පරිණාමනය නොවූ සුරතලෙක්
කිරියට ඇවිත් අවුරුදු 3කට කිට්ටු වෙන්න ආවා. හැබැයි මන් කිසිම වැදගත් thread එකක් දාලා නෑ ,ආපහු හැරිලා බලනකොට. ඒ හන්ද මට හිතුනා මගේ hobby එකෙන් මන් හොයා ගත්ත දේවල් share කර ගන්න.

හරි..topic එකට බහිමු.
සුරතල් මසුන් ඇති කරන අයට හදන්න පුලුවන් ටිකක් වෙනස් විදියේ මාලුවෙක් ගැනයි මේ ව කියන්නේ.
මේ මාලු වර්ගේ නම Bichir එහෙම නැත්නම් polypterus.

මේ ඉලව් නම pronouns කරන්නේ කොහොමද බලමු
. Bichir = "බයි-ච","බයි-ශ". Polypterus ="පොලිප්ටෙරස්". polypterus කියන නම හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම. poly = many pterus = fins. ලංකාවේ හුගක් අය use කරන්නේ polypterus.
History
Bichir කියන්නේ ආදිකල්පික මාළු ජාතියක්.
මෙයාලා තමයි Ray-Finned-Fishesලගේ (මාළුන්ගේ ප්‍රධානම group එක) , ආදීකල්පිකම සෙට් එකෙන් එකක්. මෙයාලගේ මුල් සාමාජිකයෝ TRIASSIC යුගයේ (වසර මිලියන 200කට කලින් , ඒ කියන්නේ ඩයිනොසරයන්ගේත් මුල්ම කාලයේ) ඉදලා තියෙයි. Bones , Scales වගේ ෆොසිල වලින් තමයි මෙයාලගේ මුල් සාමාජිකයෝ ඒ කලේ හිටියා කියන්නේ.මෑතකදී Full Body එකම තියෙන ෆොසිලයක් හම්බෙනවා Late Miocene (අවුරුදු මිලියන 5-10 කට කලින්) යුගයට අයිති.ඒ ෆොසිල් එක 90%ම වගේ දැනුත් ඉන්න polypterus.Endlicheri, polypterus.bichir කියන වර්ග 2කට සමානයි.මේ වර්ග ගැන thread එකේ අන්තිමට කියන්නම්.
Basic Tips
අප්‍රිකාවේ විවිධ ප්‍රදේශ වලින් මෙයාලගේ විවිධ ජාති හම්බෙනවා.bichir කියන්නේ active මාළු ජාතියක් නෙමෙයි.පණ හයිය මාළු ජාතියක්.කෑම දෙන time එකට ගද සුවදින් කෑම හොයනවා.අනික් වෙලාවට tank එකේ dark place එකකට වෙලා ඉන්නවා.පොඩි කාලේ feathery gills තියෙයි. වයසින් වැඩි වෙනකොට feathery gills නැති වෙලා යනවා. මේ feathery gills තියෙන්න හේතුව තමයි, swamps වල හෙම එහෙම oxygen level එක අඩුයි.පැටවුන්ට වතුරේ දිය වෙලා තියෙන oxygen ලබා ගන්න ලේසි ඉතින්.
දැන් බලමු කොහොමද bichirලට tank එක setup කර ගන්නේ කියලා.
bichir වර්ගය අනුව tank size එකත් වෙනස් වෙනවා.වර්ග ටික මන් පස්සේ දාන්නම්.හැබැයි පොඩිම ජාතියටත් අඩි 2ක් වත් දිග ටැංකියක් ඕනි වෙනවා.මෙයාලා low light වලට කැමතියි.හොද filter එකක් නම් අනිවා tank එකට තියෙන්න ඕනි.ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22-27 අතර සහ ph අගය 6.0-8.0 අතර තියා ගන්න පුලුවන් නම් හොදයි. ටැංකියේ පතුලට sand එකක් දාන්න ඕනි.මොකද මෙයාලා කෑමත් එක්ක පොඩි ගල් කැට ගිලිනවා.එහෙම උනොත් මෙයාලා මැරෙන්න උනත් පුලුවන් .අනික bichirලා වැලි අස්සේ රින්ගන් ඉන්නත් ආසයි.tank එකට plants දාන්න පුලුවන් නම් හොදයි.පාවෙන plants ජාති වලින් මෙයාලට ඕනි හෙවනත් හම්බෙනවා.bichir ලට ඇස් පේනවා අඩුයි.ඒ නිසා sharp උල් තියෙන ගල්,කොට එහෙම දාන්න එපා.ටැංකිය හොදටම වහලා තියෙන්න ඕනි.හිතන්නවත් බැරි තැන් වලින් මෙයාලා පනිනවා.ටැංකිය පිරෙන්නම වතුර පුරවන්න එපා.මොකද මෙයාලට වායුගෝලයේ oxygen ගන්න එක අනිවාර්යයි.
හරි.ඊට පස්සේ බලමු feeding ගැන.
මෙයා මාංශබක්ෂකයි.මෙයාලට මාළු,ඉස්සෝ,sinking pellet වගේ ජාති දෙන්න පුලුවන්.කුකුල් මස් වගේ ජාති දෙන්න හොද නෑ.ජීර්ණය වෙන්න අමාරු නිසා.දාන කෑම ඔක්කොම පෙරේත කමට කන නිසා, overfeed වෙන්න දෙන්න හොද නෑ. overfeed උනොත් body shape එක අවුල් යනවා.පොඩි අයට දවසක් ඇර දවසක් වගේ කන්න දුන්නම ඇති.ලොකු අයට නම් සතියකට දෙපාරක් වගේ දුන්නම ඇති.
මෙයාලගේ Tankmatesලා කවුද බලමු.
bichir කියන්නේ සාමකාමී මාලුවෙක්.ගිලින්න පුලුවන් එකෙක් අහුවුනොත් ගිලිනවා.ඒ ඇරෙන්න වෙන මාළු එක්ක රණ්ඩුවට යන්නේ නෑ.ඒ නිසා කටේ size එකට වඩා ලොකු aggressive නැති මාළු ජාති මෙයාලා එක්ක හදන්න පුළුවන්.හැබයි pleco ජාති එක්ක හදන්න එපා.මොකද pleco මෙයාලගේ slime coat එක කනවා.ඒ නිසා මෙයාල මැරෙන්න උනත් පුලුවන්.String Rays එක්ක com කරන එකෙත් risk එකක් තියෙයි.
bichirs warga tika gana wistare passe kotannm..thread ekak danna amaruwa terune ada.
.bump ekakwth dagena ynna sinhaluni..
කිරියට ඇවිත් අවුරුදු 3කට කිට්ටු වෙන්න ආවා. හැබැයි මන් කිසිම වැදගත් thread එකක් දාලා නෑ ,ආපහු හැරිලා බලනකොට. ඒ හන්ද මට හිතුනා මගේ hobby එකෙන් මන් හොයා ගත්ත දේවල් share කර ගන්න.

