ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අනුර කුමාර නම් රට පාවාදෙන අවජාතකයා..
Reply
 
Thread Tools
(#1)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,550
Join Date: Nov 2009
අනුර කුමාර නම් රට පාවාදෙන අවජාතකයා.. - 06-10-2018, 11:15 AM



මේ දිනවල ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ගෙනා තවත් එක්‌ පුස්‌ තර්කයක්‌ නිසා ජීවන බරින් මිරිකී ගිය, ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට පවා යම්කිසි විනෝදයක්‌ ගෙන දෙන ප්‍රකාශ මුහුණු පොතේ අපට දැකගැනීමට හැකිව තිබේ. අනුර කුමාර කියා සිටින්නේ කොටි ත්‍රස්‌තයන්ට එරෙහි යුද්ධය නිකම්ම නිකම් සිවිල් යුද්ධයක්‌ බවත් එයින් කවරෙක්‌ හෝ කවදා හෝ ජය ලබන බවත් ඒ නිසා මහින්ද රාජපක්‍ෂ ජයග්‍රහණය කළා නොව යුද්ධය ජයගන්නා විට මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වී සිටියා පමණක්‌ බවය. ඒ සම්බන්ධයෙන් 8 වසරේ ශිෂ්‍යයෙක්‌ ලියා තිබුණේ ඒ අනුව බලන විට එළාර පරදා ජය ගත්තේ දුටුගැමුණු නොව ඒ යුද්ධය ජය ගන්නා විට දුටුගැමුණු රජ වෙලා සිටියා පමණකි සහ රුවන්වැලි සෑය හැදුවේද දුටුගැමුණු නොව සෑය සාදා නිම වනවිට දුටුගැමුණු කුමන හෝ හේතුවකට රජ වී සිටියා පමණකි යනුවෙනි.

මුකරිකම සහ වාචාලකම යනු එකක්‌ නොව දෙකකි. මුකරිකමට හිස්‌ වචන කීවත් එහි උපහාසය තිබුණත් කිසිවිටෙක අපහාසයක්‌ අන්තර්ගතව නැති නිසා සිනාසෙමින් වුවද අසා සිටිය හැක. එහෙත් වාචාලකම එසේ නොවේ. වාචාල අයුරින් කතා කරන්නාගේ ඇතුළත ඇත්තේ පිළිකුල් සහගත කුහකකමකි. තවත් අයෙක්‌ හෙළාදැකීමේ දුෂ්ට ෙච්තනාවකි. වාචාල ප්‍රකාශ තුළ බොහෝ විට ඊර්ෂ්‍යාව, වෛරය, ගුණමකුකම ගැබ්ව තිබේ. වසර 39 ක්‌ සක්‍රීය යුද සේවයේ සිටි කෙනෙක්‌ ලෙස මා වගකීමෙන් යුතුව කියනුයේ මහින්ද රාජපක්‍ෂ ජනපති නොසිටින්න අද අප යුද්ධය පරාජය වී රට දෙකඩ වී හමාර බවය. යුද්ධයක්‌ යනු සන්නද්ධ අරගලයකි. එය ජාත්‍යන්තර හා ජාත්‍යන්තර නොවන වශයෙන් කොටස්‌ දෙකකට බෙදේ. අපේ රටේ තිබුණේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයකි. ඒ කොටි ත්‍රස්‌තවාදීන් වෙනම පළාතක්‌ පාලනය කළ, සාම්ප්‍රදායික යුද හමුදාවකින් සහ නාවික ගුවන් අංශවලින් සමන්විත, නිල ඇඳුම් අඳින, වෙනම පරිපාලන ව්‍යqහයක්‌ තිබූ සංවිධානයක්‌ වූ බැවිනි.

ඒ ආකාරයේ යුද්ධයක්‌ දිනන්නේ හෝ පරාජය වන්නේ දේශපාලන නායකයා මිස යුද, ගුවන්, නාවික හමුදාපතිවරු නොවේ. යුද්ධය යනු දේශපාලනයේම දිගුවක්‌ය යන්න ප්‍රසිද්ධ කියමනකි. යුද්ධයක්‌ නැතිව දේශපාලනයක්‌ තිබිය හැකි වුවත් දේශපාලනය නැතිව යුද්ධයක්‌ තිබිය නොහේ. දෙවැනි ලෝක මහා යුද්ධය ජයගත්තේ ජෙනරාල් හියුස්‌ හෝ අද්මිරාල් පප්ට්‌ වත් නොව වින්ස්‌ටන් චර්චිල් ය. පරාජය වුණේ හිට්‌ලර්ය. ඒ, යුද්ධයක ජයග්‍රහණයේ තීරණාත්මක, සංවේදී තීරණය ගන්නේ දේශපාලන නායකයා බැවිනි.

1987 වඩමාරච්චි මෙහෙයුමේ ප්‍රභාකරන් කොටුවී යුද්ධය ජයගන්න ඔන්න මෙන්න තිබියදී එදා සිටි දේශපාලන නායකයන් ඉන්දියාවේ බලපෑමට යටත්වී නිවටව යුද්ධය නවතාලූයේ නැතිනම් යුද්ධය අවසන් වන්නේ මීට වසර 33 කට කලිනි. එදා අපට යුද ජයග්‍රහණය වැළකී ගියේ එදා සිටි ජනාධිපතිගේ ඒ තීරණය නිසාය.

2009 මැයි 19 දින කොටි ත්‍රස්‌තවාදීන් පරදා යුද්ධය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති යටතේය. නමුත් ත්‍රස්‌තයන් 1987 දී මෙන් කොටු වී පරාජය වන්නට දින කිහිපයකට පෙර එදා බලපෑම් කළාක්‌ මෙන් මෙදාද ඉන්දියාවේ විදේශ සහ ආරක්‍ෂක ලේකම්වරයා මෙහි පැමිණ මහින්ද රාජපක්‍ෂ ජනපතිට කීවේ වහාම යුද්ධය නවතන ලෙසය. ජනපති තුමා ඔවුනට දුන් පිළිතුර වූයේ "ඔබට පුළුවන් මේ රට ආක්‍රමණය කරන්න. එදා 1987 දී වගේ අපේ ගුවන් තීරය උල්ලංඝනය කරන්න. නමුත් අපේ රට වසර 30 ක්‌ තිස්‌සේ පෙලූ මේ ත්‍රස්‌තවාදය නිම කර මිස මා මෙය නවතන්නේ නැහැ" යනුවෙනි. ඉන්පසු අප්‍රේල් 29 වැනි දින එංගලන්තයේ සහ ප්‍රංශයේ විදේශ ඇමැතිවරුන් වන ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ බර්නාඩ් කුෂ්නර් බලවත් ලෝකයම නියෝජනය කරමින් ලංකාවට පැමිණ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට යුද්ධය නවතන ලෙස කී විට මහින්ද රාජපක්‍ෂ කීවේĘ" මතක තියාගන්න අප ඔබගේ යටත්විජිතයක්‌ නොවේ. අප ඔබට යටත්ව සිටියේ මීට වසර 60 කට කලින්. මමයි රටේ ජනාධිපති. මගේ තීරණය වෙනස්‌ කරන්නේ නැහැ" යනුවෙනි. බලවත් ලෝකයේ බලපෑම් / තර්ජන හමුවේ අනුර කුමාර වැනි නායකයන්ට මුත්‍රා යන තත්ත්වයක්‌ මත මහින්ද රාජපක්‍ෂ එසේ හැසිරීම සමස්‌ත ජාතියටම අභිමානයක්‌ නොවේද? එවන් තත්ත්වයක්‌ හෑල්ලුවට ලක්‌ කරන අනුර කුමාර කෙබඳු පුද්ගලයෙක්‌a විය හැකිද?

එදා මහින්ද රාජපක්‍ෂ 1987 දී මෙන් බියවී යුද්ධය නැවැත්වූයේ නම් අද රටේ අනුර කුමාරට අවශ්‍ය දේ සිදුවී හමාරයි. අද යුද්ධය දිනුවේ මමයි යනුවෙන් පුරසාරම් දොඩන "යුද වීරයන්ට" එසේ කීමට හෝ හැකිවන්නේ මහින්ද රාජපක්‍ෂ ගත් ඒ අභීත තීරණය නිසාය. යුද්ධයක ජයග්‍රහණයන් හෝ පරාජයේ වගකීම දේශපාලන නායකත්වය මත පැවරෙන්නේ ඒ අයුරිනි.

කරුණු එසේ වුවත් අනුර කුමාර 20 සංශෝධනය ගෙන ඒමට මොහොතකට පෙර එම ප්‍රකාශය කළේ ද නිකම්ම නොවන බව අපේ හැඟීමයි. තමාගේ දේශපාලන අනාගතය පරදුවට තබමින් එවන් තීරණයක්‌ ගත් මහින්ද රාජපක්‍ෂව සහ ත්‍රස්‌තවාදී යුද්ධය හෑල්ලුවට පත් කරමින් එවන් ප්‍රකාශයක්‌ කළේ 20 වැනි සංශෝධනය ඌණ පූරණයක්‌ වශයෙන් බව අප තේරුම් ගත යුතුය.

වර්තමාන රජය බලයට ආවේම බෙදුම්වාදී න්‍යායපත්‍රය අතෙහි තබාගෙන බැව් අප දනිමු. ඒ සෘජුව නොව වක්‍රව රට පෙඩරල් කරන 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට තිබෙන ව්‍යවස්‌ථාමය බාධක ඉවත් කිරීමටය. අප හමුදාව යුද අපරාධ කළා යෑයි අඩංගු අතිශය සාවද්‍ය චෝදනා සහිත වාර්තාව අගය කරමින් පිළිගෙන ලෝකයේ වෙනත් කිසිම රටක්‌ නොකරන පරිදි තම රටට එරෙහිව 30/1 ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වූයේ එබැවිනි. එහි අඩංගු නිර්දේශවලින් ප්‍රධානම නිර්දේශය වනුයේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමය. රනිල් වික්‍රමසිංහ, ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් සමග එක්‌වී වසර 3 ක්‌ තිස්‌සේ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩල පිහිටුවමින්, "ජනතා අදහස්‌" ලබා ගනිමින් අනු කමිටු 6 ක්‌ පත් කරමින්, මෙහෙයුම් කමිටු වාර්තා සකස්‌ කරමින් කිරීමට බැරි වූ දේ ජනතාවගේ ඇසට වැලි ගසමින් රනිල්ගේ කොන්ත්‍රාත්තුවක්‌ ලෙස කිරීමට භාරගෙන තිබෙන්නේ අනුර කුමාරය. ඒ ඊනියා 20 වැනි සංශෝධනය මුවාවෙනි.

අනුර කුමාරගේ මෙම වෑයම රටේ අනෙකුත් දැවෙන ප්‍රශ්න අමතක කරලීමට දියත් කළ ව්‍යාපෘතියක්‌ ලෙසද සමහරු දකිති. අද රටේ ආර්ථික වේගය 3.1% දක්‌වා බරපතළ ලෙස පහත වැටී තිබේ. දරුණුම යුද සමයේ පවා රටේ මෙවන් ආර්ථික වේගයක්‌ තිබුණේ නැත. රැකියා දස ලක්‍ෂයක්‌ පොරොන්දු වුවද අද වනවිට 2014 ට වඩා තිබූ රැකියා ලක්‍ෂ 2 ක්‌ අඩුවී ඇත. කොටස්‌ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. කෝටි 21,500 කින් පහත වැටී තිබේ. ආයෝජකයන් රට හැරයති. රටේ වටිනා සම්පත් විදේශිකයන්ට කුණුq කොල්ලයට මිලදී ගැනීමට මංපෙත් විවර කර ඇත. රුපියල 20% කින් බාල්දු වී ඇති නිසා විදේශ ණය රු. බිලියන 890 කින් වැඩිවී තිබේ. රාජ්‍ය ණය බර කෝටි 1,040,000 ක්‌ වන අතර එය 2014 ට වඩා 40% කින් වැඩිවීමකි. ඉන් මැති ඇමැතිවරුන්ගේ සුඛ විහරණය මිස රටේ ජනතාවට කළ දෙයක්‌ නොමැත. 2014 ට වඩා ජනතාවගෙන් රු. බිලියන 620 ක බදු අය කරමින් සිටී. ගංවතුරෙන් ලක්‍ෂ ගණන් අහිංසක ජනයා පීඩාවට පත්ව තිබෙන විට ජනාධිපති ප්‍රකාශ කරන්නේ ගංවතුර නඟින විට ආර්ථික වේගය ද නඟින බවයි. මේ සම්බන්ධයෙන් විශ්ලේෂණයක්‌ කරමින් බැසිල් රාජපක්‍ෂ මහතා පවසන්නේ මෛත්‍රීපාල ජනාධිපතිට අනුව තවදුරටත් ගංවතුර ගැලුවොත් අපේ රට ළඟදීම චීනයේ ආර්ථික වේගයද ඉක්‌මවා යනු ඇති බවයි. ස්‌වාභාවික විපත්වලින් මෙන්ම ඩෙංගු/ වෛරස්‌ වලින් ද දසදහස්‌ ගණන් වැසියෝ මිය යමින් සිටී. ජනාධිපතිවරණයක සේයාවක්‌ පෙනෙන තෙක්‌ මානයේ ඇති විටෙක අනුර කුමාර මේ කරන්නේ ඉහත කී සියලු දේ ජනතාවගෙන් අමතක කරවීමය.

අනුර කුමාර සිතුවේ අගමැතිට පූර්ණ බලතල දෙමින් ගෙන එන 20 සංශෝධනයට මීළඟ අගමැති වීමට සිටින මහින්ද රාජපක්‍ෂගේ සම්පූර්ණ සහයෝගය ලැබේය කියාය. නමුත් මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ධ විපක්‍ෂය 20 ට පූර්ණ විරෝධය දැක්‌වීම තුළින් ගම්‍ය වනුයේ ඔවුන් පුද්ගලික වාසියට වඩා රට ගැන සිතන බවය. අප විසින් මීට ඉහතදීත් පුන පුනා ප්‍රකාශ කළේ 20 ගෙන එනවිට කාරක සභා අවස්‌ථාවේදී 19 ට කළාක්‌ මෙන් මන්ත්‍රීවරුන්/ ජනතාව රවටා 13 ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධක ඉවත් කරන සංශෝධන ගෙන එන බවය. අනුර කුමාර කියනුයේ කාරක සභා අවස්‌ථාවේදී එසේ වෙනත් සංශෝධන ගෙන ඒමට ඉඩ නොදෙන බවය. එසේ කිරීමට ඔහුට ඇති බලය කුමක්‌ද? කාරක සභා අවස්‌ථාවේදී සංශෝධන ගෙන ඒම මන්ත්‍රීවරුන්ගේ අයිතියකි. එම අයිතිය අහිමි කරන්නට අනුර කුමාරට තිබෙන අයිතිය කුමක්‌ද? ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට ව්‍යවස්‌ථාවෙන් දී ඇති කොන්දේසි වෙනස්‌ කිරීමට නොහැකි බව දැන දැනත් අනුර කුමාර මේ කරන්නේ අවසාන මොහොත දක්‌වා ජනතාව රැවටීමට උත්සාහ කිරීමකි. අනුර කුමාර, මහින්ද රාජපක්‍ෂ ජනපති සහ යුද්ධය ගැන කළ ඉහත ප්‍රකාශයේ සැඟවුණු අරුතක්‌ ඇත්දොaයි අපට සිතේ. මන්ද 13 හි බාධක ඉවත් කරන සංශෝධන කාරක සභා අවස්‌ථාවේ යෝජනා කොට අනුමත වූ පසු "එය මා විසින් කරන ලද්දක්‌ නොව එසේ වනවිට මා විපක්‍ෂයේ සංවිධායක වී සිටියා පමණකි" යනුවෙන් පැවසීමට මගක්‌ විවෘත කර ගැනීමට හැකි වන නිසාය.

ශිෂ්ට සම්පන්න සමාජයක්‌ සඳහා 20 අනුමත කරමු යන ජවිපෙ දැන්වීම් රට හැමතැනම අලවා තිබේ. අනුර කුමාරගේ 20 හි තිබෙන එක්‌ දෙයක්‌ වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ හෘද සාක්‍ෂියට එකඟව තීරණ ගැනීමට ඇති අයිතිය උදුරා ගැනීමයි. වර්තමාන ව්‍යවස්‌ථාවට අනුව මන්ත්‍රීවරුන් පක්‍ෂයේ තීරණයට එරෙහිවී පක්‍ෂයෙන් නෙරපා හැරිය විට ඔහුට අධිකරණයේ පිහිට පැතිය හැකි නමුත් අනුර කුමාරගේ සංශෝධනයේ එම අයිතිය අහෝසි කර ඇත. එසේ වුවහොත් මන්ත්‍රීවරයා යටත් වන්නේ ජනතාවට නොව පක්‍ෂයටයි. අනුර කුමාර ශිෂ්ටසම්පන්න සමාජයක්‌ බිහි කිරීමට යන්නේ ඒ ලෙසිනි.

තවද ජනාධිපති පත්කිරීමට යන්නේ පාර්ලිමේන්තුවේ 113 ක ඡන්දයෙනි. අද බැඳුම්කර වංචාවේ මහමොළකරුගෙන් මන්ත්‍රීවරු 118 ක්‌ අල්ලස්‌ ලබා ඇති බව ආණ්‌ඩුවේම මන්ත්‍රීවරයෙක්‌ පවසයි. ඒ අනුව බලන කල මුදල් විසි කළ හැකි ඕනෑම ජාතිකයකුට, ඕනෑම දූෂිතයකුට 113 ක්‌ ඡන්ද ලබා ජනාධිපති විය හැක. එවිට ඔහු රටේ සේනාවිධායකයාය. එසේම මින්මතු එසේ මුදල් අල්ලස්‌ දිය යුත්තේ මන්ත්‍රීවරයාට නොව පක්‍ෂ නායකයාටය. පක්‍ෂ නායකයා කියන විදියට ඡන්දය නොදුන්නොත් මන්ත්‍රීවරයා පක්‍ෂයෙන් නෙරපා හරියි. අනුර කුමාරගේ ශිෂ්ට සම්පන්න රට ඔහු විසින්ම මුදලට/ අල්ලසට පාවාදී ඇත්තේ එලෙසිනි.

මේ අතර වර්තමාන නිවට පාලකයන්ගේ ක්‍රියාකලාපය හමුවේ උතුරේ විග්නේශ්වරන් පිනුම් ගසමින් සිටින අන්දම ද අප විමසිල්ලෙන් යුතුව බලා සිsටිමු. පසුගිය මැයි මස 26 වැනි දින යාපනය පුස්‌තකාලයේ තරුණයන් අමතා ඔහු ප්‍රකාශ කළේ උතුරට ස්‌වයං පාලනයක්‌ අනිවාර්යයෙන් ලබාගත යුතු බවයි. ඒ සඳහා සන්නද්ධ යුද්ධය නිහඬ කළත් පසුබට නොවිය යුතු බවත් විශ්වාසය ගොඩනඟා ගත යුතු බවත්, ලෝක ප්‍රසිද්ධ බොක්‌සිං ක්‍රීඩක මොහොමඩ් අලි මෙන් ප්‍රතිවාදියා දුර්වල කොට පහරදිය යුතු බවත් දැන් ඔවුන් රටේ සිංහල පාලකයන් ඉතා දැඩි ලෙස දුර්වල කර ඇති නිසා තමන්ට අවශ්‍ය දේ ලබාගත යුතු බවත් ය.

අද දෙමළ ජනතාව අතරට ගොස්‌ වීරයෙක්‌ වීමට හදන විග්නේශ්වරන් ජීවිතයේ එකම වතාවක්‌ හෝ තමන්ගේ" දෙමළ ජනතාවට ලේ බිංදුවක්‌ පරිත්‍යාග කොට තිබේද? අපේ රණවිරුවෝ 4,95,000 ක්‌ බිම්බෝම්බ ඉවත් කරමින් දෙමළ පවුල්වලට ජීවත්වීමට බිම් නිදහස්‌ කරද්දී ඔවුන්ට එක තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට විග්නේශ්වරන් පැමිණියාද? 2,95,000 ක්‌ අවතැන් ජනතාව නැවත පදිංචි කරද්දී ඔහු එක යෝගට්‌ කෝප්පයක්‌ දෙමළ දරුවෙක්‌ට දීමට පැමිණියාද? 2002 සාම ගිවිසුම් කාලයේ කොටි ත්‍රස්‌තයන් යාපනයේ පාසල්වලට පැන විරෝධය දක්‌වන විදුහල්පතිවරුන් ප්‍රසිද්ධියේ මරා දමමින් ළමුන් බලෙන් පැහැර ගෙන යනවිට කොළඹට වී උගුඩුවකුසේ මොකුත් නොකර බලා සිටියේ අද දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටින්නට තැත් කරන විග්නේශ්වරන්ය.

මේ වාගේ "මුග්ධ වීරයන්" ට උඩ ගෙඩි දෙනුයේ ඒ ආකාරයෙන් ම ජනතාවගේ ගැලවුම්කාරයන් යෑයි කියාගන්නා අනුර කුමාර වැන්නන්ය. එවන් වූ දීනයන් කනෙන් ඇද එළියට දමා, ජාති භේදයකින් තොරව සියලුම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට පරිසරය සැකසිය හැක්‌කේ සෘජුව කටයුතු කරන රටේ සමස්‌ත ජනතාවගේම ඡන්දයෙන් පත්වන විධායක ජනපති කෙනෙක්‌ට පමණි. අනුර කුමාර විධායක ජනපති තනතුර ජනතාවගෙන් උදුරා ගැනීමට යන්නේ ඒ බව දන්නා නිසාය. ඔහුගේ විස්‌ස පුස්‌සක්‌ බවට ඉබේම පත්වන්නේ ඒ කුහක චින්තනය ජනතාව හොඳ හැටි තේරුම් ගෙන ඇති නිසාය.

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර



http://divaina.com/sunday/index.php/...06-08-14-01-49
Reply With Quote
(#2)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,550
Join Date: Nov 2009
06-10-2018, 11:18 AM

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි - රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග දිවයිනට ලියයි








නරේන්ද්‍ර මෝදි රජයට ශ්‍රී ලංකා - චීන ආර්ථික විප්ලවය මෙන්ම ශ්‍රී ලංකාවේ සීඝ්‍ර සංවර්ධනය ද හිසරදයක්‌ විය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර මෙය හොඳාකාරව තේරුම්ගෙන ඉන්දියානුවන් හරහා රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කළේය. මෙය තේරුම් නොගත් ශ්‍රී ලාංකිකයන් සිතුවේ ඔවුන් ජයග්‍රහණය කළ බවයි. ඇත්තටම එදා පැරදුනේ මහින්ද රාජපක්‌ෂ නොව, ශ්‍රී ලාංකික ජනතාවය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ උපදෙස්‌ ක්‍රියාත්මක කරමින් යහපාලන රජය තව වසර දෙකක්‌ රට පාලනය කළහොත් ලාංකික අපට අනාගතයක්‌ ඉතුරු නොවන්නේය. රාජ්‍ය සම්පත් විදේශිකයන්ට විකුණා දමමින් රට දෙකඩ කර නැවතත් යුද්ධයක්‌ ඇවිලීම කිසිවෙකුට නතර කළ නොහැකිය. එය බටහිර සැලැස්‌මට අනුව සිදුවන්නේය.

මෙය බටහිරයන්ගේ අලුත් සැලැස්‌මක්‌ නොවන්නේය. මේ හා සමාන සැලැස්‌මක්‌ ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර විසින් 2004 - 2005 වර්ෂවලදී යුකේ්‍රනියානු රාජ්‍ය තුළ ක්‍රියාත්මක කරන ලදී.

සමාජවාදී කඳවුරේ බලය ශුන්‍යය කර සෝවියට්‌ සමූහාණ්‌ඩුව කොටස්‌වලට කඩා දැමීම, ඇමරිකානුවන් සීතල යුද්ධය සමයේ ලැබූ වැදගත් ජයග්‍රහණයක්‌ ලෙස සඳහන් කර හැක. සෝවියට්‌ දේශයෙන් වෙන් වූ යුකේ්‍රනියානු රාජ්‍ය පාලනය කළ සාර්ථකම ජනාධිපති ලෙනින් කුච්මා (1994 - 2005) බව මගේ මතයය. එදා ලෙනින් කුච්මා රජය රුසියානුවන් සමඟ මිත්‍රවයෙන් කටයුතු කරන අතරතුර යුරෝපා හවුල සමඟ නව සම්බන්ධතාවයන් ගොඩනඟමින් යුකේ්‍රනියාව නව සංවර්ධන මාවතක්‌ කරා රැගෙන යන ලදී. එසේ නමුත් ඔහුගේ දෙවන ධුරකාලය අවසානයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේදී දූෂණ සිදුවූ බවට චෝදනා කරමින් එදා යුකේ්‍රනියානු ජනතාව වීදි බැස තම ඡන්ද අයිතිය උදෙසා දැවැන්ත උද්ඝෝෂණයකට මුල පිරුවේය.

දේශපාලන නායකත්වය මූලික වී ජනතා උද්ඝෝෂණය නොකඩවා මාස දෙකකට ආසන්න කාලයක්‌, දැඩි සීතල කාලයේ වුවත් මනාව සංවිධානය කරන ලදී. ලක්‌ෂ ගණනක්‌ යුක්‌රේනියානුවන් එඩිතරව මහඟු කැපවීමකින් කීව් නගරයේ සාමකාමී උද්ඝෝෂණයක නිරත විය. ඉන් නොනැවතුණු ජනතාව, යුකේ්‍රනියානු පාර්ලිමේන්තුව හා ජනාධිපති මන්දිරය ද වට කරන ලදී. ඔවුහූ පොලිස්‌ නියෝග ජල ප්‍රහාර කඳුළු ගෑස්‌ ප්‍රහාරවලට බියේ පලා නොගියෝය. පොලිසිය ද වක්‍රව උද්ඝෝෂකයන්ට සහය දක්‌වන ලදී. දේශපාලකයා ජනතාවට අවශ්‍ය පහසුකම් නිසි ලෙස සපයමින් සාමකාමී උද්ඝෝෂණයක්‌ සැළසුම් කරන ලදී. අවසානයේ ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරමින් රජය ව්‍යවස්‌ථාව සංශෝධනය කර නැවත ජනාධිපතිවරණයක්‌ පවත්වන ලදී. ඉන්පසු ජයග්‍රාහී උද්ඝෝෂකයන් යුකේ්‍රනියානු තැඹිලි විප්ලවය අවසන් කරමින් කීව් නගරයේ ක්‍රිශාතික්‌ චතුරශ්‍රයෙන් ඉවත් විය. (මෙය තැඹිලි විප්ලවය වශයෙන් හඳුන්වන්නේ යුශේන්කෝ ජනාධිපතිවරයාගේ පක්‌ෂයේ වර්ණය තැඹිලි වර්ණය හේතුවෙනි)

එදා යුකේ්‍රනියානුවන්ගේ විප්ලවය ඔවුගේ කැපකිරීම මත පමණක්‌ ජයග්‍රහණය නොවූයේය. එය රුසියානුවන්ට එරෙහිව බටහිර කඳවුර සිදු කළ සීsතල යුද්ධයේ සෙවනැල්ලක්‌ බව එදා යුකේ්‍රනියානු ජනතාව තේරුම් නොගෙන සිටියෝය. රුසියානුවන්ගේ ඈත්වීම, යුරෝපා හවුලට එක්‌වීම ජනතා අභිලාශයක්‌ බවට සරල මතයක්‌ ගොඩනැගීමට ඔවුන්ට හැකිවිය. යුරෝපා හවුලට එකතු වන යුකේ්‍රනියානුවන්ගේ නව ජීවන රටාව මගින් යුරෝපීය සියලු සැප සම්පත්, යුකේ්‍රනියානුවන්ට ද හිමිවන බවට ජනතා මතය ගොඩනගන්නට එදා බටහිර ඇමරිකානු කණ්‌ඩායම ඩොලර් බිලියනයකට වැඩි මුදලක්‌ සෘජුව යුශේන්කෝ ගේ දේශපාලන පක්‌ෂය හරහා පොම්ප කරන ලද්දේ, ඉන්දියානුවන් හරහා මහින්ද රාජපක්‌ෂ රජය පෙරලීමට හංස පූට්‌ටුවට ඩොලර් බිලියනයකට වැඩිගාණක්‌ වියදම් කළා හා සමාන ආකාරයෙනි.

අවසාන ප්‍රතිපලය වශයෙන් වික්‌ටර් යුශේන්කෝ ජනාධිපතිවරයා වශයෙන් 2005 ජනවාරි මාසයේ තේරී පත්විය. එම රජයේ පළමු අගමැතිනිය ලෙස යුල්යා තෙමශේන්කෝ පත්විය. යුශේන්කෝ- තෙමශේන්කෝ රජය යුකේ්‍රනියානු ජනතාවගේ දහසක්‌ බලාපොරොත්තු මැද බිහිවූ බව මා මෙහි මතක්‌ කළ යුතුය. එය මෛත්‍රී්‍ර - රනිල් එකතුව සැබෑ වෙනසක්‌ කිරීම සඳහා යහපාලනය බිහිවූවාට සමාන බව කිවයුතුය. 2015 වර්ෂයේදී ශ්‍රී ලාංකික ජනතාව මෛත්‍රී්‍ර යුගයක්‌ ගැන තැබූ විශ්වාසය හා සමානය.

එදා යුශේන්කෝ තෙමශේන්කෝ රජය රුසියාවට එරෙහිව නැගී සිටියාක්‌ මෙන්, කාලයක්‌ තුළ ගොඩ නගන ලද සෝවියට්‌ ආර්ථික ක්‍රමය බිඳදමමින් යුරෝපා හවුලේ කූට සැලසුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තෝය. එය යුශේන්කෝ තෙමශේන්කෝ රජය බටහිරට දුන් ප්‍රධාන පොරොන්දුවක්‌ විය. එය මෛත්‍රී්‍ර රනිල් හවුල බටහිරට දුන් පොරොන්දු හා සමානය. එදා යුකේ්‍රනයේ සියලු අපනයනයන් භාණ්‌ඩ නිෂ්පාදනය, වසර 70කට වැඩි කාලයක්‌ සිට සිදුකෙරෙන පැරණි සෝවියට්‌ රටවල අවශ්‍යතාවයන් මත බව කිසිවෙකුට රහසක්‌ නොවිය. එවැනි ආර්ථිකයක්‌ සංස්‌කෘතියක්‌ වහාම කඩා බිඳ දමා එම භාණ්‌ඩ යුරෝපා හවුලේ රටවල්වලට විකිණීමට නොහැකි බව නායකයන් දැනගෙන සිටි බව මාගේ මතයය.

යුකේ්‍රනියානු නායකයන්ගේ අභිලාශය වූයේ රුසියානුවන්ට එරෙහිව අවි අමෝරා එසවීම මිස රටේ දියුණුව ගැන සිතා තීරණ ගැනීමක්‌ ඔවුන්ට අවශ්‍ය නොවීය. එය වත්මන් යහපාලන රජය සියලු සම්පත් විදේශිකයන්ට විකුණන ප්‍රතිපත්තිය හා සමානය. අද යහපාලන නායකයන්ට හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් පසු ජනතාව ඉදිරියේ උදම් අනන්නේ, වසර දෙසීයකට පසු එම වරාය ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ හිමිවන බවටය. එයින් සතුටුවන ශ්‍රී ලාංකිකයෝ බහුලව සිටීම ගැන පුදුම විය නොහැකිය. එය එසේ නොවුණා නම් වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් අඩක්‌ පමණ උසස්‌ පෙළ අසමත් වීම පුදුමයට කරුණක්‌ විය යුතුය. ඒ කරුණු දෙකෙන්ම මා දකින්නේ ශ්‍රී ලාංකිකයා රැවටීම ඉතා සරල බවය.

එදා තෙමශේන්කෝ රජය විසින් මීට පෙර ලෙනින් කුච්මා සිදුකර ගෙන පැමිණි සංවර්ධන වැඩසටහන් නතර කිරීම පමණක්‌ නොව පැරණි සෝවියට්‌ මිත්‍ර රටවල් සමඟ ද මතගැටුම් ඇතිකිරීම තුළින් යුකේ්‍රනියානු ආර්ථිකය ශ්‍රීඝ්‍රයෙන් කඩාවැටීමට ලක්‌ කළේය. සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වන්නේය. කෙමෙන් කෙමෙන් බටහිර ණය උගුලට හසුවීම මගහැරීමට නොහැකි වූ බවය. වැඩිකාලයක්‌ යන්නට පෙර යුශේන්කෝ තෙමශේන්කෝ රජය දෙදරන්නට පටන් ගත්තේය. ඇමති මණ්‌ඩලය තුළ දූෂණය වැඩිවන අතරතුර ඔවුනොවුන් අතර මතගැටුම් ද උග්‍රවන්නට පටන්ගත්තේය.

ඒ අතර යූශේන්කො ජනාධිපතිවරයාගේ පුත් තරාෂ් යුශේන්කෝ මිල අධික වාහන කීව් නගරය දෙවනත් කරමින් ජනාධිපති තාත්තාගේ බලය පෙන්වීමටද පටන් ගත්තේය. යුකේ්‍රනියානු විප්ලවයෙන් වැඩි බරක්‌ කරට ගත් කීව් නගරවාසීන්ගේ විවේචනය, තෙමශේන්කෝ අගමැතිනියගේ රජයට එල්ලවීම වැඩිවන්නට පටන් ගත්තේය. දිනෙන් දින පිරිහීමට පත්වන ආණ්‌ඩු පක්‌ෂයේ මැතිඇමතිවරුන් පාලනය කිරීමට රටේ ජනාධිපතිවරයාට නොහැකි විය. වසර තුන හමාරක්‌ ගත වීමත් සමගම යුකේ්‍රනියානු අගමැතිනිය ලෙස කටයුතු කළ යූල්යා තෙමශේන්කෝ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ප්‍රකාශ කරන ලදී. එය විපක්‌ෂ නායක වික්‌ටර් යන්කොවිච් හට සුභ ආරංචියක්‌ විය. රුසියානුවන්ද ලද අවස්‌ථාව අතහැරීමට අමතක නොකළෝය. තෙමශේන්කෝ වටා ගෙතුණු ගෑස්‌ මංකොල්ලය යළි ඉස්‌මතු කිරීමට විරුද්ධවාදීන් කටයුතු කරන ලදී. එය අප රට තුළ සිදුවූ බැඳුම්කර චෝදනාව හා සමානය. දෙරටේම විපක්‌ෂ නායකයන් මෙන්ම දෙරටේම අගමැතිනියට හා අගමැතිට එරෙහිව දෙරටේ ජනාධිපතිවරුන්ගේ පූර්ණ සහය දෙරටේ අගමැතිනියට හා අගමැතිට එරෙහිව විවේචන අවස්‌ථා ලැබීම එක හා සමානය.

අවසානයේ රටේ ජනාධිපතිට වඩා අගමැතිනියගේ ජනතා බලය වැඩිවීමට පටන් ගත්තේය. අවසානයේ ජනාධිපති යූශේන්කො තනිවිය. පැරණි කොමියුනිස්‌ට්‌ පාක්‌ෂිකයන් මෙන්ම සියලු ජනතාව විපක්‌ෂ නායකයා වටා එකතුවීම නතර කර නොහැකි විය. පක්‌ෂ භේද වශයෙන් රට දෙකඩ විය. පළමු ජනාධිපතිවරණයෙන් පරාජය වූ වික්‌ටර් යන්කොවිච් විපක්‌ෂ නායකයා වසර තුනක්‌ ඇතුළත මනා සංවිධාන ශක්‌තියක්‌ ලබා ගත්තේ රුසියානුවන්ගේ ද ආශිර්වාදය මැද්දේය.

රටේ ආර්ථිකය ශීඝ්‍ර වශයෙන් කඩා හැලෙමින් රට විශාල ණය උගුලකට හසුවිය. එදා යුක්‌රේනයේ ආර්ථිකය විනාශවීමට ප්‍රධාන හේතුසාධකය වූdයේ යූශෙන්කො රජයේ අසාර්ථක පාලනය බව රහසක්‌ නොවීය. එය මෛත්‍රී රනිල් අසාර්ථක පාලනය රට විශාල ණය උගුලකට හසුකර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කරනවා හා සමානය. 2005 ජනවාරි මාසයේදී 50% ආසන්න ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගෙන ජනාධිපති වූ වික්‌ටර් යූශෙන්කො 2010 වර්ෂයේදී 5.75% ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගෙන හතරවෙනි ස්‌ථානය දක්‌වා පහළට වැටීම මෙතැනදී අනිවාර්යෙන්ම පෙන්වා දිය යුතුය.

මෙය සමාන කළ හැක්‌කේ, පළාත් පාලන ඡන්දයෙන්, රටෙහි ජනාධිපති නායකත්වයෙන් මෙහෙයවූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ සන්ධානය 15% ආසන්න වූ ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගෙන මෛත්‍රී රටේ තෙවැනි තැනට පත්වීමටය. එම ස්‌ථානය 2020 දී සිව්වන තැනට පත්වීමට අවකාශ ඇති බව මගේ මතයයි. එය එසේ සිදුවීමෙන් පෙනී යන්නේ 2005 ජනවාරි මස බටහිර කඳවුරු යුකේ්‍රනියාවට කළ සැලැස්‌මේ පිටපත 2015 ජනවාරි මස ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්‌ෂට එරෙහි ක්‍රියාත්මක කළ බව නැවත නැවතත් සනාථවෙන බව මාගේ හැඟීමයි.

මේ දෙරටේම නායකයන් ක්‍රියාත්මක කළේ එකම මූලධර්මය බව පෙන්වා දිය යුතුය. එනම් රටේ ආර්ථිකය අඩපණ කර රටේ සංවර්ධනය විනාශ කර රට දෙකඩ කිරීමේ යුදමය මාර්ගය විවර කිරීමය. යූශෙන්කො ජනාධිපතිවරයා තම ධූර කාලයේ හතරවැනි වසර එළැඹෙන විට දෙවැනිවරට ජනාධිපතිවීමේ අදහස සම්පූර්ණයෙන් ඉවත් කර ගන්නා ලදී. එසේ නමුත් තම ධුර කාලයේදී සිදු කරන ලද දේශපාලන පළි ගැනීම් සහ රාජ්‍ය සම්පත් විකුණා දැමීමේදී සිදු කරනු ලැබූ දූෂණ කටයුතු පිළිබඳ ව ඊළඟ රජයට තමන් හට උත්තර බැඳීමට සිදුවන බව ජනාධිපති යූශෙන්කො තේරුම් ගත්තේය. එය ජනාධිපති මෛත්‍රී සිරිසේන ජනාධිපතිතුමන් හට නොවැටහෙන්නේ ඇයි දැයි අපට ප්‍රශ්නයකි. එදා යුකේ්‍රනයේ ජනාධිපතිවරයා, බටහිර සැලැස්‌මට පිටින් තමන්ගේ ආරක්‌ෂාව සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තනේ. රුසියානු හිතවාදී වික්‌ටර් යන්කොවිච් සමග රහස්‌ සාකච්ඡා ආරම්භ විය. බටහිර හිතවාදී තම අමාත්‍යවරුන්ගේ උපදෙස්‌ පවා පිළිපැදීම අත්හරින ලදී. යන්කොවිච් සමඟ මිත්‍රත්වය තර කර ගන්නා ලදී. දෙදෙනාම යම් යම් කරුණු පිළිබඳ එකඟතාවලට පැමිණියෝය. ප්‍රධාන වශයෙන් යන්කොවිච් බලයට පැමිර් විට යූශෙන්කො හිටපු ජනාධිපතිවරයා හට දේශපාලනමය වශයෙන් පළිsගැනීම් සිදුනොකරන බවට අෙන්‍යාන්‍ය එකඟතාවක්‌ ඇතිකර ගත් අතර, යූශෙන්කො තම ධුර කාලයේ අවසන් කොටසේදී ඊළඟ ජනාධිපතිවරණයට යන්කොවිච්ට බලය ලබා දීමට අවශ්‍ය දේශපාලන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා ගන්නා ලදී.

යන්කොවිච්ගේ දේශපාලන නියෝජිතයන් රජයේ උසස්‌ තනතුරුවලට මෙන්ම දේශපාලනමය වශයෙන් වැදගත් සන්ධිස්‌ථානවලට පත්කිරීම වහාම ආරම්භ විය. ඒ අනුව රටේ ජනාධිපති තම ප්‍රතිවිරුද්ධ අපේක්‌ෂකයා ට සහය දක්‌වන බව ප්‍රසිද්ධ රහසක්‌ විය. ඊට හොඳ උදාහරණයක්‌ ලෙස මා දන්නා පුද්ගලික කරුණක්‌ මෙහි දී පෙන්වා දීමට අදහස්‌ කරමි. යුකේ්‍රනියාවේ අභ්‍යන්තර දේශපාලනයට බටහිර කඳවුර මෙන්ම රුසියාවේ ක්‍රිsයාවන් ද ඉතා තදින් බලපාන්නේ, අපේ රටේ දේශපාලනයට ඉන්දියාවෙන් වන්නා වූ බලපෑම් හා සමානවය. එවන් වාතාවරණයකදී යුකේ්‍රනියානුවන්ට, රුසියාවේ යුකේ්‍රනියානු තානාපතිවරයා ඉතා වැදගත් තනතුරකි. එම කාලයේදී මා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කරන ලදී.

එදා රුසියාවේ මොස්‌කව් නගරයේ සේවය කරන ලද යුකේ්‍රනියානු තානාපති ඔලේග් දියෝමින් මගේ ඉතාමත් හොඳ මිත්‍රයෙකි. එක්‌ දිනක්‌ ඔහුව හදිසියේම යුකේ්‍රනියාවට නැවත කැඳවා ඇති බව ආරංචි විය. ඔහු ජනාධිපති යූශෙන්කො ගේ ඉතා විශ්වාස පුද්ගලයකු බව දන්නා මා හට මෙය මහත් ප්‍රහේළිකාවක්‌ විය. එබැවින් අකැමැත්තෙන් හෝ ඔහුගෙන් මේ පිළිබඳව විමසීමට මා තීරණය කරන ලදී. ඔහු මා යුකේ්‍රනියානු මිත්‍රයෙකු බව කියා ඇති බව මට හොඳට මතකය. එදිනද එසේම පවසමින් එදා යුකේ්‍රනියානු අභ්‍යන්තර දේශපාලන වාතාවරණය මට පැහැදිලි කරන අතර තුර ඔහු මගෙන් ඉල්ලා සිටියේ, ඊළඟට පැමිණෙන යුකේ්‍රනියානු තානාපතිවරයා සමඟ ද හොඳ මිත්‍රත්වයක්‌ ගොඩනඟා ගන්නා ලෙසය. එය ශ්‍රී ලංකා යුකේ්‍රනියානු රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වන බව ද පවසන ලදී .

රුසියාවේ නව යුකේ්‍රනියානු තානාපතිවරයා වශයෙන් කස්‌ත්යතින් ග්‍රරෙශ්චෙන්කෝ පැමිණියේaය. ඔහු එදා යන්කොවිච් හිතවාදියෙක්‌ බව පෙන්වා දිය යුතුය. එදා වික්‌ටර් යන්කොවිච්ගේ ජයග්‍රහණය සඳහා රුසියාවේ සහයෝගය නිසිඅයුරින් ලබා ගැනීමට මොස්‌කව්හි යුකේ්‍රනියානු තානාපතිවරයා ඉතා වැදගත් බවත්, එය ඔහු නිසි අයුරින් ඉටු කළ බවත් මගේ මතයයි. ඔහු යන්කොවිච් රජයේ පළමු විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් එය මනාව සනාථ වන්නේය. අප දෙදෙනා රුසියාවේ ශ්‍රී ලංකා සහ යුකේ්‍රනියානු තානාපතිවරුන් ලෙස කටයුතු කරමින් ගොඩනඟා ගන්නා ලද මිත්‍රත්වයේ ප්‍රතිපලයක්‌ ලෙස ජනාධිපති වික්‌ටර් යන්කොවිච් ගේ පළමු වතාවට රාජ්‍ය සංචාරයක්‌ සඳහා ආරාධනා ලැබුවේ ශ්‍රී ලංකාවය. එසේ නමුත් රුසියානු ජනාධිපති දිමිත්‍රි්‍ර මිද්‍රදෝව් විසින් යුකේ්‍රනියාවේ කළ සංචාරය නිසා, අපගේ ජනාධිපතිවරයා යුකේ්‍රනියානු ජනාධිපතිවරයාගේ දෙවැනි ආරාධිත ජනාධිපතිවරයා විය.

කෙසේ නමුත් එදා ජනාධිපති වික්‌ටර් යුශෙන්කෝ තම පරාජය කලින්ම පිළිගෙන 2005 වර්ෂයේ තම ප්‍රතිවිරුද්ධ අපේක්‌ෂකයා වූ වික්‌ටර් යන්කොවිච් හට සෘජුව සහයෝගය දක්‌වන අතර, 2005 වර්ෂයේ තම ආණ්‌ඩුවේ පළමු අගමැතිනිය වූ යුල්යා තෙමශේන්කෝ පරාජය කිරීමට තම උපරිම ශ්‍රමය යෙදවූ බවද පෙන්වා දිය යුතුය. අවසානයේදී 2010 ජනාධිපතිවරණයෙන් එවකට ජනාධිපති වූ වික්‌ටර් යූශෙන්කො හතරවන ස්‌ථානයට පත්වූ අතර ඔහුට ලබා ගත හැකිවුයේ 5.7% ක ඡන්ද ප්‍රතිශතයකි. එදා යූශෙන්කො දෙවැනිවර ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුව වික්‌ටර් යන්කොවිච් 49% ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගෙන යුකේ්‍රනයේ හතරවන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඒ අතර හිටපු අගමැතිනිය යුල්යා තෙමශේන්කෝ 45% ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගැනීමට සමත් වූ නමුත් ඇයගේ නරක කාලය එතැනින් ආරම්භ විය. එදා රටේ ජනාධිපති පරාජයට පත්වූ නමුත් නව ජනාධිපති වික්‌ටර් යන්කොවිච් හිටපු ජනාධිපතිට එරෙහිව කිසිදු දේශපාලන පලිගැනීමක්‌ සිදුනොකරන ලද්දේ මැතිවරණයට පෙර දෙදෙනා අතර ඇතිකර ගත් අවබෝධය මත බවට විය යුතුය.

එසේ නමුත් තම ප්‍රතිවිරුද්ධ අපේක්‌ෂකයා වූ හා එකල අගමැතිනිය සිරගෙදරට යෑවීමට එදා පත්වූ නව රජය අමතක නොකළේය. සිරගෙදරදී දරුණු ලෙස අසනීප වූ නමුත් වික්‌ටර් යන්කොවිච් ජනාධිපති කාලයේදී ඇයට නිදහස ලබා නොදීමට වගබලා ගන්නා ලදී. එදා යුකේ්‍රනයේ සිදුවූ මෙම පරිවර්තනය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කෙසේ සිදුවිය හැකි දැයි අප රටේ ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිනවා ඇත. එසේම ජනාධිපති මෛත්‍රීට යුකේ්‍රනියාවේ සිදුවූ අසාර්ථක බටහිර සැලැස්‌ම ගැන මීට වඩා ගැඹුරුව විශ්ලේෂණය කිරීම තම ආරක්‌ෂාව සහ සෞඛ්‍යයට හොඳ බව ඔහුගේ සගයන් ඔහුට පෙන්වා දිය යුතුය.

උදයංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති


http://divaina.com/sunday/index.php/...06-08-14-01-38
Reply With Quote
(#3)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to all
 
Posts: 6,843
Join Date: Jan 2018
06-10-2018, 11:19 AM

කෝ මේ ලපයගේ ලපේ
Reply With Quote
(#4)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to all
 
Posts: 6,843
Join Date: Jan 2018
06-10-2018, 11:20 AM

ඔය &*%&% පුතා ගැන කතා කරන්නවත් එපා... අපරාදේ ත්‍රෙඩ් එක....
Reply With Quote
(#5)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,550
Join Date: Nov 2009
06-10-2018, 11:36 AM

Quote:
Originally Posted by hichchiputha View Post
ඔය &*%&% පුතා ගැන කතා කරන්නවත් එපා... අපරාදේ ත්‍රෙඩ් එක....

මං දන්නේ නෑ බං ලක්ෂ 2ක් වත් චන්ද නැති ඔය පරයාගේ කතා, හැම news media එකකම උදේ හවස පෙන්නන්නේ ඇයි කියල.....
ඔය පාහරයන්ව උඩ තියෙන උන්ට ගහන්න ඕනේ...
Reply With Quote
(#6)
Old
HemJ's Avatar
HemJ HemJ is offline
Senior Member
HemJ is a jewel in the roughHemJ is a jewel in the roughHemJ is a jewel in the roughHemJ is a jewel in the roughHemJ is a jewel in the roughHemJ is a jewel in the rough
 
Posts: 1,132
Join Date: Nov 2017
Location: migomu
Send a message via Skype™ to HemJ
06-10-2018, 11:41 AM

Bump machan
Reply With Quote
(#7)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,550
Join Date: Nov 2009
06-10-2018, 12:06 PM

Quote:
Originally Posted by HemJ View Post
Bump machan
Reply With Quote
(#8)
Old
Dr.Amdan's Avatar
Dr.Amdan Dr.Amdan is offline
Senior Member
Dr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to allDr.Amdan is a name known to all
 
Posts: 8,138
Join Date: Sep 2015
06-10-2018, 12:09 PM

තනිකර කුහකකම ඕකුන්ගේ
Reply With Quote
(#9)
Old
N sriyantha's Avatar
N sriyantha N sriyantha is offline
Senior Member
N sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of light
 
Posts: 6,966
Join Date: Feb 2007
06-10-2018, 12:13 PM

up
Reply With Quote
(#10)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud of
 
Posts: 13,938
Join Date: May 2010
Location: SL
06-10-2018, 12:14 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
බයි හොර රැල, මහින්ද හොර යෝදයා, මිනීමරු ජෙප්පෝ, මිනීමරු jvp, රතු අලි පකයා, ලපයා පකයා, වැද්දොන්ගේ බන, 2020 ගෝටා හිරේ, udayanga hora ge bana

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02687 seconds with 9 queries