35.සුපර්මාර්කට් එකකට ගොස් සනීපාරක්ෂක තුවා පැකට් එකකුත් අරන් එන දවසට කොල්ලො දෙන්නෙක් ඉන්න කැෂියර් එකක් සෙට් වීම.
36.කෑල්ල වෙන්න හිතාගෙන කොට සායකුත් ඇඳගෙන ගිය දවසක පිරිස ඉදිරියේ බස් එකට නැගගන්නට අපහසු වීම සහ බස් එකේ වාඩි උනාට පසු සිතුවාටත් වඩා සාය ඉහලට ඇදී කකුල් දෙක පෙනීම,ගෙදරදී සිතුවාට වඩා සාය කොට වීම සහ කට්ටිය බලන් ඉන්න නිසා සාය පහලට ඇද සකසා ගැනීමට නොහැකිවීම.
37.අර කොල්ලා මගේ පස්සෙන් එනවා යැයි යාළුවො සෙට් එකට කියමින් පොර වගේ ඉන්නා අතරතුර ඒ කොල්ලා තමාගේ
හොඳම යෙහෙළියට නම්බර් එක දීම නිසා ඌ මෙච්චර දවසක් ආවේ තමාගේ පස්සෙන් නොව යෙහෙළිය පස්සෙන් බව අවබෝධ වී යාලුවො ඉස්සරහ කිච වීම.
38.තමාත් තමාගේ හොඳම යෙහෙළියත් එකට ඉන්නා තැනක කවුරුන් හෝ කෙනෙක් යෙහෙළිය ලස්සන යැයි වර්ණනා කිරීම සහ තමන්ට එවැනි කිසිවක් නොකීම.
39.අනිත් යාළුවො හැමෝම තනියම ක්ලාස් යද්දී තමන්ට හැමදාම අම්මා සමග යෑමට සිදුවීම සහ ක්ලාස් ඇරෙන ටයිම් එකට හොර අල්ලන්නත් එක්ක අම්මා ක්ලාස් එක ලඟට පැමිණිම.
40.හිටිහැටියේම තමන්ගේ ෆොටෝවලට ෆේස්බුක් එකේ වැටෙන ලයික් ගණන අඩුවීම.
41.නොමිලේ වියළි සලාක මළු බෙදාදෙන ස්ථානයක ඒවා ගැනීමට ගොස් පෝළිමේ ඉන්නා අවස්ථාවක ක්ලාස් එකට එන කොල්ලො සෙට් එකක් හමුවීම.
42.පරක්කු වී පන්තියට යෑම නිසා සියල්ලම වාඩිවී ඉද්දී තමන්ට ක්ලාස් එක මැදින් යාමට සිදුවීම සහ ඒ යද්දී කොල්ලන් හූ කීම.
43.ඡන්දය දැමීමට ගිය විට එතන ඉන්න ඇන්ටි මහ හයියෙන් තමාගේ නම කියූ අවස්ථාවේ ඡන්ද පොළේ සිටි සියලු දෙනා එක්වරම තමා දෙස බැලීම.
44.පන්සල් ගොස් බුදුගෙය ඇතුලෙදි අනවශ්‍ය ලෙස සෙල්ෆි ගැනීම නිසා ලොකු හාමුදුරුවන්ගේ දෝෂදර්ශනයට ලක්වීම.
45.වතුර වැටී තිබූ ප්ලාස්ටික් පුටුවක් උඩ වාඩිවීම නිසා කලිසමේ පස්ස පැත්තම තෙමුණු අවස්ථාවක කොල්ලන් සෙට් එකකට පිටුපා හිටගෙන සිටීමට සිදුවීම සහ උන් ටික සැරින් සැරේ හිනාවෙන සද්දයක් ඇසීම.
46.තමන් වැඩිපුරම ආස කරන ඇඳුමේ යවන්න බැරි කහට පැල්ලමක් සෙට් වීම.
47.කෝච්චියේ යද්දී තමන්ගේ ඉස්සරහ අසුනේ කොල්ලො සෙට් එකක් වාඩි වීම සහ දීර්ඝ දුම්රිය ගමනක් ඔවුන් සමග මුහුණට මුහුණ බලාගෙන යෑමට සිදුවීම.
48.හෝටලයකට ගොස් එළවළු රොටියක් කද්දී එය ඇතුලේ වූ කරිය එළියට පැන අල කෑල්ලක් ඔඩොක්කුවට වැටීම සහ එහා ටේබල් එකේ සිටි කොල්ලන් දෙදෙනා එය දැකීම.
49.බස් එකේ බෑග් තබන රැක් එක මත තැබූ තමන්ගේ කුඩය එතන වාඩි සිටි අයියා කෙනෙක්ගේ ඔළුවට වැටීම සහ එම සීට් එකේම වාඩිවී සිටි ඒ අයිය බැඳපු අක්කාට සීන් එක නිසා මළ පැනීම.
50.ප්‍රථම ආදරයේ සොඳුරු නිමේෂය මතක තබාගැනීමට සුරක්ෂිතව ලඟ තබාවත් සැවෝයි හෝල් බොක්ස් ටිකට් දෙක අම්මාට මාට්ටු වීම.
51.බෝයිෆ්‍රෙන්ඩ් ඕනෑවට වඩා තමන්ගේ හොඳම යාළුවා ගැන විස්තර ඇසීම.
52.තමන්ගේ චන්දනාලේප එක නංගී ගෑම නිසා ඉක්මනට ඉවර වීම.
53.ක්ලාස් ඇරිල යන ගමන් මළ පෙරේතකමට ගෙදරට හොරා හවස කෑ කොත්තුව ඇලජික් වී උදේ පාන්දර හොරෙන් වමනෙ දාද්දි අම්මාට මාට්ටු වීම සහ අම්මාට සීන් එක සැක සහිත නිසා තාත්තාට කියා තිබීම.
54.අම්මා ඉන්න තැන ෆෝන් එකට තුන් හතර වතාවක්ම කම්පැනි කෝල් සහ මෙසේජ් පැමිණිම නිසා ඇය නිතිපතා තමා දෙස වපරැසින් බැලීම.
උපුටාගැනීම මරිජුවානා ෆීලිංග්ස්