ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Hard Talk with Kumara456
Reply
 
Thread Tools
(#1)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,877
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
! Hard Talk with Kumara456 - 03-30-2017, 07:57 AM





Kumara456


ආවා... ආවා... කුමාර සමග සංවාදයක් ආවා... ඔහු කියන විදියට කිරියේ ජ්‍යෙෂ්ඨ කුමරු ඔහු.... මේ තවත් සංවාදයක ආරම්භයක්.... අපි ඔහු දෙසට හැරෙමු....


01. කුමාර දැන් ගොඩ ගිහිල්ල ද? මම එහෙම ඇහුවේ ඔබ කාලයක් කට්ටක් කාගෙන ණය වෙලා අසරණ වෙලා හිටපු නිසා...

ගොඩ ගිහිල්ල කියල දෙයක් නෑ.. සාමාන්‍ය මට්ටමෙන් කාලා බීලා ඇදල ඉන්නව.කාලයක් කට්ට කෑවා. දැනටත් කට්ට කනවා. කට්ට නොකා කන්න අමාරුයි. හැබැයි මම ණයවෙලා අසරණ වෙලානන් නැහැ. ඒ කතාව බොරුවක්. අදටත් මම කාටත් අත නොපා ජීවත් වෙන්න කැමති... ඒ හින්දා මම හෙන ලොකු සීන් එකෙන් කියල සමහරු කියල ඩයල් එකක්.. මම කන්නේ මම මහන්සියෙන් හම්බුකරන දේවල්වලින්.. මට නොකා ඉන්න පුලුවන්..ඒත් කාගෙන්වත් ණය වෙලා ඉල්ලල කාලා බීලාපුරුදු නැහැ... මම ජීවත් වෙන්නේ මගේ මට්ටමට.. ඉතින් මට ප්ලේන්ටියක් බීලා, රොටියක් පුච්චගෙන කන එක අරුමයක් නෙමෙයි. හැබැයි ණය වෙන්න පට්ටම අකමැති එකෙක් මම.. සමහර වෙලාවට ණය දීලනන් තියෙනවා. හැබැයි ආයිත් ඉල්ලන්න බලාගෙන නෙමෙයි.. කට්ට කෑමනන් එදත් කනවා අදත් කනවා. මට ඒක පුරුදුයි... පුලුවන් දවසටතරු පහේ හෝටල් වලින් කනවා. බැරි දවසට ගමේහ් පෙට්ටි කඩෙන් කනවා..


02. දැන් ජොබ් කීයකට විතර මාරුවෙලා තියෙනවද? හොඳ ජොබ් එකක් තෝරගන්න බැරිවෙලා තියෙන්නේ ඔබගේ අදක්ෂකම නිසා නේද?

මේ මගේ 13 වෙනි ජොබ් එක.. මම ජොබ් කරන්න පටන් ගන්නෙ 2002 දි. මුලදි මම එකවුන්ට්ස් කරේ. පස්සේ මට හීනෙන් පවා ඉලක්කන් පේන්න පටන් ගත්ත.. ඒ වගකීම මට වැඩි වුනා. පස්සෙ මම කැමති ක්ෂේත්‍රයට මම ආවා. හැබැයි දැන් කරන මේ ජොබ් එකමම දැනට අවුරුදු 10 ක් තිස්සේ කරනවා. මේක තමයි මගේ ෆීල්ඩ් එක. මට හරි ජොබ් එක මම තෝරගෙන තියෙන්නෙ. මේකෙ මට නිදහස තියෙනවා. මට අවශ්‍ය දේවල් කරන්නෙ.යන්නෙ එන්නෙ මට ඕනි වෙලාවට.. මට කන්න අදින්න පුලුවන් මට්ටමට මම පඩියක්ගන්නවා. ඒ අතර තුර ඔෆිස් එකේදිම ඔන්ලයින් වැඩ කරනවා ෆ්‍රී වෙලාවට....නැත්නන් ෆොටෝග්‍රැෆි කරනවා ෆ්‍රීලාන්ස් විදිහට.. මම මේ ෆීල්ඩ් එකට අදක්ෂනන් නිකම්ම ගැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට ජොයින් වෙච්ච මට ක්‍රියේටිව් ඩිරෙක්ටර් පෝස්ට් එකක් ලැබෙන්නේ නැහැ. අනික මගේ ඔඩෙස්ක් එකට හරි ෆයිවර් ප්‍රොෆයිල් එකට හරි ලොග් වෙලා ඒකෙ තියෙන රිවිව් ටික දැක්කනන් ඔය අදක්ෂ කතාව කියන්නෙ නැහැ..


03. ‘මම එළකිරියේ හොඳ එකෙක් වෙමිකියල අණබෙර ගහලා ආයෙත් තැනක අහනවා 18+වලට වෙනම Forum එකක් දෙන්න බැරිද කියල.... ඔබත් පුදුම ආතල් දීල තියෙන්නේනේද?

මම කැමති දෙයක් තමයි හොද කෙනෙක් වෙන්න. පොඩි කාලෙ ඉදන්ම එහෙම නිසා ගොඩක්තැන් වල කෙළ වෙච්ච අවස්ථා එමටයි. ඒත් මම හොද එකෙක් වෙමි කියල එකේ තාමඉන්නවා. 18 + වලට වෙනම කැටගරි එකක් ඉල්ලුවෙ මම ඒ 18 + දේවල් හැම තැනම ෂෙයාවෙන නිසා. මේකේ පොඩි ළමයි, කෙල්ලො කොල්ලො හැම එකාම එන නිසා පොදු තැන් වල 18+ දානවට වඩා වෙනම කැටගරි එකක 18+ දාන එක හොදයි කියල හිතුන නිසා ඒ ඉල්ලීමකරා.. එතකොට අදාල ඕනි එකා විතරයි ඒ ත්‍රෙඩ් වලට යන්නෙ. වැඩේ කියන්නෙ දැනටත් 18+ තියෙනවා. හැබැයි පොදු තැන්වල.. ඉතින් මට ඒ ඉල්ලීම හරි ගියේ නැති එක ගැනනන් දුකයි. දුක මට 18+ බලන්න නැති නිසා නෙමෙයි. 18+ බලන්න ඕනිනන් එලකිරි එන්න ඕනි නැහැනෙ. ලෝකෙ 90% වඩා තියෙන්නෙ පෝර්න් සයිට් නිසා අවශ්‍ය එකාට අවශ්‍ය වෙලාවට බලන්න පුලුවන්.. ඉතින් එහෙව් එකේ එලකිරියට ලොග් වෙලා 18+ ඕනිනිසා මම එහෙම ඉල්ලීමක් කරා කියන එකනන් තේරුමක් නැති ප්‍රශ්නයක්..


04. ඔබත් එළකිරියේ තවත් ගණින්නාන්සේ කෙනෙක්... ඒ කිව්වේ රෙප් පවර් එක, පෝස්ට් ප‍්‍රමාණය ගැන ගැන ස්වයං වින්දනයක් ලබන්නෙක්... ඇයි ඕවට ඔච්චරපෙරේත...?

මම රෙජිස්ටර් වුනේ 2008 දි වුනාට වැඩිය එලකිරි ආවෙ නැහැ.. 2011 වගේ තමයිපෝස්ට් දාන්න පටන් ගත්තෙ. ඉතින් ඒ වෙද්දි සීනියර් මෙම්බර් කෙනෙක් වෙලත් හිටියෙ නැහැ. ගොඩක් උන් ඇහුවෙ උඹ මෙච්චර කල් එලකිරි එකේ පොල් ගෑවද ? කියල.. මට එහෙම සීනියර්, ජූනියර්, පෝස්ට් ගැන අදහසක් තිබ්බෙ නැහැ.. ඉතින්සීනියර් කෙනෙක් වුනා කිව්වම සන්තෝසයක් ආවා.. රෙප් වලට පෙරේතවීම සහ පෝස්ට් වලට පෙරේත වීම. මමත් ඒ අවස්ථාවට අහුවුනා.. හැබැයි ඉල්ලල රෙප් අරගෙන නැහැ කොහෙදිවත්.. හැබැයි අනිත් අයගෙ හොද වැඩවලටනන් රෙප්දෙනවා..ගොඩක් වෙලාවට රෙප් කපන්නෙම නැති තරම්... කැපුවත් හේතුව සහ නම දාලා කපන්නෙ.. ඒ ඉස්සර අවස්ථාව.. දැන්නන් අද වෙද්දි මගේ පෝස්ට් ගාන කීයද? මගේ රෙප් කීයද කියලවත් මම දන්නෙ නැහැ..

හැබැයි කවුරු හරි වැදගත් දෙයක් දැම්මම කුණුහරප කියල රෙප් කැපුවමනන් පට්ට දුකයි. පෝස්ට් ප්‍රමාණය ගැන ස්වයං වින්දනයක් ලබන්නෙත් නැහැ. මම පෝස්ට් එකක් දැම්මත් දාන පෝස්ට් වලින් 85% විතරම අදාල දේවල් විතරයි. ඉදල හිටල ෆන් එකට බම්ප් කරන අවස්ථා 15% විතර තියෙනවා අදාල නැති දේවල්..


05. ඇතමුන් කියනවා ඔබ එළකිරියේ අප‍්‍රසිද්ධ මොඩලයේ අංක 1 අසහනකාරයෙක් කියල.... කතාව ඇත්තද?

ඇතමුන් කියන දේවල් වලට, ඇතමුන් හිතන දේවල් වලට මම රිප්ලයි කරන්න යන්නෙ නැහැ අදාල නැති නිසා..මගේ ගමන මම හරි විදිහට (කාටවත් වදයක් වෙන්නෙ නැති විදිහට) යන කෙනෙක්. ඒත්මේ ප්‍රශ්නෙ අහපු නිසා කියන්නන්.. මමත් පිරිමියෙක්.. හැගීම් දැනීම් තියෙනවා.. ඒ එක්කම මම කළාවට ලැදි එකෙක්.... ගොඩක් වෙලාවට සමාජයේ පිළිගන්න කාරණාවක් කලාකාරයො හරි වල් කියල.. ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා. ගොඩක් උන් ගෑනු කෙනෙක්ව නිරුවතින් දැක්කොත් බලන විදිහයි කලාකාරයෙක් ඒ නිරුවත බලන විදිහයි බොහෝම වෙනස්.. ඒක බලන කෝණය වෙනස්.. රස විදින හැටි වෙනස්... ඉතින් මමත් එහෙමයි ගොඩක් වෙලාවට.. මම සිල් අරන් වගේ ගෑනු දිහා නොබලා ඉන්නව කියල කියන්නෙ නැහැ. මම ඒ ස්ත්‍රී ලාලිත්‍යයේ සුන්දරත්වය විදිනවා.. අත්ට්‍රැක්ටර් පදින්න යන්නෙ නැහැ.. ඉතින් මට එහෙම අසහනයක් නැහැ... අසහනයක් හිටින්න මට එහෙම ඇරියස් නැහැ.. අවශ්‍ය දේවල් අවශ්‍ය පරිදි ලැබෙනවා ගෙදරින්..



06. ඔබ විටින් විට එළකිරියට අමුතු අමුතු යෝජනා ගෙනල්ල තියෙනවා.... හැබැයි ඒඑකකටවත් එතරම් යහපත් ප‍්‍රතිචාර ලැබිල නෑ.... කට්ටිය හිතනවද දන්නේ නෑකුමාරගේ නට් ලූස් කියලා....?

අමුතු කියන්නෙ මම ගොඩක් වෙලාවට කරල ඇත්තේ එලකිරියෙ සුබසිද්ධිය වෙනුවෙන් යෝජනා... 2008 දි අපි එලකිරියට ආපු දවස් වල තිබ්බ එලකිරියයි දැන් එලකිරියය් ගොඩක් වෙනස් වෙලා. ඉතින් මම ඇඩ්මින්ට පවා සමහර යෝජනා කරා. මට කරන්න පුලුවන් දේ එච්චරයිනෙ. ඒවා ක්‍රියාත්මක කරන ඒවා බලධාරීන්ට අයිති වැඩක්.. නට් ලූස් දමොනා ලූස් ද කියන එක මට අදාල නැහැ. අනුන් කියන දේ මට අදාල කරගන්නෙ නැහැ..


07. එළකිරි සාමාජිකයින්ගේ අවධානය ගන්නත් ඔබ සමහර විට පොඩි පොඩි උපක‍්‍රමයොදල තියෙනව නේද...? නිදසුනක් විදියට තාවකාලික සමුගැනීමකියන නූල.... ඇයිඔබට තියෙන අවධානය පිළිගැනීම මදි වගේ කියල හිතෙනවද?

මගේ අත්දැකීම් අනුව එලකිරි එකේ බහුතරයක පරිණාමය සිද්ධ වෙන්නෙ මෙහෙමයි. එකින් එක කියන්නන්
1.
ආපු අලුත සීනියර් වෙන්න උත්සහ කරනවා.
2.
ඊට පස්සෙ රෙප් වලට මරාගන්නවා.
3.
ඊට පස්සෙ ෆේක් වලට මරාගන්නවා
4.
ඊට පස්සෙ ටිකක් කළකිරිල එලකිරියට ලොග්වීම අඩු කරනවා.
5.
ඊටත් පස්සෙ තමන්ගෙ පරණ එකවුන්ට් එක පැත්තකින් තියාගෙන අලුත් ෆේක් එකක් හදන් කරන්න පුලුවන් කුපාඩි වැඩ ඔක්කොම කරනවා.
6.
ඊට පස්සේ එලකිරි එක තමන්ගේ දේපලයක් වගේ හිතනවා.
7.
ඊටත් පස්සේ එලකිරියෙ ඇඩ්මින්ගෙ වැඩ පවා අභියෝගයට ලක්කරනවා..

ඉතින් මම ඔය 4 වෙනි කාරණාවට අහුවුනා.. කළකිරුනා සමහර වැඩ වලට. ඒත් පස්සෙ හරි ගියා. හැබැයි මම ඔය 5,6,7 කාරණා වලට ගිහින් නැහැ. යන්නෙත් නැහැ... මට අදාලත් නැහැ..


08. හැබෑටම මොකක්ද මේ සමනල කතාව....?

ඒකත් අනුන් කියපු දෙයක් නේද? ඉතින් මට ඇයි ඒක මම අදාල කරගන්නෙ.. අහපු නිසා ඒකටත් මෛහෙම කියන්නන්.. එලකිරි එකේ මට මුලින්ම පර්සනලි කතා බහ කරන්න සෙට් වුන එකා තමයි මොසිල්ලා.පොර මාත් එක්ක ෆිට් වුනා. අනාථ ගමේහ් කොල්ලෙක්..ඉතින් එහෙම ෆිට් ෆෙන්ඩ්ෂිප් එකක් ඒ දවස් වල තිබ්බේ.. ඉතින් ඒකට ගොඩක් උන් ඔය කිව්ව වගේ කතා හැදුවා.ඉතින් මට අදාලද? නැහැනෙ නැහනෙ.. අදටත් මොසිය මගේ මල්ලි කෙනෙක් වගේ ඩයල් එකක්..


09. ඔබගේ බිරිද ඔබටත් වඩා පැරණි එළකිරි සාමාජිකාවක්... ඇය තවමත් එළකිරිලොග් වෙනවා ද? මම හිතෙන විදියට කැමැත්ත තිබුණත් ඔබ ඒකට ඉඩ දෙන්නේ නෑ නේද? ඇයි ඒ ?

ඔව්.. එයා 2007 මේමබර් කෙනෙක්.. එයා ලොග් වෙන්නෙ නැහැ. අධ්‍යාපනිකවැඩකටයුතු නිසා සහ එයාගෙ කැමැත්ත අකමැත්ත නිසා.. මම එයාට බල කරල ලොග් වෙන්න එපා කියලත් නැහැ, බල කරල ලොග් වෙන්න කියන්නෙත් නැහැ. එයා කැමති දේට ( හරිදේවල් වලට) මම බල කරන්නෙ නැහැ එයාගෙ තීරණ වෙනස් කරන්න.


10. ඔබ දැන් වර්ෂ ගණනාවක සිට කැලැන්ඩර් එළිදක්වනවා.... ඔබට හිතෙන්නේ නැද්ද ඒක ප‍්‍රතිඵල රහිත කි‍්‍රයාවක් කියලා....?

ප්‍රතිපල රහිත කියන්නේ මොකක්ද ඔයා හිතන ප්‍රතිපලේ? මමනන් හිතන්නෙ ප්‍රතිපලසහිතයි. කැලැන්ඩර් එක ඕනි උන් ගොඩක් ඒක අරගෙන පාවිච්චි කරල මට ස්තූතිකරනවා. මට ඒ ප්‍රතිපලේ හොදටම ඇති. මම වෙන ප්‍රතිපල බලාගෙන කරන වැඩක් නෙමෙයි. අනික ප්‍රතිපල බලාගෙන කරල අසාර්ථක වුනානන් මම අවුරුදු ගාණක්ම ඒ මෝඩ වැඩේ කරන්නෙ නැහැනෙ. මම කොහොමත් ඒ වැඩේ දිගටම කරනවා. මටනන් ඒ කැලැන්ඩර් එක පාවිච්චි කරල කවුරු හරි දෙයක් කරගන්නවනන් ඒක තමයි මම ලබන සතුට..ඒක තමයි මගේ ප්‍රතිපලේ..


11. සුපුරුදු ප‍්‍රශ්නය... එළකිරිය කිවූ සැනින් ඔබට මතක් වන සාමාජිකයින් 05 දෙනා කවුද? ඒ ඇයි ?

1.
මොසිල්ල..- එලකිරි එකේ මට මුලින්ම පුද්ගලිකව දැන අදුරගන්න ලැබුනු, අදටත්මට වාතයක් වෙවී ඉන්න මගේම සහෝදරයෙක් වගේ ඩයල් එකක්.. මෙයා මගේ වෙඩින් එකේ දෙවෙනි මනමාලයා...

2.
දත් කිඹුල - මේක තවත් පිට කසාගැනීමක් කියල හිතන්න පුලුවන් ගොඩක් උන්..ඒත් මට අදාලද ? අදාලද? නැහැනෙ.. කිඹුල කියන්නෙ මටනන් මාරම පට්ට මනුස්සයෙක්.. මම ඒ මනුස්සයට මාර විදිහට ගරු කරනවා. ඒ ගතිගුණ වලට.. 2011 දිමට මුලින්ම මුණගැහෙන්නෙ.. ඒ මනුස්සය මගේ වගේ ඉන්න දාහක් දෙනාට වඩා උසස් නිසාම මම මගේ 2012 වෙඩින් එකේ මුලින්ම නැකත් කියන්නට සහ මගේ පාර්ශවයෙන් අත්සන් කරන්න මම ආරාධනා කරන්නේ මේ අපි කවුරුත් දන්න දත් කිඹුලට..ගොඩක්වෙලාවට මට උදව්වක් ඕනි වෙච්ච හැටියෙ කෝල් එකක් දෙන පරක්කුව විතරයි. මොකක්ද කින්ද මන්ද කොහෙද අදාල නැහැ. උදව් කරල ඇති.. හැබැයි පොර තමයි මගේ මේ මගුලට අත්සන් කරල මාව අමාරුවෙ දැම්මේ...

3.
එක්ස්කියුට් - එලකිරි එකේ සෙට් වෙච්ච තවත් පට්ට ඩෑල් එකක්.. උදව්වක්ඉල්ලුවොත් බොක්ක උනත් දෙනවා. ගොඩක් වෙලාවට මගේ වැඩ වලට ෂූට් වලට එහෙම සප් එකක් දෙන්න වරෙන් කියල කෝල් එකක් දුන්න පමාව විතරයි පහුවදාට පාන්දර මම යන්නකලින් ඉදල පොර එතන. පොරගෙ ගෙවල් වල අම්මල තාත්තල පවා අපිත් එක්ක මාරෆිට්.. ඒ මගේ අනිත් දෙවෙනි මනමාලය මගේ වෙඩිමෙ..

4.
අනිත් කෙනා මගේ වයිෆ් - වැඩි විස්තර අවශ්‍යනැහැ. 2007 මෙම්බර් කෙනෙක්...

5.
ස්කවිය - මම එලකිරියෙ දකින පට්ට ක්‍රියේටිව් කැරැක්ටර් එකක්.. අනුන්ගේ දේවල් ගැන අදාලම කරගන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ පට්ට ලයිෆ් එකක් ගෙවන ඩයල් එකක්. පොරගෙ වැඩත් පට්ට creative.. පොරට මේකෙ බහුතරය කියනව වගේ අමුතු ලෙඩක් නැහැ. පොර ගොඩක් වෙලාවට මේකෙ උන්ට ෆන් එකක් දීලා තමන් හම්බු කරන් තමන්ට ඕනි විදිහට කාලා බීලා ජීවත් වෙන ඩයල් එකක්... අඩුපාඩු ඇති. ඒත් කාටත් අතනොපා තමන් හරිහම්බු කරල තමන්ට ඕනි විදිහට ජීවත් වෙනව කියන්නෙ පට්ට..මේකෙ ඉන්න ඔය ස්කවියට පිස්ස කියල කියන බහුතරෙන් කී දෙනෙක්ට පුලුවන්ද තනියෙන් හම්බුකරන් කාලා තනියෙන් දෙයියො වගේ ජීවත් වෙන්න... අනික අපේ මේ දෙයියො එලකිරියෙ උපසංස්කෘති කීයක් හැදුවද? කොට්ට බබා, මන්නියෙන් කෙටීම, ඩග්ලස් අයියා මතක් වුනා, සිංහලු, ගමේ අනාථ කුකුලහ්, උඹලගෙදෙයියො, දණ ගහපිය, ස්කවිය හරි වෙනස්.. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනි.. (අනිත් බොක්කෙ යාලුවො තරහ වෙන්න එපා හරියැ)

contd...





Last edited by Pathfinder_A2Z; 03-30-2017 at 08:12 AM.
Reply With Quote
(#2)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,877
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
03-30-2017, 07:58 AM

12. ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් ටිකක් කතා කරමු නේද?

මම උඩ 3 ප්‍රශ්නෙදි කිව්ව වගේ සාමාන්‍යෙයන් හොද (සුදු) ජීවිතයක් ගත කරන්න ආස.. එහෙම කරන එකෙක්.. දැන හෝ නොදැන අද වෙනකල් කාටවත් (හතුරෙකුටවත්) වැරැද්දක් කරල නැහැ. පන්සිල් පද 5 රකිනවා. මදුරුවෙක්වත් මරන්නෙ නැහැ. පාරෙ බයික් එකේ යද්දි පාරෙ ගෙබ්බො, කඩි, ගැරඩි, බල්ලො පූසො වගේ උන්ව බේරන්න ගිහින් බයික් එකෙන් වැටිච්ච වාර පවා අනන්තයි. සමහර විට ඒ බේරන එකා උට කිසි ගානක් නැතුව යනවා. ඒත් අදාල නැහැනෙ.. මම සතියක් දෙකක් තුවාල වලට බෙහෙත් දදා ගෙදර ඉන්නවා... සමහර වෙලාවට මගේ යාලුවො පවා කියන බොරු වලට පවා මම හානේ.. ඇත්තට වගේ කියනවා ඉන්නවා.. ඒ ඒ මිනිස්සුන්ගෙ හිත් නරක් කරන්න කැමති නැති නිසා. සමහර වෙලාවට මාව අන්දනවා.ඒත් මම දැන දැන ඇන්දෙනවා. ඒ මෝඩ කමට නෙමෙයි හිත හොද වැඩි කමට.. ඉතින් දැනටමම ජොබ් එක කරගෙන මගේ පාඩුවෙ අපි දෙන්න ඉන්නවා. මම කොට්ටාවෙ.. හොබී එකක් විදිහට පොටෝග්‍රැෆි කරනවා. පුලුවන් වෙලාවට අපි දෙන්න (වයිෆ් & මී)බයික් එකට පෙට්රල් ගහන් කැලෑ පනිනවා.. වැඩිපුරම හපුතලේ, බණ්ඩාරවෙල පැත්තෙතමයි. පුලුවන් විදිහට අනුන්නට උදව් කරගෙන අපේ පාඩුවෙ තනියම (ඒ කියන්නේ අපි දෙන්න) ජීවත් වෙන ඩයල් එකක්.. ටිකක් නිෂ්ශබ්දයි. හැමදේම කරන්නෙ මට පුලුවන් විදිහට මගේ විදිහට මගේ මට්ටමට.. කාටවත් ණය වෙන්න අකමැතියි.. කාගෙන්වත් කිසිම දෙයක් ගන්නත් අකමැතියි. ඉවසීම නන් ගොඩක් ඉහල මට්ටමක තියෙනවා. අවුරුදු 9 ක් කෙඩෙට් කරල ලබපු අත්දැකීමෙන් සහ මාස ගාණක් යුද හමුදාවෙ ඉන්ජිනේරුසේවා බලකායෙ වැඩ කරල ලබපු අත්දැකීම් නිසාම දරා ගැනීම ටිකක් තියෙනවා.. තමන්ට කලින් අනුන් ගැන හිතන්නෙ ඒකයි. නොකා හරි වෙන එකෙක්ට කවන්න ට්‍රයි කරන්නෙ.. අවුරුදු 8 කට කලින් මම මීට වඩා ගොඩක් වෙනස්.. මගේ චරිතය ටිකක් කලුයි ඒ දවස්වල... හැබැයි ඊට පස්සෙ මම ඒ කලු (නරක) දේවල් අත්දැකල තිබ්බ නිසා මට සුදු (හොද) දේවල් වල වෙනස අදුරගන්න පුලුවන් වුනා.. එහෙම නැතුව අරක හොදයි කිව්වටකාටත් ඒ දේ හිතාගන්න බැහැනෙ. මම හැමදෙයක්ම අත්දැකීමෙන් දැකල, අහල, තියෙන නිසා මට දැන් හොද දේවල් මොනවද කියල දන්නවා. ඒ දේවල් කරනවා.


13. එළකිරියේ වර්තමාන තත්වය ගැන මොකද හිතෙන්නේ...? එළකිරියේ වෙනසක් සදහාඅමුතු අදහස් එහෙම තියෙනව නම් ඒක කියන්න මෙන්න තැන.... කියමුද?

යම්කිසි පාලයනයක් අවශ්‍යයි යම් මට්ටමකට.. ඉස්සර ජීටී, ස්පෑම්චෙකර්, ටින් ටින් ෆුල් ඇලට් එකේ හිටියා. දැන් ටිකක් අඩුවෙලා කියල හිතෙනවා. අනේ මන්ද ඉතින්.. වැල යන අතට එපැයි මැස්සගහන්න. ඉස්සර කුනුහරපයක් දෙකක් කිව්වම කෙලින්ම බෑන්.. ෆේක් එකක් දෙතුන් දෙනෙක් රිපෝර්ට් කරාම බෑන්.. අසභ්‍ය ඒවා දැම්මම ටිකක් බලල බෑන්.. අදත් ඒදේවල් වෙනවා. හැබැයි ඉස්සරට වඩා හෙන අඩුවෙන්.. වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙ අඩුවෙන්.. ඔව් අපිටත් කාලෙත් එක්ක එහෙම වැදගත් ඒවා දාන්න තියෙන අවස්ථා අඩුයි. ඒත් අනිවාර්යයෙන් දානවා. ඉස්සර වැදගත් ත්‍රෙඩ් 75 කට අස්සෙන් විකාර ත්‍රෙඩ් 25 ක් විතර තිබ්බා. ඒකට දැන් විකාර අසභ්‍ය ත්‍රෙඩ් 75 කට වැදගත්ත්‍රෙඩ් 25 ක් විතර වැටෙන්නෙ.. පරණ ගොඩක් උන් අත ඇරල ගිහින්..මගේ යෝජනා ගැන ඔබතුමාගෙ 6 වෙනි ප්‍රශ්නයෙදි කිව්ව වගේ අමුතු යෝජනා කරා..ඒවා ක්‍රියාත්මක කරන එක බලධාරීන්ට අයිති වැඩක්. ඒකට මට බල කරන්න බැහැ. ඉතින් ඇඩ්මින්වරුන්ද මනුස්සයෝය කියල හිතාගෙන පාඩුවෙ ඉන්නවා.. (වැරදි දෙයක්එහෙම කියවුනේ නැහැ නේද?)

එහෙනන් හැමෝටම ජය....
පාත්ෆයින්ඩර් සහෝදරයට ස්තූතියි..




Last edited by Pathfinder_A2Z; 03-30-2017 at 08:15 AM.
Reply With Quote
(#3)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 20,306
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
03-30-2017, 08:09 AM

උදේ බම්ප් එකක් දාල ගියා හදිස්සියට... පලවෙනි කමෙන්ට් එක මගෙන්...

කූ..මාර කියන්නේ එළකිරි එකේ මම දැක්ක එලම අන්කල් ලා කිහිප දෙනාගෙන් කෙනෙක්.. පොඩ්ඩක් ඇවිස්සුවම පට්ටම ආතල් තමයි...හැබැයි එල පොරක් මොනා උනත් එළකිරියේ චැට් එකක සෙට් වෙච්ච වෙලාවට කතා කරපුවයෙන් තේරෙනවා හිත හොඳ පොරක් කියල...

Last edited by kolavari; 03-30-2017 at 10:12 AM.
Reply With Quote
(#4)
Old
Ashan052's Avatar
Ashan052 Ashan052 is offline
Senior Member
Ashan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to beholdAshan052 is a splendid one to behold
 
Posts: 21,599
Join Date: Dec 2010
Location: adala nene
03-30-2017, 08:10 AM

kumara ela kollek
hard talk ohoma yamu
Reply With Quote
(#5)
Old
malkavi's Avatar
malkavi malkavi is online now
Senior Member
malkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to all
 
Posts: 35,683
Join Date: Nov 2006
Location: කලුතර
03-30-2017, 08:18 AM

කුමාරයා හොද එකා.... හැබැයි ඉතිං පොඩ්ඩ බැරි වෙනකොට හිත රිද්ද ගන්න එක තමයි අවුල....
Reply With Quote
(#6)
Old
Mewan_Rose's Avatar
Mewan_Rose Mewan_Rose is offline
Senior Member
Mewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of lightMewan_Rose is a glorious beacon of light
 
Posts: 3,558
Join Date: Aug 2016
03-30-2017, 08:20 AM

Bump
Reply With Quote
(#7)
Old
harindugamlath's Avatar
harindugamlath harindugamlath is online now
Senior Member
harindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to allharindugamlath is a name known to all
 
Posts: 25,187
Join Date: Dec 2008
03-30-2017, 08:23 AM

එලකිරි...
Reply With Quote
(#8)
Old
deanXX's Avatar
deanXX deanXX is offline
Senior Member
deanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to beholddeanXX is a splendid one to behold
 
Posts: 14,042
Join Date: Oct 2013
Up 03-30-2017, 08:28 AM

Reply With Quote
(#9)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 34,010
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
03-30-2017, 08:41 AM

මගෙ කියවීමට අනුව කුමාර කියන්නේ කෙමිය පෝසිලේන් ඉතිරිය ස්ටේන්ලස් ස්ටීල් කේතලයක්....
හොදට දරා ගෙන ඉන්න පුළුවන් වුනාට පොඩ්ඩක් ඇත්තං අර පෝසිලේන් කෙමිය කැඩෙනවා....
Reply With Quote
(#10)
Old
The_Killer's Avatar
The_Killer The_Killer is offline
Senior Member
The_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to beholdThe_Killer is a splendid one to behold
 
Posts: 10,830
Join Date: Jan 2014
Location: 🅽🅲🅻.🅶🅱
03-30-2017, 08:43 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
! lapa kumara, !!!upulpdn, !ඔබට සතුටුද දැන් ?, ඇරොවින්_මදූ, කළු කුමා, කුකු, ගයාත්‍රීගේ_පුක, ජනාදිපති, පච මාට්ටු, සංජනා, ane okage boru, blue, dinapoth_kumara, gay boy, gay kurullo, hard_talk, id rulz1, id rulz2, kumara456 is gay, mytag1, mytag2, reserved1, reserved2, ress, rio

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.10004 seconds with 9 queries