හරි..topic එකට බහිමු.
සුරතල් මසුන් ඇති කරන අයට හදන්න පුලුවන් ටිකක් වෙනස් විදියේ මාලුවෙක් ගැනයි මේ ව කියන්නේ.

මේ මාලු වර්ගේ නම Bichir එහෙම නැත්නම් polypterus.

මේ ඉලව් නම pronouns කරන්නේ කොහොමද බලමු
. Bichir = "බයි-ච","බයි-ශ". Polypterus ="පොලිප්ටෙරස්". polypterus කියන නම හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම. poly = many pterus = fins. ලංකාවේ හුගක් අය use කරන්නේ polypterus.History
Bichir කියන්නේ ආදිකල්පික මාළු ජාතියක්.
මෙයාලා තමයි Ray-Finned-Fishesලගේ (මාළුන්ගේ ප්‍රධානම group එක) , ආදීකල්පිකම සෙට් එකෙන් එකක්. මෙයාලගේ මුල් සාමාජිකයෝ TRIASSIC යුගයේ (වසර මිලියන 200කට කලින් , ඒ කියන්නේ ඩයිනොසරයන්ගේත් මුල්ම කාලයේ) ඉදලා තියෙයි. Bones , Scales වගේ ෆොසිල වලින් තමයි මෙයාලගේ මුල් සාමාජිකයෝ ඒ කලේ හිටියා කියන්නේ.මෑතකදී Full Body එකම තියෙන ෆොසිලයක් හම්බෙනවා Late Miocene (අවුරුදු මිලියන 5-10 කට කලින්) යුගයට අයිති.ඒ ෆොසිල් එක 90%ම වගේ දැනුත් ඉන්න polypterus.Endlicheri, polypterus.bichir කියන වර්ග 2කට සමානයි.මේ වර්ග ගැන thread එකේ අන්තිමට කියන්නම්. Basic Tips

Last edited: