~මොකක්ද~මේ~Android~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
google_android_logo.jpg


Android කියලා කිවුවම මොනාද හිතෙන්නේ.. ම්ම්ම් උඩ බිම බලන්න ඕන නෑ.. :rolleyes: මෙන්න තියනවා පොඩි විස්තරයක්.. ගොඩක් කට්ටිය Android වලට එච්චරම familiar නැති හින්දා තමයි මේ ලිපිය ලියන්න හිතුවෙත් :D

Android කියන්නෙ Mobile phones වලට තියෙන operating system (OS) එකක්. දැනට ලෝකයෙ ගොඩක් popular උන Mobile OS එක කියල කියන්න පුලුවන්. Android කියන්නෙ Google සමාගමට අයිති එකක්. 2005 තමයි Google සමාගම Android OS එක මිලට ගත්තෙ. Android OS එක තනිකරම හදල තියෙන්නෙ Linux Kernel එක පාවිච්චි කරල. :yes:

Android හරිම stable OS එකක්. අනිත් mobile OS වන Symbian, Apple I OS, Windows Mobile OS වගෙ නෙවෙයි මේක අපිට ඕන විදිහට costomize කරගන්න පුලුවන්. Android වල තියෙන අනිත් පහසුකම තමයි Android Market එක. එකෙ දැනට Application 100000 වඩා තියෙනව. ;) ඒ වගෙම අපිට ඕන Application එක download කරගන්න කලින් ඒකෙ Reviews බලන්න පුලුවන් හොදද නරකද කියල හොයගන්න. ඒ වගේද අනිත් OS වල Application. ඒව වෙනම තැන්වලින් download කරල phone එකට Install කරන්න ඕන. :baffled:

තව දෙයක් තමයි Android වල Security එක. මෙකෙ Blue tooth Discoverable වෙලා තියෙන්නෙ උපරිම විනඩි 2යි. ඒ වගෙම තමයි Non Market Applications මේකට දාන්නත් බෑ. හැබැයි ඕනනම් දාන්නත් option එකක් තියෙනව. :cool:

සාමාන්‍යයෙන් Android OS එක තියෙන ෆෝන් එකක් රුපියල් 35000න් අඩුවට ගන්න බෑ. :nerd: Android වල තියෙන එකම Problem එක තමයි අපි Use කරල Exit වෙන කිසිම Application එකක් Memory (RAM) එකෙන් අයින් නොවෙන එක. :no: ඒක Memory එකෙ Run වෙනව. මෙකට තාම Android එකෙන් විසදුමක් දීල නෑ. හැබැයි මේ විදියට Run වෙන Application Close කරන්න Android Market එකෙ Application ඕන තරම් තියෙනව. :yes:

මේ තියෙන්නෙ කාලෙන් කාලෙට ආපු Android versions ..මේ වගේ versions 6ක් දැනට release වෙලා තියෙනවා


1.1 Version - 2008-2009

1.5 Version (Cupcake) - 2009 April

cupcake.jpg


1.6 Version (Donut) - 2009 Sepetember

android_donut-gxz.png


2.0/2.1 Version (Eclair) - 2009 October

eclair.jpg


2.2 Version (Froyo) - 2010 May

android_froyo.png


2.3 Version (Gingerbread) - 2010 December

Android-Gingerbread-zizimobi.jpg


2.3 එක තමයි අලුතින්ම Release කරපු version එක. මේක හරිම ලස්සනයි වගෙම පහසුකම් එහෙම ගොඩක් වැඩි කරල හදපු එකක්. :D

මම දැන් කියන්නම් Android phones ගැන.

ලෝකයෙ මුලින්ම Release කරපු Android ෆෝන් එක තමයි HTC G1 කියන්නෙ. ඒක HTC සමාගමෙ නිර්මානයක්.


7937-main-medium-htc-g1.jpg


දැනට ඇවිල්ල තියෙන Android phones ගැන කතා කරොත් ඇලුතෙන්ම එන Android phone එක තමයි Samsung Nexus S කියන ෆෝන් එක. එකෙ තියෙන්නෙ 2.3 අලුත්ම Version එක. මේක ටිකක් ගනන් වැඩි ෆෝන් එකක්. රුපියල් 75000ක් විතර වෙනව. :rolleyes:

හැබැයි මේ මොනව වුනත් තවමත් ලොකෙ most popular Android Phone එක තමයි HTC Nexus One කියන්නෙ. මේක Release කරේ 2010 ජනවාරි වල. කොච්චර Android phones ආවත් මේක තාම popular.


Samsung Captivate, Galaxy S I9000, Galaxy S 550, Vibrant
Sony Ericsson Xperia X10, Xperia X10 min and min pro, Xperia X8, Anzu
HTC Droid Incredible, Hero, Wildfire, Evo 4G, Legend, Nexus One, HTC Desire, G2 and Magic, Motorola Moto Droid, Clix, Droid X


මේවා තමයි popular Android phones. ඒ වගේම තමයි Acer, LG වගෙ සමාගමුත් Android phones හදල තියෙනව.

37676191.jpg



Android 2.1 overview

67566864.jpg



Android 2.2 Overview

17322177.jpg



Android 2.3 Overview

213k.jpg
231xw.jpg



දැන් අපේ එලකිරියේ Android ගැන දැනන් හිටියේ නැති කට්ටියට Android කියන්නෙ මොකක්ද කියලා දැන ගන්න ලැබෙන්න ඇති කියලා හිතෙනවා.

මේක තනිකරම මගේ ලිපියක් නෙවෙයි..මන් එහෙන් මෙහෙන් ටිකක් දැම්මා
මොකද මං ගාව Android phone එකක් නැති හින්දා මෙච්චරම මන් Android කාලා නෑ :rofl:


මම කට කැඩෙනකම් කියපු හින්දා මගේ project team එකේ හිටිය නිලංක සොහොයුරා විසින් ලිව්ව එකක්..ඉතින් මේකේ credit එක යන්න ඕන නිලංකට :rofl:

යමක් ඔයගොල්ලෝ දැන්ගත්තනම් ඒක තමයි එකම සතුට :D :)
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    android kianne mokak hari mobile walata sambanda ekak kiala nam kalin danan hitiya :) thanks wisthareta. tab walatath mekada OS eka.