම නෑ...මම කොහොමද එයාට ආදරය කරන්නේ..

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    5​

    සවින්දක හැමදාම ස්කෝලෙ ඉවර වෙන වෙලාවට සඳිති යන දිහා බලාගෙන හිටියට යාළුවො දකීවි කියලා කතා කරන්න ගියෙ නෑ.
    කොහොම හරි ඒ සතිය ඉවර වෙලා සෙනසුරාදා දවසත් උදා වුනා.සවින්දක එදා ක්ලාස් ගියේ අද නම කට්ටියගෙන් බේරුමක් නැති බව දැන ගෙනමයි.
    සවින්දකල A/L වලට ක්ලාස් ගියේ සවින්දකලගෙ නගරයට එහා නගරයට.ඉතින් ලැබෙන නිදහස ගොඩාක් වැඩි එකක්.එදත් සවින්දක යනකොට කට්ටිය ඔක්කොම හිටියෙ එකට.
    මාසෙ පලවෙනි දවසට ක්ලාස් කට් කරන්නේ ජොලියට එදාට ක්ලාස් පීස් ඉවර වුනාට පස්සෙ මුළු මාසෙම ක්ලාස් යන්න වෙන්නෙ නෑ.A/L පටන් ගත්ත මුල් කාලෙ ඉදන්ම මේ ගොල්ලට වුනෙත් මේ ටිකම තමයි.

    කට්ටිය ගනන් මිනුම් එකතු කරල බලල වෙනද වගේම එරා මූලිකත්වය අරන් වැඩේ සෙට් කරා.වෙනදා පුරුදු බීච් එකේ.
    සෙන්ට වෙනදා වගේම මුලින්ම කරන්නේ පොත් වල දින වෙනස් කරන එක.ගෙදර ගිහින් අම්මට පෙන්වන්න.වැඩේ පටන් අරන් ටික කට්ටිය ටික ටික කතා වැඩි කරත් වෙනදට වඩා සවින්දක හරි වෙනස්.
    වෙනද නම් වැඩියෙන්ම කතා කරන්නේ සවින්දක මැච් වල විස්තර තව තව වල් පල් දොඩවන්නෙ සවින්දක.මුලින්ම සින්දු කියන්න පටන් ගන්නෙත් සවින්දක මුලින්ම මුහුදට පනින්නෙත් සවින්දක.
    ඒත් අද ඒ මුකුත් නෑ සවින්දක කල්පනා කරනවා විතරයි.ටික ටික තමන්ගෙ පාලනය තමන්ගෙන් අයින් වෙන හැම මොහොතකම සවින්දකගෙ හිතේ මැවිල තිබුනේ ඒ ලස්සන මුහුණ විතරයි.

    යාළුවො ටික කොච්චර බල කලත් කිසිම දෙයක් නොකිය හිටියත් අන්තිමේදී සවින්දක හැමදේම කිව්වා.
    'යකෝ මූ මෙච්චර කලක් ඉඳල දැන් හදන්නේ බාල අපරාධ කරන්නනේ.'
    'අනේ මේ එරා මෙතන උඹල හිතන විදිහෙ දෙයක් නෑ.මට ඕනා එයාව මගෙම නංගි කෙනෙක් වගේ හැමදාම තියාගන්න විතරයි.'

    'හරි හරි ඔහොම තමයි මුලින් පටන් ගන්නේ අපි බලමුකෝ අපිත් ඉන්නේ ලංකාවෙනේ.'
    'මොනව වුනත් උඹට ඕන සප් එකක් අපි දෙනවා.'

    ඔහොම කතා මැද්දේ ගිහින් අනිතිමට සුපුරුදු පරිදි එරාගෙ කාපු බීපුව නැවත පිට කිරීමේ කටයුත්තෙන් පස්සේ එදා වැඩසටහන එහෙම ඉවර වුනා.

    ඉරිද සවින්දක ගෙදර හිටියත් දහම් පාසැල් ඉවර වෙන වෙලාවට බොහොම අමාරුවෙන් එහෙ නොගිහින් ඉන්න තීරණය කලා.

    සඳුද ස්කෝලෙ ගිය ගමන් සෙන්ට ආවෙ වීරයෙක් වගේ විස්තර ගොඩාක් හොයාගෙන.
    ''එයා ඉන්නෙ 9 A පන්තියේ.හැමදාම පන්තියෙ පලවෙනියා.තව විස්තර තියෙනවා ඒව පසුව.දන්නවනේ ඉතින් මේ සෙන්ටගෙ වැඩ.'
    සඳිතිගෙ හොදම යාළුව ඉන්නෙ සෙනටගෙ ගෙවල් ලඟ එයාගෙන් තමයි සෙන්ට විස්තර හොයාගෙන තියෙන්නේ.
    කාලය ගෙවිල යද්දි හැමදාම ස්කෝලෙ ඇරෙන වෙලාවට ගිහින් සඳිතිත් එක්ක කතා කරන එක සවින්දකගෙ පුරුද්දක් වුනා.ඒත් ඒ වෙලාවට කතා කරන්න පුළුවන් වුනේ උපරිම වචන දෙක තුනයි.සමහරදාට හිනාවක් විතරයි.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    6

    එක දවසක් සවින්දකට රංජිත් සර් එන්න කියලා තිබුනා.රංජිත් සර් ස්කෝලෙ ක්‍රිකට් භාර ආචාර්ය.
    'සවින්දක under 15 පටන් ගන්න ඕනා.තමුසෙ පොඩ්ඩක් පන්තිවලට ගිහින් ඒ ගොල්ලනව ක්‍රිකට් රූම් එකට එක්කන් එනව'
    සවින්දක පණිවිඩය කියන්න යන්න සෙන්ටවත් සෙට් කර ගත්තා.සෙන්ට ක්‍රිකට් නොගැහුවට සවින්දකත් එක්ක ඕන දේකට යන්න එනවා.
    'රංජිත් කාරයත් ඉදල හිටල හොඳ වැඩ කරනවා නේද '
    ස්කෝලෙ 15 න් පහල ක්‍රීඩා කරන්නේ 9,10 වසර වල ළමයි සෙන්ට කියන්නේ ඒ ගැන.
    දෙන්නත් එක්ක ගිහින් 10 වසරටයි 9 වසරෙ අනිත් පන්තිවලටයි පණිවිඩය කියලා 9-A පන්තියට යනකොට සවින්දකට අමුත් ගතියක් දැනුනා.වෙන තැන්වලදි නොදැනුනු.
    සවින්දක පන්තියට යන්කොටම සඳිතිව දැක්කා.එයා හිටියේ ඉස්සරහම පේලියේ ලොකු වැඩක් කර කර.එයා ඔළුව උස්සලා ටිකක් වෙලා බලන් ඉදල ආයෙමත් පොත දිහා බලා ගත්තා.ඒත් ඒ මුහුණෙ ඇදුණු පුන්චි හිනාව නම් සවින්දක හොදටම දැක්කා.
    කට්ටිය එක්කගෙන ක්‍රිකට් රූම් එකට එන අතරෙ සෙන්ටා සඳිති ලගෙ පන්තියෙ එකෙක්ව කතාවට අල්ලගෙන
    'මල්ලී සඳිති කා එක්කද යාළු'
    'අපෝ එයා කා එක්කවත් යාළු නෑ.කවුරුහරි යාළු වෙන්න ඇහුවත් ටීචර්ලට කියනවා.'
    'එහෙම තමයි අපේ නංගිලා උඹල එයාට මොකුත් කියන්නෙ නෑ හරිද.'

    එදා ස්කෝලෙ ඇරිලා සවින්දක ගේට්ටුව ලඟට ආවෙ අද නම මොනවම හරි කතා කරන්න ඕන කියලා
    හැමදාම හිතා ගෙන එන්නේ ඔහොම තමයි ඒත් ආවම කතා කරන්නේ මොනවද කියල හිතා ගන්න බැරි වෙනවා.
    'මම අද ඔයාලගෙ පන්තියට ආවා'
    'මම දැක්කනේ'
    'ඔයා පන්තියෙ ඉන්න කොට බරටම වැඩ නේද'
    එයා ඒකටත් හිනා වෙලා බිම බලා ගත්තා.හෙට වෙසක් පෝය නේද කියලා සවින්දකට මතක් වුනේ එතකොට.
    'හෙට පන්සල් එනවද'
    'ඔව් හෙට අපි සිල් ගන්නවා.සවින්දි අක්කත් ඒවි.'
    'මමත් එන්නද සිල් ගන්න.'
    'අනේ එපා එතකොට හෙට හඳ පායන එකත් නවතීවි.'
    සඳිති සද්දෙට හිනාවෙනවා සවින්දක දැක්කෙ එදාමයි.

    පෝය දවසෙ පොඩිත් එක්ක පන්සල් යනකොට පොඩි කියපු කතාවෙන් සවින්දකගෙ ඇස් උඩ ගියා.
    'සුදු අයියේ මට උදව්වක් කරනවකෝ.සඳිතිට කොල්ලෙක් ඉන්නවද කියල මට කියනවකෝ.'
    'තමුසෙට පිස්සුද....එයා තාම පොඩියිනේ.'
    'ඉතින් මමත් පොඩියිනේ.හරි හරි ඔයාට බෑ කිව්වනම් ඉවරයිනේ.'
    'මම කොහොමද ඔය පොඩි ගැන හොයන්නේ.මම එයාව ස්කෝලෙදි දැකලවත් නෑ.'
    'හරි හරි එහෙනම් මම ම හොයා ගන්නම්කෝ.'
    පන්සලට ගිහින් සවින්දක සඳිතිල ඉන්න පැත්තට ගියේ නෑ.ඒත් ධර්ම ශාලාවෙ ඉන්න සඳිති දිහා දෙතුන් පාරක්ම සවින්දක හොරෙන් බලන් හිටියා.
    පොඩි ගේ කතාවටත් එක්ක සවින්දකගෙ හිත අවුල් වෙලා තිබුනේ ඒ හින්දා කලින්ම සවින්දක ගෙදර ආවා.
    ඊළඟ දවසෙදිත් ගේට්ටුව ලඟදි සවින්දකට සඳිතිව හම්බ වුනා.
    'ඔයා ඊයේ පන්සල් ආවෙ නෑනේ.'
    'ආවෙ නැත්තෙ මොකෝ.ඒකනේ කියන්නේ ඔයාලට අපිව පේන්නේ නෑනේ.'
    'පේන්නෙ කොහොමද ඔයා එහෙනම් හැංගිලා ඉන්න ඇති.'
    'ඔයා මාව හෙව්වද කියල අහන්න කොච්චර හිත බල කරත් සවින්දක අමාරුවෙන් එහෙම අහන්නෙ නැතිව හිටියා.
    'දැක්කත් ඉතින් ඔයා එහෙදි කතා කරන්නෙ නෑනේ'
    'ඒ වුනාට මෙහෙදි කතා කරනවනේ'
    එයා බිම බලාගෙනම එහෙම කියලා යන්න ගියා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    7


    යාළුවො කොච්චර කිව්වත් උඹේ හිතේ තියෙන ඒව ඒකිට කියපන් කියලා සවින්දකට ඒකට හිත හදා ගන්න බැරි වුනා.තමන් සඳිතිට ආදරේ කරන බව සවින්දකට හොදටම තේරෙනවා වුනාට හේතු දෙකක් හින්දා ඒක එයාට කියන්නෙ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. එකක් එයා තාම පොඩියි අනික කුසුම ටීචර්.මේ හේතු දෙක හින්දා සවින්දක හැමදාම සිහින ලෝක වලම තනිවෙලා හිටියා.

    එයාව අමතක කරනවා කියලා කොච්චර හිතුවත් ඒ හිනාව කතාව ලඟදි සවින්දක ආයෙමත් හීන ලෝක වලට පා වෙනවා.අන්තිමට සවින්දක තීරණය කරා සඳිතිට ආදරය කරන්න.තමන්ගෙ ආදරය එයාට කියන්න ඕනා කියලා.

    'මචන් සෙන්ටා එයා මට කැමති වේවිද බන්'

    'ඒකි උඹට අකමැති වෙන එකක් නෑ බන්. ඒකි උඹත් එක්ක හැමදාම හොදට කතා කරනවනේ.සමහරවිට ඒකී බලන් ඇත්තේ උඹ ඇයි තාම ඒකිගෙන් ඇහුවේ නැත්තේ කියලා.'

    සඳිතිට ආදරය කරන්න කලින් තමන් හොඳ මිනිහෙක් වෙන්න ඕනා කියලා සවින්දක තීරණය කරා.
    සවින්දක මුලින්ම කරේ සිගරට් බොන එක නවත්වන එක.සවින්දක සිගරට් බොන එක නැවැත්තුවා කිව්වම සමහරු පිලිගත්තෙත් නෑ.සමහර උන් හිනාවුනා.සෙන්ට පොඩියට ශොට් එකක් ගත්තට කවදාවත් සිගරට් බොන්නෙ නෑ.ඉතින් ඒකට වැඩියෙම සතුටු වුනේ සෙන්ට.

    ස්කෝලෙ ඇරෙන වෙලාවෙදි මේක කියන්න බැරිබව සවින්දක දන්නවා.මේක කොයි වෙලාව්දිද එයාට කියන්නේ.

    'හරි මම කියන්නම සෙනසුරාදා හවස සඳිතිට ක්ලාස්. එයා ක්ලාස් යන්නේ දෙව්මිත් එක්ක.අපි ඒ වෙලාවට එයාව අල්ල ගමු.මම දෙව්මිව ශේප් කර ගන්නම උඹ සඳිතිට ටෝක් කරපන්.'

    දෙව්මි සඳිතිගෙ හොඳම යාළුවා ඉන්නෙ සෙන්ටලගෙ ගෙවල් ගාව හින්දා සෙන්ටව හොඳට දන්නවා.

    'මේ සතියෙ මැච් එකක් නෑ මචන්.මේ සතියෙම වැඩේට බහිමුද.'
    'ආ උඹට දැන් හදිස්සියි වගේ නේ.'

    දෙන්නත් එක්ක උදේ ක්ලාස් ගිහින් හවස් වෙලා ටවුන් එකට එන්න කතා කරගෙන හිටියට එදා සෙට් එකම ක්ලාස් කට් කරපු නිසා පුරුදු පරිදිම එදාත් කට්ටියට බීච් යන්න වුනා.සවින්දක බොන්න බෑ කියන කොට ඔක්කොම උන් හිනා වුනා.

    'උඹ ඒ කාලෙ අපිට හිනාවුනේ කෙල්ලෝ හින්දා චාටර් වෙන්න එපා කියලා.දැන් මොකෝ මේ..'

    එරා සවින්දක ඉස්සර කියපුව මතක් කර කර හිනා වෙනවා.

    'මේ මූ ඒකීට ලව් කියල තාම ඒකි දන්නෙත් නෑ බන්.මූ බීමත් නවත්වලා..අපෝ මෙයා චාටර් බන්..'

    කට්ටියගෙ කතන්දර හින්දම සවින්දක ඇති වෙනකම් බිව්වා.
    'උඹලට බොන්නනෙ ඕනෙ හරි මම බොන්නම්..'

    එදා සවින්දක මතක අමතක වෙන ගාණටම බිව්වා.සවින්දකට ආයෙ පියවි සිහිය ආවෙ හවස් වෙලා.එදා ගමන එහෙමම මඟ ඇරුණා.

    සඳුදා ස්කෝලෙ එනකොට කට්ටියම අමුතු අමුතු හිනා දානවා.

    'බලපල්ලකො කුමාරයගෙ ලස්සන'
    'මේ පරිස්සමෙන් හිටපල්ලා මෙයා සුරංගනා කතාවක කුමාරයෙක් හරිද..'

    මේ කතාවල තේරුම සවින්දකට තේරුම්ගියේ එරාගෙ ෆෝන් එකේ තිබුනු රෙකෝඩින් ඇහුවට පස්සේ.
    එදා බීච් එකේදී කියපුව සවින්දකට මතක නැතිවුනාට ඒව ඔක්කොම ෆෝන් එක මතක තියාගෙන.

    'මම බොන එක නැවැත්තුවේ උඹලත් එක්ක තරහකට නෙවේ බන්. ඒකි පුන්චි සුරංගනාවියක් වගේ. ඉතින් සුරංගනාවියකට ආදරය කරන්න මාත් කුමාරයෙක් වෙන්න ඕනෙ නේද බන්.පොඩ්ඩක් හිතපල්ලකෝ.උඹල කැමති නැද්ද මම ලස්සන ආදර කතාවක් ලියනවට.මට උදව් කරපල්ලකෝ.
    මීට පස්සෙ නම් උඹල මට නරක වැඩ වලට කතා කරන්න එපා.මට කුමාරයෙක් වෙන්න ඕනා.
    මගේ පුන්චි සුරංගනාවි මගේම කර ගන්න ඕනා...'

    සවින්දක ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන කතාව අහන් ඉඳලා එරාට සිය පාරක් විතර කියල කියල යන්තම් ඒක ඩිලීට් කර ගත්තා.....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    8​

    සවින්දක සෙනසුරාදා වෙනකම් දින ගැන ගැන හිටියට ඊළඟ සතියෙ සෙනසුරාදා සවින්දකට මැච් එකක් තිබුනා.ඒ හින්දා තව සතියක් දින ගනින්න වුනා.ඊට කලින් සිකුරාදා සවින්දකට ගේට්ටුව ලඟදි සඳිතිව හම්බ වුනා.

    'මට ඔයාව ටිකක් හම්බ වෙන්න ඕනා.'

    'ඉතින් අපි මේ හම්බ වෙලා ඉන්නේ'

    'මෙහෙම නෙවෙයි මම හෙට ඔයගොල්ලන්ට පන්ති ඇරෙන වෙලාවට එන්නද.'

    'ඔයා කොහොමද අපිට පන්ති තියෙන වෙලාව දන්නේ...

    'මම දන්නවනේ ඉතින්....'

    හෙට සඳිතිව හම්බ වෙන්න එනඑකට එයා අකමැත්තක් නෑ කියලා සවින්දකට හිතුනා.එදා රෑ නම් සවින්දකට නින්ද ගියේම නෑ.

    කොහොම හරි වෙලාවට ඇවිත් සඳිතිල පන්ති ඇරිල එන පාරෙ සවින්දකයි සෙන්ටයි දෙන්න බලාගෙන හිටියා.හොඳ වෙලාවට සඳිතියි දෙව්මියි දෙන්න ආවෙ ක්ලාස් එකේ ඔක්කොටම පිටිපස්සෙන්.
    'ඔය දෙන්න ක්ලාස් ඉවරවෙලත් ඉගෙන ගන්නවද..'

    සෙන්ට කතා කෙරුවට සවින්දකට දැනුනේ අමුතුම ගතියක්.මුළු ඇඟම රත්වෙලා වගේ.සවින්දකට දැනුනේ තමන්ගෙ හිතේ තියෙන දේවල් කියා ගන්න බෑ වගේ.
    සවින්දක යාළුවන්ගෙ වැඩ වලදි මේ වගේ අවස්ථා ගොඩකට මුහුණ දීලා තියෙනවා.කාට හරි ගෑණු ළමයෙකුගෙන් අහන්න ඕන වුනාම ඒකට ඉදිරිපත් වෙන එක සවින්දකගෙ පුරුද්දක්.
    ඒත් ඒ හැම තැනකදිම වඩා මේ වෙලාවෙ සවින්දකට දැනුනේ ලොකු වෙනසක්.
    කොහොම හරි සෙන්ට දෙව්මිත් එක්ක ඉස්සර උනාම සවින්දක සඳිති ලඟ තනිවුනා.
    බොහොම අමාරුවෙන් වචන ගලපගෙන සවින්දක කතාකලා.
    'කීයටද පන්ති පටන් ගත්තේ '
    'ඔයා පන්ති ඉවර වෙන වෙලාව දැන ගත්තට පටන් ගන්න වෙලාව දන්නෙ නැද්ද.'
    'ඒකත් ඇත්ත තමයි.3ට ඉවර වෙන්න නම් ඉතින් පන්ති පටන් ගන්න ඕනෙ 1ටනේ.ඒකට අපේ පන්ති 8ට පටන් ගත්තම ඉවර වෙන්න 12ට.'
    'ඔයගොල්ලො ඉතින් ලොකු ළමයිනේ.'

    ආයෙමත් ටික නිහැඬියාවකට පස්සේ සවින්දක හිතුවා දැන්නම අහන්න අහපු එක අහන්නම ඕන කියලා.
    'සඳිති ඔයා මං ගැන මොනවද හිතන්නේ..'

    'ඔයා ගැන.................ඔයා ගැන ඉතින් අනේ මන්දන්නෑ සුදු අයියේ..'

    'හරි එහෙනම් ආදරය ගැන ඔයා මොනවද හිතන්නේ'

    'හාපෝ මොනව අහනවද මන්දා මම තාම ඒව ගැන හිතල නෑ..'

    'එහෙනම් මම ඔයාට ආදරෙයි කියල කිව්වොත්..'

    සඳිතිගෙ ඇස් එකපාරටම උඩ යනවා සවින්දක හොඳටම දැක්කා.

    'ඔයාට පිස්සුද'

    සඳිති ඇහුවෙ බය වෙල වගේ.
    'හරි හරි බය වෙන්න එපා මම විහිළුවටනෙ කිව්වේ..'
    දැන් නම් ටවුන් එකටත් ලඟයි. දැන් මේ ගොල්ලන්ට යන්න දෙන්නත් ඕනා.අන්තිමට සවින්දක මෙහෙම කිව්වා.
    'මේ මම අරක කිව්වෙ විහිළුවට නෙවෙයි.ගෙදර ගිහින් හිමිහිට කල්පනා කරල පස්සෙ ඔයාට හිතෙන ඒව කියන්න.හැබැයි මාව අම්මටවත් ටීචර්ස්ලටවත් කියන්න නම් එපා හරිද..'

    ඒ වෙලාවෙ සඳිතිගෙ මූණෙ තිබුනෙ දේවල් තේරුම් ගන්න සවින්දකට බැරිවුනා.
    ඒ දෙන්නට යන්න දීල සෙන්ට කතාව පටන් ගත්තා.
    'මොකෝ වැඩේ හරිද.
    'යකෝ එහෙම කරන්න පුළුවන්ද එක දවසින් පොඩ්ඩක් ඉදපන්.'

    'මම හිතුවේ දෙන්න මල් කඩන විදිහට අදම වැඩේ හරි කියලා.මම දෙව්මිට කිව්වා.එයාගෙනුත් හෙල්ප් එකක් ගන්න පුළුවන්.මේව නිකන් කරන්න බෑ හරිද මේවට සලකන්න ඕනා.'

    'හරි හරි බන් උඹට නොසලකා ඉන්නවද මම'

    'බලමුකෝ කෙල්ල සෙට්වුනාම උඹට අපිවත් එපා වෙයිද දන්නෙ නෑ.
    'පිස්සුද බන් කෙල්ලෝ නෙවේ කවුරු සෙට්වුනත් මට උඹව එපා වෙනවද...'
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    9​

    සවින්දක එදා ගෙදර ගිහින් හැමතිස්සෙම කල්පනා කලේ තමන් කරපු වැඩේ හරිද කියල.
    අපරාදේ එයාට දැන්ම ඒක නොකිය ඉන්න තිබුනෙ.සවින්දක හිත එහෙම කිව්ව. එයා මොනව කරයිද ගෙදරට කියයිද,ස්කෝලෙ ටීචර්ලට කියයිද ඔට්ය වගේ ගොඩක් දේවල් හිතේ තෙරපිලා එදා රැයත් නින්ද නැතිවම ගෙවිලා ගියා.
    ඊළඟ දවසෙ සවින්දක හිටියෙ ගෙදර.නංගිලා දහම් පාසැල් ගිහින් ඇවිත් හවස නංගි පොඩිට හොදටම බනිනවා සවින්දක අහගෙන හිටියා.
    'තමුසෙ නම් මහ ඕනෙම නැති වැඩ කරන්නේ.මම යන්තම් කියලා එයාව ශේප් කරේ නැත්නම් තමුසෙව එයා ගෙදරටත් කියනවා.'
    'ඉතින් මම බය වෙයි.'
    මොනදේ වුනත් පොඩීගෙ කට අඩු වෙන්නෙ නෑ.
    'හැබැයි ආයෙ ඕවට ආවොතින් මම තමුසෙලා ගෙදරට කියනවා.'
    සවින්දක කතාව අහගෙන ඉදලා පොඩිව කාමරයට එක්කන් ආවෙ විස්තරය දැනගන්න.
    'නෑ සුදු අයියෙ මම අරයගෙන් ඇහුවා.'
    'කාගෙන්ද'
    සවින්දක ගොඩාක් කලබල වුනත් ඒක ඇඟ නොවෙන විදිහට එහෙම ඇහුවා.
    'සඳිතිගෙන් හලෝ.'
    'නෑ ඉතින් එයා මොනවද කිව්වේ.'
    'එයා මුකුත් කිව්වෙ නෑ බයවෙලා වගේ ගියා.ගිහින් තමයි අරයට කියලා තියෙන්නේ.එයා කැමතිද අකමැතිද කියලා දැන ගන්නවත් කලින් අරයා මැරෙන්න හදනවනේ.'
    සවින්දක පොඩ්ඩක් නෙවෙයි ගොඩාක් බයවුනා.
    ඒත් සඳිති තමන් ගැන නංගිට කියල නෑ හිත හදා ගත්තා.එහෙම වුනා නම් නංගි සවින්දකට බනින්නෙත් මේ විදිහට බව සවින්දක දන්නවා.
    පහුවදා ස්කෝලෙ ගිහින් හවස ගේට්ටුව ගාවට ගියාට සඳිති ආවෙ නෑ.එයාට වෙන යන්න තැනකුත් නෑ.ඒකියන්නේ එයා අද ස්කෝලෙ ඇවිත් නෑ.සවින්දකගෙ හිතට ආයෙම එක එක දේවල් එන්න ගත්තා.
    ඊලඟ දවසෙත් එයා ස්කෝලෙ ආවෙ නෑ.සවින්දක එදා කලින්ම ගෙදර ගියේ නංගිගෙන් මොනව හරි දැන ගන්න පුළුවන් වේවි කියල හිතාගෙන.
    ඒත් එකපාරටම නංගිගෙන් අහන්න බැරි කමට හිත හිත ඉන්න කොටම නංගි අම්මත් එක්ක කතා කරනවා සවින්දකට ඇහුණා.
    'අම්මේ මම සඳිතිව ටිකක් බලල එන්නම් එයා ලෙඩ වෙලාලු.මට අද තරු කිව්වේ.'
    සවින්දක හරියට හුස්ම ගත්තෙ ඒ කතාව ඇහුවට පස්සෙ.නංගිත් එක්ක සඳිතිව බලන්න යන්න කියලා හිත කොච්චර කිව්වත් එකපාරටම එහෙ යන්න බැරි හින්දා වගේම සඳිති ඒ වෙලාවට කොහොම මුහුණ දෙයිද කියන ප්‍රශ්ණය හින්දා සවින්දක ඒ අදහස හංග ගත්තා.
    සඳිති ආයෙ ස්කෝලෙ ආවෙ ඊටත් පස්සෙ දවසෙ.එයාව නොදැක හිටපු දවස් කිහිපය හරියට කල්පයක් වගේ සවින්දකට දැනුනේ.
    සවින්දකට දැනගන්න ඕන වුන මුල්ම දේ එයා තරහද නැද්ද කියන එක. සඳිති ව හම්බ වෙන්න ගේට්ටුව ලඟ බලන් හිටියේ ඒ හින්දා.
    'ඔයාට දැන් සනීපද'
    'දැන් නම් හොදයි'
    'ඉතින් ඇයි එකපාරටම ලෙඩ වුනේ'
    'එකපාරටම නෙවෙයිනේ ටික ටික තමයි ලෙඩ වුනේ'
    යන්තම් ඇති එයා වෙනද වගේම කතා කරනවා.සවින්දකගෙ හිතට ඒකෙන් ලොකු සැහැල්ලුවක් දැනුනා.
    ඊළඟ සෙනසුරාදාත් සවින්දක සෙන්ටත් එක්ක සඳිතිව හම්බ වෙන්න ක්ලාස් ඉවර වෙනකම් හිටියා.
    'මම නම් ගොඩාක් බය වුනා ඔයා ස්කෝලෙ ආවෙ නැතිවුනාම'
    'ඇයි ඒ ඔයා බය වුනේ'
    'නෑ ඉතින් ඔයා එකපාරටම නැතිවුනාම මට බය හිතෙන්නෙ නැද්ද.'
    ආයෙමත් පුන්චි නිහඬතාවයකට පස්සෙ සවින්දක කතා කරා.
    'එදා මම කිව්ව එක ගැන ඔයා කල්පනා කරා.'
    සඳිති කතා කරන් නැතිව බිම බලා ගත්තා.
    'නෑ ඉතින් තාම හිතුවෙ නැත්නම් කමක් නෑ.හෙමිහිට හිතන්නකෝ'
    'සුදු අයියේ අපි මේ විදිහට හැමදාම ඉමු.තාම ඕව හිතන්න අපි පොඩි වැඩියිනේ.'
    සවින්දක ඒකට උත්තර දෙන්න ගියේ නෑ.ඒත් කවද හරි සඳිති තමන්ට කැමති වෙනව කියල ලොකු විශ්වාසයක් සවින්දකට ඇතිවුනා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    10​

    කාලය හෙමින් හෙමින් ගෙවිලා ගියේ වැඩි වෙනසක් නැතිවම.සවින්දක හීන මව මව පුළුවන් හැමදාටම සඳිතිව හම්බ වුනා.සඳිතිත් හොදට කතා බහ කර කර හිටියා මිසක් සවින්දකගෙ ඉල්ලීමට එකඟ වුනේ නෑ.සඳිති තරහ වෙයි කියලා සවින්දකට එයාට වැඩියම බල කරන්න ගියේ නෑ.

    සමහරදාට සඳිතිල ස්කෝලෙ කැන්ටින් එකට යනකම් බලන් ඉඳල සවින්දකත් යනවා.ඒ වෙලාවට සඳිතිල සවින්දකට කිරිටොෆි දෙනවා.නැත්නම් සවින්දක ඒ ගොල්ලන්ට අරන් දෙනවා.මේ විදිහට කටයුතු සිදුවී ගෙන යනකොට සවින්දකගෙ යාළුවො නම් හිතුවෙ මේ දෙන්න යාළුයි කියලා.

    'කමක් නෑ කමක් නෑ අපිට නොකිය හොරෙන්ම කරන් පලයන්කෝ.'

    යාළුවො සවින්දකට නිතර විහිළු කරා.
    සවින්දකත් නිතරම කල්පනා කරා.එයා කවදාවත් මට කැමති වෙන එකක් නැද්ද.ඇයි එයා මට කැමති වෙන්නෙ නැත්තේ,ඔය වගේ ගොඩාක් දේවල් සවින්දකගෙ ඔළුවෙ හොල්මන් කරා.

    සමහරවිට ඒකි බයද දන්නෙ නෑ බන්.ක්‍රිකට් ගහන උන් ගොඩාක් වැරදි වැඩ කරනවා කියලනෙ හැමෝම හිතාගෙන ඉන්නෙ.
    සවින්දකටත් ඒක ගැන පුන්චි සැකයක් තිබුනා සඳිති අහන කතා හින්දා.

    'ඔය ගොල්ලො ක්‍රිකට් ගහන කොට හරි ලොකු ලොකු වැඩත් කරනවළු නේද'
    'මොනවද ඒ ලොකු වැඩ.'
    'ඒව ඉතින් දන්නෙ ඔයගොල්ලොනේ'
    'ඒව දැන ගන්න තාම ඔයා පොඩියි.තව ටිකක් ලොකු වුනාම මම ඔයාට හැමදේම කියල දෙන්නම්'
    මොනව වුනත් මේව තේරුම් ගන්න එයා තාම පොඩියි කියලයි සවින්දක හිතුවේ.
    කාලය ගෙවිල ගිහින් දෙසැම්බර් නිවාඩුවත් ලංවුනා.නිවාඩුව ඉවර වෙන්න කලින් ක්‍රිකට් ප්‍රැක්ටිස් පටන් ගත්ත හින්දා.සවින්දකට ගොඩාක් වැඩ තිබුනා.නායකත්වයේ වගකීම් එක්කත් සවින්දකගෙ හිත තවත් බර වුනා.නිවාඩු මාසෙම ගෙවිලා ගියේ ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට.ඒ අතරෙ පුළුවන් හැම සෙනසුරාදාටම සවින්දක සඳිතිව හම්බ වෙන්න ගියා.

    මේ වාරෙ ස්කෝලෙ ක්‍රිකට් ටීම් එක ගැන හැමදෙනාම ගොඩාක් බලාපොරොත්තු තියල තිබුනා.අවුරුදු ගානකින් බිග්මැච් එක විසදුමක් ලැබිල නොතිබුන හින්දා මේ පාර බිග් මැච් එක ගැනත් හැමෝම ගොඩාක් බලාපොරොත්තු තියන් හිටියා.
    නිවාඩු මාසේ තිබුනු පුහුණු තරඟ දෙකම දිනපු හින්දා ටීම් එකේ හැමෝමත් හිටියේ හොඳ මානසික මට්ටමකින්.
    නිවාඩුව ඉවර වෙන්න දවස් දෙකක් වගේ තිබුනේ.එදාත් වැස්ස හින්දා ප්‍රැක්ටිස් කරන්න බෑ.රූම් එකට වෙලා ඉන්න කොට තමයි කට්ටියට පොඩ්ඩක් සෙට් වෙන අදහසක් ආවේ.ඒක ක්‍රිකට් රූම් එකේ ඉස්සර ඉඳන්ම තියෙන දෙයක් හින්දා වැඩේට අකමැති වුනත් ඒක නවත්වන්න සවින්දකට උවමනාවක් තිබුනෙ නෑ.
    'මට නම් බෑ උඹල ඕන දෙයක් කර ගනිල්ලා.'
    'හරි හරි ඔයා ඉතින් ප්‍රේමවන්තයානෙ'
    එහෙම කියල කට්ටිය වැඩේ කරගෙන ගියා.අළුතින් ටීම් එකට එන මල්ලිලට පලවෙනි පාර ශොට් එකක් දෙන එකත් සම්ප්‍රදායක් හින්දා ඒ වැඩෙත් එදා සිදුවුනා.සමහර වුන් ජීවිතේටම බිව්වෙ එදා.

    'මේ ක්‍රිකට් ගහන කොට බොන්න ඕනම කියල නියමයක් නෑ හරිද.ඕක අද විතරයි ඊට පස්සෙ කැමති නම් ඕන කෙනෙකුට නොබී ඉන්න පුළුවන්'
    'හරි හරි ඔයා බණ නොකිය ඉන්න.උඹල බීපල්ල කෑල්ලක් සෙට්වුණු දවසට නවත්තපල්ලා.උඹලගෙ කැප්ටන් අයියා වගේ.'
    කස්සා කියෝගෙන ගියා.
    'මෙයත් මල්ලි පටන් ගත්තෙ ඔහොමයි ටික දවසක් යනකොට හිටපු ලොකු උන්ටත් මෙයත් එක්ක බොන්න බැරි වුනා.දැන් නවත්තල කෙල්ලන්ගෙ වැඩ තමයි.'
    හැමෝගෙම බයිට් කරන්න ගත්තේ සවින්දකව.
    සවින්දකත් හිනා වෙවී අහගෙන හිටියා.
    ඔය විදිහට වැඩේ කෙරීගෙන ගිහින් වැඩේ ඉවර වුනා විතරයි දොර ඇරගෙන ආපු මුහුණ දැකලා හැමෝම තක්බීර් වුනා.
    'ප්‍රින්සිපල්.....'
     
    • Like
    Reactions: sam@

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    11​


    ප්‍රින්සිපල් ටිකක් වෙලා බලන් ඉදලා යන්න ගියේ සවින්දකට ඔෆිස් එකට එන්න කියලා.
    සවින්දක වැඩේට හවුල් නෑ කියලා ප්‍රින්සිපල්ට තේරිලා.ප්‍රින්සිපල් අහන්නේ වැඩේට සම්බන්ධ කවුද කියලා.සවින්දක කොහොමද යාළුවන්ව පාව දෙන්නෙ සවින්දක කිව්වෙ දෙන දඬුවමක් හැමෝටම දෙන්න කියලා.
    'මේක සමාව දෙන්න පුළුවන් වැරද්දක් නෙවෙයි.ඒත් මේ වෙලාවෙ තමුසෙලට සමාව නොදී බෑ.හ්ම්ම්ම් ස්කෝලෙ පටන් ගන්න දාට උදේ රැස්වීමෙදි හැමෝම සමාව ගන්න ඕනා.'
    සවින්දක කොච්චර බැගෑ පත් වුනත් ප්‍රින්සිපල්ගෙ තීරණය වෙනස් කර ගන්න සවින්දකට බැරිවුනා.ස්කෝලෙ පටන් ගන්න මුල් දවසෙම ටීම් එකේ ඔක්කොටම ප්‍රධාන රැස්වීම ඉස්සරහට යන්න වුනා.විනය විරෝදී ක්‍රියාවක් නිසා ක්‍රිකට් කණ්ඩායමේ අය මෙහෙම ඇවිත් සමාව ගන්න බව ප්‍රින්සිපල් කියනකොට හැමෝම පේලියට ඉස්සරහින් ඉන්න වුනා.
    හැමෝම වගේ හිටියෙ බිම බලාගෙන.සවින්දක හොරෙන් වගේ ඔළුව උස්සලා සඳිතිල ඉන්න පැත්ත බැළුවා.එයාගෙ බිම බලාගෙන ඉන්න මූණ සවින්දකට හම්බ වුනා.අද එයාගෙ මූණ වෙනදට වඩා කළු වෙලා කියලයි සවින්දකට හිතුණේ.
    එදා ස්කෝලෙ හැමෝගෙම මාතෘකාව වෙල තිබුනෙ ඒක.ඒත් ටීම් එකේ කට්ටිය බීල අහුවුණු බව දැන ගන්න හම්බ වුනෙ ටික දෙනෙකුට විතරයි.
    ඒ සතිය ඉවර වෙලා සෙනසුරාදා වෙනකම් සවින්දක බලා හිටියේ සඳිති මේ ගැන කියන්නෙ මොනවද කියල දැන ගන්න.
    'ඇයි ඕගොල්ලො වැරදි වැඩ කරන්නේ.'සඳිති ඇහුවේ බිම බලාගෙන.
    සඳිති මෙහෙම කිව්වට එයා හරියට මුකුත් දන්නෙ නෑ කියල සවින්දක දන්නවා.ඒත් සඳිතිට ඇත්තම කියන්න ඕනෙ කියල සවින්දක හිතුවා.
    'මම ඔයාට ඇත්තම කියන්නම්. අහගෙන ඉන්න මම සිගරට් බොන්න පටන් ගත්තෙ ස්කෝලෙ 11 වසරෙ ඉන්න කාලෙ.අරක්කු බොන්න පටන් ගත්තෙත් ඊට ටික කාලෙකට පස්සෙ.මම ඔය හැමදෙයක්ම මේ ලඟක් වෙනකම්ම කලා.ඒ මට ඒව නවත්වන්න හිතුණෙ නැති නිසා.ඒත් මට ඒව නවත්වන්න හිතුණෙ ඔයාට ආදරය කරන්න හිතුනට පස්සෙ.එදා ඉඳන් මම ඒව ඔක්කොම නැවැත්තුව්වා.
    එදා රූම් එකේ උනදේ ඔයගොල්ලො දන්නෙ නෑනෙ.එදා ප්‍රින්සිපල් එනකොට අපේ කට්ටිය බීල ඉවර වුනා විතරයි.ඒත් මම බිව්වෙ නෑ කියල ප්‍රින්සිපල් හොඳටම දන්නවා.මට කාවවත් පාව දෙන්න බැරි හින්ද මමයි කිව්වෙ හැමෝටම දඬුවම දෙන්න කියලා.'
    සඳිති මුකුත්ම නොකිය අහගෙන හිටියා.
    'ඔයාට මම කියන ඒව විශ්වාස නැද්ද'
    'මම දන්නවා ඔයා කියන්නෙ ඇත්ත කියලා.ඒත් මම හිතුවෙ නෑනෙ ඔයා ඔච්චර නරක එක්කෙනෙක් කියලා.'
    'මම ඉතින් නරක එක්කෙනෙක් නෙවෙයි තමයි.'
    'අපෝ මහම මහ නරකම නරක එක්කෙනෙක් නෙ මේ දැන් හොඳ වෙලා තියෙන්නේ.'
    'ඒ ඉතින් ඔයා හින්දනේ.එයාව දිගටම හොඳට තියා ගන්නත් නරක් කරන්නත් පුළුවන් ඔයාටම තමයි'
    'ඔය ඉතින්'
    එයා අන්තිමට එහෙම කිව්වට ඒ වචන වල වෙනදට ආදරයක් සවින්දකට දැණුනා.
    කාලය හිමින් සැරේ ගෙවිල ගිහින් බිග් මැච් එකට දවස් ලං වුනා.සවින්දකටත් බිග්මැච් එක ගැන හොඳ විශ්වාසයක් තිබුණා.සවින්දක ගැනත් හැමෝම විශ්වාසය තියල තිබුනට සවින්දකගෙ වෙනස තේරිලද කොහෙද හිතේ මොනව තිබුනත් මැච් එක වෙලාවට හැමදේම අමතක කරන්න කියල ඕබී අයියලත් නිතරම උපදෙස් දුන්නා.
    බිග් මැච් එකට කලින් දවසේ කැන්ටින් එක ලඟදි සඳිතිලව හම්බ වුනා.සඳිති එක්ක දෙව්මිත් හිටියා.
    'හෙට මැච් එක දිනුවොත් ඔයාට සඳිති තෑග්ගක් දෙනවළු'
    කථාකලේ දෙව්මි
    'ඒ මොකක්ද ඒ'
    'ඔයා එයාගෙන්ම අහගන්නකෝ'
    'කියන්නකො සඳිති මොකක්ද තෑග්ග.'
    'ඒක මම මැච් එක දිනුවත් පැරදුනත් දෙනවා.'
    එහෙම කියලා එයා දෙව්මිවත් අතින් ඇදන් දිව්ව.

     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    12​

    කාලයක් හැමෝම සිහින මව මවමින් හිටිය බිග් මැච් එකට දිනය උදා වුනා.සවින්දක හිටියෙ පුදුම සතුටකින් ඊයෙ සිදුවුණු සිදුවීමත් එක්ක ඒ සතුට තවත් වැඩිවෙලා තිබුනේ.
    ක්‍රිකට් ගහන්න පටන් ගත්තු දවසෙ ඉඳලම බිග් මැච් ගහන එක සවින්දකගෙ තිබුනු හීනයක්. ඒ හීනෙ මීට අවුරුදු කිහිපයකට කලින් සෑබෑ වුනු දවසෙ ඉඳන්ම බිග්මැච් කැප්ටන්සි එක සවින්දකගෙ තිබුනු හීනයක් වුනා.ඒ හීනය අද සැබෑ වුනාට ඒක තාමත් හීණයක් වගෙයි සවින්දකට දැණුනේ.
    සුදු ඇඳුමට උඩින් ස්කෝලෙ කෝට් එක දාගෙන ටොස් එක දාන්න ග්‍රවුන්ඩ් එකට යනකොට සවින්දකට දැනුනේ පලවෙනි පාර බිග්මැච් ගහපු දවසටත් වඩා චකිතයක්.
    කාසියේ වාසිය දිනා ගැනීමෙන් පස්සෙ සවින්දකල හිතාගෙන හිටපු විදිහටම පන්දු යැවීම තෝර ගත්තා.
    මැච් එක අතරෙ ෆීල්ඩ් එක සෙට් කරන එක,බෝලින් චේන්ජ් කරන එක අතරෙ සවින්දකගෙ ඇස් දෙක ග්‍රවුන්ඩ් එකෙන් එලියෙත් රවුම් ගැහුවා.ග්‍රවුන්ඩ් එක වටේට මොනතරම් සෙනඟක් හිටියත් ඒ සෙනඟ ගොඩේ සඳිතිගෙ ඇස් හොයන්න සවින්දකට අමාරු වුනේ නෑ.
    අම්මයි නංගියි මැච් එක බලන්න ආවට සවින්දකට ඒ ගොල්ලො ලඟට යන්න වුනේ ලන්ච් ටයිම් එක වෙලාවෙදි.ක්‍රිකට් ගහන එකට අම්ම කොච්චර බැන්නත් බිග් මැච් දාට අම්මගෙ මූන හඳ පෑයුවා වගේ කියල සවින්දක හොඳටම දන්නවා.
    ආයෙ මැච් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි සෙන්ට දුව ගෙන ආවෙ කට කනේ තියාගෙන.
    '
    උඹගෙ වැඩේට ගෙදරින් නම් මාර සප් නේද බන්.උඹලගෙ නංගියි සඳිතියි ගජ යාළුවොනේ.ඕනෙ නම් මම නංගිටත් සීන් එක කියන්නම්.'
    'මේ සෙන්ට පිස්සු නම් කරන්න එපා හොඳේ.'
    ආයෙ මැච් එක වෙලාවෙදිත් සෙන්ට නංගියි සඳිතියි එක්ක හිනා වෙවී බර කතාවක ඉන්න දකින කොට සවින්දකට පොඩ්ඩක් බයත් හිතුනා.
    සවින්දක හිතුවේ වෑන් එක එන වෙලාවට සඳිති ගිහින් ඇති කියලා ඒත් එයා නංගිලත් එක්ක යන්න නැවතිලා කියල දැන ගත්තම සවින්දකට පුදුමත් හිතුණා.
    පලවෙනි දවස ඉවර වුනේ සවින්දකලට වැඩි වාසි වෙන විදිහට දවස ඉවර වෙන කොට සවින්දක නොදැවී පන්දුවට පහර දෙමින් හිටියා.
    දෙවෙනි දවසෙ මැච් එක බලන්න නංගිල ඇවිත් තියෙනව සවින්දක දැක්කෙ ටිකක් වෙලා ගියාම.ඒත් අම්මයි නංගියි එක්ක සඳිතිත් ඒවි කියලා සවින්දකට චුට්ටක්වත් හිතුනෙ නෑ.සවින්දක හිතාගෙන හිටියේ සඳිති අද එන එකක් නෑ කියලා.එතනින් පස්සෙ බැට් කරන ගමන් ඒ පැත්ත බලන එක සිද්ද වුනේ සවින්දක දන්නෙම නැතුව.
    හවස් වරුවෙ මැච් එක සෑහෙන්න උණුසුම් එකක් වුනා.අන්තිමට මැච් එක ඉවර වුනේ සවින්දකලට ජයග්‍රහණය අත්කරදෙමින්. හැමදාම ජය පැරදුමක් නොමැතිව ඉවර වුනු බිග්මැච් එක සවින්දකල දිනුවේ අවුරුදු ගානකින්.

    මැච් එක දිනපු එකේ වැඩිම සතුට තිබුනෙ ඕබී අයියලට.මැච් එකේ අන්තිම වෙලාවෙ ගොඩ ඕබී අයියල ගොඩ දෙනෙක් හිටියේ ග්‍රවුන්ඩ් එක ඇතුලේ.මැච් එක දිනුවට පස්සෙ පොඩ්ඩක් හෙල්ලෙන්නවත් කලින් සවින්දලට වුනෙ ඕබී අයියලගෙ කර උඩට නගින්න.කරවල් උඩින් ග්‍රවුන්ඩ් එකේ වට කීයක ගියාද කියල සවින්දකට හිතා ගන්නවත් බෑ.කොහොමහරි සවින්දකලට අයියලගෙ කරෙන් බහින්න වුනේ ප්‍රින්සිපල් ලඟදි.ප්‍රින්සිපල්ගෙ මූනෙ ඒ වගේ හිනාවක් සවින්දක කවදාවත් දැකල තිබුනෙ නෑ.ප්‍රින්සිපල්ටයි රංජිත් සර්ටයි වැදලා සවින්දක ගියේ අම්ම ලඟට.

    අම්මට වැඳපු ගමන් අම්ම සවින්දකව බදා ගත්තා.අම්ම හිටියේ කතාකර ගන්න බැරි තරම් සතුටකින්.අම්ම එච්චර හැඟීම්බර වුනු අවස්ථාවක් සවින්දකට මතක තිබුනෙ නෑ. අම්මගෙ ඇස් වල කඳුළු බව දැක්කම සවින්දකගෙ ඇස් වලටත් නොදැනිම කඳුළු ආවා.
    සවින්දක පුන්චි කාලෙ ඇඬුවට පස්සෙ කවදාවත් අඬල තිබුනෙ නෑ.කවුරු හරි දකීවි කියල ඉක්මණට සවින්දක ඇස් දෙක පිහද ගත්තා.
    නංගියි සඳිතියි අත් දෙක අල්ලන් හිනා වෙවී හිටියා.
    හවස අම්මලත් එක්කම සවින්දකව ගෙදර එක්ක යන්න අම්ම කොච්චර හැදුවත් ඕබී අයියලගෙන් ඒකට ඉඩක් හම්බ වුනේම නෑ.අනිතිමට අම්මල යන්න ගියා.ඒත් සඳිති නම් හොරෙන් මූණ දිහා බලල හිනා වුනාට අඩු ගානෙ යනව කියලවත් කිව්වෙ නෑ.
    එදා රෑ වෙනකම්ම සවින්දකල ටවුන් එක වටේම ගියෙ ඕබී අයියලගෙ කර පිටින්.සවින්දකටත් දැනුනෙ පුදුමාකාර සතුටක්. ඒ වගේ සතුටක් ජීවිතේටම සවින්දක විඳල තිබුනෙ නෑ.
    එදා ටීම් එකේ හැමෝවම ගෙවල් වලට දාල අන්තිමට කට්ටිය සවින්දකව එක්ක ගෙන ගෙදර යනකොට රෑ 10ටත් කිට්ටුයි.ගෙදර යනකොට අම්ම ගෙවල් ලඟ හැමෝටම රෑට කෑමට එන්න කියලා හැමෝම හිටියෙ සවින්දක එනකම් මඟ බලාගෙන.තාත්තත් කටින් මුකුත් නොකීවට මූණෙ හංගගෙන ඉන්න සතුට සවින්දක හොඳින්ම දැක්කා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    13​


    ඊළඟ සතියෙත් මුල් දවස් දෙක තුනම බිග්මැච් එකේ කතාබහවලට ගෙවිලා ගියා.සඳුද උදේම රැස්වීමේදී ප්‍රින්සිපල් ටීම් එකේ හැමෝවම ඉස්සරහට ගෙනත් ප්‍රශංසා කරා.

    ඒත් සවින්දකගෙ හිතට ඕනෙ උනේ ඉක්මණට මේ සතිය ගෙවිල යන්න.සවින්දක බලන් හිටියේ සෙනසුරාදා වෙනකම්.සතිය මැද දවසක සවින්දක ගෙදර එනකොට අහම්බෙන් වගේ තරූව හමබ වුනා.තරූ ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා සවින්දකලගෙ නගරයෙ තියෙන අනිත් පාසැලට ආවෙ.සවින්දකලට බිග් මැච් එක තියෙන්නෙ ඒ ස්කෝලෙත් එක්ක.

    'තරූ ස්කෝලෙට ගිය ගමන්ම ඕගොල්ලො පරාදයි නේ.'

    'ඉතින් ඔයා හින්දනේ අපේ ස්කෝලෙ පරාද වුනේ.'
    'හරි එදා තරූ ඇත්තටම කාටද අප්පුඩි ගැහුවේ.'
    'මම අප්පුඩි ගහන්නෙ ඔයාට කියල හිතාගෙන තමයි මම අප්පුඩි ගැහුවේ.'
    'ඉතින් ඔයා අයි අක්කලත් එක්ක දෙවෙනි දවසෙ මැච් එක බලන්න ආවෙ නැත්තෙ.'
    'අපේ ස්කෝලෙ ළමයින්ට ඔයගොල්ලන්ගෙ ස්කෝලෙ පැත්තෙ ඉන්න බෑ කියල අක්ක මට එන්න එපා කිව්වනේ.'
    තරූ නම් තාම පොඩි එකෙක් වගේමයි.එතකොට සඳිති එයා පොඩි නැද්ද සවින්දකට එහෙමත් හිතුණා.නෑ එයා දැන් පොඩි නෑ සවින්දක එහෙම හිත හදා ගත්තා.
    අනිතිමට සෙනසුරාදා උදාවුනා.සවින්දකට වෙනද වගේම සඳිතිව හම්බ වුනා.
    කෝ මට දෙනවයි කිව්ව තෑගි.'
    සවින්දක මුලින්ම ඇහුවෙ එහෙම.
    'ඔයාට මොනවද ඕනේ.'
    මට ඕනෙ මොනවද කියල මම ඔයාට කියලනේ තියෙන්නේ.'
    සවින්දක එහෙම කිව්වෙ හැඟුම්බර විදිහට
    'මට බයයි සුදු අයියේ.'
    සඳිති උත්තර දුන්නේ ටිකක් වෙල කල්පනා කරල බැරෑරුම් විදිහට.
    ඒ කියන්නේ ඔයාට මාව විශ්වාස නෑ කියන එකනේ.'
    'එහෙම එකක් නෙවෙයි අනේ.ස්කෝලෙ අනිත් අය දැන ගත්තොතින් ටීචර්ල දැනගත්තොතින් අම්මල දැන ගත්තොතින්..'
    එයා එක දිගට කියවගෙන ගියා.
    'අයියෝ ඔයා හිතල තියෙන දුර ඒව ඉතින් අපි ඒ වෙලාවට බලා ගමුකෝ.අපි වැරද්දක් කරන්නෙ නෑනේ.'
    සඳිති ටවුන් එක කිට්ටුවට යනකම්ම කතාකරේ නෑ.සවින්දකත් කතා කරේ නෑ.
    'ඔයාට කැමති දෙයක් හිතා ගන්න.'
    අනිතිමට එයා එහෙම කියලා යන්න ගියා.
    සවින්දකට එතනින් එහාට ඇවිදින්න ඕනෙ වුනේ නෑ.සවින්දකට දැනුනේ මුලු ලෝකෙම තමන්ට අයිති වුනා වගේ.සවින්දක එහෙමම නැවතිලා එයා යන දිහා බලා හිටියා.
    එදා ගෙදර ගියත් සවින්දකට දැනුනෙ අමුතුම හැඟීම් ගොඩාක්.
    ඊට පහුවෙනිද උදේ ඉදන්ම සවින්දකට එයාව දකින්න ඕනෙ උනා.දහම් පාසැල ඇරෙන වෙලාවට එතනට නොගිහින් ඉන්න සවින්දකට බැරි වුනා.
    සඳිති වෙනද වගේම බිම බලාගෙන යනව හොරෙන් බලා ඉදල සවින්දක පොඩිත් එක්ක ගෙදර ආවා.
    එතන් ඉඳන් ඊළඟ සති කිහිපයෙම හැම සෙනසුරාදාකම සවින්දක සඳිතිව හම්බ් වෙන්න ගියා.එතකොට ක්‍රිකට් තරඟ තිබුනෙ නැති හින්දා ඒකට වෙලාවත් තිබුනා.ඒත් ඒ දෙන්නට කතා කරන්න තිබුනෙ සතියටම ඒ පුන්චි වෙලාව විතරයි.සතියකට වචන දහයක් පහලොවකට වඩා කතා කරන්න ඒ දෙන්නට වෙලාව තිබුනෙ නෑ.ඒත් සවින්දකට නම් දැනුනෙ සතියෙ තියෙන සුන්දරම වෙලාව ඒ පුන්චි කාලය කියල.
    ඔහොම කාලය ගෙවිල ගිහින් ආයෙමත් අවුරුදු නිවාඩුව ආව.මේ පාර අවුරුදු උත්සවය නම් සවින්දකට වෙන හැමදාකටම වඩා වැදගත් විදිහට දැනුනේ.වෙනදට පොඩිගෙ බලේට අවුරුදු උත්සවයට යන සවින්දක මේ පාර පොඩි එනකොට ලැහැස්ති වෙලත් ඉවරයි.
    'මේ මොකද මෙයා මම හිතුවෙ තාම නිදි ඇති කියලා.'
    'තමුසෙ මට හැමදාම බනිනවනේ පරක්කුයි කියලා ඒ හින්දා මම ලැහැස්ති වුනා.'
    ගිය පාර වගේම මේ පාරත් අවුරුදු උත්සවයෙ ක්‍රිකට් මැච් එක සවින්දකල දිනුම්.මැච් එක ඉවර වෙලා එනකොට නංගිත් එක්ක සඳිතියි තරුයි එදා වගේම හිටියා.
    'ඔන්න අදනම් මම ඔයාට හයියෙන්ම අප්පුඩි ගැහුවා.'
    සවින්දක එනකොටම තරූ එහෙම කිව්වා.සඳිති නම් වෙනද වගේම බිම බලාගෙන හිටියට එයාගෙ ඇස් දිහා හොරෙන් බලපු සවින්දකට ඒ ඇස් වලින් කියන්න හදන ගොඩාක් දේවල් තේරුම් ගියා.සවින්දක එදා නම් සඳිති දිහා හොරෙන් බල බල අවුරුදු උත්සවය ඉවර වෙනකම්ම හිටියා.සවින්දකගෙ ඇස් මුණ ගැහෙන හැම වෙලාවෙම සඳිති කරේ බිම බලා ගන්න එක.
    හරියටම මීට අවුරුද්දකට කලින් එයාව දැක්ක හැටි එතනින් පස්සෙ තමන්ගෙ ජීවිතේ වෙනස් වුන හැටි එයාට ආදරය කියා ගන්න බැරුව ඉදල ඒක එයාට කිව්ව හැටි එයා තමන්ගෙම උන හැටි...එදා රෑ මේ දේවල් ඔක්කොම පේලියට සවින්දකගෙ හිතට ගලාගෙන ආවා.ඒ හීණත් තුරුළු කරන් එදා රෑ සවින්දක නින්දට ගියා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    14​


    අවුරුදු උත්සවය ඉවරවුනාට පස්සෙ දවස් ගානක්ම සවින්දකට සඳිතිව හම්බ වෙන්න බැරි වුනා.සෙනසුරාද පන්තියත් නිවාඩු දීල තිබුනෙ.දහම් පාසැලත් නිවාඩුඅගානෙ මුහුණ විතරක් බලා ගන්නවත් විදිහක් නෑ.
    ඇත්තටම ආදරය කරන් එක මෙච්චර අමාරු දෙයක් කියල සවින්දක මීට කලින් දැන ගෙන හිටියෙ නෑ.ආදරයකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියල සවින්දක මීට කලින් විශ්වාස කරෙත් නෑ.

    ස්කෝලෙ පටන් ගන්න කලින් සතියෙ සෙනසුරාද සවින්දක හිතුවෙ එදා නම් සඳිතිලට පන්ති තියේවි කියල.සඳිතිව නොදැක ගෙවිල ගියෙ බොහොම පුන්චි කාලයක් වුනත් ඒ කාලෙ සවින්දකට දැනුනෙ කල්පයක් වගේ.
    එදා ගිහින් පන්ති ඇරෙන වෙලාවට බලන් හිටියට සඳිතිලට එදත් පන්ති තිබුනෙ නෑ.සවින්දකට එදත් වුනේ ට්වුන් එකට වෙලා කට්ටියත් එක්ක ඉඳල ගෙදර එන්න.
    යාළුවො ටික නම් හැමතිස්සෙම කරන්නෙ සවින්දකව බයිට් කරන එක.
    'මුලින් ඔහොමතමයි බන් තව කාලයක් ගියාම තමයි උඹට ඕව එපා වෙන්නෙ'
    'දැන් උඹ එයා එනකම් බලන් ඉන්නවා තව ටික කාලෙකින් එයාව කට් කර ගන්න විදිහක් නැතිව ඉඳීවි'

    ඔය වගේ කතා වලින් සවින්දකට බේරුමක් ඇත්තෙම නෑ.

    එදා ගෙදර ගිය වෙලේ ඉදන් සවින්දකට ඕන වුනේ හෙට දහම් පාසැල් පටන් ගන්නද කියල දැන ගන්න.නංගි ගෙන් අහන්නත් බෑ පොඩිගෙන් අහන්නත් බෑ.අන්තිමට එදත් දහම් පාසැල් නෑ කියල දැන ගන්න සවින්දකට උදේ වෙනකම්ම ඉන්න වුනා.

    සඳුදා ස්කෝලෙ පටන් අර ගත්තට සඳිතිත් එක්ක කතා කරන්න සෙනසුරාද වෙනකම්ම ඉන්න වුනා.
    අන්තිමට දවස් ගානකට පස්සෙ සවින්දකට සඳිතිව හම්බ වුණා.
    'මේ නිවාඩු මාසෙ ඉවර වෙන්න නම් මාර කාලයක් ගියෙ.මට නම් එපා වෙල හිටියේ'
    සවින්දක කතාව පටන් ගත්තා.
    'ඇයි ඒ'
    'ඇයි ඒ අහන්නෙ ඔයාව හම්බ්වෙන්න තියා ඔයාව දකින්නවත් උනේ නෑනෙ.'
    සඳිති ලැජ්ජාවෙන් බිම බලා ගත්තා.
    'මම ගිය සතියෙ දහම් පාසැල ලඟට එන්නමයි හිතන් හිටියෙ ඒත් දහම් පාසල් තිබුනෙත් නෑනෙ'
    සවින්දක එකදිගටම කතාව.
    'මම ආසම ඔයා ළමා සාරිය ඇඳන් ඉන්නව බලන්න.'
    'ඇයි ඒ'
    'ඔයා ළමා සාරියට හරිම ලස්සනයි.හරියට විශාඛාව වගේ'
    'ඔයා එයාව දැකල තියෙනවද'
    'දැකල නැනේ.ඒත් එයා ඔයා වගේ වෙන්න ඇති'
    'එහෙනම් මාත් රහත් වේවිද දන්නෙ නෑ'
    'අපෝ එහෙම නම් වෙන්න එපා එතකොට මම තනි වෙනවනේ'

    එදා ඉදන් පුරුදු විදිහට සෙනසුරාදා හවසට සවින්දකයි සඳිතියි හම්බ වුනා.ක්ලබ් එකේ මැචස් පටන් ගත්තට පස්සෙ මැචස් තියෙන දවස් වලට සවින්දක හිටියෙ හරියට පිස්සුවෙන් වගේ.
    'ලබන සතියෙත් මට මැච් එකක්'
    එහෙම කිව්වම සඳිති කරන්නෙ පුරුදු විදිහට බිම බලා ගන්න එක විතරයි.
    'ඔයා තරහයිද'
    'මම තරහ වෙන්නෙ මොකටද'
    'ඔයාට දුක නැද්ද'
    'නෑ.....දුකයි තමයි සුදු අයියේ.'

    සවින්දකට A/L වලට එන්න එන්නම දින ලංවුනාට මේ පාර විභාගෙ ලියන්නෙ නෑ කියල තීරණය කරල තිබුන හින්දා සවින්දක ඒ ගැන වැඩිය හිතුවෙ නෑ.අම්ම මුලින් බර බරේ දැම්මට පස්සෙ අම්මවත් ඒකට කැමති කර ගන්න සවින්දකට පුළුවන් වුනා.

    යාළුවො කට්ටියටත් විභාගෙ ලංවෙන එක ගානක් තිබුනෙම නෑ.හැමෝම බලන් හිටියෙ සෙනසුරාද උදේට ක්ලාස් කට් කරල කොහෙ හරි යන්න.
    එදා උදෙත් කට්ටිය ක්ලාස් කට් කරල බීච් ගියා.සවින්දක එදාත් බොන්න නම් බෑම කියල යාළුවන්ට බයිට් වෙවී උන් එක්ක හිටියා.
    ඊට කලින් සති දෙකේම ක්‍රිකට් මැචස් හින්දා සවින්දකට සඳිති හම්බ වුනේ නෑ.
    ඒත් එයා ගෙදර අම්මයි නංගියි නැති වෙලාවට සවින්දකගෙ ෆෝන් එකට කතා කරනවා.එයා කියන්නෙ නම් ආච්චි අම්මගෙ කන් හරියට ඇහෙන්න නෑ කියල.ඒත් එයා කරන්නෙ කියන දේවල් අහගෙන ඉන්න එක විතරමයි කතා කරන්නෙ නැතිම තරම්.
    එදා හවසට සඳිතිව හමබ වෙන්න එනවමයි කියල සඳිතිට පොරොන්දුම වෙල තිබුන හින්ද සවින්දක යාළුවන්ගෙ කතා අහගෙන බොන්නෙ නැතිව හිටියා.
    'කොහොම හරි අන්තිමට කෙල්ලෙක් හින්දා උඹ අපිව හැළුවා නේද මචෝ'
    කට්ටිය පදමට ආවම සවින්දකට බෙරිල්ලක්ම නෑ.සවින්දක කරන්නෙ මොකක් හරි විහිළුවක් කරල මඟ ඇරල ඉන්න එක.
    ඒත් එදා සිද්ද වුනේ කවුරුවත්ම හිතපු නැති දෙයක්.බීච් එකට පොලිසියෙන් ඇවිත් කට්ටියවම අල්ල ගත්තා.සවින්දකට බේරිල දුවන්න වෙලාව ඕන තරම් තිබුනත් යාළුවො හින්දා ඕන දෙයක් උනා දෙන් කියල සවින්දක එහෙමම හිටියා.
    අන්තිමට කට්ටියම පොලිසියට ගියා.එලියෙ බංකුවක් උඩ පැයක් දෙකක් වාඩි වෙල ඉඳල අන්තිමට
    කට්ටියටම o.i.c ලඟට යන්න වුනා.
    'හ්ම්ම් ඉලන්දාරිටික හරි ලොකු මිනිස්සු නේද'
    කට්ටියම කතා නෑ කවුරුවත් ඔළුව උස්සන්නෙත් නෑ.
    'ගෙවල් වලින් ඇවිත් එක්ක යනකම් කට්ටියවම ඇතුලට දානවා'
    හැමෝම හොදටම බය වුනා.
    'හ්ම්ම් කතා කරනවා මොකද කියන්නෙ කට්ටිය'
    අන්තිමට එරා කට ඇරියා
    'අදට විතරක් සමාව දෙන්න සර්'
    'සමාව හරි ලස්සනයිනෙ ඉලන්දාරියා සමාව ඉල්ලන හැටි.තමුන්ට බෝතල් කීයක් බොන්න පුළුවන්ද'
    'භාගයයි සර්'
    සවින්දකට ඒකට හිනා යන්නත් ආවා
    ප්‍රශ්න කිරීම ගණනාවකට පස්සෙ නැවත් අසු නොවන පොරොන්දුව මත් කට්ටියට එලියට එන්න පුළුවන් වුනා.
    කොහොම හරි අන්තිමට කට්ටියම ටිකක් පොලිසියෙ කට්ට කාලා බයිට් වෙලා එලියට ආවා.
    'කොහොමද මගෙ ටෝක් ටික අරූ ඇඹරුනා හරි.නැත්නම් කට්ටියම ඇතුලෙ.'
    එරා එලියට ආපු වෙලේ ඉඳන් ඌ ගැන කයිය.
    සවින්දක එලියට ආපු ගමන් සෙන්ට එක්ක බස් එකේ නැග්ගෙ සඳිතිව හම්බ වෙන්න වෙලාවත් පරක්කු වෙල හින්දා.ඒත් සවින්දකල එනකොට සඳිතිලට පන්ති ඇරෙන වෙලාව පහු වෙලා පැයක් විතර.සවින්දක හිතුවෙ සඳිති දැන් ගිහින් ඇති කියල එයා කවදාවත් එච්චර පරක්කු වෙනකම් ඉන්නෙ නෑ.ටවුන් එකට ආපු ගමන් සවින්දක නිකමට වගේ ගෙවල් පැත්තට යන බස් එක දිහා බැළුවා.
    සඳිති බස් එකේ.
    සවින්දකට හිතා ගන්නත් බැරි වුනා.බස් එකට නැගල කතා කරන්න විදිහකුත් නෑ.
    'පව් එයා මම එනකම් බලන් ඉන්න ඇති'
    සවින්දකට ගොඩාක් දුක හිතුනා.
    සෙන්ටත් එක්ක බස් එක ලඟට ගිහින් සවින්දක සඳිති දිහා බැළුවා.එයා හිනාවුණා.
    කෝල් එකක් දෙන්න සවින්දක තොල් වලින් එහෙම මිමුණුවෙ කවුරුහරි දකීවි කියන බයට.
    යන්තම් අත උස්සල අත වනල සඳිති යන්න ගියා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    15​

    සෙනසුරාදා සඳිති හම්බවුණු ගමන්ම සවින්දක එදා වුනු දේවල් ඔක්කොම සඳිති එක්ක කිව්වා.
    'හොඳ වැඩේ වැරදි වැඩ කරනවට'
    'ඉතින් මම වැරදි වැඩක් කරේ නෑනෙ.'
    'හ්ම්ම්'
    'ඔයා මාත් එක්ක තරහ නෑනේද.ඒත් එදා මම හිතුවෙ මම පරක්කු හින්දා ඔයා යන්න ඇති කියලා.මට සමාව දෙනව නේද...ආයෙ එහෙම වෙන්නෙ නෑ.ඒත් ආයෙ හදිස්සියෙ හරි පරක්කු උනොත් ඔයා බලා ඉන්නෙ නැතිව යන්න ඕන හරිද..'
    'ඇයි ඒ'
    'ඇයි ඒ අහන්නෙ ඔයා පරක්කු වෙනකොට ගෙදරින් බය වෙයිනෙ.එදා පරක්කු ඇයි කියල අම්ම ඇහුවෙ නැද්ද.'
    'නෑ එදා ගොඩක් පරක්කු උනේ නැහැනේ අම්ම ඇහුවෙ නෑ.'

    කාලය හෙමිහිට ගෙවිල ගියා.ජීවිතය හරිම සැහැල්ලුවෙන් ගෙවිල යනව වගේ සවින්දකට දැණුනා.ජීවිතයට අඩුවෙලා තිබුණු දෙය්ක ලැබුණා වගේ,මුළු ජීවිතයම පිරිල වගේ සවින්දක සඳිතිගෙ ආදරයත් එක්ක ජීවත් උණා.සවින්දක උදේට අවදි වුනේ,හුස්ම ගත්තේ,රෑට නිදා ගත්තේ ඒ ආදරයත් එක්ක.
    ඊළඟ පෝය දවසෙ හවස සවින්දක පන්සල් ගියෙ පොඩිත් එක්ක.එදා සඳිති සිල් ගන්න බව සවින්දක දන්නවා.සවින්දකල යනකොට සඳිතියි,තරුයි නංගිත් එක්ක බණ මඩුවෙ හිටියේ.සඳිති නංගිත් එක්ක ඉඅවරයක් නැතිව මොනවදෝ කියවනවා සවින්දක බලාගෙන හිටියා.
    දැන් සවින්දකට පෝය දාට පායන සඳ එළිය දැනෙන්නෙත් වෙනදට වඩා අමුතු විදිහට.වෙනදට වැඩිය ලස්සනට.වෙනදට වැඩිය ආදරණීය විදිහට.
    එනගමන් පොඩි කතාව පටන් ගත්තා.
    'බලපන්කො සුදු අයියේ අරයගෙන් තාම මුකුත් නෑනේ.'
    'කාගෙන්ද බන්'
    'කාගෙන්ද අහන්නෙ.ඇයි මං ඔයාට කිව්වෙ මත නැද්ද.'
    'ආ...මම හිතුවෙ උඹ දැන් ඒක අමතක කරලත් ඇති කියලා.'
    'එහෙම අමතක කරන්න බෑ සුදු අයියේ එයාව'
    'මොනව වුනත් පොඩී කෙනෙක්ගෙ ආදරය බලෙන් ගන්න බෑ.ඒක දෙන්නගෙම කැමැත්තෙන් ඇති වෙන්න ඕනෙ.'
    'මෙයා දැන් දියුණු වෙලානෙ.සුදු අයියේ ඇත්ත කියපන් උඹට කෙල්ලෙක් නැද්ද.'
    'නැ..නෑ.. බන්'
    'බොරු කියන්න එපා හලෝ.'
    'හරි හරි මම උඹට පස්සෙ කියන්නම්කෝ.හැබැයි එකක් හොඳට හිතේ තියා ගනින් කාගෙවත් ආදරය බලෙන් ගන්න යන්න එපා.'
    'හැබැයි එයා වෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා තිබුනොත් මම ඒකිව මරණවා.'

    සවින්දකට පොඩී ගැන දුකත් හිතුණා.පොඩීත් ඇත්තටම සඳිතිට ආදරය කරනව ඇති.ඒත් මේ බව පොඩී දැනගත්තදාට ඌට මොනව හිතෙයිද....ඒකට උත්තර නැති හින්දා සවින්දක ඒ ගැන හිතන එක නැවැත්තුවා.

    'මේ තමුසෙලා සිල් අරන් කරන්න වල්පල් කියව කියව ඉන්න එකද.'
    සවින්දක නංගි ගෙදර ආපු ගමන් ඇහුවෙ නංගිත් එක්ක පොඩ්ඩක් රණ්ඩු උනේ නැතිනම් කිසි ගතියක් නැති හින්දා.
    'මම කාඑක්කද වල්පල් කියවන්න ගියෙ'
    'නැත්තෙ මොකෝ මම දැක්කනෙ මෙයයි සඳිතියි දෙන්නගෙ කතාවෙ තරම'
    'හා මෙයා පන්සල් එන්නෙ අපි කියවන ඒව බලන්නද මේ ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්න හරිද.'
    සවින්දක එතනින් කතාව නැවැත්තුවෙ තව දුර ගියොත් නවතින්න වෙන්නෙ අම්මගෙන් බැණුම් අහල බව දන්න හින්දා.සවින්දකට ඕන වෙල තිබුණෙ සඳිති තමන් ගැන නංගිට කියලද කියන එක දැන ගන්න.ඒත් එහෙම නැති බව සවින්දක තේරුම් ගත්තා.

    ඊළඟ දවසෙ සඳිතිව හම්බ උණු ගමන්ම සවින්දක ඇහුවෙ නංගි ගැන
    'මේ මොනවද ඔයා සිල් අරගෙන අපේ නංගිත් එක්ක කියව කියව ඉන්නෙ.'
    'ඒවයින් ඔයාට වැඩක් නෑනේ.'
    මම බලාගෙන දෙන්න එක්ක බර කතාවක ඉන්නවා'
    'ඔයා පන්සල් ආවද.මම දැක්කෙ නෑනේ'
    'ඔයා ඉතින් බය වෙනවනේ ඒ හින්ද මම ඔයාට පේන්න හිටියෙ නෑ.'
    'හරි වැඩක්නේ මම මොකටද ඔයාට බය වෙන්නෙ.'
    'අපෝ මම දන්නවනෙ ඔය එහෙදි මාව දැක්කම බයවෙන හැටි.මේ ඒක නෙමෙයි ඔයා අපේ නංගිත් එක්ක මම ගැන කතා කරන්නෙ නැද්ද'
    'හාපෝ නෑ.ඇයි ඔයා බය උනාද මම ඔයා ගැන කියයි කියලා.'
    'මේ ඒක නෙමෙයි අපේ නංගිට කොල්ලෙක් නැද්ද'
    'ම්ම්ම්ම්ම්....මම මොකටද ඔයාට ඒව කියන්නෙ එයා මගෙ හොඳම යාළුවනේ.'
    'හා හා එතකොට මම ඔයාගෙ කවුද.'
    'මම දන්නවැයි.'
    'මාත් දන්නෑ ඇත්තටම මං ඔයාගෙ කවුද'
    'අනේ මන්ද.ඒත් බය වෙන්න එපා සවින්දි අක්කට එහෙම කවුරුත් නෑ.එයත් මගෙන් ඇහුවා අපේ අයියට ස්කෝලෙ කෙල්ලෙක් නැද්ද කියලා.'
    'ඉතින් ඔයා මොනවද කිව්වෙ'
    'මම කිව්ව මං දන්නෙ නෑ කියලා.'
    'ඔයා නියම යාළුවෙක්නේ හොඳම යාළුවට බොරු කියලා.'
    'ඉතින් ඒක බොරු නෙමේනේ.
    හ්ම්ම්ම්ම් ඒක බොරු නෙමෙයි නේ.....'
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හොඳ තත්වයේ කතාවක්.. මාත් ගොඩක් නවකතා පොත් කියවල තියනවා එත් හුගක් ඒවා ඒකාකාරී. උඹත් මේවා ලියනකොට රාමුවෙන් පිට ගිය චින්තයකින් ලියන්න පුළුවන් නම් නියමෙටම නියමයි.. ඒක සැබෑ වෙනසක් වේවි.. උඹේ හැකියාව මං ගොඩක් අගය කරනවා.. මගේ සුභපැතුම්..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    16​

    කාලය ගෙවිල ගිය ඉක්මණ A/L ක්ලාස් වලට හරියට අද ඊයෙ අව වගෙයි සවින්දකට දැනුනෙ.ඒත් ඒ අවුරුදු දෙක ගෙවිල ගිහින් ඉවරයි.ජීවිතේ ගෙවපු සුන්දරම කාලෙ සැහැල්ලුම කාලෙ පිස්සුම කාලෙ ගෙවිල ගිහින් ඉවරයි.අගෝස්තු නිවාඩුවට ස්කෝලෙ නිවාඩු දෙන දවස.ඊට කලින් ඉඳන්ම සවින්දකලගෙ පන්ති නම් පාළු වෙල තිබුනෙ.ගොඩ දෙනෙක් ස්කෝලෙ ආවෙ නෑ ක්ලාස් යනව.ඒත් විභාගය ගැන වගක් නැති සවින්දකයි යාළුවො ටිකයි නම් දිගටම ස්කෝලෙ ආව.
    එදා නම් හැමෝම හිටියෙ හරිම දුකකින්. ඒ අස්සෙත් එරාගෙන් සවින්දකට බේරුමක් නෑ.
    ඒයි මූට නම් දැන් නිවාඩුවට වැඩ තියෙනවනේ.'
    එරා කියන්නේ මූණ අමුතු කරන් දිව එලියට දාගෙන.
    'මොනවද බන් අමුතු වැඩ වෙනද ඒවම තමයි.'
    'හා ඇයි නිවාඩුවට තව තව වැඩ තියෙයි.දැන් ඉතින් ආදරවන්තයොනේ.'
    පිස්සුද බන් එයාව හම්බ වෙන්න සතියකට එක දවසයි. ඒත් ටික වෙලාවයි'
    'දැන් උඹ හදන්නේ දිගටම ඔහොම ලව් කරන්නද.අපෝ බන් නිවාඩුවට වත් කොහෙ හරි එක්ක පලයන්.නැත්නම් ඒකිට උනත් හිතෙයි සුදු අයියා මොකෙක්ද කියලා.'
    'හා හා උඹලගෙ වනචර කටවල් වහගෙන හිටපල්ලා..'

    සවින්දක එහෙම කියල එතනින් මාරු උනේ උන්ගෙ කටවල් වහන්න බැරි බව දන්න හින්දා.

    එදා දවස ගෙවිල ගියේ පුදුම ඉක්මනකින්.මෙච්චර කාලයක් හැමදේම තමන්ට අයිති වෙලා තිබුණු ස්කෝලෙ අද ඉඳන් තමන්ට අයිති නෑ කියල දැනෙන වෙලාවට සවින්දකට දැනුනේ පුදුම විදිහෙ පාළුවක් සාංකාවක්.
    ස්කෝලෙ වටේ ගස්වැල් වල සුවඳ අපූරු සුළං රැලිවල පහස මේ දේවල් ආයෙ අයිති නෑ නේද කියල හිතෙන කොට,පුන්චි කාලෙ ඉගෙන ගත්තු පන්ති ගුරුවරු වැඩියෙන්ම ආස කරපු A/L පන්තිය ගෙදර වගේම ලං වුනු ක්‍රිකට් රූම් එක ආයෙ අයිති නෑ කියල හිතෙන කොට පපුව ඇතුලෙන් දරා ගන්න බැරි වේදනාවක් ඇවිලෙනවා වගේ සවින්දකට දැණුනේ.
    කොහොම හරි එදා දවස ගෙවිල ගියා.හිතේ ගුලි ගැහුණු පාළුව සාංකාව එක්ක සවින්දකල ගෙවල් වලට ගියා.හැමෝගෙම හිත් වල තිබුණෙ කියා ගන්න බැරි තනිකමක්.
    එදා ස්කෝලෙදි සඳිතිව දැක්කට එයත් එක්ක කතා කරන්න වෙලාවක් තිබුනෙ නෑ.ඊට කලින් සතියෙත් එයාව හමබ වෙන්න උනේ නෑ.වාර විභාගෙ ඉවර හින්දා එයාට පන්තියෙ නිවාඩු දීලද දන්නෙත් නෑ එයා කෝල් නොකෙරුවොත් ඒක දැන ගන්න විදිහකුත් නෑ.
    මෙහෙම හිත හිත ඉන්න අතරෙ හවස් වෙලා සඳිති කතා කරා.
    'කෝ අම්මලා'
    'නංගිත් එක්ක ගමන්ක් ගියා.'
    එයා කතා කරන්නෙ ඇහෙන්නෙවත් නැති ගානට.
    'හෙට පන්ති ද'
    'හෙට පන්තියෙ නිවාඩු නෙ'
    'අයියෝ ඒ කියන්නෙ හෙට අපිට හම්බ වෙන්න වෙන්නෙ නැද්ද.'
    'ඉතින් හෙට පන්ති නෑනේ.'
    'අයියෝ මම කොහොමද හෙට ඔයාව හම්බ නොවී ඉන්නෙ'
    සඳිති කතා නෑ
    'ගෙදරින් දන්නවද පන්ති නෑ කියලා'
    'නෑ තාම අම්ම දන්නෙ නෑ'
    'එහෙනම් ඔයා එන්නකෝ පන්ති තියෙන වෙලාවට'
    'ඔයාට පිස්සුද මට බෑ'
    'ඇයි ඒ'
    'අම්ම දැන ගත්තොතින්'
    'කොහොමද එහෙම වෙන්නෙ අම්ම දන්නෙ නෑනෙ පන්ති නෑ කියල'
    'අනේ මන්ද හලෝ අම්මල එනව මම තියෙනවා'

    සඳිති ෆෝන් එක තිබ්බා.
    සවින්දක එදා නිදා ගත්තේ ස්කෝලෙ හීනත් එක්ක.පහුවදා සඳිති එන එක හරියටම දන්නෙ නැතත් ඒ ගොල්ලන්ට පන්ති පටන් ගන්න වෙලාවට සවින්දක ටවුන් එකට ආවා.
    සඳිති බස් එකෙන් බැහැල එන වෙලාවෙ ඉඳන්ම සවින්දක බලා ගෙන. එයා බිම බලාගෙනම ගියේ පන්ති යන පරට.
    ටවුන් එක පහු වෙනකම් ඉඳල සවින්දක එයාට කිට්ටු වුනා.
    'මම නම් හිතුවෙ නෑ ඔයා එයි කියලා'
    'අවට මට හරි බයයි සුදු අයියේ.අද පන්ති නෑ කියල ගෙදරින් දැන ගත්තොත්'
    'කොහොමද එහෙම වෙන්නෙ ඔයා බොරුවට බය වෙලා'
    සඳිති පුරුදු විදිහට හිනා වෙලා කතා කරන්න ගත්තෙ ටික වෙලාවක් ගියාම.
    'ගොඩක් වෙලා මෙත ඉන්න බෑනේ.අපි ගමනක් යමු'
    'කොහෙද'
    සඳිති ඇහුවෙ බය වෙලා වගේ.
    'යමුකෝ'
    සවින්දක එහෙම කියල දෙන්නත් එක්ක ආව.
    සවින්දකට යන්න තිබුනු එකම තැන බස් එක.ඒ හින්දා දෙන්නත් එක්ක වෙන පාරක යන බස් එකක නැග්ගා.සඳිති නම් හිටියෙ ගොඩක් බය වෙලා.
    'බය වෙන්න එපා අපි මේකෙ ගිහින් ආඵු එමු.එතකොට පන්ති ඇරෙන වෙලාව හරි'
    සඳිති බිම බලාගෙන ඔළුව උස්සන්නෙවත් නෑ.
    'ඉස්සර මම ඔයාව මුලින්ම දැක්ක දවසෙ නම් කවදාවත හිතුවෙ නෑ ඔයා මාත් එක්ක මෙහෙම ඉඳීවි කියලා.'
    'ඇයි ඒ'
    ඇයි ඔයා ඉන්න විදිහ දැක්කම කොහොමද එහෙම හිතන්නේ'
    'ඉතින් ඔයත් එහෙමනේ ගමේ ඉන්නෙ මහා අහින්සකය වගේ මෙහෙට ආවම තමයි මහ චණ්ඩියා.'
    'කොහොමහරි ඔයා මාව හොද ළමයෙක් කරානේ.මේ ඒක නෙමෙයි අදවත් කියන්නකෝ මම ඔයාගෙ කවුද.'
    'මෝඩයා ඔච්චර හයියෙන් කෑ ගහන්න එපා.මේ බස් එක.'
    'මේ ඔයා හිතුවද බස් එකේ ඉන්න අයට වෙන වැඩ නෑ කියල අපි කියන දේවල් අහන් ඉන්න.ඉතින් අරකට උත්තරේ දැන්නකෝ'
    'මම දන්නෑ...'
    සඳිති හිනා වෙවී එහෙම කිව්වා.
    දෙන්නත් එක්ක බස් එකේ ගිහින් ආපහු ඇවිත් වෙනද වගේ පන්ති ඇරෙන වෙලාවට සඳිති යන්න ගියා.සවින්දක ජීවිතයෙ පලමු වතාවට ගැහැණු ළමයෙක් එක්ක ඇති වෙන්න කතා කරා.


    කමෙන්ට් මෙන්න මෙතන දාන්න ප්ලීස්;)