1. විකා (Wicca) සහ Witchcraft

vishva8kumara

Member
Feb 12, 2008
286
0
0
MEST Universe

විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්*ර සහ Witchcraft සම්බන්ධ අධ්*යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි.

මෙය ලෝකය පුරා පැතිරුණ ඉතා විවෘත වූ දර්ශනයකි. මෙහි ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති නිසා සම්ප්*රදායෙන් සම්ප්*රදායට මෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාටද විශ්වාස හා ඇදහිලි ක්*රම වෙනස්වේ. නමුත් ඉතාම මූලික සිද්ධාන්ත හා වටිනාකම් එලෙසම පවතී.

මෙහි මූලිකම නීතිය හා වටිනාකම වන්නේ "කිසිවකුටවත් හානියක් නොවේනම් (පමණක්), ඔබට කැමැත්තක් කරව!", (An' it harms none, Do what thou wilt) යන්නයි.


විකා "Wicca" යන වචනය මුලින්ම හඳුන්වා දුන්නේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් 1954 වැනි මෑත අවධියකදී ය. නමුත් විකා වලට පදනම් වූ ස්වාභාවික අධ්*යාත්මික දර්ශනය මිනිස් ශිෂ්ඨාචාරය තරම්ම ඉපැරණිය.

Witchcraft යන වචනය භාවිතයට පැමිණියේ 1484 දී පමණ වතිකානය මගින් ඔවුන්ගේ ඉගැන්වීම් වලට පටහැනි ඇදහිලි සහ අභිචාර විධි හැඳින්වීම සඳහාය. නමුත් දැනට මෙම වචනය භාවිතා කරන්නේ ප්*රධාන වශයෙන්ම යටපත් වූ අධි මානසික හැකියාවන් දියුණු කරන ක්*රමවේදය හැඳින්වීමටයි.

විකා (Wicca) සහ Witchcraft යනු ස්වායක්ත වූ පද්ධතීන් දෙකකි. එහෙත් මේවායේ ඇති අධ්*යාත්මික පැතිකඩ වල ඇති සමානතාවය නිසාත් ඒවා එකම පුද්ගලයින් පිරිසක් විසින් ප්*රචලිත කරන ලද නිසාත් ඉතා සමීප වූ අධ්*යාත්මික හර පද්ධතීන් දෙකක් ලෙස පවතී. නමුත්, විකා ආගමක් ලෙස අදහන සියලු දෙනා Witchcraft ක්*රමවේද භාවිතා නොකරන අතර Witchcraft ක්*රමවේද භාවිතා කරන සියලු දෙනා විකා ආගමක් ලෙස නොඅදහයි.

මෙය බහු දේව වාදී ආගමකි. ප්*රධාන වශයෙන්ම දේවත්වයේ ලා සැලකෙන්නේ පරිසරයේ, සොබාදහමේ ස්ත්*රී සහ පුරුශ ශක්තීන් ය. මේ බලවේග (පුරුශ)දෙවියා සහ (ස්ත්*රී)දේවතාවිය ලෙස සලකයි. මේ සම්බන්ධ ඇදහිලි සහ විශ්වාස ඒ ඒ සංස්කෘතීන් අනුවද වෙනස් වේ.


විකා අධ්*යාත්මික දර්ශනය තුල පුරුශයාට මෙන්ම කාන්තාවටද සමාන තැනක් හිමි වේ. සමහර සම්ප්*රදායන් වලදී කාන්තාවට විෂේශ ස්ථානයක් හිමිවන අතර දේවත්වයෙන්ද සලකයි. උදාහරණයක් වශයෙන් ගතහොත් Dianic (ඩයානික) සම්ප්*රදාය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ කාන්තාවන් සඳහාය.

Witchcraft ක්*රමවේද පුහුණු වන අය හැඳින්වීම සඳහා බොහෝ විට "Witch" යන වචනය භාවිතා වේ. මෙය ස්ත්*රී පාර්ශවය සඳහා පමණක් නොව එම ක්*රමවේද පුහුණු වන පුරුශ පාර්ශවය සඳහාද භාවිතා වන වචනයකි.


http://wiccaandwitchcraftlk.blogspot.com/2008/04/wicca-witchcraft.html
 
Last edited: