ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Reviews & DIY Guides
Reload this Page මොනවද මේ ටිප්ට්‍රොනික් ගියර්??
Reply
 
Thread Tools
(#1)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud ofIDG has much to be proud of
 
Posts: 15,235
Join Date: Aug 2012
Location: වාහන ගොඩේ
මොනවද මේ ටිප්ට්‍රොනික් ගියර්?? - 07-11-2015, 12:27 PM

වාහන පදිනවානම් මේවා දැනගෙන හිටියට පාඩු නැ
මොනවද මේ ටිප්ට්‍රොනික් ගියර්??



ටිප්ට්‍රොනික් ගියර පද්ධතියක් යනු ස්වයංක්‍රීය ගියර පද්ධතියක (automatic transmission) හා ස්වයංක්‍රීය නොවන ගියර පද්ධතියක (manual transmission) සංකළණයකි. එනම් රියදුරාට රථය, ස්වයංක්‍රීය (automatic mode) හෝ සවයංක්‍රීය නොවන (manual mode) ආකාරයට ධාවනයේ යෙදවිය හැකිය.


ට්‍රිප්ට්‍රොනික යන නාමය මෙවැනි ගියර පද්ධතිවලට බහුලව යෙදුනද නිවැරදි තාක්ශණික නාමය manumatic transmission හෙවත් මැනුමැටික් බලසම්ප්‍රේෂණ පද්ධතියයි. මැනුමැටික් නාමය සැකසී ඇත්තේ Manual + Automatic යන පද සංකළණයෙනි. ටිප්ට්‍රොනික් නාමය, මෙම ගියර පද්ධතිය වැඩිදියුණු කොට ජනප්‍රිය කල ජර්මනියේ සුප්‍රකට පෝර්ෂ් (Porche) මෝටර් රථ සමාගමේ වෙළඳනාමයකි.

ටිප්ට්‍රොනික ගියර පද්ධතියක් සහිත කාරයක් මුලින්ම හඳුන්වාදුන්නේ පෝර්ෂ් සමාගම වන අතර ඒ, 1990 වසරේදී ඔවුන්හේ සුප්‍රකට 911 මාදිලියේ සුපිරි කාරය සඳහාය. BMW සමාගම මෙය Steptronic ලෙස හඳුන්වන අතර ක්‍රයිස්ලර් සමාගම Auto/Stick ලෙස මෙම පද්ධතිය හඳුන්වයි. අනෙකුත් බොහෝ නිශ්පාදකයින් මෙම පද්ධතිය ඔවුන්ගේ ස්වයංක්‍රීය ගියර පද්ධතිවල වැඩිදියුණුවක් ලෙස සිය වාහන වලට අනුයුක්තකොට ඇත.

ටිප්ට්‍රොනික ගියර පද්ධතියක වාසි

මෙම බලසම්ප්‍රේෂණ ක්‍රමයේ ඇති ප්‍රධාන වාසිය නම් රියදුරාට ස්වයංක්‍රීය ගියර පද්ධතියකින් ලබාදෙන පහසුව ඒ අයුරින්ම ලබාදෙමින්, ස්වයංක්‍රීය ගියර පද්ධතියක ඇති ප්‍රධානම අවාසිය, එනම් ඉක්මනින් අඩු ගියර වලට මාරුවී (down-shift to low gears) රථයේ රෝදවලට යැවෙන ව්‍යවර්ත බලය (torque) වැඩිකර, රියදුරාට අවශ්‍ය ලෙස ක්ශණයෙන් රථයේ වේගය වැඩිකරගැනීමට හෝ වේගය බාල කරගැනීමට (engine breaking) ඇති නොහැකියාව අවම කිරීමයි.

ඒ අනුව රියදුරාට සාමාන්‍ය ස්වයංක්‍රිය ක්‍රමයට රථය ධාවනය කරන අතරම අවශ්‍යවූ විට ස්ව‍යංක්‍රිය තත්වයෙන් මුදවාගෙන (උදා: කඳු සහිත ප්‍රදේශයක ධාවනයේදී, ඉදිරියෙන් ඇති වාහන වලට ඉස්සරකිරීමේදි) තමන්ට අවශ්‍ය ආකාරයට ගියර් මාරුකිරීමේ පහසුකම ලබාදෙයි.

ක්‍රියාකාරිත්වය




Tiptronic ගියර පද්ධතියක ගියර පිහිටන ස්ථාන (Stick positions of an Tiptronic Transmission vehicle)



ටිප්ට්‍රොනික ගියර පද්ධතිය, manual ආකාරයට ධාවනය කරවනවිට ක්‍රියාකාරිත්වය

1. ගියර යෂ්ඨිය වමට තල්ලුකොට ටිප්ට්‍රොනික් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක කරගත යුතුය. මෙය ක්‍රියාත්මක වීම සඳහා බ්‍රේක් පැඩලය පාගාගෙන සිටිය යුතුය. නැතහොත් මැනුවල් අවස්ථාව ක්‍රියාත්මක නොවේ

2. පලමුවැනි ගියරය (1st gear) ක්‍රියාත්මක කිරීමට ගියර යෂ්ඨිය ඉදිරියට, එනම් + සලකුණ දෙසට යොමුකල යුතුය.

3. දෙවැනි, තුන්වැනි, හතරවැනි, පස්වැනි ගියර සඳහාද මෙලෙස උචිත අවස්ථාවේදී ගියර යෂ්ඨිය ඉදිරියට, එනම් + සලකුණ දෙසට යොමුකල යුතුය.

4. රථයේ වේගය බාලවන අවස්ථාවලදී ඔටෝමැටික් ගියර පද්ධතිය ආකාරයටම මෙහිද ස්යංක්‍රීයව ගියර පහලට වැටේ (automatic down-shift). එහෙත් නැවත වේගය වැඩිකරගන්නා විට නැවතත් ගියර යෂ්ඨිය + සලකුණ දෙසට යොමුකොට වැඩි ගියර වලට යොමුකරගත යුතුය.


සැ: යු: මෙම ක්‍රියාමාලාව නිශ්පාදකයාට අනුව වෙනස්විය හැකි බව සලකන්න

උපුටාගැනිමකි
Code:
http://vidya-gaweshana.blogspot.com/2015/07/blog-post_40.html
නොදන්න දෙයක් ඉගෙන ගත්තානම් වැදගත් කියලා හිතෙනවානම් අනික අයට බලන්න බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා



Reply With Quote
(#2)
Old
A. සිරියා's Avatar
A. සිරියා A. සිරියා is offline
Awrudu Games 2017 - Winners
A. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to beholdA. සිරියා is a splendid one to behold
 
Posts: 12,063
Join Date: Aug 2014
Location: වැඩි ඈතක නෙමෙයි..
07-11-2015, 12:50 PM

වැදගත් එළ
Reply With Quote
(#3)
Old
HML's Avatar
HML HML is offline
Senior Member
HML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of light
 
Posts: 4,273
Join Date: Oct 2008
Location: කළුතර/මතුගම
Send a message via ICQ to HML Send a message via AIM to HML Send a message via MSN to HML Send a message via Yahoo to HML Send a message via Skype™ to HML
Up 07-11-2015, 12:58 PM

පට්ටයි මචෝ
Reply With Quote
(#4)
Old
Robin*Hood's Avatar
Robin*Hood Robin*Hood is offline
Senior Member
Robin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of light
 
Posts: 3,681
Join Date: Oct 2013
Location: Sherwood Forest in Nottinghamshire
07-11-2015, 01:04 PM

බෙදාගත්තට ස්තුතියි මචං
Reply With Quote
(#5)
Old
Rasika212's Avatar
Rasika212 Rasika212 is offline
Senior Member
Rasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of lightRasika212 is a glorious beacon of light
 
Posts: 2,103
Join Date: Jun 2010
07-11-2015, 01:05 PM

patta machan +rep.
Reply With Quote
(#6)
Old
mldarshana's Avatar
mldarshana mldarshana is offline
Senior Member
mldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to all
 
Posts: 34,920
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
07-11-2015, 01:06 PM

bump
Reply With Quote
(#7)
Old
SANJEE's Avatar
SANJEE SANJEE is offline
Senior Member
SANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to allSANJEE is a name known to all
 
Posts: 40,464
Join Date: May 2006
Location: අගනගරේ කිට්ටුව
07-11-2015, 01:08 PM

වටිනවා....... You must spread some Reputation around before giving it to IDG again.

එක එක වාහන වල ඔය ගියර් ශිෆ්ටින් කරන තියෙන හැටි ගැන ෆොටෝස් ටිකක් දැම්මනම් කොහොමද....
Reply With Quote
(#8)
Old
Dusty Killer's Avatar
Dusty Killer Dusty Killer is offline
Senior Member
Dusty Killer is just really niceDusty Killer is just really niceDusty Killer is just really niceDusty Killer is just really niceDusty Killer is just really niceDusty Killer is just really niceDusty Killer is just really niceDusty Killer is just really niceDusty Killer is just really niceDusty Killer is just really nice
 
Posts: 1,322
Join Date: Mar 2015
07-11-2015, 01:20 PM

ඉස්සර මගේ 2011 Insight එකක් තිබ්බා එකෙනම් තිබ්බේ මෙහෙම !



ඔතන ලේසි ! ඒත් ගැම්මක් එන්නේ නෑ බන් ෆ්ලෝ බොර්ඩ් එකේ එනවා තරම් මටනම්
Reply With Quote
(#9)
Old
chethana kalan's Avatar
chethana kalan chethana kalan is offline
Senior Member
chethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to allchethana kalan is a name known to all
 
Posts: 5,588
Join Date: Jan 2011
Location: Kurunegala
Send a message via Skype™ to chethana kalan
07-11-2015, 01:21 PM

bump
Reply With Quote
(#10)
Old
Deadmau5's Avatar
Deadmau5 Deadmau5 is offline
Senior Member
Deadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of lightDeadmau5 is a glorious beacon of light
 
Posts: 5,518
Join Date: Mar 2011
07-11-2015, 01:32 PM

Thanks
Reply With Quote
Reply

Bookmarks

Tags
ගොඩක් වටිනවා මචෝ, idg

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05649 seconds with 9 queries