Windows 10 Update ISO image උනුවෙන්ම බාමු

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Windows 10 Update ISO image උනුවෙන්ම බාමු


    :D:D ඉතින් බ්‍රදර්ස්ලා... හැමෝටම සුබ දවසක් කියල ප්‍රර්ථනා කරනවා වැඩේ පටන්ගන්න ඉස්සෙල්ලා :D




    හරි එහෙනම්.. Title එකෙන්ම තේරෙනවනේ කරන්න යන්නේ Microsoftල කාලෙන් කාලෙට එවන Windows 10 Updatesවල ISO image එක ලේසියෙන්ම Downloadකරගන්නේ කොහොමද කියන්න තමයි ඉතින් පටාන් ගන්නේ :P

    කොහොමද උන්ගේ site එකට ගියගමන්ම ISO Images වල Download link හොයාගන්න තියෙනවනම් :lol: Download links තියෙනවා.. ඒත් රට වටේම යන්න වෙනවනේ.. එහෙම නැතුව site එකට ගියගමන්ම කිසි අවුලක් නැතුව Download option සෙට් එක ලගටම ගෙන්නගන්න විදියක් තමයි මේ කියන්න යන්නේ :yes::yes: දන්න බ්‍රදර්ස්ලා ඇති.. නොදන්න බ්‍රදර්ස්ලා සෙට් එකට අලුත් දෙයක් කියන්නයි හදන්නේ.. ඒ නිසා ම්ට වඩා ලේසි විදි තියෙනවනම් හැමෝටම දැනගන්න මෙතන දාන්න කියල ඉල්ලනවා හැමෝගෙන්ම :D:D:love:


    ප්‍රශ්න අංක 1: ඕක ගන්න ඔච්චර දගලන්නේ මොකටද? googleකර ගමන් ඔය ඕන තරම් සයිට් වලින් win10 iso image download කරගන්න links එන්නේ :confused:

    පිළිතුර: :no: එපා මචන්... ඒ වගේ බොලද වැඩ කරන එවුන් මේකේ නැතුව ඇති කියල හිතනවා :yes: ලෝකේ තියෙන හොදම / ගණන්ම virus guard එක දාගත්තත් වැඩක් නෑ උබ දාගත්ත windows image එක ලෝකේ කොහෙහරි එකෙක් bypass කරපු එකක්නම් :no: security එතනින්ම එවරයි :yes: අන්න ඒ නිසයි කියන්නේ Microsoft developersලගෙන්ම උණු උනුවෙන්ම ගත්තනම් බය වෙන්න දෙයක් නෑ නේද? උබ මම හැමෝම තමන්ගේ security එක ගැන හිතනවනේ :yes: අන්න ඒකේ මුල්ම අදියර තමයි Untouched windows image file එකක් ලග තියාගන්න එක :yes::love:

    හරි එහෙනම්.. කියපු දේ තෙරුනානේ :yes::yes: වැඩේට යං :rofl:

    මේකට මචං අනිවා උබ Microsoft Edge browser එකෙන් යන්න ඕනේ :yes: වෙන වෙන එවුවගෙන් ගිහින් හරි නොගියොත් වග කියනු නොලැබේ :P:rofl:

    1 : Open කරගනින්කෝ Microsoft Edge.. ඊට පස්සේ google කරහන් Windows 10 iso කියල, එතකොට ඔන්න ඔය යට තියෙන photo එකේ වගේ search result සෙට් එකක් එයි :yes: මතක ඇතුව හොදට බලහන් https://www.microsoft.com වලින් පටන්ගන්න site එකේ ලින්ක් එකට යන්න, කොහොමත් edge එකේ උඩින්ම එන්නේ microsoftලගේ suggestions තමයි :rofl::rofl: ඔන්න ඔය පහල තියෙනව වගේ :yes:



    හරි මචන්ලා.. ඉතින් ඔන්න ඕක ඇතුලට ගියහම එනවා බහුබූත රාශියක් :rolleyes: අර tool එකෙන් win 10 download කරගන්න කියායි :confused: තියෙන එකෙන්ම update කරගන්න කියායි :baffled: අනම්මනම් ගොඩයි :dull: අපිට අවශ්‍ය වැඩේ ඔතන නැති නිසා ඔය එකකින්වත් වැඩක් නැත :no:



    දැන් ඉන්නේ ඉතින් ඔන්න ඔය page එකේනේ.. ඒකෙ ඉන්න ගමන්ම ඔබහන් F12 key එක :yes: එතකොට ශනිකෙන් open වෙනව developer option panel එක :rofl: හරි.. ඒක මෙන්න මේ වගේ



    හරි.. වැඩි ලේසියට මන් ඕකේ mark කරල තියෙනවා රතු පාටින් කොට්ටක් :rofl: එකේ තියෙනවා වගේ උබල යන්න ඕනේ Emulation කියන Tab එකට :yes: ඔතනට ගියහම එනවා පොඩි පොඩි option වගයක් එක්ක tab එකක්, එතන තියෙන user agent string : කියන තැන තියෙන option list එකෙන් select කරහන් Apple safari(iPad) කියන option එක :cool: මෙන්න මේ වගේ



    :D ඔන්න ඉතින් ඒක දුන්න ගමන් site එකෙන් ෂණිකව අපිට දෙනවා අපිට ඕන දේ :P:P ඒ තමයි Download option ටික :P
    මතක තියාගනින් මචංලා.. වැඩේ එවර වෙනකම් ඔය යට තියෙන Developer option panel එක close කරගන්නනම් එපා :no: ආයේ මුල ඉදන් එන්න වෙයි :D
    හරි දැන් ඔන්න ඔය වගේ උබලටත් පෙන්නයි..



    ඔතන ඉදන් ඉතින් කරන වැඩ ටික දනන්වනේ .. :rofl:
    select edition එකට windows 10 දිහන් :rolleyes:ඒක විතරයි කොහොමත් තියෙන්නේ :rolleyes::rolleyes: ඒක දීලා conform කරාම ඊළගට එයි මේන් මේක
    :rofl:


    ඔතනත් language එකට english දීලා conform කරලා ඉදිරියට යද්දී අවසාන අදියර ඔයාලා හමුවට එනවා මේන් මේ වගේ :baffled:



    ඔතන ඉතින් තම තමන්ගේ තම්මැට්ටම් සයිස් වලට ගැලපෙන එක select නොකර එක උඩ Right click කරලා Download link එක Coppy කරගෙන IDM දෙයියගේ උදවුවෙන් බාගන්න තමයි තියෙන්නේ :D:D:yes::yes: Directම browser එකෙන් download කරන්න එපා මචංලා අතර මගදී නැවතුනොත් ආයේ resume capable නැත browser එකේනම් :no::no: ඒ නිසා IDM use කරනවානම් ඇගට ගුණයි ඉතින් :D:yes:



    :cool: මතක තියාගන්න.. Download links valid වෙන්නේ 24hrs විතරයි :yes::yes:




    හරි එහෙනම් වැඩේ ගොඩ. කිසි අවුලක් නැති Windows 10 iso image එකක සාඩම්බර අයිතිකාරයෙක් උබත් :D:cool::cool::cool:
    ආ.. කියන්න අමතක වුනා.. :lol::lol: දැන් ඉතින් මෙහෙම මේක download කරගෙන කොහේ හරි තියෙන keyloggers දාගන්න එපා keygen වලින් activateකරන්න ගිහිල්ල :lol::lol: ඒ නිසා අඩුම තරමේ ebay එකෙන් හරි අඩුවට ඕනතරම් windows activation keyතියෙනවා අඩු ගනන්වල :yes: :yes: හරි එහෙනම් activation වැඩේ උබල අතේ, මගේ යුතු කම මම කළා :D අනිත් බ්‍රදර්ස්ලටත් බලන්න BUMPපාරක් දාගෙන යන්න :D ඔන්න එහෙනම් මම විසික්වුනා :D:D

    ;);):D උබල හැමෝටම ජය වේවා..!:yes:

    Handshake.jpg