ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page AC එකකට එන Current Bill එක
Reply
 
Thread Tools
(#1)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud of
 
Posts: 4,646
Join Date: Nov 2008
Location: Matara
smile AC එකකට එන Current Bill එක - 07-21-2018, 01:29 PM

ඔන්න මම කළින් කට්ටියට කිව්ව වගේම ඒ.සී එකට ගිය කරන්ට් බිල ගැන ත්‍රෙඩ් එක ගෙනාව,

මුලින්ම කියන්නම් ඒ.සී එක ගැන, මේක ගත්තෙ SINGER එකෙන්, Brand එකත් SINGERම තමයි, මම ගන්න බලාගෙන ගියේ 9000BTU එකක්, එතැන 9000BTU ඒ.සී තිබ්බ හැබැයි ඒ එකක්වත් ඉන්වර්ටර් නෙමෙයි, එතැන ඉන්න කෙනානම් කිව්වෙ 9000BTU ඉන්වර්ටර් ලංකාවෙ කොහෙවත් නෑ කියල, ඉන්වර්ටර් එකක් ගන්න තිබ්බ ඕනකම නිසාම 12000BTU වලින් ගත්ත, මිල 110,000.00 ක් කියල තිබ්බෙ, අත්පිට මුදලට ගන්නව නම් 90,000කට දෙන්නම් කිව්ව, රුපියල් 20,000කම වෙනසක් තියෙන නිසා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න එකත් තේරුමක් නැති නිසා එහා පැත්තෙ බැංකුව තිබ්බ ඒකට ගිහිල්ල එවෙලෙම ලෝන් එකක් දාලා ඒ.සී එක ගත්ත 90,000කටම. එතැනින් ඒ වැඩේ ඉවරයි,

උන් කිව්ව සර්විස් 3ක් ෆ්‍රී දෙන්නම් කියල, හැබැයි අපි මතක ඇතුව මාස 3කින් උන්ට කතා කරල සර්විස් ටික කරගන්න ඕන ඒකත් අවුරුද්දක් ඇතුලත, ඊට පස්සෙ Service Agreement එකක් ගහන්න ඕන කිව්ව සර්විස් ටික කරන්න, ඒ ගැන නම් තාම මට ලොකු අවබෝධයක් නෑ, වොරන්ටි හම්බවුණා මුලු මැෂින් එකටම අවුරුද්දක්, කම්ප්‍රෙසර් එකට අවුරුදු 10ක්.
ඊට පස්සෙ දවසෙම එහෙන් දෙන්නෙක් ඇවිල්ල ඒ.සී එක කාමරේ හයිකරල ගියා, උන්ගෙ සර්විස් නම් හොඳයි වගේ කියල හිතෙනව.

දැන් ඒ.සී එක ගැන කතාන්දරෙ ඉවරයි, දැන් බහිමු කරන්ට් බිල ගැන,

මේකෙ ගොඩක් ත්‍රෙඩ් ගිහිල්ල තිබ්බ කට්ටිය කරන්ට් බිල ගැන අහල ඒත් කවුරුවත් හරියට උත්තරයක් දීල තිබ්බෙ නෑ, ඇත්තටම මමත් මේ ඒ.සී එක ගන්න කළින් මේකෙ ත්‍රෙඩ් පීර පීර හෙව්ව කරන්ට් බිල ගැන කවුරුවත් හරියට කියල තියේද කියලා, සමහරු කියනව 15,000ක් විතර යයිලු, තවත් සමහරු කියනව 2,000ක් යයිලු, එක එක දේවල්, ඒ නිසා මම මේක අරගෙන හැමදාම ඔන් එකේ තියලම බැලුව, මාසයක් හොඳ අවදානයෙන් හිටිය බිල ගැන, මමත් ෆ්‍රීලාන්ස් කරන නිසා ගෙදරටම වෙලා ඉන්නෙ ගොඩක් වෙලාවට, ඒ නිසා මේක පැය 24ම වගේ ඔන් එකේ තමයි තියෙන්නෙ, මට මේ බිල ආව මාසෙම වැඩිම වුණොත් පැය 8ක් වගේ ඒ.සී එක ඔෆ් එකේ තියෙන්න ඇති(හිතාගන්න පුලුවන්නෙ පාවිච්චිය ගැන). ඒ නිසා මේ බිල් එකෙන් හොඳ අදහසක් ඔය කට්ටියට ගන්න පුලුවන් මොකද ඒ.සී එක මාසෙම වගේ දාලා තිබ්බ නිසා,

බිල් එකට බහින්න කළින් කියන්න ඕන මගේ කාමරෙ සයිස් එකයි තියෙන බඩු මුට්ටු ගැනයි, නැතුව තව කෙනෙක්ට අදහසක් ගන්න අමාරුයිනෙ,

කාමරෙ නම් ටිකක් පොඩි එකක්, පළල අඩි 8යි, දිග අඩි 11.3
ලැප්ටොප් දෙකක් තියෙනව, තව ඇඳක් තියෙනව, මේස දෙකක් තියෙනව, ඔන්න ඔච්චරයි කාමරෙ තියෙන්නෙ.
තව ඒ.සී එක නිසාම ඇලුමිනියම් දොරක් හදවල ගැහුව Door Closer එකක් එක්කම,
Heat generate කරන Device එකකට තියෙන්නෙ ලැප් දෙක විතරයි, බල්බ් එකත් LED ඒ නිසා ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ බං,

ඒ.සී එක අරගෙන දවස් 2ක් ගියාම මට බිල් එක ආව, ඒ නිසා ඊළඟට එන බිල ඒ.සී එක නිසාම තමයි වැඩි වෙන්නෙ මම කළින් මාසෙ බිලයි මේ මාසෙ බිලයි දෙකම දාන්නම්,

කළින් මාසෙ බිල 2,178.00ක් ඇවිල්ල තියෙනව(හැබැයි බිල ලියන එකා ඇවිත් තියෙන්නෙ දවස් 24කින් ඒ මාසෙ) - යුනිට් 109ක් පාවිච්චි කරල තියෙනව(දින ගාණ අඩු නිසා මේක ටිකක් කචල් හරිනම් මීට වඩා වැඩි වෙන්න ඕන, සාමාන්‍යයෙන් 160කට කිට්ටු ගාණක් එනව),
මේ මාසෙ බිල ආව(ඒ.සී එක දැම්මයින් පස්සෙ) ගාණ 5,253.00(හැබැයි බිල ලියන එකා ඇවිත් තියෙන්නෙ ගොඩක් පරක්කු වෙලා, දවස් 36කින්) යුනිට් 220ක් තියෙනව.

කොහොමහරි බිල රුපියල් 3000කින් වගේ වැඩි වෙලා, හැබැයි කළින් මාසෙ බිල හරි විදියට ආවනම් රුපියල් 3000ක් අනිව කලින් මාසෙ එනව, එහෙම වුණා නම් රුපියල් 2000කින් වගේ තමයි යන්නෙ,

කොහොමහරි සමස්ථයක් විදියට බැලුවොත් ඒ.සී එකට මාසෙටම යුනිට් 50-80ත් අතර වගේ යනව,

දැන් කියන්නම් මගේ පාවිච්චිය ගැන,

මම කිව්ව වගේ පැය 24ම දාල තියෙන්නෙ(බිල් එක ආව මාසෙත්), සතියටම උපරිම වුණොත් පැය4ක් වගේ ඔෆ් කරල තියන්න ඇති, මේකෙ ECO Mode එකක් තියෙනව, ඒක දැම්මම Outdoor Unit එක ටිකක් වෙලාවක් ගිහිල්ල තමයි ඔන් වෙන්නෙ, හැබැයි කාමරෙත් පොඩ්ඩක් රත් වුණාම ඔන් වෙන්නෙ(ඒක එච්චරටම දැනෙන්නෙත් නෑ හැබැයි ) ගොඩක් රස්නෙ දවසක්නම් ECO Mode එක අයින් කරනව, මම දාගෙන ඉන්නෙම 26ට, රෑට නිදාගනිද්දි අනිවා ECO Mode අයින් කරල 26ට දාල තමයි නිදාගන්නෙ, හිටපු ගමන් 25ටත් දාගෙන ඉන්නව හැබැයි ගොඩක් වෙලා ඉන්න බෑ සීතල වැඩියි,
මේක කාමරේට ගොඩක් ලොකු ඒ.සී එකක් නිසා මුලු කාමරේම හොඳටම සීතල වෙන්න යන්නෙ විනාඩි 3යි වගේ(මටත් හිතාගන්න බෑ, මාර ඉක්මණට කූල් වෙනව)


කොහොමහරි දළ වශයෙන් අපේ ගෙදර කළින් ආව 2500ක වගේ බිල දැන් මේක නිසා 5000කට කිට්ටු ගාණක් එනව, කළින් යුනිට් 130-160ත් අතර වගේ ආව බිල දැන් 210-230ක් වගේ එනව,
හැබැයි මේ විදියට එන්නෙ ඒ.සී එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන, මාසෙම කූල් එකේ ඉඳල අනිත් එක මේක 12,000BTU එකක්, එයිට අඩු එකක් නම් තව කරන්ට් එක අඩුවෙන් යයි,

මම හිතනව කට්ටියම හොඳ අදහසක් ගන්න ඇති කියල, ප්‍රශ්න තියේනම් අහපං මේ ගැන,

පල්ලෙහායින් බිල් එකේ ෆොටෝ එකයි, ඒසී එකයි, ඒකෙ රිමෝට් එකයි දාන්නම්, බිල් එකේ කළින් මාසෙ බිල ආව විදියත් ඇති,




මේක තමයි භාණ්ඩෙ,





බිල් එක-කළින් මාසෙ එකත් ඕකෙම තියෙනව,



රිමෝට් එක
ACRemote.jpg


අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකක් දාගෙන යන්න ,

එලකිරි!

Last edited by sithija.h; 07-21-2018 at 01:33 PM.
Reply With Quote
(#2)
Old
SHANUXLK's Avatar
SHANUXLK SHANUXLK is offline
Senior Member
SHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of lightSHANUXLK is a glorious beacon of light
 
Posts: 3,254
Join Date: Dec 2013
07-21-2018, 01:35 PM

bump
Reply With Quote
(#3)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to all
 
Posts: 8,559
Join Date: May 2010
Location: SL
07-21-2018, 01:37 PM

ekane bn mama kalinma kiuwe 5k wage enne kiyala
Reply With Quote
(#4)
Old
King_cobra's Avatar
King_cobra King_cobra is offline
Senior Member
King_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to all
 
Posts: 14,189
Join Date: Apr 2015
Location: මාතොට
07-21-2018, 01:39 PM

බම්ප් එකක්
Reply With Quote
(#5)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud of
 
Posts: 4,646
Join Date: Nov 2008
Location: Matara
07-21-2018, 01:40 PM

Quote:
Originally Posted by csaranga46 View Post
ekane bn mama kalinma kiuwe 5k wage enne kiyala


Ah unbath kalin thread eke comment kara neh
Ela ela macho, kattiya kiwwa ganan thama awe, mama meke kalin thread balala baya una bn, Rs15,000k withara enawa kiyala thibba samahara aya
Reply With Quote
(#6)
Old
Deleted's Avatar
Deleted Deleted is online now
Senior Member
Deleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to all
 
Posts: 3,438
Join Date: Aug 2016
07-21-2018, 01:43 PM

සැක් උබට තිබ්බේ පැනසොන්ක් එකක් ගන්න.ඒක 65% energy saving.


download (1).jpg





https://www.panasonic.com/my/consume...-s13rkh-1.html

Last edited by Deleted; 07-21-2018 at 01:45 PM.
Reply With Quote
(#7)
Old
mtmadushanka's Avatar
mtmadushanka mtmadushanka is offline
Senior Member
mtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of light
 
Posts: 3,357
Join Date: Apr 2018
Location: Hogwarts 🏰
07-21-2018, 01:45 PM

Reply With Quote
(#8)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud of
 
Posts: 4,646
Join Date: Nov 2008
Location: Matara
07-21-2018, 01:46 PM

Quote:
Originally Posted by Deleted View Post
සැක් උබට තිබ්බේ පැනසොන්ක් එකක් ගන්න.ඒක 65% energy saving.


Attachment 72842


එහෙමද බං, ඒත් මම අහල තිබ්බ විදියට සිංගර් එකේ නමයි අඩුවෙන්ම යනව කියල තිබ්බෙ,
හැබැයි පැනසොනික් හොඳ බ්‍රෑන්ඩ් එකක් නිසා ඒක වෙන්නත් පුලුවන්, කොහොම හරි මේ බිල ගැන නම් සැටිස් බං, මම හිතුවෙ 10,000ක්වත් එයි කියල කට්ටිය කියල තිබ්බ ඒවගෙ හැටියට
Reply With Quote
(#9)
Old
Deleted's Avatar
Deleted Deleted is online now
Senior Member
Deleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to allDeleted is a name known to all
 
Posts: 3,438
Join Date: Aug 2016
07-21-2018, 01:48 PM

Quote:
Originally Posted by sithija.h View Post
එහෙමද බං, ඒත් මම අහල තිබ්බ විදියට සිංගර් එකේ නමයි අඩුවෙන්ම යනව කියල තිබ්බෙ,
හැබැයි පැනසොනික් හොඳ බ්‍රෑන්ඩ් එකක් නිසා ඒක වෙන්නත් පුලුවන්, කොහොම හරි මේ බිල ගැන නම් සැටිස් බං, මම හිතුවෙ 10,000ක්වත් එයි කියල කට්ටිය කියල තිබ්බ ඒවගෙ හැටියට
මම හැමදාම රෑට විතරයි දාන්නේ.බිල හයසීයකින් වගේ වැඩි උනේ.
Reply With Quote
(#10)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud ofsithija.h has much to be proud of
 
Posts: 4,646
Join Date: Nov 2008
Location: Matara
07-21-2018, 01:49 PM

Quote:
Originally Posted by Deleted View Post
මම රෑට විතරයි දාන්නේ.බිල හයසීයකින් වගේ වැඩි උනේ.
උඹ ළඟ තියෙන්නෙත් 12,000 එකක්ද බං?
සාමාන්‍යයෙන් රෑට කොච්චර වෙලා දානවද බං, Temperature එක කීය වගේද දාන්නෙ
Reply With Quote
Reply

Bookmarks

Tags
a/c, air condition, currentbill, monthlyusage, singerac

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05547 seconds with 10 queries