-වැස්ස-වැස්ස-වැස්ස-වැස්ස-

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    -වැස්ස-වැස්ස-වැස්ස-වැස්ස-

    ව්හිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන
    පොද නොකැඩි තෙත බරිව හිරිකිතෙන් කිලිපොලන
    පාර තොට, ගහ කොලද වසාගෙන හැම අතින
    වහින වැහි වහින වැහි, නොපායන මුලු දවස

    ගොහොරු මඩ ඇගිලිකරු අතර චිරි චිරි ගාන
    මඩ කඩිති හැම තැනම මඩ පාට දිය රැදුණ
    අලුත පස් දැමු පාර දණිහ තෙක් මඩ එරෙන
    බැනියමද ඇගට ඇලි උදේ සිට තෙත බරිව

    තෙමුණ රෙදි ඇග ඇලුණු හබුරු කොල මලිපිටි ද
    දෝර ගොස් හැම තැනම වක්කලන් ඇලි හැදුණ
    හැට්ට අත් කද කලව තෙත රෙද්ද ඇග එතුව
    වහින වැහි, වහින වැහි නොපායන මුළු දවස

    ඔලුව කෙස් තත බරිව පිට දිගේ වැක්කෙරෙන
    කාර් රෝදෙන් ‘චිරිස්’ ඇග පුරා මඩ ඉහෙන
    ආයිමත් හිටි ගමන් තද කරන් එන සැනින
    වඉන වැහි වහින වැහි නොපායන මුළු දවස

    ගෙදර ගොස් ඇදපු දේ මොහිතකින් ඉවර කොට
    තුවායෙන් ඇගපත ද පිස දමා හිස කෙස්ද
    තාන් සරමක් ඇඩන් උන්ණට උණු තේ වතුර
    ඇදෙහි ඉද උනුසුමට බොන්නෙ කොයි මොහොතෙදැයි
    වැහි පොදෙහි පෙගුණු සිත හිත හිතා ළතැවේය.


    -Dr. Gunadasa Amarasekera-
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    පුන්චි කාලෙ ,මතක් උන එක කියවද්දි. ඉස්කෝලෙ කාලෙ ආසා කරපු කවියක්
     
    • Like
    Reactions: IKL

    Lieutenant Dann

    Well-known member
  • Mar 4, 2019
    4,557
    5,624
    113
    the USS Orville
    hoDeUFM.jpg
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හෙණ ගහලා ගොරවාලා වැහැපන් දෙවියනි හනිකට
    පොළොව අනේ හූම් ලලා බලා හිටියේ මේ මොහොතට

    ගැබ් ගැනිලා කිරි එරිලා මහ පොළොවට සැනහෙන්නට
    වැස්ස වැහැපන් දෙවියනි කිරි වැදිලා උපදින්නට

    ගුණදාස අමරසේකර
     
    • Like
    Reactions: IKL