අධෝරක්ත

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ir3.jpg

    x-කිරණ ගැන පින්තුර වගයක් දාලා තිබුන නිසා මට හිතුනා අධෝරක්ත තරංග ගැන කට්ටියව දැනුවත් කරන්න.

    මේවා දෘශ්‍ය ආලෝකයේ රතු වර්ණයට පෙර (infa - red) තරංග ආයාමය 7 x 10-7m සිට තරංග ආයාමය 1mm දක්වා දිවෙයි.

    2-150x150.jpg


    මෙම අධෝරක්ත හෙවත් තාප විකිරණ උණුසුම් වස්තුවලින් නිකුත් කෙරෙන අතර බෝහෝ ද්‍රව්‍ය මගින් පහසුවෙන් අවශෝෂණය කරගනී. මෙයට හේතුව වන්නේ ද්‍රව්‍යයන් සෑදී ඇති අණුවල ස්වභාවික කම්පන හා භ්‍රමණ සංඛ්‍යාත බොහෝ විට මෙම අධෝරක්ත තරංග වල සංඛ්‍යාත පරාසයට වැටීමයි. එවිට අධෝරක්ත තරංගයේ සංඛ්‍යාතයට වස්තුවේ අංශුවල සංඛ්‍යාත සමාන වී වස්තුවේ අංශු අනුනාද වී උෂ්ණත්වය ඉතා ඉක්මනින් ඉහල යයි.

    broken-taco-hdr-infrared-photography.jpg

    අධෝරක්ත කිරණවල ප්‍රයෝජන

    1. අධෝරක්ත කැමරාව (infrared camera)

    සාමාන්‍ය කැමරාවක දෘෂ්‍ය ආලෝකයට සංවේදී වන ඡායාරූප පටල මෙන් අධෝරක්ත කැමරාවක අධෝරක්ත විකිරණ වලට සංවේදී වන ඡායාරූප පටල ඇත.

    P60_l.JPG


    එම නිසා අධෝරක්ත කැමරාව භාවිතා කර වස්තුවේ තාප ඡායාරූපයක් ලබාගත හැක. අධෝරක්ත කිරණ එක්‍රැස් කර ඒවාහි තරංග අයාමයන්ට අනුව අදාල සිතියමක් වැනි සටහනක් පරිඝනක තිරයක් මත ලබාගත හැක. උෂ්ණත්වය අධික ස්ථාන තිරය මත රතු පැහැයෙන්ද, උෂ්ණත්වය අඩු ස්ථාන නිල් පැහැයෙන්ද නිරූපණය වේ.

    IMVEAug06Food2.jpg


    a . යුධමය කටයුතුවලදී රාත්‍රිකාලයේ හෝ අදුරු තැනක සැගවී සිටින පුද්ගලයින් හදුනා ගැනීමට,
    flir_security_thermal_sight_weapon_rifle_infrared_camera_imager_fusion_night_vision.gif


    b . අගහරු වැනි ග්‍රහලෝක ගවේෂණයේදී හිරු එළිය නොවැටෙන ග්‍රහලෝකයේ ප්‍රදේශයෙහි සහ එහි රාත්‍රී කාලයෙහි අවශ්‍ය තොරතුරු අනාවරණය කරගැනීමට,

    slide0004_image010.png

    c . සූර්යයාගේ පෘෂ්ඨයෙන් නිකුත්වන "සූර්ය ලෙළ සිළු"(solar flares) අධ්‍යයනය කිරීමට,
    480654main_1105flare_strip.jpg

    අධෝරක්ත කැමරාව භාවිතා වේ.

    2.වෛද්‍ය විද්‍යාවේදී

    a. සමෙහි ඇතිවන පිළිකා ගැටිති ආදිය හදුනාගැනීමට

    digital-infrared-thermal-imaging-image.jpg


    පිළිකා ගැටිත්තක් ඇති ස්ථානයක උෂ්ණත්වය සමේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩිය. ඒ අනුව එවැනි තැනකින් විමෝචනය වන විකිරණවල ත්‍රීව්‍රතාවය අනෙක් සාමාන්‍ය තැනකට වඩා වෙනස් වේ. එවැනි වෙනසක් නිරීක්ෂණය කළ හැකි නම් එතැන්හි අස්වාභාවික පිළිකා ගැටිත්තක් වැනි දෙයක් පැවතිය හැකි බව නිරීක්ෂණය කළ හැක.

    අධෝරක්ත කැමරාවකින් ගන්නා ලද ඡායාරූප කිහිපයක්...

    fra.jpg


    VP.jpg


    125-Supreme-Examples-of-Infrared-Photography-26.jpg


    125-Supreme-Examples-of-Infrared-Photography-33.jpg

    කට්ටියටම thread එකෙන් ගන්න දෙයක් තිබුනේ යයි සිතමි. හොදනම් පොඩි infra-rep පාරක් දාගෙන යන්න..
     
    Last edited: