ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > History
Reload this Page අවසාන නාසියා 12 - අවසාන නාසියා අලුත් දිශාවකට.
Reply
 
Thread Tools
(#1)
Old
ossandaruwan's Avatar
ossandaruwan ossandaruwan is offline
Senior Member
ossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of light
 
Posts: 895
Join Date: Jun 2014
අවසාන නාසියා 12 - අවසාන නාසියා අලුත් දිශාවකට. - 09-15-2018, 08:28 PM

මෙයට පෙර ඵල වූ මාගේ,

අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය
අවසාන නාසියා 02 - මිහි මත අපාය.
අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.
අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්.
අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.
අවසාන නාසියා 06 - යුදෙව්වන් අට දහසකට ගෑස් කායේදී ය.
අවසාන නාසියා 07 - දොස්තර ජෝෂප් මෙන්ගෙල් හෙවත් මරණයේ සුරදූතයා ( Angel Of Death ) ඔස්ච්විට්ස් කදවුරෙහි වැඩ භාරගනී.
අවසාන නාසියා 08 –දොස්තර මෙන්ගෙල් භාෂා පරිවර්තකයකු සොයයි.
අවසාන නාසියා 09 - මිනීමරු වද කඳවුරක හුදකලා කැරැල්ල.
අවසාන නාසියා 10 - බිළිඳුන්ටත් මරණය.
අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝධය පාති.


යන Thread එකොළහ හා බැඳේ.

දෙවැනි ලෝක යුද සමයේ නාසින් විසින් නිරිතදිග පෝලන්තයේ ඔස්ච්ව්ට්ස් නගරයේ පවත්වාගෙන ගිය සමූල ඝතන සිර කදවුරේ කදවුරු වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල්. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය වීමත් සමග පළායන ඔහු පුරා වසර හතළිහක් සැගව ජීවත්වූයේය. ඔහුගේ සිරුර බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය.

අවසාන
නාසියා ඔහුගේ ජීවන තොරතුරු, ඔහු සමූල ඝතකයකු බවට පත්වන්නට හේතු සොයා ජෙරල්ඩ් ඇස්ටර් කළ පර්යේෂණයේ ප්‍රතිඵලයයි. ඔස්ච්විට්ස් කදවුරෙන් දොස්තර ජෝෂප් මෙන්ගෙල් පළාගොස් සැඟව සිටි කාලය පිළිබදවත් ඔහුට රැකවරණය සපයන්නට සහ උපකාර පිණිස ජර්මනියේ සිදුවූ කුමන්ත්‍රණ පිළිබදවත් තොරතුරු මෙහි ඇතුළත්වේ
.



අවසාන නාසියා අලුත් දිශාවකට.


..........2010 හා 2011 වර්ෂ වල ඉරිදා ලංකාදීප පුවත්පතේ දියත අතිරේකයේ අවසාන නාසියා යන තේමාව යටතේ ඵලවූ ලිපි පෙළ තමයි මන් මේ Thread විදිහට ලියන්නෙ. මේ ලිපි 62ක් පත්තරේ ඵල වෙලා තියනවා. ඒත් මට ඉතුරු කරගන්න පුළුවන් වුනේ ඒවයින් කීපයක් විතරයි. ඒ ටික තමයි මේ. ඇත්තෙන්ම කියනවානම් ඒ කාලේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච පුවත්පත් ලිපි පෙළක් තමයි මේක. ඉතින් මේ වෙනකන් මම දාපු Thread වල තියෙන්නේ යුද්ධ කාලේ ඔස්ච්විට්ස් කඳවුරේ සිදුවුනු ම්ලේජ්ජ ක්‍රියාවන් ගැන. යුද්ධෙන් පස්සෙ සිදුවුන සිද්දීන් පිළිබදව තමයි ඉදිරියට යොදන Thread වල තියෙන්නේ.

දෙවන ලෝක යුද්ධය නිමාවීමත් සමගම ම්ලේජ්ජ අපරාධ වලට සම්බන්ධ වූවන්ටද අත්වූයේ සෝචණීය ඉරණමකි. මේතියෙන්නේ ඒවායින් කිහිපයක්,


- සියළු යුදෙව්වන් ඝාතනය කර පාරිශුද්ධ ආර්ය ජාතියක් ගොඩනැගීමට ගිය හිට්ලර් අවසානයේ සියදිවි නසාගෙන සිටියේ මෙහෙමයි.




1945 නොවැම්බර් මස 20 වන දින නියුරම්බර්ග් හිදී විශේෂ යුද්ධාදිකරණයක් ( Nuremberg Trials ) පිහිටුවන ලදි. මෙමගින් අපරාධ වලට සම්බන්ධවූ බොහෝ අයට දඩුවම් විමිවිය.


- ඔස්ච්විට්ස් කඳවුරේ අණ දෙන නිලධාරියාව සිටි රැඩොල්ෆ් හොඑස් නඩු විභාගයේදී කරුණු දක්වමින්,




නඩු විභාගයෙන් පසුව මොහුට මරණ දඩුවම නියමවිය. ඉන් පසු 1947 අප්‍රේල් මස 16 වන දින එල්ලා මරාදමන ලදි.












- එයිච්මාන්ට එරෙහිව ඊශ්‍රායලයේ පැවති නඩු විභාගයකින් පසුව 1962 ජුනි මස 1 වන දින එල්ලා මරාදමන ලදි.





- හර්මන් ගෝරිං ගේ නඩු විභාගය,




මේතියෙන්නේ එයාගේ අන්තිම ප්‍රකාශය,




.......මොහුටද මරණ දඩුවම නියම වුවත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙර දිනයේ හෙවත් 1946 ඔක්තෝම්බර් 15 වන දින රාත්‍රියේ සයනයිඩ් ආග්‍රහණය කරගැනීම මගින් සියදිවි හානිකරගන්නා ලදි.






- හෙන්රිච් හිම්ලර් යුද්ධයෙන් පසු සැගවී සිටීමට උත්සාහ කළද ඔහු බ්‍රිතාන්‍ය බලාඇණි මගින් අත්අඩංගුවට ගන්නා ලදි. ඉන්පසු 1945 මැයි 23 දින අත්අඩංගුවේ සිටියදීම ඔහු සියදිවි නසා ගත්තේය.





- හිට්ලර් හැරුණු විට වැඩිපුරම කථාවන පුද්ගලයෙක් තමයි ජොෂප් ගොබෙල්ස් කියන්නෙ. එයට හේතුව වන්නේ ඔහු විසින් හදුන්වාදීපු “ගොබෙල්ස් න්‍යාය” මේවනවිට ලෝකයේ බොහෝ රටවල දේශපාලකයන් විසින් ඉතාමත් සාර්ථක විදිහට භාවිතා කිරිමයි.

ගොබෙල්ස් න්‍යාය :-

........බොරුවක් එක වරක් පමනක් පැවසුවොත් එය බොරුවක් ලෙසම පවතිනවා. නමුත් බොරුවක් දහස් වාරයක් පැවසුවොත් එය සත්‍යයක් බවට පත්වෙනවා.

ඒ කෙසේ වෙතත් මොහු 1945 මැයි 1 දා සිය බිරිඳ හා දරුවන් හයදෙනාද සමග සියදිවි නසාගන්නා ලදි. ( පින්තූර දෑමීමට තරම් සුදුසු නොවන බව සිතමි.)


- අපේ රටෙත් මොකක් හරි වුනහම එල්ලුම් ගහ ගැන කතාවෙනවානෙ. මේ තියෙන්නේ 1946 මැයි 28 වෙනිදා ඔටෝ හර්මන් විල්හෙල්ම් මෝල් නැමැත්තාට මරණ දඩුවම දීපු විදිහ,







මේතියෙන්නේ නියුරම්බර්ග් යුද්ධාදිකරණයෙන් දඩුවම් නියමකරපු විදිහ,




..........මීට අමතරව තවත් බොහෝ පිරිසකට දඩුවම් හිමිවිය. මෙලෙස අපරාධ වලට සම්බන්ධවූ සියලු දෙනාටම වාගේ උරුම වූයේ මරණයයි. ඇතැමෙකුට එය නඩු විභාගයකින්ද තවකෙකුට සියදිවි නසාගැනීම මගින්ද එම ඉරණම අත්විය.

........කෙසේ වෙතත් මෙම Thread මාලාවේ කථා නායකයා වන මිනිසුන් ලක්ෂ ගණනක් ගෑස් කාමර වෙත පිටත්කර මරාදැමූ හා තවත් බොහෝ පිරිසකට විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි පවසමින් වදදුන් ම්ලේජ්ජ දොස්තර වන ජොෂප් මෙන්ගෙල් මේ කිසිවෙකුටත් අල්ලා ගැනීමට නොහැකි විය. 1985 ජුනි මස 5 වැනිදා ඔහුගේ සිරුර බ්‍රසීලයේ සාඕ පාවුළු නුවර එම්බු කනත්තෙන් ගොඩගන්නා තෙක් සිදුවූ සිදුවීම් මින් ඉදිරියට ඵලවන Thread මගින් දිගහැරේ.




Reply With Quote
(#2)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud ofSara531 has much to be proud of
 
Posts: 20,584
Join Date: Jan 2016
Location: තරු අතරේ
09-15-2018, 08:30 PM

තැන්ක්ස්..මේක බෙදාගන්නවාට...
Reply With Quote
(#3)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to beholdcsaranga46 is a splendid one to behold
 
Posts: 13,009
Join Date: May 2010
Location: SL
09-15-2018, 08:32 PM

Bump
Reply With Quote
(#4)
Old
ossandaruwan's Avatar
ossandaruwan ossandaruwan is offline
Senior Member
ossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of lightossandaruwan is a glorious beacon of light
 
Posts: 895
Join Date: Jun 2014
09-15-2018, 08:48 PM

Quote:
Originally Posted by csaranga46 View Post
Bump


Reply With Quote
(#5)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 26,673
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
09-15-2018, 09:18 PM

bump
Reply With Quote
(#6)
Old
Rukshansms's Avatar
Rukshansms Rukshansms is offline
Senior Member
Rukshansms is a jewel in the roughRukshansms is a jewel in the roughRukshansms is a jewel in the roughRukshansms is a jewel in the roughRukshansms is a jewel in the roughRukshansms is a jewel in the rough
 
Posts: 903
Join Date: Oct 2010
Location: kandy
09-16-2018, 08:07 AM

Bump
Reply With Quote
(#7)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a glorious beacon of lightkalana wasala is a glorious beacon of lightkalana wasala is a glorious beacon of lightkalana wasala is a glorious beacon of lightkalana wasala is a glorious beacon of lightkalana wasala is a glorious beacon of lightkalana wasala is a glorious beacon of lightkalana wasala is a glorious beacon of lightkalana wasala is a glorious beacon of lightkalana wasala is a glorious beacon of lightkalana wasala is a glorious beacon of light
 
Posts: 2,634
Join Date: Feb 2016
09-16-2018, 12:01 PM

Bump.
Reply With Quote
(#8)
Old
SBWoof's Avatar
SBWoof SBWoof is offline
Senior Member
SBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to allSBWoof is a name known to all
 
Posts: 3,038
Join Date: Dec 2017
Location: Nassau
09-16-2018, 12:02 PM

BUMP
Reply With Quote
(#9)
Old
dj gamaya's Avatar
dj gamaya dj gamaya is offline
Senior Member
dj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud of
 
Posts: 65,507
Join Date: Nov 2007
Location: Hell & Heaven (Kiribathgoda)
Send a message via Skype™ to dj gamaya
09-16-2018, 08:32 PM

Reply With Quote
(#10)
Old
NisalPerera's Avatar
NisalPerera NisalPerera is offline
Senior Member
NisalPerera is a glorious beacon of lightNisalPerera is a glorious beacon of lightNisalPerera is a glorious beacon of lightNisalPerera is a glorious beacon of lightNisalPerera is a glorious beacon of lightNisalPerera is a glorious beacon of lightNisalPerera is a glorious beacon of lightNisalPerera is a glorious beacon of lightNisalPerera is a glorious beacon of lightNisalPerera is a glorious beacon of lightNisalPerera is a glorious beacon of light
 
Posts: 1,297
Join Date: Dec 2013
Location: අහසේ
09-16-2018, 08:36 PM

rep+++
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04560 seconds with 10 queries