ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස
Reply
 
Thread Tools
(#111)
Old
didulamax's Avatar
didulamax didulamax is offline
Member
didulamax is on a distinguished road
 
Posts: 65
Join Date: Jul 2007
12-27-2011, 12:41 PM

Quote:
Originally Posted by NipunaPraveen View Post
මචන් මම බෞද්ධ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ගාව බයිබලේ සිංහල ඇන්ඩ් එන්ග්ලිෂ් වෙරිසන්ස් දෙකක් තියෙනවා. මේවයේ ගහල තියෙන්නේ කතෝලික කියල හැබැයි දස පනතේ අර කොටස් ඔක්ක්කොම තියෙනවා. මට පේන විදිහට පරණ තෙස්ටමෙන්ටුවේ සහ නව තෙස්ටමෙන්ටුවේ පිළිම අදහන්න එපා කියල තියෙනවා. එතකොට ප්රෝතෙස්ටන්ත බයිබලය මීට වෙනස්ද?
Quote:
Originally Posted by 070348K View Post
කතෝලික ක්‍රිස්තියානි සහ ප්‍රොතෙස්තන්ත (රෙපරමාදු) අයගෙ වෙනස මොකක්ද?

අවවාදයයි: යුරෝපෙ මිනිස්සු ලක්ශ ගනන් නිකන් මැරුනා මේව ගැන වාද කරන්න ගිහින් .... මෙතන ඒක කරන්න එපා

ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි කියන්නෙ මචන් කතෝලික සභාවෙන් 16 වෙනි සියවසේදි වෙන් වුන, අදටත් විශාල අනුගාමිකයන් ප්‍රමාණයක් ඉන්න ප්‍රධානතම ක්‍රිස්තියානි සභාවක්... මේ අය සාම්ප්‍රදායික කතෝලික වත් පිලිවෙත් සහ ඇදහීම් වලට විරෝධය පෑවා... ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් protest කලා... මේ protest කියන වචනයෙන් තමයි Protestant එහෙමත් නැත්තම් ප්‍රොතෙස්තන්ත කියන නම පවා හැදුනේ... ප්‍රොතෙස්තන්ත බයිබලය ගත්තොත් කතෝලික බයිබලයේ පරණ ගිවිසුමේ තියන සමහර කොටස් ඔවුන් ඉවත් කරලා තියනවා, ඒවායේ අධිකාරී ස්වරූපයක් තියන බව සඳහන් කරමින්.. ඊට අමතරව මරියතුමිය, සාන්තුවරුන්, සමහර ගැලවීමේ අභිරහස් වගේ සමහර කතෝලික සංකල්ප ඔවුන් දැඩිව ප්‍රතික්ශේප කරනවා.. මේ අයගේ උත්සාහය වුනේ කතෝලික සභාවට ප්‍රතිසංස්කරන ඇති කරන්න... අර මුලින් කියපු විවාදාත්මක කාරණා සම්බන්ධව.. නමුත් ඒක අසාර්ථක වුන නිසා ඔවුන් බෙදී වෙන් වුනා(පසුකාලීනව ප්‍රොතෙස්තන්ත සභාවත් ගොඩක් කොටස් වලට බෙදී ගියා)... කතෝලිකයන්ව ඔවුන් හැඳින්වුවේ ක්‍රිස්තු ධර්මය විකෘති කරගත්ත පිරිසක් විදියට තමයි... නමුත් කතෝලිකයන් අනිත් අතට මේ අය වැරදි බව ප්‍රකාශ කලා.. මේ විවාදය බොහොම ධරුනු වුනා යුරෝපයේ... ලංකාව සම්බන්ධව ගත්තොත්, පෘතුගීසීන් කතෝලික ආගමිකයන්... නමුත් ඔවුන්ට පසුව ආපු ලන්දේසීන් ප්‍රොතෙස්තන්ත අය... මේගොල්ලො මෙහෙ ආවට පස්සේ,ලංකාවේ කතෝලික ජනතාව සමූල ඝාතනය කලා... පල්ලි විනාශ කරලා කතෝලික ආගම ඇදහීම තහනම් කලා.. පෘතුගීසීන් මේ රටට අවේ 1505 දි නේ.. මුල්ම ලන්දේසි සෙනෙවියා අවේ 1602 දි.. 1796 ඉන්ග්‍රීසීන් රට අල්ල ගන්නකම් ඔවුන් මේ කතෝලික ආගම මර්ධනය කලා... පියතුමන්ලා හිටියේ නැහැ දිව්‍ය පූජාව වත් පවත්වන්න... ඒ අයව මරා දැම්මා.. ජුසේ වාස් කියන පියතුමා ඉන්දියාවේ ඉඳන් ඇවිත් හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන රට පුරා ගිහින් දිව්‍ය පූජාව පවත්වන්න ලොකු වෙහෙසක් ගත්තා... මේ දුෂ්කර කාල සීමවේදි කතෝලිකයන්ට ජීවිත ආරක්ෂා කරගන්න පිහිට වුනේ, මේ රටේ බෞද්ධ ජනතාවයි... විමලධර්මසූරිය රජතුමා පවා අන්තිමේදි ජුසේ වාස් පියතුමාගේ සහයට ඉදිරිපත් වුනා.. තව අපි තෙරුම් ගන්න ඕනා එක කාරණාවක් තමයි,පෘතුගීසීන්ගේ කාලයේදි තාන්න මාන්න වලට ආගම මාරු කරපු අය හිටියා නම් ඒ අය මේ දුෂ්කර කාල පරිච්ඡේදයේදි පැහැදිලිවම හැලිලා ගියා කියන එක... ආගම අදහන්න පූජකයෙක්වත් නොසිටි අවුරුදු 150 ක විතර මේ කාල පරිච්ඡේදයේදි බොහොම අමාරුවෙන් සහ කතෝලික සභාව ගැන සැබෑ ලෙසම විශ්වාසයෙන්,ජීවිත පරිත්‍යාගයෙන් සිටි අය පමණක් ඉතුරු වුනා කියල කිව්වොත් මම හිතන්නෙ ඕගොල්ලොත් එකඟ වේවි.. ඒ නිසා වර්තමාන ශ්‍රී ලාංකික කතෝලික ජනතාව පැවත එන්නේ සැබෑ ලෙසම ආගම විශ්වාස කළ පිරිසකගෙන්... ලාංකීය බෞද්ධ ජනතාව ඒ වෙලාවේදි, කතෝලිකයන්ට ලබා දුන් සහය ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න අවශ්‍යයයි.. අදටත් ලංකාවේ ආගමික සහජීවනයට ඊට වඩා හොඳ උදාහරණයක් නැහැ... එතකොට පසුකාලීනව ආව ඉංග්‍රීසීන් වුනත් කතෝලිකයන් නොවෙයි... ඔවුන් බොහොමයක් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානින්.. නමුත් අදටත් ලංකාවේ වැඩිම පිරිසක් ඉන්නේ කතෝලිකයන්,මේ අය රටේ සංස්කෘතියත් එක්ක බොහෝ දුරට බද්ධ වෙලා ඉන්නවා අදටත්... ඒත් ප්‍රොතෙස්තන්ත සහ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි අනුගාමිකයන් මේ රටේ ඇත්තේම නැති තරම්.. ඉතාම සුලු ප්‍රමාණයක් පමණයි ඉන්නේ... මම හිතනවා මේ කරුණ පැහැදිලි ඇති කියලා..

Last edited by didulamax; 12-27-2011 at 02:06 PM.
Reply With Quote
(#112)
Old
aravinda145's Avatar
aravinda145 aravinda145 is offline
Senior Member
aravinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nice
 
Posts: 1,203
Join Date: Nov 2006
12-27-2011, 12:56 PM

Quote:
Originally Posted by didulamax View Post
බොහොම අගේ කරනවා මේ ත්‍රේඩ් එක ඇතුලේ ඉතාම සමගියෙන් අදහස් හුවමාරු කර ගැනීම ගැන.... මගේ දෙමාපියන්ගෙන් මට ලැබුනු ආගම රෝමානු කතෝලික... හැබැයි මම ඒ වගේම බුද්ධ දර්ශනයට ගොඩක් ගරු කරනවා.... පුංචි කාරණා කීපයක් කියන්න හිතුනා මට...

1) පළවෙනි කාරණාව තමයි ක්‍රිස්තියානි සහ කතෝලික කියලා හැන්දින්වීමේ පහසුව තකා සඳහන් කලත්, ක්‍රිස්තියානි යන වචනයේ තේරුම, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන සියල්ලෝ යන්නයි... වෙනත් වචන වලින් කියනවා නම්, රෝමානු කතෝලික ආගමත් ක්‍රිස්තියානි ධර්මයටම තමයි අයිති... ක්‍රිස්තුස්වහන්සේව මේ සියලු දෙනා විශ්වාස කරනවා... විකිපීඩියා වෙබ් අඩවියට ගිහින් Christianity කියලා search කරල බලුවොත් මේ කරුණ තවදුරටත් තහවුරු කරගන්න පුලුවන්... ඉතින් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන ආගමික සභාවන් ගොඩක එකතුවක් තමයි ක්‍රිස්තියානි ආගම.... මේ අතරට, කතෝලික, මෙතෝදිස්ත, ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි, ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි වගේ සභාවන් ගනණාවක් විතරක් නෙමෙයි ඊයේ පෙරේදා බිහි වුන සභාවන් පවා අයත්....

ජේසු තුමා උකුත්වී උත්ථානවීමට පෙර, ශාන්ත පීටර් තුමාට කිතුනු සුභාරංචිය ලොව පුරා පතුරුවන්න කියලා කිව්වා.. ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානවීමෙන් පසුව එතුමා ඒ සඳහා නායකත්වය ලබා දුන්නා කියන්න පුලුවන්.. මේ අය ලෝකේ තැන් තැන් වලට ගියා.. ගොඩාක් කරදර හිරිහැර වලට මුහුන පෑවා.. කොහොමහරි, විශාලතම පරිවර්ථනය වුනේ රෝම අධිරාජ්‍යය කිතුදහම වැලඳ ගැනීමත් එක්කයි.. රෝමානු කතෝලික කියන යෙදුම බිහිවෙන්නත් හේතුව ඒකයි...... ඉතින් මුල්ම සහ වඩාත් ප්‍රධානතම ලෙස ලොව පුරා පැතිර තියෙන්නේ වැඩිම දෙනෙක් විශ්වාස කරන්නේ,මේ අතරින් කතෝලික සභාවයි... සියල්ලම නොවුනත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් බොහොමයක්, නොයෙකුත් හේතූන් සහ කතෝලික සභාවේම ගැටලු නිසා බෙදී වෙන් වී ගිය කොටස්.. කතෝලික සභාව ක්‍රිස්තියානියේ දැනට ශේෂ වෙලා තියන ප්‍රදානතම සහ මුල්ම පුරුකක් කියලා හැඳින්වුවාට වරදක් නැහැ.. මුල් පුරුක නිසා කතෝලික සභාව වෙනමත් අනෙකුත් සියලු සභාවන් ක්‍රිස්තියානි ලෙසත් බොහොමයක් දෙනා හඳුන්වනවා...
Quote:
Originally Posted by didulamax View Post
2)නමුත් මේ සභාවන් අතර වෙනස, බුදු දහමේ නිකාය අතර වෙනස වගේ නෙමෙයි... එක්තරා විදියකට, ථෙරවාදය සහ මහායානය අතර වෙනස වගේ, සමහරවිට ඊටත් වඩා ගොඩක් වෙනස්කම් තියනවා මේවා අතර... කතෝලික පියතුමන්ලා විවාහ වෙන්නේ නැහැ, ලෞකික ජීවිත ගත කරන්නේ නැහැ.. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් වල පාදිලිතුමන්ලා විවාහ වීම සිදු කරනවා... පල්ලියට වෙලා ඉන්නෙ නැතුව සාමාන්‍ය මිනිසුන් වගේම ජීවිතයේ ප්‍රශ්න වලට මුහුන දෙනවා... මම සඳහන් කලා වගේම කතෝලික පූජක තුමන්ලා "පියතුමා" ලෙසත් අනෙකුත් බොහොමයක් ක්‍රිස්තියානි පූජකතුමන්ලා "පාදිලිතුමා" ලෙසත් හඳුන්වනවා...

3)කතෝලික ධර්මයේ සාන්තුවරු කියලා කොටසක් ඉන්නවා... ශාන්ත පීටර්, ශාන්ත තෝමස්, ශාන්ත බෙනඩික් වගේ නම් ඔයගොල්ලො අහල ඇති... මේ අය සාමාන්‍ය මනුෂ්‍යයො අපි වගේම... හැබැයි ඒ අය තමන්ගෙ ජීවිත බොහොම ආදර්ශමත් විදියට දෙවියන්ට ප්‍රසන්නව ගත කරපු නිසා ඒ අය ස්වර්ගයේ ක්‍රිස්තුස්වහන්සේ ලඟට ගිය බව කතෝලික අපි විශ්වාස කරනවා.. ඒ නිසා ඒ අයටත් විශේෂ තැනක් දීලා තියනවා, දේවස්ථාන කැප කරලා තියනවා මේ අයගෙ නමට... හැබැයි මේ අයට අපි යාච්ඥා කරන්න පුලුවන් අපි වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ මැදිහත් වෙන්න කියලා පමනයි... මොකද මේ අයත් විශේෂ වුවත් මනුෂ්‍යයන් නිසා.. මේ කාරණාව ප්‍රධානතම බෙදීමක් ඇති කලා කතෝලික සභාවේ... අනෙකුත් කිසිම ක්‍රිස්තියානි සභාවක් මේ සාන්තුවරු කියන සංකල්පය පිලිගන්නේ නැහැ...

4)ඊලඟට රූප වන්දනාව කියන කරුණ ගැන ගොඩක් දෙනෙක් කියල තිබුනා.... කතෝලික පල්ලි වල, ක්‍රිස්තුස්වහන්සේගෙ සහ මරියතුමියගේත් සාන්තුවරුන්ගේත් සුරුවම් තියනවා... නමුත් අනෙක් ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථාන වල නැහැ... රූප වලට වැඳීම ක්‍රිස්තු ධර්මයේ සපුරා තහනම්.... නමුත් කතෝලිකයන්ගේ අදහස මේ සුරුවම් පිහිටුවා තිබුනත් ඒවාට වන්දනා කිරීමක් නොවේ, ඒ චරිත සිහි කිරීමක් ඒ අයට ගරු කිරීමක් පමණක් සිදු කරන බවයි... නමුත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් මීට කිසිසේත්ම එකඟ නැහැ... අපි ඉතා පාපකාරී දෙයක් සිදු කරන බවයි ඔවුන්ගේ අදහස.... මේ කරුනත් විශාල බෙදීමක් ඇති කලා....

5)ඊලඟට මරියතුමිය, ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මව, කතෝලික අපි විශේෂ කොට සිහිපත් කරනවා.. එතුමිය ගැන බොහොමයක් ආගමික කරුණු විශ්වාස කරනවා(අපි ඒ දේවල් හඳුන්වන්නේ අභිරහස් ලෙසයි... මෙතන සඳහන් කරන්න ගියොත් සංකීර්ණ වේවි පැහැදිලි කිරීම.. ඒ නිසා මම මෙතනින් නවතිනවා).. ඒත් අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් එතුමියත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස පමණයි සලකන්නේ...
Quote:
Originally Posted by didulamax View Post
ප්‍රධානතම කැපී පෙනෙන වෙනස්කම් කීපයක් තමයි මම ආයෙත් පොඩ්ඩක් පැහැදිලි කලේ... ඉතින් මේ වගේ කරුනු රාශියක් මුල් කරගෙන සහ, සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් ගොඩක් එක්ක අලුත් සභාවන් ගොඩක් නිර්මාණය වෙලා තියනවා.. අදටත් නිර්මාණය වෙනවා... මේ දේ පැහැදිලි කර ගන්න එක ගොඩක් වැදගත්... මම කියන්නම් ඒ ඇයි කියලා....

පහුගිය කාලයේ ලොකු ආන්දෝලනයක් ඇති වුනා අන්‍යාගමීකරණය ගැන..... අපි ඇත්ත කතා කලොත් සමහර ඊයෙ පෙරේදා බිහි වුන,කිතුණු යැයි කියාගන්න ආගමික කල්ලි කීපයක් ඉතාම සදාචාර විරෝධී විදියට,කිතු දහමටත් විරෝධී විදියට කටයුතු කලා ආගම ප්‍රචාරයට ආපු බව සඳහන් කරමින්... නමුත් ඉතාම කණගාටුවට කරුණ,අද මේ රටේ බෞද්ධ සහෝදර සහෝදරියන් එක්ක බොහොම සහජීවනයෙන් ජීවත් වෙන, පරණම කිතුණු සභාවන් වන කතෝලික, මෙතෝදිස්ත වගේ සභාවන් පවා මේ නිසා නිරපරාදයේ බැනුම් ඇහුවා...ගොඩක් දෙනෙක් තවමත් දන්නේ නැහැ මේ ඩොලර් කාක්කන් සහ මේ රටේ පාරම්පරික, ක්‍රිස්තියානි/ කතෝලික ජනතාව අතර වෙනස... අද වෙනකොට මේ අයගෙන් ප්‍රධානතම තර්ජනය එල්ල වෙලා තියෙන්නේ, මේ රටේ පාරම්පරික කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි සභාවන් වලටයි... අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමාත් මේ ගැන මෑතකදි සඳහන් කරල තිබුනා.. ඉතින් මම කියන්නේ, මේ ආගමික ආයතන අතර වෙනස් කම් පැහැදිලි කරගන්න එක අපේ අපේ කිතුනු නොවන සහෝදර සහෝදරියන්ටත් ඉතා වැදගත්... අනවබෝධය නිසා ගොඩක් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්... ගොඩක් ස්තුතියි මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහෝදරයාට...ආගමික සහජීවනය ගැන ඔයත්, ඔයාගෙ පෙම්වතියත් අපි හැමෝටම ආදර්ශයක්...
බොහොම ස්තූතියි සහෝ comment වලට. අනික් කරුණ තමයි මම ගොඩාක් සතු‍ටුවෙනවා මේ වගේ ත්‍රෙඩ් එකක් දැමීම ගැන.ඇත්තටම මම බලාපොරුත්තු නොවුණ විදියට ගොඩාක් ප්‍රතිචාර මේ ත්‍රෙඩ් එකට ලැබෙනවා.ඒ වගේම තමයි අපේ ක්‍රිස්තියානි ක‍තෝලික සහෝදරවරු මගේ ප්‍රශ්න වලට ඉතාම විස්තර සහිතව උත්තර දීල තියෙනවා.ඒ අයට ගොඩාක් ස්තූතියි.මචං හැම ආගමකම ඉන්නවා ඒ ආගමට අපහාස වෙන අයුරින් කටයුතු කරන පිරිසක් .ඒ ස්වල්ප පිරිස නිසා මුලු ආගමම නිගාවට පත්වෙන එක කනගා‍ටුවට කරුණක්.තමන් විශ්වාස කරන ගරුකරන ආගමට අනුකූලව ජීවත්වන කවුරුවත් අනික් ආගමවලට අපහාස කරන්න පෙළබෙන්නෙ නෑ.ඒක නිසා ඒක තේරුම් අරන් කටයුතු කරනවානම් මේ ආගම් අතර ප්‍රශ්න මොනවත් නෑ.රෙප්++
Reply With Quote
(#113)
Old
aravinda145's Avatar
aravinda145 aravinda145 is offline
Senior Member
aravinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nice
 
Posts: 1,203
Join Date: Nov 2006
12-27-2011, 12:59 PM

Quote:
Originally Posted by inranasingha View Post
අපත දේශපාලනයට සම්බන්ද ත්‍රෙඩ් අතරට...
කාලෙකින් එලකිරියෙ හොඳ ත්‍රෙඩ් එකක්...............
Reply With Quote
(#114)
Old
aravinda145's Avatar
aravinda145 aravinda145 is offline
Senior Member
aravinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nicearavinda145 is just really nice
 
Posts: 1,203
Join Date: Nov 2006
12-27-2011, 01:03 PM

Quote:
Originally Posted by dj gamaya View Post
Machan mulinma kiyanna one mama Roman Catholic........ Christian kiyanne ape Roman Catholic walin kadila giya Kotasak...... Bible, Yehowas Witness,etc....... wage thawa hugal ewa tiyenawa machan......

Hugak welawata Roman catholic arenna anith ewa Money based karagena hugak Campaigns yanawa...... Hugak mama adurana kattiyath Salli walata me religion walata giya

Eka parak ape gedaratath Bible kattiyak awilla Api oyagollanta Udau karannam salli dennam Bible walata enna kiyala kiwwa....eth Api e agamata harune na......eth samahara aya haruna

ithin me wage hugak kanagatu dayaka siddi tiyenawa......Thawath thiyenawa me wage siddi....eth kiyanna bayai machan mekatath anith Thread walata wechcha dema wei kiyala



Mama danna widiyata onna comment eka damma.......
thanx for the comment bro..rep++
Reply With Quote
(#115)
Old
khanjin's Avatar
khanjin khanjin is offline
Senior Member
khanjin is on a distinguished road
 
Posts: 600
Join Date: Jul 2008
Location: milan, italy
Send a message via Yahoo to khanjin Send a message via Skype™ to khanjin
12-27-2011, 01:05 PM

dont trust any god on this earth, there is no god on this earth, be atheist
Reply With Quote
(#116)
Old
dj gamaya's Avatar
dj gamaya dj gamaya is offline
Senior Member
dj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud ofdj gamaya has much to be proud of
 
Posts: 66,390
Join Date: Nov 2007
Location: Hell & Heaven (Kiribathgoda)
Send a message via Skype™ to dj gamaya
12-27-2011, 01:20 PM

Quote:
Originally Posted by khanjin View Post
dont trust any god on this earth, there is no god on this earth, be atheist
Reply With Quote
(#117)
Old
cnf271's Avatar
cnf271 cnf271 is offline
Senior Member
cnf271 is just really nicecnf271 is just really nicecnf271 is just really nicecnf271 is just really nicecnf271 is just really nicecnf271 is just really nicecnf271 is just really nice
 
Posts: 2,126
Join Date: Jun 2011
Location: Google Chrome
Send a message via Yahoo to cnf271
Up 12-27-2011, 01:22 PM

Quote:
Originally Posted by khanjin View Post
dont trust any god on this earth, there is no god on this earth, be atheist
You Wrong Dude!!
Nobudy can live without a trust!
we must trust somebdy to make our lives feel better.
thats y we belive in our parents sometimes freinds, adults etc..

so try to under stand!!
Peace be with u all!!
and happy new year!
(teach me if there's something wrong in my speech )
Reply With Quote
(#118)
Old
Nebuchadnezzer's Avatar
Nebuchadnezzer Nebuchadnezzer is offline
Senior Member
Nebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to allNebuchadnezzer is a name known to all
 
Posts: 9,752
Join Date: Jun 2007
Location: 773H
Send a message via ICQ to Nebuchadnezzer Send a message via AIM to Nebuchadnezzer Send a message via MSN to Nebuchadnezzer Send a message via Yahoo to Nebuchadnezzer Send a message via Skype™ to Nebuchadnezzer
12-27-2011, 01:23 PM

Quote:
Originally Posted by delmar View Post
මෙහෙමයි මචං.......
මුලින්ම කියන්න ඕනා මම ක්‍රිස්තියානි
මේ ආගම් දෙකේ තියන භෞතික වෙනස්කම් ගැන මුලින්ම කියන්නම්
ක්‍රිස්තියානි ආගමේ පූජකවරුන්ට විවාහ වෙන්න පුලුවන්..කතෝලික ආගෙමේ පූජකවරුන්ට එහෙම බෑ....
ක්‍රිස්තියානි අය වන්දනා කරන්නේ දෙවියන් වහන්සේට පමණයි..ක්‍රිස්තියානි අය රූප/පිළිම වන්දනාව සිදුකරන්නේ නෑ....01.නමුත් කතෝලික අය රූප වන්දනාව සිදු කරනවා.
දැන් අපි ආගමික පැත්තෙන් වෙනස්කම් බලමු...
කතෝලික අය දෙවියන් වෙත තමන්ගේ යැදුම් යොමු කරන්නේ ශාන්තුවරුන් හරහායි..02.ඔවුන් විශ්වාස කරන්නේ තමන්ට දෙවියන් වෙත කෙලින්ම යැදුම් ඔප්පු කරන්න හැකියාවක් නෑ කියලයි...නමුත් ක්‍රිස්තියානි අය කෙලින්ම දෙවියන් වහන්සේ වෙත තමන්ගේ යැදුම් යොමු කරනවා......
දස පණත කියන්නේ අපේ දෙවියන් විසින් අපට පිළිපදින්න නියම කළ දෙයක්....බෞද්ධ අයගේ පන්සිල් වගේ....
ක්‍රිස්තියානි අයගේ බයිබලයේ ඇතුලත් දස පණතේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව...රූප වලටවත් වෙනත් දෙයකට වන්දනා නොකරව කියලා තියනවා....මම මුලින් කිවාවා වගේ කතෝලිත අය රූප වන්දනාව සිදු කරන නිසා එයාලගේ 03.බයිබලයෙන් ඒ කොටස ඉවත් කරලා තියනවා.......

තව විස්තර ඕනෙ නම් කියපං මචං
මම කතෝලික. මේ විස්තරේ තියෙන සමහර දේවල් ගැන එකග වෙන්න අමාරුයි මචං...

පළමු කාරණාව.
රූප වන්දනාව කතෝලිකයන් කරන්නේ නෑ මචං...
පිළිම භාවිතා කරන්නේ සිහි කරගන්න තියෙන උපකාරකයක් විදියට පමණයි මචං...
නැතුව මැටි පිළිමය දේවත්වයෙන් අපි සලකන්නේ නෑ..

දෙවන කාරණාව.
අපි කෙලින්ම දෙවියන් වහන්සේට යැදුම් ඔප්පු කරනවා... (ස්වර්ගයේ වැඩ සිටින යාච්ඤාවේ දි වගේ)

තෙවන කාරණාව.
කතෝලික ශුද්ධවූ බයිබලයේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරන්න කියලා තියෙනවා.

කතෝලික දහම ක්‍රිස්තුන් වහන්සේගේ හොදම ගෝලයෙක් වන පේදුරු තුමා මුල් තැන ගෙන ව්‍යාප්ත කරපු මුල්ම දහමයි ක්‍රිස්තු අනුගාමික දහමයි..

Last edited by Nebuchadnezzer; 12-27-2011 at 01:27 PM.
Reply With Quote
(#119)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 39,320
Join Date: Mar 2011
Location: Malabe
12-27-2011, 01:27 PM

අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා අයිති‍වෙන්නෙ මොන නිකායටද?
එතකොට එතුමා ඉන්න නිකාය නේද හරි එක?
Reply With Quote
(#120)
Old
cnf271's Avatar
cnf271 cnf271 is offline
Senior Member
cnf271 is just really nicecnf271 is just really nicecnf271 is just really nicecnf271 is just really nicecnf271 is just really nicecnf271 is just really nicecnf271 is just really nice
 
Posts: 2,126
Join Date: Jun 2011
Location: Google Chrome
Send a message via Yahoo to cnf271
Up 12-27-2011, 01:33 PM

Quote:
Originally Posted by Nebuchadnezzer View Post
මම කතෝලික. මේ විස්තරේ තියෙන සමහර දේවල් ගැන එකග වෙන්න අමාරුයි මචං...

පළමු කාරණාව.
රූප වන්දනාව කතෝලිකයන් කරන්නේ නෑ මචං...
පිළිම භාවිතා කරන්නේ සිහි කරගන්න තියෙන උපකාරකයක් විදියට පමණයි මචං...
නැතුව මැටි පිළිමය දේවත්වයෙන් අපි සලකන්නේ නෑ..

දෙවන කාරණාව.
අපි කෙලින්ම දෙවියන් වහන්සේට යැදුම් ඔප්පු කරනවා... (ස්වර්ගයේ වැඩ සිටින යාච්ඤාවේ දි වගේ)

තෙවන කාරණාව.
කතෝලික ශුද්ධවූ බයිබලයේ එකම දෙවියන්ට පමණක් වන්දනා කරන්න කියලා තියෙනවා.

කතෝලික දහම ක්‍රිස්තුන් වහන්සේගේ හොදම ගෝලයෙක් වන පේදුරු තුමා මුල් තැන ගෙන ව්‍යාප්ත කරපු මුල්ම දහමයි ක්‍රිස්තු අනුගාමික දහමයි..
100 % true!
api machng mati roopa adahanne neha!!
api mati roopa gawata gihilla ethana ema santhuwaraya ho shashthuwaraya innawa kiyala mathak kara gannawa!(hariyata kage hari photo ekak ape purse eke hari kohi hari gahala thibunama api mokada karanne,a photo eka beluwama a thulin apita a pudgalayawa mathak wenawa pamanai) a wage thama mati roopath!!
meka thamai matath oya doubt eka thibunama ape farthergen ahuwama ahanna labune!!
I think im correct!!
am i ????
peace be with u all!
Reply With Quote
Reply

Bookmarks

Tags
ask rovin, catholic, christian

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05621 seconds with 9 queries